බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20ට විරුද්ධ වූ හිමිවරුන්ට පසුදින මුහුණ දුන් අත්දැකීමක් කරූ හෙළිකරයි

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

20 වැනි සංශෝධනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ ශ්‍රි ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන නායක ස්වාමීන් වහන්සේලා හමුවට පැමිණි පොලිස් නිලධාරීන් මේ පිළිබඳව උන්වහන්සේලාගෙන් ප්‍රශ්න කර ඇති බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අද අනාවරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසා සිටියේ ඒ මොහොතේ මහජනතාව තුළ යම් උද්වේගකර ත්තත්වයක් නිර්මාණය විය හැකි හෙයින් ඒ බව හෙලිදරව් නොකළ බවද සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු කථානායකවරයා කියා සිටියේ කතා කිරීමේ හා අදහස් පළ කිරීමේ අයිතියට එල්ල වන බාධා කිරීම් ගැන රට තුළින් දැඩි විවේචන එල්ල වන බවත් වර්තමානයේ අප දුටු අත්දැකීම් කෙලින්ම අතිගරු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් පොදුවේ ජනතාවට පැහැදිලි කිරීම තම යුතුකමක් සේ සලකන බව ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා “20 වැනි සංශෝධනයට එරෙහිව විශාල ජනමතයක් ඇති වු බව අප දන්නා සත්‍යයක්. එමෙන්ම මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම් නායකයන් මෙන්ම සිවිල් සමාජය, බුද්ධිමතුන් ඇතුළු ජන සමාජයේ දැඩි විරෝධයක් මුළු රට තුළින්ම ගොඩ නැගුණා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පසුගිය ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ උගත් මහතෙරුන් වහන්සේලා ද මේ ගැන බලවත් විරෝධය ප්‍රකාශ කළ අතර ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ද, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද එම මතය අනුමත කරමින් සිය විරෝධත්වය ප්‍රකාශ කලා.

මෙහිදී අපට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයට ඊට පසු දින උදේ අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගොස් ඇති පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේලාගෙන් මේ ප්‍රකාශ ගැන කරුණු විමසා තිබෙනවා.

ජනතාව තුළ උද්වේගකර තත්වයක් ඇතිවීමට ඉඩ තිබූ නිසා එම සිද්ධිය එම අවස්ථාවේ ප්‍රසිද්ධියට පත්නොකර සුදුසු අවස්ථාවකදී ඒ ගැන කතා කිරීම වඩා යහපත් බව අප බුද්ධි මණ්ඩලයේ තීරණය විය. එම සත්‍ය සිද්ධිය හෙළිදරව් කිරීමට අද දින සුදුසු බව අපගේ හැඟීමයි.
ජන සමාජයේ දැඩි විරෝධයක් එල්ල වූ 20 වන සංශෝධනයට එරෙහිව සිය මතය පලකිරීම ගැන රටේ ඉහලම පිළිගැනීමක් ඇති කාගෙත් ගෞරවයට පාත්‍රවූ මහතෙරුන් වහන්සේලාගෙන් ප්‍රශ්ණ කිරීමට යාම සිදු නොවිය යුතු කරුණක්.

