ඉන්ධන සපයා ගැනීමට ඇති ගැටලුව හේතුවෙන් පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා රජයේ නිලධාරීන් සේවය සඳහා වාර්තා කිරීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති නිසාත් ඉන්ධන, විදුලිය, ජලය සඳහා වන රාජ්‍ය වියදම් අවම කරගැනීම සඳහාත් රාජ්‍ය සේවයට කැඳවන කාර්ය මණ්ඩලය අවම කිරීමට අදාල චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාති සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද නිකුත් කර ඇත.
රජයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමට බාධාවක් නොවන ආකාරයට සේවයට කැඳවීම කළ යුතු බවත් එහි දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ.