බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

AI තාක්ෂණයෙන් නීතිඥවරියකගේ නිරුවත් ඡායාරූප සකසා සමාජ මාධ්‍ය වෙත මුදා හළ නීතිඥයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි දෝස් මුරයක්…

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • AI තාක්ෂණය හරහා නිරුවත් ඡයා රූප සකස් කර දුරකථන අංකයක් යොදා සමාජ මාධ්‍යයට ව්‍යාජ ගිනුමකින් මුදා හැර නිතිඥවරිය ලෙස අවුරුදු 02ක් සල්ලාලයන් සමග ලිංගික කතා සල්ලාප පවත්වලා… නීතිඥයාගේ කුපාඩිකම ගැන නීතිඥවරිය දැනගන්නේ අවුරුදු 02කට පස්සේ…

විවෘත විශ්වවිද්‍යාලයේ තමන් සමග එක කණ්ඩායමේ අධ්‍යාපනය ලද සහෝදර නීතිඥවරියකගේ ඡායා රූපයක් මුහුණු පොතෙන් උපුටාගෙන AI තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූපයක් නිර්මාණය කර ඇයගේ සත්‍ය නාමයෙන් දුරකථන අංකයක් සමග  වට්ස් ඇප්, ටෙලිග්‍රෑම් සමූහ ඇතුළු සමාජ මාධ්‍ය  වෙත මුදා හැර  වසර දෙකක් තිස්සේ ඇය ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් සමග ලිංගික ගනුදෙනු පිළිබඳව සංවාදයක් පවත්වාගෙන ගිය නීතිඥයෙක් අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමගේ  දැඩි දෝෂ දර්ශනයට ලක් වූයේය.

පරිගණක අපරාධ ඒකකය මගින් සිදු කරනලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව උක්ත සැකකාර නීතිඥයා 2025/10/03  දින අත් අඩංගුවට ගෙන තිබිණි. අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන මෙම සැකකාර  නීතිඥයාගේ   කකුලේ ඇඟිලි කීපයක් ද ඉවත් කරන ලද ශල්‍යකර්මයක් මෑතකදී සිදුකර ඇති බැවින්,  සැකකරු ඇප මත මුදාහැරිමට තීරණය කර අද දින නඩුව යළි කැඳවූයේය.

කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 41701/01/25 ට අදාළව ඉදිරිපත් වූ මෙම නඩුවේ විත්තිකරු වූයේ  කිංසි සඳුන් සංජීව නැමැති නීතිඥයෙකි. ඔහු වසර දෙකක කාලය තිස්සේ  වින්දිත නීතිඥවරියගේ විවිධ ඡායා රූප විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන ඇති බව අද අධිකරණයේ දී හෙළි විය.

පැමිණිලිකාර නීතීඥවරිය  තමන්ගේ නමින් තමන්ට කර ඇති අපරාධය දැනගනු ලබන්නේ වසර දෙකකට පමණ පසු බවත් ඒ බව හෙළි වන්නේ  සමාජමාධ්‍ය තුළ එම සටහන් දුටු වෙනත් හිතවතුන්ගෙන් සහ  තම සැබෑ මුහුනුපොත හරහා සම්බන්ධ වීමට උත්සාහ දැරූ නීතිඥ සහාය පැතූ  පුද්ගලයන්ගෙන් බවත් අනාවරණය විය.

ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු මෙම සැකකාර නීතිඥයා අත් අඩංගුවට ගෙන තිබිනි.  අද නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සැකකරුව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් කීවේ මේ හැසිරීම නීතීඥ වෘතියට කිසිසේත්ම නුදුදුසු බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ පිළිබඳ තමන් විසින්ද නඩු වාර්තාවේ සටහනක් යොදන බව  කී විනිසුරුවරයා,අගතියට පත් පාර්ශවයට ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් උපදෙස් දුන්නේය.

අනතුරුව 2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරන ලදී.

අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාලිය සමරසිංහ සහ  නීතීඥ උදුල් ප්‍රේමරත්න  ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී  සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 2කට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්නට ඇප….

Next Post

කීරි සම්බා වෙනුවට GR 11 පොන්නි සම්බා  මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් හය දහසක් ආනයනයට කැබිනට් අනුමැතිය…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.