ඒකාධිපති රටක, අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක මෙවැනි සිදුවීම් විය හැකිමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදුවීම ගැන අප ලැජ්ජාවිය යුතුයි.
මෙවැනි සිද්ධීන් නිසා රජයේ ගෞරවයට හා කීර්ති නාමයට හානිකරනවා. එබැවින් වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වා මෙයට වගකිවයුතු පුද්ගලයින්ට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස අප විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.
එමෙන්ම රටේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබදව කරුණු දැක්වූ සිංහලේ ජාතික බලමණ්ඩලයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමියන් කරුණු දැක්වීම හේතුවෙන් රහස් පොලීසියේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.
එමෙන්ම මේ රටේ මාධ්‍යකරුවන් 200කගේ තොරතුරු ඇතුලත් ලේඛණයක් රහස් පොලීසියට යොමුකර ඇතිබව හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වූ ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූවා.
එමෙන්ම පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ තව සති කිහිපයකින් ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි නියාමනය කිරිම සඳහා නව නීති සම්පාදනය කරන බවයි.මෙහිදීත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හානිවන නීතිරීති ඇතුලත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.
මාධ්‍ය ශිලාචාරව රටේ පවතින නීති රීතිවලට ගරු කරමින් ක්‍රියාකල යුතු බව අපගේ නිර්දේශයයි.එහිදි රජය හා ජනමාධ්‍ය සමාජය අතර පොදු සම්මුතියකට එළඹීම ඉතා වැදගත්
එමෙන්ම අප දන්නා ඉතිහාසය තුළ අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ ජනමාධවේදීන්ගේ ආවේක්ෂණයෙන් තොරවයි. අද වනවිට පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා ජනමාධ්‍යවේදීන්ට ඉඩක් ලබාදෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ට මෙන්ම විවිධ සේවා සපයන බාහිර පුද්ගලයන්ට පවා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට ඉඩක් ලැබී ඇතත් මාධ්‍යවේදීන්ට පමණක් ඔවුන් සතුව තිබූ විශේෂ වරප්‍රසාදයක් අහිමි කිරීම අතාර්තික දෙයක්, තේරුම්ගත නොහැකි දෙයක්,
ශ්‍රී ලංකාව යනු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වූ අපරාධ රාශියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් බව අප අමතක නොකල යුතුය. ඒ පිළිබදව පුද්ගලිකව පවා මා තුළ ඇත්තේ බලවත් වේදනාවක්,
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම ඕනෑම රජයක වගකීමක්. පසුගිය රජයෙන්ද අප එය අපේක්ෂා කළා.නමුත් ඒ කිසිවක් ඉටුවුයේ නැහැ.
අප අද ජීවත් වන්නේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ බරපතල හා බිහිසුණු අපරාධ රාශියකට වගකිව යුතු අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින රටකයි.

වර්තමාන ආණ්ඩුවට නව ජනාධිපතිවරයෙක් නායකත්වය දුන්නද එය නැවුම් ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි නොවේ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ රටේ විධායක ජනාධිපති ධුරය දෙවරක්ම හොබවා ඇති පලපුරුදු මෙන්ම ජේෂ්ඨතම දේශපාලඥයෙක්. වර්තමාන ගරු ජනාධිපතිවරයාද පසුගිය ආණ්ඩු දෙකකදී මේ ආරක්ෂාව භාරව සිටී ජේෂ්ඨතම නිළධාරියෙක්. එබැවින් ඔවුනට රාජ්‍ය පාලනය පිළිබදව මනා පරිචයක් හා අත්දැකීම් ද තිබෙනවා. ඒ අනුව අද අප මේ ඉදිරිපත් කරන කරුණු කාරණා තේරුම් ගැනීමට තරම් ඔවුන් පරිණත හා මනා අවබෝධයකින් යුක්ත අයයි.
සාමාන්‍යයෙන් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක පළමු වසර සැලකෙන්නේ ජනතාවගේ බරපතල විවේචනයන්ට ලක් නොවන ජනමාධ්‍ය හා රජය අතර ගැටුම් ඇති නොවන සාමකාමී හා සුන්දර කාල පරිච්ජේදයක් ලෙසටය.

එහෙත් අප රටේ ගෙවුනු වසරට අදාලව සැලකීමේදී එය එසේ වී නැත. ඒ පිළිබදව අපට ඇත්තේ කණගාටුවක්. එමෙන්ම අප අතීතයේදී අත්විදි අදුරු සෙවනැලි ඒ අතුරින් මතුවන බවක්ද අද පෙනෙන්ට තිබෙනවා. අප වඩාත්ම කම්පාවට ලක්වන්නේ ඒ ගැනයි.

