සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

by editor
ජූලි 17, 2026
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

කුප්‍රකට අපරාධකරුවෙකු වන ‘හරක්කටා’ නැමැත්තා ඝාතනය කිරීමකින් තොරව ආරක්ෂිතව තබා ගැනීමටත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පිටත වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීමටත් ලබා ගත් බව කියන රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකු අතර ද බෙදී ගොස් ඇති බව අද (17) අධිකරණයේදී අනාවරණය විය.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා මෙම සිද්ධියේ සැකකරුවෝ වෙති.

සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධන්පෙරුම ප්‍රකාශ කළේ, මෙම මහා පරිමාණ අල්ලස් ගනුදෙනුවේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ද මුදල් ලැබී ඇති බවයි. එම පොලිස් නිලධාරීන්ට අල්ලස් මුදල් ලබා දී ඇත්තේ හිමිනමකගේ මාර්ගයෙන් බවත්, එම හිමිනම පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව තවදුරටත් නිශ්චිත ලෙස කරුණු තහවුරු කරගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් ඇය කියා සිටියාය.

මෙම අල්ලස් විමර්ශනය සඳහා හරක්කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති විසින් ලබා දුන් තොරතුරු ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පෙර අධිකරණ නියෝගයකට අනුව ඇය විසින් මෙම සිදුවීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් කර පටිගත කරන ලද වීඩියෝ පටයක් සහ දෙවැනි සැකකරු සමඟ ගනුදෙනුව සාකච්ඡා කළ දුරකථන සංවාද අඩංගු හඬ පට ද අල්ලස් කොමිසම වෙත භාර දී ඇත.

මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දී ඇති හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නමැත්තා, චරිත් අබේසිංහ සමඟ ඉන්දියාවේ සිටියදී සිදුකළ දුරකථන සංවාදය සත්‍ය එකක් බව විමර්ශනවලින් තහවුරු වී ඇති බව ද සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේසිංහ කියා සිටියේ මෙම පැමිණිල්ල නිර්නාමික එකක් වන අතර, අල්ලස් මුදල් හුවමාරු වන අවස්ථාවේදී සිදුකළ වැටලීමක් නොමැති බැවින් නඩු භාණ්ඩ ද නොමැති බවයි. තම සේවාදායකයා හෘදයාබාධ රෝගියෙකු වුව ද බන්ධනාගාරය තුළදී දින ගණනාවකින් ඖෂධ ලැබී නොමැති බැවින් ඔහුගේ ජීවිතයට අවදානමක් ඇති බව පවසමින් ඔහු සුදුසු ඇපයක් ඉල්ලා සිටියේය.

රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ‘ස්ලීප් ඇප්නියා’ (Sleep Apnea) රෝගයෙන් පීඩා විඳින බවයි. රාත්‍රී කාලයේදී ඔහුගේ ඔක්සිජන් මට්ටම බරපතළ ලෙස පහත වැටෙන නමුත් බන්ධනාගාරය තුළ ඒ සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ නොමැති බැවින් ඔහුට ජීවිත අවදානමක් පවතින බව පවසමින් ඇප ලබා දෙන ලෙස ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කරනු ලැබීය.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන හැන්නැදිගේ (අරුණ ශ්‍රී) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න පෙන්වා දුන්නේ, මෙම මුදල් උන්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙන ආ බව පැවසුව ද එය සිදුවූයේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් නිසි අනාවරණයක් සිදුකර නොමැති බවයි. රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් සැකකරුවන්ට ජීවිත හානි සිදුවීමේ අවස්ථාවක් පවතින බැවින් ඇප මත මුදාහරින ලෙස ඔහු ද ඉල්ලා සිටියේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් එළඹෙන ජූලි 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, එදිනට ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව දන්වා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Next Post

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.