බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ආයුර්වේද සංස්ථාවේ ලක්ෂ 340ක මූල්‍ය වංචාවට  , වගකිවයුතු ප්‍රධානියාට උසස්වීමක් දෙන්න ලෑස්තියි! – සේවකයෝ නියෝජ්‍ය ඇමතිට ලියති

by editor
මැයි 16, 2026
in පුවත්
Ayurvedi-Drugs-Coparetion
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තුළ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 340ක මහා පරිමාණ මූල්‍ය වංචාවකට සෘජුවම වගකිවයුතු බවට චෝදනා එල්ල වී ඇති එහි   මූල්‍ය අංශ ප්‍රධානියා  සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුරට උසස්වීම් ලබාදීමට සංස්ථා පාලනාධිකාරිය සූදානම් වන බවට සේවකයෝ චෝදනා කරති.

ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක පිරිසක් විසින් මේ පිළිබඳව කරුණු දක්වමින් විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වෙත ලිපියක් යොමු කර ඇති අතර, එමඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම දූෂිත ක්‍රියාවලියට එරෙහිව වහාම විමර්ශනයක් කර සුදුසු  පියවර ගන්නා ලෙසය.

එකම වවුචරයට චෙක්පත් දෙක බැගින් ලියලා

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියේ දැක්වෙන්නේ,  වත්මන් සභාපතිනිය පත්ව ආ මුල් මාස 03ක කාලය ඇතුළත සංස්ථාවේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කරමින්, එකම වවුචරය සඳහා චෙක්පත් දෙක බැගින් නිකුත් කරමින් මෙම රුපියල් ලක්ෂ 340ක මූල්‍ය මංකොල්ලය සිදු කර ඇති බවය.

ෙමෙම වංචනික චෙක්පත් සඳහා මූල්‍ය අංශ ප්‍රධානියා   අත්සන් තබා ඇති බවත්, මූල්‍ය අංශය කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන යාම හේතුවෙන් මෙම වංචාවට සෘජු සහයෝගයක් ලැබී ඇති බවත් සේවකයෝ පෙන්වා දෙති. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විමර්ශන සිදු කළද, සංස්ථා සභාපතිනියගේ අනිසි මැදිහත්වීම් මත එම පරීක්ෂණ දැනට යටගසා ඇති බවටද ඔවුහු චෝදනා කරති.

ගිණුම් වාර්තා වෙනස් කර බොරු ලාභ පෙන්වීම්

මීට අමතරව, අදාළ මූල්‍ය ප්‍රධානියාට ශේෂ පිරික්සුමක්, බැංකු සැසඳුමක් හෝ අවසාන ගිණුමක් පිළිබඳ නිසි වෘත්තීය දැනුමක් නොමැති බවත්, 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වැරදියට පිළියෙළ කර ව්‍යාජ ලාභයක් පෙන්වා ඇත්තේද මොහු විසින්ම බවත් ලිපියේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ වුවද, සංස්ථාවේ සභාපතිනිය සහ අභ්‍යන්තර විගණක   විසින් එම පරීක්ෂණ ද යටගසමින් සිටින බව සේවක පිරිස පවසති.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

එමෙන්ම සංස්ථාවේ අලෙවි මධ්‍යස්ථානවල සිදුව ඇති රුපියල් 18,676, 378.90ක (ලක්ෂ 186කට අධික) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණකවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අවි/01/13/2024/19 දරන විගණන වාර්තාව මඟින්ද මෙම වංචාවලට සෘජුවම වගකිවයුත්තේ දැන් උසස්වීම සඳහා යෝජනා වී ඇති මූල්‍ය ප්‍රධානියා වූ පුද්ගලයා බව සේවකයෝ කියති.   මේ විගණන වාර්තාවෙන් මෙම පුද්ගලයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ. එහෙත් එම විගණන කමිටු නිර්දේශ පවා අභිබවා යමින්, සභාපතිනියගේ සහ කළමනාකාර අධ්‍යක්ෂගේ   ආශිර්වාදය මත ඔහු මේ වන විටත් සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස වැඩ බැලීම සිදු කරන බව සේවක පරිස් පෙන්වා දෙති.

උසස්වීම් දෙන්න අයදුම්පත් විනාශ කරලා?

ලිපිය මඟින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ, මෙම නිලධාරියා ස්ථිර වශයෙන්ම සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) තනතුරට පත් කිරීම සඳහාවන සම්මුඛ පරීක්ෂණය 2026 මැයි 20 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.

එහිදි මෙම චූදිත මූල්‍ය ප්‍රධානියාට තරගයක් ඇති වීම වැළැක්වීම සඳහා, සංස්ථාවේ තැපැල් සහයක ලෙස සේවය කරන පුද්ගලයෙක්    ලවා, එම තනතුර සඳහා වෙනත් සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් ලැබී තිබූ සියලුම අයදුම්පත් සභාපතිනියගේ අනුදැනුම මත විනාශ කර දමා ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වේ. මේ වන විට ඉතිරි කර ඇත්තේ ඔහුට තර්ජනයක් නොවන එක් පෞද්ගලික අයදුම්කාරියකගේ අයදුම්පතක් පමණක් බවද සේවකයෝ පවසති.

වත්මන් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට මරු පහරක් එල්ල කරමින් සිදු කෙරෙන මෙම මහා පරිමාණ දූෂණ සහ අනීතික උසස්වීම් ක්‍රියාවලිය පිළිබඳව වහාම අවධානය යොමු කර, සංස්ථා සභාපතිනිය, කළමනාකාර අධ්‍යක්ෂවරයා, අභ්‍යන්තර විගණකවරිය සහ අදාළ මූල්‍ය ප්‍රධානියාට එරෙහිව දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථා සේවක පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනවාසල කෝච්චිය පීලි පැන්න පසු….

Next Post

මහා භාණ්ඩාගාරයේ ඉහළ තනතුරු දේශපාලන පත්වීම් නොවෙයි; ඩොලර් මිලියන 2.5 සිද්ධියට පන්න පන්නා මඩ ගහන අයට ක්‍රම සම්පාදන සේවා සංගමය කියයි!

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.