සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

by editor
ජූලි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කර දිවයිනෙන් පිටව යන චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවැති සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කිරීම සඳහා සුවිශේෂී සේවාවක් කළ බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියෝ පැවසූහ.

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම, දිට්වා සුළි කුණාටු අවස්ථාවේ රට යළි ගොඩනැගීම සඳහා ආධාර ලබාදීම ඇතුළු බොහෝ දේවල් චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණු බවත්, තානාපතිවරයෙකුගේ කාර්යභාරය නිවැරදිව තේරුම් ගෙන චීනය වෙනුවෙන් ඔහු කළ සේවය පිළිබඳව ශ්‍රී ලංකාව මෙන්ම චීන රජය ද සතුටු වනු ඇති බවත් උන්වහන්සේ කීහ.

මල්වතු මහානායක හිමියන් මේ බව පැවසුවේ මෙම මස 31 වැනිදායින් වසර 06 ක සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් (Qi Zhenhong) ඊයේ (17) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

වසර 06 ක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කරන්නට චීන රජය චී ෂෙන්හොන්ට අවස්ථාව ලබා දුන්නේ තානාපති ධුරයේ කාර්යභාරය ඉතා වගකීමෙන් හා කැපවීමෙන් ඉටු කිරීම හේතුවෙන් බව තමන් වහන්සේ විශ්වාස කරන බවත්, විශ්‍රාම යන තෙක්ම මෙරට සේවය කළා නම් හොඳ යැයි සිතෙන බවත් මහානායක හිමියෝ පැවසූහ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

මහිදී අදහස් දැක්වූ චීන තානාපති චී ෂෙන්හොන් ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රජය සහ සෙසු දේශපාලන පක්ෂ හා ජනතාව දැක්වූ සහය අගය කරන්නේ යැයි පැවසුවේය. ශ්‍රී ලංකාව තම දෙවන නිවස ලෙස තමන්ට දැනෙන බවත්, සේවය නිමාකර පිටව යන්නට සූදානම් වන මේ අවස්ථාවේ තවත් සේවය කරන්නට තිබුණා වැනි හැඟීමක් තමන් තුළ ඇතිව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ තානාපති ලෙස සේවය කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව තමන් උපරිම ලෙස සතුටු වන බවත්, තමන් රට තුළ සිටි කාලයේදී ශ්‍රී ලංකාවේ නොයෙකුත් අර්බුද ඇතිවූ බවත් කී චී ෂෙන්හොන්, ඒ සෑම අවස්ථාවකදීම චීන රජය ශ්‍රී ලංකාවේ සහයට සිටිමින් ආධාර උපකාර කළ බවද ප්‍රකාශ කළේය.

බෞද්ධාගමික රටවල් දෙකක් ලෙස දෙරට අතර පවතින සම්බන්ධතාව දිනෙන් දින වර්ධනය වන බවත්, ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා මිතුදම පළුදු වීමට කිසිදු හේතුවක් සොයා ගැනීමට නොහැකි බවත් චී ෂෙන්හොන් කීවේය.

අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක චීන තානාපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය. මහා විහාර සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් චීන තානාපතිවරයා ජාතික හා ආගමික වශයෙන් සිදුකළ සේවාව උන්වහන්සේ විසින් ද ඇගයීමට ලක් කරනු ලැබූහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ චීන තානාපතිවරයා වත්මන් රජයේ ප්‍රතිපත්ති සමඟ චීන රජය සම්පූර්ණයෙන්ම එකඟවන බවත්, ඒවා ක්‍රියාවේ යෙදවීමෙන් ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණුව කරා ගමන් කරමින් සිටින බවත් පැවසුවේය. පෙර පරිදිම ඉදිරියටත් චීනය ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා සහයෝගය දක්වන බවට කිසිදු සැකයක් නොමැති යැයි ද ඔහු කීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල, මහනුවර පලිපාන ශ්‍රී චන්දානන්ද විදුහලේ විදුහල්පති ගොඩගම ධම්මකිත්ති, අලවතුගොඩ මානාගල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පරණගම ඥානවිමල යන නාහිමිවරු ද සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Next Post

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.