සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිහිසුණු ඉබෝලා වෛරස් රෝගය පිළි නොගෙන රෝහල්වලට පහර දෙමින් ඉබෝලා රෝගීන්ගේ මළ සිරුරු රැගෙන යන්නට යන කොංගෝවේ මිනිස්සු!

by editor
මැයි 25, 2026 - Updated on මැයි 26, 2026
in පුවත්
ගිනි තැබූ කඳවුරු...

ගිනි තැබූ කඳවුරු...

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

අප ජීවත්වන ලෝකය අප හිතන තරම් දියුණු තැනක් නොවේ.  අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් මහා ධනස්කන්ධ වියදම් කරන ලෝකයක,    බලය වෙනුවෙන් ලෝකයම ව්‍යසනයකට ලක් කරමින් පවත්වාගෙන යන ම්ලේච්ඡ යුද්ධ වෙනුවෙන් දිනකට ඩොලර් බිලියන ගණනක් වියදම් කරන ලෝකයක  තවත් පිරිසක්    මිනිසුන් ලෙස ලැබිය යුතු කිසිම දෙයක් නොලැබ තිරිසනුන් සේ මිය යමින් සිටිති.    ස්වභාවික වසංගතයක ස්වරූපය, දියුණු වෛද්‍ය ක්‍රම හෝ ප්‍රතිකාර විධි පිලිබඳව මේ අසරණ මිනිස්සු අන්දෝසංසාරයක් දන්නේ නැත.

මාරාන්තික ඉබෝලා (Ebola) වෛරසයේ අතිශය දරුණු ප්‍රභේදයක් වන ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo) ප්‍රභේදය මේ වන විට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බටහිර සහ ඊසානදිග ප්‍රදේශවල පිහිටි ඊටූරි සහ මොන්ග්බ්වාලු පළාත්වල වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Tedros Adhanom Ghebreyesus) සඳහන් කරන්නේ, මේ වන විට වසංගතයට ගොදුරු වූ බවට සැක කෙරෙන රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, ඉන් 101 දෙනෙකුම විද්‍යාත්මකව තහවුරු කළ රෝගීන් බවත්ය. දැනටමත් මෙම වසංගතය හේතුවෙන් පුද්ගල මරණ 220ක් පමණ සිදුව ඇතැයි සැක කෙරේ.

මොන්ග්බ්වාලු මහා රෝහලට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාව

කලාපය තුළ පැතිර යන භයානක ඉබෝලා වෛරස් වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ගන්නා දැඩි උත්සාහයන්ට එරෙහිව ප්‍රදේශවාසීන් සහ සන්නද්ධ කණ්ඩායම් පිළිතුරු දෙමින් ඇත්තේ අතිශය ප්‍රචණ්ඩකාරීවය. සති අන්තයේ දී කොංගෝවේ ඊටූරි පළාතේ පිහිටි ‘මොන්ග්බ්වාලු මහා රෝහල’ (Mongbwalu General Referral Hospital) ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරී පිරිස් පිට පිටම ප්‍රහාර එල්ල කර තිබේ.

පළමු ප්‍රහාරය එල්ල වූයේ සෙනසුරාදා දිනයේදීය. එහිදී හඳුනා නොගත් පිරිසක් විසින් රෝහල් භූමියේ ‘දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය’ (MSF) මගින් ඉදිකර තිබූ විශේෂ රෝගී හුදෙකලා කූඩාරම් ගිනි තබා විනාශ කරන ලදී. ඉන් නොනැවතුණු ප්‍රචණ්ඩකාරීන්, ඉබෝලා වැළඳී මියගිය ක්‍රිස්තියානි ආගමික නායකයෙකුගේ ඥාතීන් විසින් පොළඹවනු ලැබ ඉරිදා දිනයේදී ද රෝහලට සිව් වතාවක් ප්‍රහාර එල්ල කළහ. තත්ත්වය පාලනය කිරීමට කොංගෝ පොලිසියට සහ හමුදාවට පවා මැදිහත් වීමට සිදුවිය.

ප්‍රහාරයෙන් සිදු වූ බරපතල ව්‍යසනය

මෙම සන්නද්ධ ප්‍රහාර හමුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, ඉබෝලා ආසාදනය වූ බවට සැකකටයුතු සහ ස්ථිරවම තහවුරු කළ රෝගීන් 25 දෙනෙකු රෝහලෙන් පලා ගොස් තිබේ. සෙනසුරාදා ප්‍රහාරය අතරතුර රෝගීන් 18 දෙනෙකු පලාගිය අතර, පසුව සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම පලාගිය අය අතරින් එක් අයෙකුට ස්ථිරවම ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔහු මේ වන විටත් සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් සිටින බැවින් වෛරසය තවත් දරුණු ලෙස සමාජගත වීමේ අවදානමක් මතුව ඇත. ඉරිදා එල්ල වූ දෙවැනි ප්‍රහාර මාලාව අතරතුර තවත් රෝගීන් 7 දෙනෙකු පලා ගියහ. මෙම කලබලකාරී වාතාවරණය මධ්‍යයේ, දැඩි ලේ ගැලීමේ තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි අසාධ්‍ය රෝගියෙකු සිය ඇඳෙන් බැස පලා යාමට උත්සාහ කිරීමේදී රෝහල තුළදීම ජීවිතක්ෂයට පත් විය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

වෛද්‍ය කණ්ඩායම්…

ප්‍රහාර එල්ල කිරීමට හේතුව සහ මිථ්‍යා විශ්වාස

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් ලොකොඩු (Dr Richard Lokodu) ප්‍රකාශ කරන්නේ, වෛරසය වැළඳී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු සාම්ප්‍රදායික භූමදාන කටයුතු සඳහා තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලමින් මියගිය අයගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

ඉබෝලා වෛරසය ආසාදනය වී මියයන රෝගීන්ගේ සිරුරු තුළ වෛරසය පවතින්නේ අතිශය සක්‍රීය මට්ටමකය. බැවින්, නිසි ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව සිරුරු ස්පර්ශ කිරීම සහ සාම්ප්‍රදායික ලෙස අවමංගල්‍ය උත්සව පැවැත්වීම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව වී තිබේ. එහෙත්, ප්‍රදේශයේ වැසියන් රෝගය පවතින බව විශ්වාස නොකරති. ඔවුන්ට අනුව ඉබෝලා යනු මිත්‍යාවකි. මේ සිදුවී ඇත්තේ භූත ආත්ම කෝප වීමකි. මිය ගිය පුද්ගලයෙකුට දැක්විය යුතු නිසි ගෞරව නොදක්වා ඔහුගේ අවසන් කටයුතු කිරීම නිසා භූත ආත්ම කෝප වී සමස්ත පළාතක්ම විනාශ කර දමන බව ඔවුහු අදහති. වෛද්‍යවරයෙකුට වඩා විනාශකාරී භූතයින් පළවාහරින යකදුරෙකු හෝ දේවගැතියෙකු සම්බන්ධව ඔවුහු විශ්වාස කරති.  මේ තත්ත්වයට එම කලාපයේ පැතිරුණු ආගමික ස්වරූපය බලපා ඇති අයුරු පෙනේ.

පිටතින් බලන විට මෙම ප්‍රජාව කතෝලික භක්තිකයින්ය.  එහෙත් ප්‍රදේශයේ මුල් බැසගෙන ඇත්තේ  බටහිරින් පැමිණි කතෝලික ආගමම නොවේ.  එය කතෝලික දහම සහ  අප්‍රිකානු සාම්ප්‍රදායික මිථ්‍යා විශ්වාසයන් එකිනෙක මුසු වූ අමුතුම ආකාරයක ආගමික සම්ප්‍රදායකි.   බාහිරින් ඔවුන් කතෝලික හෝ ක්‍රිස්තියානි භක්තිකයන් ලෙස පෙනී සිටියද, ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිත මෙහෙයවනු ලබන්නේ පාරම්පරිකව පැවත එන ඇදහිලි සහ ආත්මයන් පිළිබඳ විශ්වාසයන් මගිනි. ඔවුන් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ මෙන්ම, මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් ද තමන් අවටම ජීවත් වන බවයි. යම් පුද්ගලයෙකු මියගිය පසු සාම්ප්‍රදායික ගෝත්‍රික චාරිත්‍ර නිසි ලෙස ඉටු නොකළහොත්, එම මියගිය තැනැත්තාගේ ආත්මය කෝප වී මුළු ගමටම වසංගත සහ මරණය ළඟා කරන බව ඔවුහු දැඩිව අදහති. රෝහලට ප්‍රහාර එල්ල කිරීමට මෙලෙස මියගිය ක්‍රිස්තියානි ආගමික නායකයෙකුගේ ඥාතීන් පෙරමුණ ගත්තේ ද, කතෝලික භක්තියට යටින් දිවෙන මෙම සාම්ප්‍රදායික ආත්ම වන්දනාවේ බිය නිසාය.

