සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයේ සිම්බාබ්වේ ඉනිම අවසන්ය. හරාරේ ක්‍රීඩා සමාජ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තේරුවේය.
ලැබී ඇත්තේ පහසු ඉලක්කයක් නොවේ. ලකුණු 176 කි. පන්දුවට පහර දීමේ දී ආරම්භක පිතිකරු බ්‍රියන් බෙනට් මතක හිටින පිතිකරණයක යොදුනේය. ඔහු පන්දු 57ක දී හතරේ පහර 12ක් සමග ලකුණු 81කි. සිකන්දර් රාසා පන්දු 22ක දී ලකුණු 28ක් ලැබුවේය. පන්දු ඕවරයක් තුළ පවත්වාගත යුතු දළ වේගය 8.75කි.

ඛේදවාචකයක් බඳු පන්දු යැවීමක් ගැන පමණක් සටහන් කරමු. ඕවර 20 තරගයේ දී වයිඩ් පන්දු 12කි. ඒ අනුව අප ඔවුන් වෙනුවෙන් පන්දු ඕවර 22ක් යවා තිබේ. ඒ ලකුණු 12ක ප්‍රදානයක් ද සමගය. ලබා දුන් මුළු අතිරේක ලකුණු 15කි. අපට අභියෝගය වනු ඇත්තේ සිම්බාබ්වේ පිතිකරුවන් රැස් කළ ලකුණු ගණන නොවේ. මේ අමතර ප්‍රදානය කළ පන්දු ඕවර 2 සය වයිඩ් ලකුණු 12 ය.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුළු 3ක්, දැඩි ප්‍රහාරයකට ලක් වූ නුවන් තුෂාර ලකුණු 47ට කඩුල්ලක්, එවැනිම ප්‍රහාරයකින් පසු මහීෂ් තීක්ෂණ ලකුණු 38කට කඩුල්ලක්, දුෂාන් හේමන්ත ලකුණු 28ට කඩුල්ලක් ලැබුවේය.
දැන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී තිබේ.







