සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ දී බරපතල වරදක් සිදුවුනා… අගමැතිනිය මහා නායක හිමිවරු හමුවේ වරද පිළි ගනී!

by editor
ජනවාරි 8, 2026
in පුවත්
Harini
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩියුලයට ප්‍රශ්නකාරි වෙබ් අඩවියක නාමය සඳහන් වීම තුළින් බරපතළ වරදක් සිදුව තිබෙන බව අගමැති හරිනි අමරසූරිය   මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (08) පිළිගත්තාය.

ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බව මෙහිදී  අගමැති හරිනි අමරසූරිය   මහනාහිමි දෙනම හමුවේ පැවසුවාය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී අදාළ ප්‍රශ්න සහගත වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වීමේ පහසුකම් අත්හිටවූ බවත් සිද්ධියට අදාළව මූලික පරීක්ෂණයෙන් අනතුරුව විධිමත් විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

අගමැතිනිය මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහියන්ද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ  01 සිට හය වසර දක්වා සිසුන් අතර බෙදා දීමට නියමිත පොත් කට්ටල  106 අධ්‍යන්‍යය කිරීම සඳහා අගමැතිනය විසින් මෙහිදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන් වූවාය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

අනතුරුව ප්‍රශ්න සහගත ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිනිය මූලික විමර්ශන වාර්තාව අනුව මෙම ක්‍රියාවලිය පරීක්ෂාවට ලක්වන කිසිදු ස්ථානයකින්  අදාළ වෙබ් අඩවිය හඳුනාගෙන නොමැති බව දැනුම් දී තිබෙන බවත් එය සිදුවූයේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බවත් කීවාය.

සිදුව ඇති වරද මූලික කර ගනිමින් තව දුරටත් පොත් කට්ටල පරීක්ෂා කිරීමේදී අක්ෂර වින්‍යාස දෝෂ ඇතුළු තවත් වැරදි කිහිපයක් හඳුනා ගැනීමට හැකිවූ බව ද අගමැතිනිය ප්‍රකාශ කළාය.

ජාතික අධ්‍යාපන ආයතනය යටතට පවරා තිබෙන පොත් පිළියෙළ කිරීමේ හා මුද්‍රණය කිරීමේ වගකීම නැවත වතාවක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට යටත ගැනීමට තීරණය කර ඇතැයි ද  ඇය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව දැනුවත් කරමින් ගුරුවරු 5000 කට ආසන්න පිරිසක් අතට මෙම පොත ලබා දී පුහුණුවක් ලබාදුන් බවත් එහිදී හෝ මෙය කිසිවෙකුගේ අවධානයට යොමු නොවුණු බවත් කී අගමැතිනිය පාසල් සිසුන් වෙනුවෙන් පිළියෙළ කරන කිසිදු විෂය මාලා පොතකට වෙබ් අඩවි සඳහා ප්‍රවේශය  විය හැකි යොමු ඇතුළත් නොකරන ලෙස ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද අවධාරණය කළාය.

අධ්‍යාපනට අදාළව තාක්ෂණ භාවිත කරනවිට ළමාරක්ෂණය පැත්තෙන් අනුගනමන කළයුතු ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බවත් එය කෙටුම්පත් කිරීමෙන් ඒ සම්බන්ධව  මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඇය පැවසුවාය.

අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධව මග පෙන්වීම් සකස් කරමින් පවතින බවද අගමැතිනිය කීවාය.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියන් අදහස් දක්වමින්  නව අධ්‍යාපන ප්‍රතසංස්කරණ කාලීන අවශ්‍යතාවක් බවත් ආණ්ඩු මාරුවන විට වෙනස් නොව ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට අවශ්‍යය බවත් පැවසීය.

රටේ සංස්කෘතිය සම්බන්ධයෙන් ගැටලු මතුවන අවස්ථාවල ජනතාව ඒ සම්බන්ධයෙන්  ඉතා සංවේදීව කටයුතු කරන බවත් දැන හෝ නොදැන මෙම වෙබ් අඩවිය සම්බන්ධ තොරතුරු පොතට ඇතුළු වීම වරදක් බවත් උන්වහන්සේ කීහ.

මෙවැනි දේ ඉදිරියේදී යළිත් නොවීම සඳහා මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද අනුනාහිමියෝ පැවසූහ.

මේ ආකාර මාතෘකා ඉස්මතු වූ විට ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා සංවේදි වී කලබලයට පත්වීම අනිවාර්යයෙන් සිදුවන දෙයක් බවත් දරුවන්ගේ අධ්‍යාපනය හා බැඳී පවතින ක්‍රියාවලදී ජාතික අධ්‍යාපන ආයතනය මෙයට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබෙන බවත් ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.

රටේ ජාතික, ආගමික, සංස්කෘතිය හා බැදුණු කාරණාවලදී යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් ඉස්මතු වන විට මහා සංඝරත්නයට නිහඬව සිටිය නොහැකි බවත් එය නිවැරදි කිරීම සඳහා නායක හිමිවරු හඬ අවධි නොකළහොත් සමාජයෙන් විශාල ලෙස විවේචන එල්ල විය හැකි බවත් කී අනුනාහිමියෝ අපේ සංස්කෘතික අනන්‍යතාවට හානියක් නොවන ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවද අවධාරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියෝ බොහෝ වෙබ් අඩවි පාලනය කරනු ලබන්නේ විදේශ රටවල සිට බවත් මේවාට ඉදිරියේදී මොන ආකාරයේ දේවල් ඇතුළු කරයිද යන්න කිසිවෙකුත් නොදන්නා බවත් කීහ.

නූතන ලෝකයේ දැනුම හා තාක්ෂණය දරුවන්ට ලාබා දීම සම්බන්ධයෙන් කිසිදු තර්යක් නොමැති වුවත් මේ අකාර අපේ සංස්කෘතියට නොගැලපෙන වෙබ් අඩවි පිළිබඳ තොරතුරු පාසල් පෙළ පොත් වලට ඇතුළු කිරීම වරදක් බවද උන්වහන්සේ පැවසූහ.

ඔස්ට්‍රේලියාව වැනි රටවල වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබෙන බවත් එම රටවල් ඒ අකාර තීන්දු ගනු ලබන්නේ ඇයි කියන කරණය අපි ගැඹුරින් කල්පනා කර බැලිය යුතුව තිබෙන බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ ප්‍රකාශ කළහ.

කෘතීම බුද්ධිය නිර්මාණාත්මකව යහපත් දේ සඳහා භාවිත කිරීමේ හැකියාව තිබියදී අපේ රටේ බොහෝ විට දක්නට ලැබෙන්නේ එය  අවභාවිත කරන ස්වභාවක් යැයිද උන්වහන්සේ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය ගැන අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Next Post

මනම්පිටිය ටිපර් රථ රියදුරු ඝාතනය – සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.