මේ නිසා, ඉබෝලා වැනි මාරාන්තික වෛරසයක් හේතුවෙන් සිදුවන මරණ දෙස මෙම ජනතාව බලන්නේ විද්‍යාත්මක ඇසකින් නොව, ආගමික ශාපයක් හෝ දේව කෝපයක් ලෙසය. වෛද්‍යවරුන් විසින් මළ සිරුරු ආරක්ෂිත බෑග්වල බහා, ඥාතීන්ට ස්පර්ශ කිරීමට පවා ඉඩ නොදී භූමදාන කිරීමට කටයුතු කිරීම ඔවුන් දකින්නේ තමන්ගේ සාම්ප්‍රදායික ආගමික වතාවත්වලට සහ මියගිය ආත්මයන්ට කරන බරපතල අපහාසයක් ලෙසිනි. මෙම නොදැනුවත්කම සහ බිය නිසා, සෞඛ්‍ය අංශ විසින් සිදුකරන විද්‍යාත්මක මර්දන ක්‍රියාවලිය තමන්ගේ ආගමික නිදහස සහ සාම්ප්‍රදායික උරුමය විනාශ කිරීමට බටහිරින් පැමිණි කුමන්ත්‍රණයක් ලෙස ඔවුහු වටහා ගනිති. කතෝලික ආගමේ ශුද්ධවන්තයන් ඇදහීම සහ අප්‍රිකානු සංස්කෘතියේ භූත-ආත්ම ඇදහීම එකට බද්ධ වීමෙන් නිර්මාණය වී ඇති මෙම දැඩි මතවාදය බිඳ දැමීම, වෛරසය මර්දනය කිරීමටත් වඩා අසීරු අභියෝගයක් වී තිබේ.

ප්‍රහාර පිටුපස සිටින කණ්ඩායම් සහ කලාපයේ සමාජ ආර්ථික තත්ත්වය

මෙම ඛේදවාචකය හුදෙක් අකුරු නොදන්නාකම පිළිබඳ සරල ගැටලුවක් නොවේ. එය වසර ගණනාවක පීඩනය නිසා උපන් බිය සහ අවිශ්වාසයේ ප්‍රතිඵලයකි. ඉබෝලා දරුණු ලෙස පැතිර යන කොංගෝවේ ඊටූරි (Ituri) පළාත සහ මොන්ග්බ්වාලු (Mongbwalu) වැනි ප්‍රදේශ, දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ විවිධ සන්නද්ධ කල්ලි අතර පවතින බරපතළ වාර්ගික හා දේශපාලන ගැටුම්වලින් බැටකන කලාපයන්ය. ඉතා වටිනා රන් ආකර සහිත මේ කලාපයේ පවතින ගැටුම්, සම්පත් කොල්ල කෑම සහ සන්නද්ධ කල්ලිවල බල පොරය නිසා ඇති වූවකි. ප්‍රදේශයේ ප්‍රධාන ගෝත්‍ර දෙකක් වන ‘හේමා’ (Hema) සහ ‘ලෙන්ඩු’ (Lendu) අතර දරුණු බල ගැටුමක් පවතී. මේ ගෝත්‍රික කණ්ඩායම්වල සන්නද්ධ අංශ ප්‍රතිවිරුද්ධ ගෝත්‍රයේ සිවිල් ජනතාව බුරුතු පිටින් ඝාතනය කරන කෲර අපරාධ ජාලයක පැටලී සිටිති.

