සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා භාණ්ඩාගාරයේ ඉහළ තනතුරු දේශපාලන පත්වීම් නොවෙයි; ඩොලර් මිලියන 2.5 සිද්ධියට පන්න පන්නා මඩ ගහන අයට ක්‍රම සම්පාදන සේවා සංගමය කියයි!

by editor
මැයි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවත්  මේ තෝරාගත් සේවාවන් ඉලක්ක කරගනිමින් එම සේවාවන් කෙරෙහි සමාජ විරෝධයක් මතුවන ආකාරයේ කටයුතු කරන පුද්ගලයින්ගේ ප්‍රයත්නයන් දැඩි ලෙස හෙළා දකින බවත්  අවධාරණය කරමින්  ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය  විශේෂ මාධ්‍ය නිවේදනයක්  නිකුත් කර තිබේ. .

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සත්‍යතාව රැකගැනීම, ආයතනික සදාචාරය ආරක්ෂා කිරීම සහ අන්තර් රාජ්‍ය සේවා අතර ගෞරවාන්විත සහයෝගිතාව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරන බව එම  එම සංගමය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා  සංගමයේ විධායක කමිටුව වෙනුවෙන් ලේකම්, නීතිඥ ක්‍රිෂාන්ත බෝපගේ විසින් අත්සන් තබා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ  දැක්වේ.

භාණ්ඩාගාරයේ ව්‍යුහය සහ වෘත්තීය පත්වීම්

මහා භාණ්ඩාගාරයේ පරිපාලන ව්‍යුහය යටතේ භාණ්ඩාගාර ලේකම්වරයාට පසුව නිත්‍ය තනතුරු ලෙස නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් තිදෙනෙක් (03) කටයුතු කරති. මෙම තනතුරු සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය යන සේවාවල සුදුසුකම් සහ පළපුරුද්ද සහිත නිලධාරීන් පත් කරනු ලබයි.

මහා භාණ්ඩාගාරය යටතේ පවතින දෙපාර්තමේන්තු 17 හි ආයතන ප්‍රධානීන් පත් කර ඇත්තේ දේශපාලන පසුබිම මත නොව, නිලධාරීන්ගේ සුදුසුකම්, වෘත්තීය පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වය. මේ වන විට එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 07ක්, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන් 06ක් සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් 04ක් කටයුතු කරති.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

රටේ ආර්ථිකය මෙහෙයවන ක්‍රම සම්පාදන සේවයේ ප්‍රධාන දෙපාර්තමේන්තු 06

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මහා භාණ්ඩාගාරයේ ප්‍රධාන දෙපාර්තමේන්තු හයක (06) අධ්‍යක්ෂ ජනරාල් තනතුරු හොබවමින් රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියම මෙහෙයවනු ලබයි.

  1. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව: ජාතික ප්‍රතිපත්ති සැකසීම, සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා නිර්දේශ කිරීම සහ රාජ්‍ය ආයෝජන සැලැස්ම සකස් කරන මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඉතිහාසයේ එක් අවස්ථාවක හැර සැමවිටම හොබවා ඇත්තේ ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන්ය.
  2. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව: මුල්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ රජයේ ආයදම් ඇස්තමේන්තු පිළියෙල කරන මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස වසර ගණනාවක සිට ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන් කටයුතු කරයි.
  3. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් බැංකු පද්ධතිය හා මූල්‍ය වෙළෙඳපොළ මෙහෙයවන මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද වසර ගණනාවක සිට කටයුතු කරන්නේ ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන්ය.
  4. ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව: සියලුම සංවර්ධන ව්‍යාපෘති ඇගයීම සහ අධීක්ෂණය කරන මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස ද දීර්ඝ කාලයක සිට ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන් කටයුතු කරයි.
  5. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව: අයවැය හිඟය පියවීමට විදේශ ණය ලබා ගැනීම සහ සාකච්ඡා කිරීම සිදුකරන මෙම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අවස්ථා දෙකකදී හැර සෙසු සෑම විටම ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන් කටයුතු කර ඇති අතර, වත්මන් ප්‍රධානියා ද භාණ්ඩාගාරයේ වසර 20ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
  6. රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව: 2024 වසරේ අගභාගයේදී අලුතින් පිහිටුවන ලද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ වසර 15ක අත්දැකීම් සහිත ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියකි.

