සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය ගැන අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

දූෂකයින් අනිවාර්යෙන් හොයනවා... බලශක්තිය පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති අජිත් පී  පෙරේරා සහතික කරයි!

by editor
ජනවාරි 8, 2026
in පුවත්
නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

නොරොච්චෝලය ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය කළ ආකාරය සම්බන්ධ අදත් (08) පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරිනි.  ඊයේ ඩී.වී චානක මන්ත්‍රීවරයා මේ ටෙන්ඩරය ප්‍රදානය කළ ආකාරය සම්බන්ධව හහ ගල් අඟුරුවල ප්‍රමිතිය ප්‍රායෝගිකව ඔප්පු වූ ආකාරය සම්බන්ධව බරපතල හෙළිදරව්වක් කළ නමුත් බලශක්ති ඇමතිවරයා ඒ සම්බන්ධව අද දිනයේදීත් කිසිදු ප්‍රකාශයක් සිදුකළේ නැත.  ඔහු අද උදේ පැමිණ පාර්ලිමේන්තුවේ පැන නැගුන වාචික ප්‍රශ්නවලට පිළිතුරු දී පිටවී ගියේය.

මේ ප්‍රශ්නගත ටෙන්ඩරය සම්බන්ධව අදත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරුණේය. පාර්ලිමේන්තුවේ බලශක්ති අනු කමිටුවේ සභාපති ලෙස සහ බලශක්ති විෂය සම්බන්ධව වගකීම් දැරූ දේශපාලන නායකයෙක් ලෙස ටෙන්ඩරය පිළිබඳව ප්‍රශ්න කෙරුණේ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසිනි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“බලශක්ති ක්ෂේත්‍රය අපේ ආර්ථිකයෙන් තුනෙන් පංගුවක් විතර. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ විදුලි උත්පාදනය සඳහා වැඩිම බරක් තිබෙන ලක් විජය ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් මතු වෙලා තියනවා.”

“මේ ටෙන්ඩරය පිළිබඳ ප්‍රශ්නය මතුවෙනකොටම අපි නිරීක්ෂණය කළා යම් සමාගමක් වෙනුවෙන් ටෙන්ඩර කොන්දේසි උල්ලංඝණය  කරනවා. ටෙන්ටෙර කොන්දේසි වෙනස් කරනවා. දින වෙනස් කරනවා.  ඒ හරහා අමුතු දෙයක් වෙනස් දෙයක් වෙනදා නොවිච්චි දෙයක් සිද්ධ වෙන බව අපි නිරීක්ෂණය කළා.”

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

“බලාපොරොත්තු වුන විදිහටම මේ ටෙන්ඩරය දිනා ගත්ත සමාගම අද මේ රටට ගෙනල්ලා තියෙන්නේ ඒ අවශ්‍ය කරන නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු. දකුණු අප්‍රිකාවෙන් අරන් ආවත් මේ අරන් ඇවිත් තියන ගල් අඟුරුවල තිබෙන නිශ්පාදනය කළ හැකි විදුලිය ප්‍රමාණය අපි බලාපොරොත්තුවනු ටෙන්ඩරයේ තිබෙන කොන්දේසිවලට වඩා අඩුයි. නිශ්පාදනය කරන්නේ අඩු විදුලිය ප්‍රමාණයක්. වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් වැය වෙනවා. රුපියල් කෝටි දහසකට ආසන්න ප්‍රමාණයක පාඩුවක් වන බව ඇස්තමේන්තු කරලා තියනවා.”

“දැන් වංචාවක් සිද්ධ වූ බව පැහැදිලියි. දූෂණයක් සිද්ධ වෙච්චි බව පැහැදිලියි. වගකිව යුත්තේ කවුද?. සමස්ථ ආණ්ඩුවම වගකියන්න ඕනද?. බලශක්ති විෂය භාර ඇමතිවරයා වගකියන්න ඕනද?.  ජනාධිපතිවරයාව ඇමතිවරයාව මුලා කරලා නිලධාරීන් කරපු වංචාවක් ද?.  නැතිනම් මේ ඔක්කොම එකතු වෙලා ද?. මේ ප්‍රශ්නය විසඳා ගන්න තියනවා රටට.”

“අල්ලස දූෂණය තුරන් කරගන්න පොරොන්දු වෙලා ඒ ගැන දිවුරලා අපි වෙනස් කියලා බලයට ආපු මේ රජය මේ රටේ ප්‍රධානම, බලගතුම වැඩිම මිල ටෙන්ඩරය පිළිබඳව දැවැන්ත දූෂණයක් තමන්ගේ කාලෙ සිද්ධ කරලා තියනවා.”

“මම මේ කතාව කියන්නෙ මම ඒ වගකිවයුතු ධූරය දරපු කාලේ, එකම නඩුවක්වත් නැතිව, එකම පැමිණිල්ලක්වත් නැතිව ගල් අඟුරු මිල දී ගැනීමේ ක්‍රියාපටිපාටිය අතිශය කරන්නට පිරිසිදුව කරන්නට නායකත්වය දුන් කෙනෙක් හැටියට.”

“ඒ වගේම පාර්ලිමේන්තුවේ බලශක්ති අනු කමිටුවේ සභාපතිවරයා හැටියට. අපි මේ ගැන විමර්ශනය කරනවා.  වගකිව යුත්තේ කවුද කියලා හොයනවා. ඒක අපේ වගකීමක්… යුතුකමක්. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජනපදය වෙනිසියුලා ජනාධිපති පැහැර ගැනීමට ශ්‍රී ලංකා රජය විරුද්ධ වන්නේ ඇයි… සභානායකවරයා කරුණු පහදයි!

Next Post

6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ දී බරපතල වරදක් සිදුවුනා… අගමැතිනිය මහා නායක හිමිවරු හමුවේ වරද පිළි ගනී!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.