බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

හිටපු ජනපති දැනුවත්ව සිනමන් බෝම්බරකරුට තඹ ටොන් 500 දීලා

ලිඛිතව ඉල්ලීම කරලා තියෙන්නෙ හිටපු ජනපති මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර

by editor
ජූලි 4, 2020
in පාස්කු කොමිසම, පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර විසින් සිනමන් බෝම්බකරුගේ තඹ කර්මාන්තශාලාවට තඹ ටොන් 500ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ  අනාවරණය විය.

  • ආරක්ෂක අමාත්‍යංශ සහකාර ලේකම්වරියක්  කර්මාන්ත කරු වෙනුවෙන් පිත්තල ඉල්ලලා කාර්මික සංවර්ධන මණ්ඩලයට ලියුම් ලියලා
  • හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ඔහුට අබලි ලෝහ රට පටවන්න කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය අරන් දිලා

එම අනාවරණය සිදුවන්නේ මේ වනවිට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් කේ. ඩී. රංජිත් අශෝක කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීය.

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝමබය පුපුරුවාගත් එම්. අයි. ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නම් තඹ කර්මාන්ත ශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ලෝහ නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.

එහි වාර්තාව 2019.05.06 වනදා ලැබුණු බවත් එමගින් අනාවරණය වී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද ජිනසේන විසින් කොලෝසස් සමාගමට අබලි ලෝහ වැඩිවශයෙන් නිකුත් කිරීමට උපදෙස් ලබාදී තිබූ බව‍ත් යැයි සාක්ෂි කොමිසම හමුවේ පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එමෙන්ම බෝම්බකරුට අයත් කොලෝසස් සමාගමෙහි විදේශීය ජාතිකයන් 25 දෙනෙකුද සේවය කර ඇත.  අතර ඒ අතර නේපාල ජාතිකයෙක්, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙක් ද සිට ඇත. ඉතිරි පිරිස ඉන්දීය ජාතිකයන් වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

කොමිසම මෙහිදී විමසා සිටියේ එවක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඉන්ෂාෆ් අහමඩ් සමඟ සම්බන්ධකමක් පැවතියේද යන්නයි.

ඉන්ෂාෆ් අහමඩ්ගේ ගණකාධිකරුවෙකු නිතර අමාත්‍යංශයට පැමිණ ගියත් ඉන්ෂාෆ් හා අමාත්‍යවරයා අතර සම්බන්ධයක් තිබුනේදැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් ඉන්ෂාෆ් අහමඩ් හොදම ව්‍යවසායකයා ලෙස අවස්ථාවකදී සම්මානයකට පාත්‍ර වී සිටි අයුරු තමන් පසුව පුවත්පතකින් දුටු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන් විසින් සහන මිලට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත අවස්ථා කිහිපයකදී ඉල්ලුම් කර ඇති අතර ඉන් විශේෂ අවස්ථා දෙකක් තමන් හඳුනාගත් බව පැවසූ සාක්ෂිකරු සදහන් කළේ,
එක් අවස්ථාවකදී කොලෝසස් සමාගමට තඹ ටොන් 500ක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර  කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බවයි.

තවත් අවස්ථාවක ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියක වූ දේවිකා ලියනගේ  ය විසින්ද කොලෝසස් සමාගම වෙත පිත්තල කිලෝග්‍රෑම් 1000ක් ලබාදෙන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබූ බවද සාක්ෂිකරු කොමිසමට අනාවරණ කළේය.

යම් අවස්ථාවක කොලෝසස් ආයතනය විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මිලදී ගත් අබලි ලෝහ විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇති බව හෙළිවූයේදැයි කොමිසම මෙහිදී විමසුවේය.

එලෙස අපනයනය කර ඇති බවත් ඒ හරහා මෙරටට විදේශ විනිමය උත්පාදනයකර ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළේය.  කොමිසම එහිදී පෙරළා ප්‍රශ්න කළේ විදේශ විනිමය ලෙස මෙරටට ගෙන්වූ බවට ඔබ සඳහන් කරන මුදල් ඔවුන් විසින් අන්තවාදී කටයුතුවලට යොදා ඇති බව ඔබ නොදන්නේද යන්නය.

තමන් ඒ ගැන දැන් දන්නා බව සාක්ෂිකරු එහිදී කීවේය.

කොලෝසස් ආයතනයට අදාළ ද්‍රව්‍ය අපනයනය කිරීමට අවස්ථාව හිමිවූයේ එවක අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන   විසින් අත්සන් යොදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ පත්‍රිකාවක් මඟින් බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share90Tweet43
Previous Post

කොටින්ට පණ දෙන්න ගිය තරුණයා කොටි බඩු මුට්ටු ගැන හෙළි කරයි.

Next Post

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු තඹ කන්ටේනර් 370ක් රට පටවලා

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.