බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA එකට අවස්ථාවක්… ඖෂධ ප්‍රසම්පාදනයේ දී එකම එක වංචාවක් සිදුවී ඇති බව ඔප්පු කළහොත් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය ඇමති කියයි!

by editor
ජූලි 2, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මතභේදයට තුඩු දුන් නිර්වින්දන ඖෂධය ඇතුලු බොහෝ ඖෂධ ලියාපදිංචි නොවූ සමාගම්වලින් ගෙන්වා ඇති බවට එල්ල කරන චෝදනා හෝ   ඖෂධ ගෙන්වීමේ දි  වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට එකම එක කරුණක් සම්බන්ධවව   ඔප්පු කළහොත් තමන් එක මොහොතක්   සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ රැඳී නොසිටින බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (02) පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල   මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  අද  (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය  හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“සෑම ප්‍රසම්පාදනයකම ටෙන්ඩර් කැඳවීමක් කරලා තියනවා. එහෙම චෝදනාවක් තියනවා නම් සී.අයි.ඩී එක තියනවා.  මම විවෘතව කියනවා. එක දෙයක් එහෙම කරලා තියනවා නම් එක මොහොතක්  මේ අමාත්‍යාංශයේ ඉන්නේ නෑ.”

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩේකට ගොස් බඩු  ගන්නවා වගේ  බෙහෙත් මිල දී ගන්න බෑ, සම්ප්‍රදායික ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බෙහෙත්  මිලදී ගැනීම් ක්‍රමවේදය සඳහා ඇනවුම්කර අඩුම තරමින්   මාස 09ක කාලයක් ගත කළ යුතුයි.  ඒ ක්‍රමය තුළ වැඩ කරන්න වුනා නම්  මේ  බෙහෙතක්වත් ලංකාවට එන්නේ නෑ. එහෙම උනානම් මුලු එම්.එස්.ඩී. එකම වහන්න වෙනවා. ඒකට විකල්පයක් විදිහට හදිසි මිලදී ගැනීම් කරන්න ගියාම කියනවා හදිසි මිලදී ගැනීම් කරන්න එපා කියලා. මේ චෝදනා එකිනෙකට පරස්පරයි. සාමාන්‍ය විදිහට ගියොත් ලබන අවුරුද්ද වෙනකොට රටේ බෙහෙත්වලින් සියයට අනූවක් නැතිවේවි. මේ බෙහෙත් ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ එක අක්‍රමිකතාවයක් වෙලා කියලා ඔප්පු කළොත් මම එක මොහොතක් සෞඛ්‍ය ඇමති ධූරයේ ඉන්නේ නෑ.”

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මෙසේ ද පැවසීය.

“මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රට තුළ විශේෂ අවධානයක් යොමු වී තිබෙන අවස්ථාවක්. නිදහස් සෞඛ්‍ය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂ කැපවීම ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.

ඒ නිසා වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග මේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් කුමන ආකාරයෙන් බලපානවාද යන්න පිළිබඳව රජය සුවිශේෂ අවධානයකින් කටයුතු කරනවා.

කොවිඩ් වසංගතයත් සමග මුළු ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අභියෝගයකට මුහුණ දුන්නා. එදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය පැමිණියේ අසීරු ගමනක්.  සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශය වසරකටවත් ප්‍රමාණවත් ඖෂධ ඇණවුම් කරනවා. එමෙන්ම වසරකට අවශ්‍ය ඖෂධ ගබඩා කර ගැනීම සාම්ප්‍රදායිකව සිදු කරනවා. ඒ වන විට රටේ මූල්‍ය ගැටලු පැවතුණේ නැහැ.

කොවිඩ් වසංගතය සමග ගුවන් හා නාවුක ගමන් ඇණ හිටීමත් සමග රටවලින් භාණ්ඩ හුවමාරුව නතර වුණා. ඒ වන විට කොවිඩ් වසංගතය පාලනයට ප්‍රමුඛත්වය ලබා දීමට සිදු වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධ ගබඩාකරණය පිළිබඳ කටයුතු මගහැරි ගියා.

කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින්  අපි රට යළි යථා තත්ත්වයට පත්කරගෙන එන විට රටේ මහා දැවැන්ත අරගලයක් ඇති වුණා. මෙහි අවසන් ප්‍රථිඵලය ලෙස මහා අවුල් ජාලවකට රට පත්වුණා. ඒ නිසා ඖෂධ ඇනවුම් කිරීම පවා  ප්‍රමාද වුණා.

ඖෂධ ගෙන්වීම  සඳහා කුමන ක්‍රියාමාර්ග ගත්තත් එම ක්‍රියාවලිය අවසන් වීමට අවම වශයෙන් මාස 9ක පමණ කාලයක් ගත වෙනවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු පැහැදිළි කිරීමෙන් පසු වර්තමාන ජනාධිපතිතුමා එම තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළා.

යම් යම් අඩුපාඩු තිබුණත් ඖෂධ පිළිබඳව මතුව ඇති මෙම තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව පැවසිය යුතුයි. මෙම තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යාමේ වැඩපිළිවෙළ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.  ඉදිරියේදී මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තාවකාලිකව මතුව ඇති ඖෂධ හිඟය නිවැරදි කර ගැනීමට ක්‍රියාමාර්ග ගණනාවක් මේ වන විට රජය ගෙන තිබෙනවා. මේ වන විට ඖෂධ වර්ග 19ක් අපි අලුතින් නිෂ්පාදනය කරනවා. ලබන කාර්තුව වන විට මෙයට තව ඖෂධ වර්ග 17ක් එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළ දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රමාණය 30% – 35%ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට  අපි අපේක්ෂා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාලා බිල ගෙවන්නේ නැතිව හෝටල් සේවකයන්ටත් ගහලා ගිහින්… ප්‍රවීන ගායක සමන් ද සිල්වා ඇතුළු පිරිසකට එරෙහි පොලිස් පැමිණිල්ලක්..

Next Post

රටේ අනාගතයට ඉතුරු වෙන්නෙ රොඩු ටික විතරයි… මේ ජනාධිපති සිහින දකින්නෙක්… කාදිනල් හිමියෝ කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.