සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා මාර්ගගත සාමාජික ලියාපදිංචිය අද සිට ආරම්භ වේ.
කම්කරු අමාත්‍යාංශය පැවසුවේ අද පෙ.ව. 9.00 ට අමාත්‍යාංශයේ පැවැත්වෙන උත්සවයකදී මෙම මුලපිරීම නිල වශයෙන් දියත් කරන බවයි.
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.







