සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2009 සිට සිදුකළ සියලු ගල් අඟුරු ආනයනයන් ගැන විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්… ඊලඟට කුමක් ද?!

by editor
අප්‍රේල් 11, 2026
in පුවත්
kumanayake
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුව තුළ මතුව ඇති කරුණු සලකා බලමින්, 2009 වසරේ සිට මෙතෙක් සිදුකළ සියලු ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම තීරණය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල වශයෙන් තහවුරු කර ඇත. එහි ප්‍රකාශය අනුව, රටේ බලශක්ති අංශයේ විශ්වාසනීයත්වය සහ රාජ්‍ය මුදල් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලශක්තියේ ප්‍රධාන මූලාශ්‍රය වන්නේ නොරොච්චෝලේ (ලක්විජය) බලාගාරයයි. 2009 සිට ආරම්භ වූ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය තුළ නැව් 465කට අධික සංඛ්‍යාවක් ආනයනය කර ඇති බව සඳහන් වේ. මෙම කාල පරිච්ඡේදය තුළ ආණ්ඩු කිහිපයක් යටතේ සිදුවූ ගනුදෙනුවලදී අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබේ.

අද ජනාධිපති ලේකම්වරයා විසින් CID වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් 2009 සිට මෙදක්වා සියලු ආනයනයන් පුළුල් ලෙස විමර්ශනයට ලක් කිරීමට නියමිතය. මෙය විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තු සාකච්ඡාවල මතුවූ කරුණු මත පදනම් වී ඇති අතර, රාජ්‍ය මුදල් අවභාවිතය, ටෙන්ඩර් ක්‍රියාවලියේ විෂමතා සහ ගුණාත්මකභාවයේ ගැටලු පිළිබඳව අපරාධමය විමර්ශනයක් සිදුකිරීම අපේක්ෂිතය.

මීට සමගාමීව ඊයේ (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට ලක්වන අතරතුර, සභානායක බිමල් රත්නායක නිවේදනය කළේ 2009 සිට ආනයනය කළ සියලු ගල් අඟුරු නැව් පිළිබඳව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බවය. එම කොමිෂන් සභාව දැනට සේවයේ නිරත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වනු ඇත.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මෑතකාලීන විගණන වාර්තාව සහ පාර්ලිමේන්තු සාකච්ඡා

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පසුබිම වන්නේ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවකි. වර්ෂ 2025/2026 කාල පරිච්ඡේදය සඳහා සිදුකළ ගල් අඟුරු ආනයනයන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් අප්‍රේල් 2 වැනිදා නිකුත් වූයේය. එම වාර්තාවේ ප්‍රධාන අනාවරණයන් අතර:

  • ප්‍රමිතියෙන් තොර (“බාල”) ගල් අඟුරු ආනයනය කිරීම.

  • ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු.

  • රසායනාගාර වාර්තා සහ බලාගාර ක්‍රියාකාරීත්වය අතර විෂමතා නොසලකා හැරීම.

  • රාජ්‍යයට රුපියල් මිලියන 2,237.7කට අධික අලාභයක් සිදුවීම යන කාරණා වේ.

වාර්තාවේ සඳහන් වන්නේ ලංකා ගල් අඟුරු සමාගම (Lanka Coal Company) නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහසු වූ බවය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වූයේය. විශේෂයෙන්ම ජාතික ජන බලවේග රජයේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට මෙම හෙළි කිරීම් පාදක කරගෙන විපක්ෂය කටයුතු කරනු ලැබුවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් මෙම සිද්ධිය මුල් කරගෙන දීප ව්‍යාප්ත විරෝධතා පවත්වා ජනතාව මහ පාරට ගැනීමට බලවත් උත්සාහයක් කරනු පෙනුණි. එහෙත් විපක්ෂයේ අපේක්ෂාව ඔවුන් බලාපොරොත්තු වූ තරමින් ඵලදායී වූයේ නැත.

රජයේ ස්ථාවරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අඩු ගුණාත්මකභාවයේ ගල් අඟුරු නිසා බලශක්ති උත්පාදනයට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ සඳහා අමතර වියදම් පාරිභෝගිකයන් මත නොපටවා සැපයුම්කරුවන්ගෙන් දඩ මුදල් අය කරගන්නා බවත්ය. ඔහු තවදුරටත් සඳහණ කළේ මෙම සැපයුම් සම්බන්ධව නීතිමය පියවර ගැනීමටත් රජය සූදානම් බවය.

ඊයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේ ද එයමය. කිසිම ආකාරයකින් බාල ගල් අඟුරු නිසා වැඩිවන විදුලි බිල ජනතාව මත පටවන්නේ නැති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් කරමින් සංඛ්‍යාලේඛන මත පදනම්ව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනු ලැබුවේ අයි.එම්.එෆ්. (IMF) ගිවිසුම ප්‍රකාරව විදුලි උත්පාදන පිරිවැය ගාස්තුවට සමපාත විය යුතු බවත්, බාල ගල් අඟුරු නිසා අහිමි වී යන විදුලි ජනනය තාප විදුලි බලාගාරවලින් මිලදී ගැනීම සඳහා දැනට වැඩි කිරීමට යෝජිත විදුලි බිලෙන් සියයට 57ක් පමණ වෙන් වන බවත්ය.

කෙසේ වෙතත් මෙම පියවර රටේ බලශක්ති ආරක්ෂාව, රාජ්‍ය මුදල් කළමනාකරණය සහ දූෂණයට එරෙහිව රජයේ ස්ථාවරය පෙන්නුම් කරන්නක් බව විශ්ලේෂකයෝ පවසති. CID පරීක්ෂණයේ ප්‍රතිඵල මතුවන විට එය රාජ්‍ය ආයතනවල වගකීම් සහ ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂිතය. සභානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙම විධිමත් පරීක්ෂණ ක්‍රියාවලිය ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බවය.

මෙම පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවී තිබේ. රජය මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නීතිය ක්‍රියාත්මක කිරීමට ගන්නා පියවර ඉදිරි දිනවලදී තවදුරටත් පැහැදිලි වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශිෂ්ඨාචාරවත් මනුෂ්‍යයන්ගේ යුගයක අවසානය හෝ පැවැත්ම තීරණය කරන ස්ලාමාබාද් සාකච්ඡා ගැන වචනයක්…

Next Post

එපික් ෆියුරි (Epic Fury ) සිට ආටිමිස් II (Artemis II) දක්වා කතාව හෙවත් පෘථිවියේ මරණය වපුරමින් අභ්‍යාවකාශයේ ජීවිතය සෙවීම!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.