මීට අමතරව, ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අග්‍රාමාත්‍ය ලේකම් තනතුර, විවිධ අමාත්‍යාංශ ලේකම් තනතුරු, පළාත් සභාවල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තනතුරු මෙන්ම මුදල් කොමිෂන් සභාවේ ලේකම් තනතුර ද හොබවනු ලබයි. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සියලුම සංවර්ධන කටයුතු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම් තනතුරු ද මෙම නිලධාරීන් විසින් හොබවා ඇත.

ඉහළම වෘත්තීය සුදුසුකම් සහිත රාජ්‍ය සේවයක්

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයට නිලධාරීන් බඳවා ගැනීමේදී පළමු උපාධිය සඳහා පන්ති සාමාර්ථයක් (Class) තිබීම අනිවාර්ය වේ.

මෙරට වෙනත් කිසිදු දීප ව්‍යාප්ත සේවාවක බඳවා ගැනීම සඳහා පන්ති සාමාර්ථයක් අනිවාර්ය නොවන බව පෙන්වා දෙන සංගමය, මෙම නිලධාරීන් බහුතරයක් පත්වීමෙන් පසු මෙරට සහ විදේශීය විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබාගත් ඉහළ වෘත්තිකයන් බව ද සඳහන් කරයි.

චෝදනා එල්ල කරමින් දියත් වන සංවිධානාත්මක මඩ ප්‍රහාරය

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සිදුවීමක් මුල් කරගනිමින්, තවමත් වරදකරුවන් බවට තහවුරු නොවූ නිලධාරීන් ඉලක්ක කර මුළු මහත් ක්‍රම සම්පාදන සේවාවම විවේචනය කිරීම සංගමයේ දැඩි කණගාටුවට හා හේතුවී තිබේ.

ඉතිහාසයේ විවිධ රාජ්‍ය නිලධාරීන්ට මූල්‍ය වංචා චෝදනා එල්ල වුවද කිසිදු විටෙක සේවාව පදනම් කරගෙන විවේචන එල්ල නොවූ බව පවසන සංගමය, වර්තමානයේ ක්‍රම සම්පාදන සේවය ඉලක්ක කර සිදුකරන මෙම ක්‍රියාව දැඩි පීඩනයක් එල්ල කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවට චෝදනා කරයි.

රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ ක්‍රමන්ත්‍රණයක්

අංක 23/2014 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවට අනුව, දීප ව්‍යාප්ත සේවාවන්හි තනතුරු සඳහා සියලුම සේවාවන්ට සාධාරණ අවස්ථා ලැබෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් වසර දෙකක් තුළ සකස් කළ යුතුව ඇත. එවැනි පසුබිමක සමාන්තර සේවාවන් අතර ගැටලු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ තෝරාගත් සේවාවන් කෙරෙහි සමාජය තුළ ප්‍රතිවිරෝධයක් ඇති කිරීමට මහජන නියෝජිතයන් ඇතුළු පාර්ශ්වයන් ගන්නා උත්සාහය සංගමය හෙළා දකී.

රාජ්‍ය සේවය නවීකරණය කර මහජන අභිලාෂයන් ඉටුකිරීමට රජයට ලැබී ඇති අනගි අවස්ථාව ආපසු හැරවීමේ අරමුණින් විවිධ පාර්ශ්වයන් ගෙන යන මෙම ක්‍රමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය රජයේ වගකිවයුතු අංශවලින් සහ සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ආයුර්වේද සංස්ථාවේ ලක්ෂ 340ක මූල්‍ය වංචාවට  , වගකිවයුතු ප්‍රධානියාට උසස්වීමක් දෙන්න ලෑස්තියි! – සේවකයෝ නියෝජ්‍ය ඇමතිට ලියති

Next Post

සනත් නිශාන්ත හිටියනම් ඔහුත් දැන් හිරේ! අවුරුදු 18ක් නඩු අසා සනත් නිශාන්තගේ සොයුරු ජගත් සමන්ත  මහඋළු ගෙදරට යැවූ කතාව…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.