මෙහි ජීවත් වන්නේ යුද බිය හේතුවෙන් අවම වශයෙන් එක් වරක් හෝ තම ගම්බිම් අතහැර පලාගිය, ස්ථිර නිවාස අහිමි අවතැන් වූවන්ය. නිරන්තරයෙන් සිදුවන සන්නද්ධ ප්‍රහාර නිසා ස්ථිර ආර්ථික රටාවක් ගොඩනඟා ගැනීමට ඔවුනට අවස්ථාවක් ලැබී නැත. අධ්‍යාපන පද්ධතිය මුලුමනින්ම බිඳ වැටී ඇති අතර ඉහළ නිරක්ෂරතාවය නිසා වෛරස් හෝ නූතන වෛද්‍ය විද්‍යාත්මක සංකල්ප පිළිබඳ අවබෝධයක් ජනතාවට නැත.

මෙම කලාපයේ සමාජ ආර්ථික මට්ටම හැඩගැසී ඇත්තේ මොන්ග්බ්වාලු අවට පිහිටි ප්‍රසිද්ධ රන් පතල් ආශ්‍රිත අවධිමත් කර්මාන්තය වටා ය. පවතින අන්ත දරිද්‍රතාවය හේතුවෙන් ප්‍රදේශයේ තරුණ පිරිස මෙන්ම කුඩා ළමුන් පවා ජීවිත අවදානම නොතකා මෙම නීතිවිරෝධී ප්‍රාථමික මට්ටමේ රන් පතල්වල සේවය කරති. රන් ආකර සොයා විවිධ ප්‍රදේශවලින් මිනිසුන් නිරන්තරයෙන් සංක්‍රමණය වීම නිසා මෙම නගරවල ජනගහන ඝනත්වය අතිශය ඉහළ මට්ටමක පවතින අතර, එය ඉබෝලා වැනි මාරාන්තික බෝවන රෝගයක් වේගයෙන් ව්‍යාප්ත වීමට කදිම පරිසරයක් නිර්මාණය කර තිබේ.

සෞඛ්‍ය අංශ මත පැටවී ඇති බරපතල වගකීම සහ අභියෝගය

දේශීය ජනතාව සිතන්නේ රෝහල යනු තමන්ව සුවපත් කරන තැනක් නොව, ඇතුළත් කළ පසු මිනිය පවා නොදෙන මරණයේ කඳවුරක් ලෙසය. එම බිය සහ වැරදි වැටහීම, තරුණයන් ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමට සමත්ව ඇත. දශක ගණනාවක් තිස්සේ අත්හැර දමා තිබූ මෙම කලාපයට, වසංගතයත් සමඟ විශාල වශයෙන් මුදල් සහ බාහිර මානව සම්පත් ගලා ඒම පිළිබඳව ද මිනිස්සුන්ට ඇත්තේ බරපතල සැකයකි. පිටතින් එන අයගේ සැබෑ අරමුණ කුමක්දැයි යන්න පිළිබඳව පවතින සාම්ප්‍රදායික සැකය සහ අවිශ්වාසය හේතුවෙන්, ඔවුහු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරති.

මෙවැනි තත්ත්වයක් යටතේ රෝගය මර්දනය කිරීමේ කණ්ඩායම්, එම රෝග අවදානම සහිත සමාජයෙන්ම ප්‍රහාරයට ලක් වෙමින් සිටිති. 2018-2020 ඉබෝලා වසංගත සමයේදී ද මෙලෙසම සෞඛ්‍ය සේවකයන් 25කට වඩා පිරිසක් ඝාතනය වූයේ ද මෙම දැඩි අවිශ්වාසය නිසාමය. මාරක වෛරසයක් ප්‍රතික්ෂේප කරමින්, තමන්ව බේරා ගැනීමට එන රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය අංශවලටම මාරාන්තික ප්‍රහාර එල්ල කරන මිනිසුන් සිටින සමාජයක් සුවපත් කරන්නේ කෙසේද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ හමුවේ ඇති බරපතලම සහ අසීරුම වගකීම වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැයි දින ප්‍රකාශයේ ආන්දෝලනය: ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විශේෂ ජනාධිපති කොමිසම හමුවට!

Next Post

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.