මෑත කාලයට අදාලව අප රටේ ජනමාධ්‍යවේදීන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීම් ගණනාවක් මෙහිදී පෙන්වා දෙනු කැමැත්තෙමු.
සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ කොළඹ වාර්තාකාරිණියද වූ දරීෂා බැස්ටියන්ගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝදිසියට ලක්වීම හා ඇය පරිහරණය කරන ලද ලැප්ටොප් පරිඝනකය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඇයගේ සමීපමතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් කිරීම ගැනද අපට අසන්නට ලැබුණා.ඇය අන්තර් ජාතිකව පිළිගත් මාධ‍්‍යවේදිනියක්.
දරීෂා බැස්ටියන් සේවය කළ ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයාටද මේ ආකාරයට ඔප්පු කළ නොහැකි විවිධ චෝදනා වලට ලක් කරමින් අපහාසයට ලක්කළා.
ක්‍රිෂාන්ත කුරේ මහතා මාධ්‍යවේදියෙකු, කළමණාකරුවෙකු හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වශයෙන් ලෝකයේ ගෞරවය උපයාගත් චරිතයක්.

මුලතිව් ප්‍රදේශයේ සිදුවූ දැව සංහාරයක් පිළිබදව වාර්තාකළ වීරකේසරී පුවත්පතේ වාර්තාකරුවෙකු වන කණපති පිල්ලේ කුමනන් සහ හිරු මාධ්‍ය ජාලයේ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යෙව්දීන්ට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදුකර තිබුණා. එමෙන්ම ඔවුන්ගේ කැමරා උපකරණවලට හානිකර තිබුණා. මේ පිළිබදව මේ රටේ ජනමාධ්‍ය සංවිධාන ගණනාවක්ම පොලිස්පතිවරයා වෙත කරුණු දැක්වූ බවද අපට අසන්නට ලැබුණා.

එමෙන්ම මොණරාගල ප්‍රදේශයේ සිදුවූ වැලි ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉදුනිල් විජේනායක මහතා පහර කෑමකට ගොදුරු වුණා.
කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රාජකාරී කරමින් සිටි චායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් පොලිස් පරීක්ෂණ වරයෙකු සිදුකල තර්ජන පිළිබදවද අපට අසන්නට ලැබුණා.

මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් රැසක් පිලිබදව පසුගිය කාලයේදී වාර්තා වුණා.
මේ අතර අපගේ සුවිශේෂි අවධානයක් යොමුවිය යුතු අනෙක් කරුණ වන්නේ සමාජ මාධ්‍ය ජාලය හරහා අදහස් පළකරන මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල වී ඇති තර්ජනයන්ය.

පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි රම්සි රාසික් මහතාට මුහුණ දෙන්නට සිදුවූ කණගාටුදායක ඉරණම ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. ඔහුට ඇප ලබාගැනීමට හැකිවූයේ මාස ගණනාවකට පසුවයි.

ඔහුට ඇප ලබාදෙමින් කොළඹ මහාධිකරණයේ ගරු විනිසුරුතුමා සිදුකර ඇති සදහන මේ රටේ බලධාරීන් ගැඹුරින් අවබෝධ කරගත යුතුව තිබේ.
එහිදී ගරු විනිසුරුතුමා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ජේදයේ 10 වන වගන්තිය අනුව කිසියම් පුද්ගලයෙකුට මතයක් දැරීමට අයිතියක් ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විවිධ අවස්ථාවලදී ලබාදුන් නඩු තීන්දු ගණනාවකට අනුව අදහස් පල කිරීමේ අයිතිය තුළ විරෝධතා දැක්වීමේ අයිතියද අන්තර්ගත බව එහිදී ගරු විනිසුරුතුමා මැනවින් පෙන්වා දී තිබෙනවා.

එහෙත් අප කම්පාවට පත් කරන කරුන වන්නේ එසේ තිබියදී නිදහසේ අදහස් පලකරන මේ රටේ පුරවැසියන් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදුවන බව අසන්නට ලැබීමයි.

මෙහිදි අප වඩාත්ම කම්පා වන්නේ කෝවිඩ් වසංගතයට අදාලව යම් යම් අදහස් හා මත ප්‍රකාශ කල සමාන්‍ය පුරවැසියන් පවා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කිරීම ගැනයි.
අද වනවිට මෙම අවාසනාවන්ත තත්වය ජාත්‍යන්තර මට්ටමින්ද අවධානයට ලක්වෙම්න් පවතිනවා. මේ තත්වය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් ප්‍රකාශ වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දඩයම් කරන රටවල් 30ක් ගැන ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන බවයි. ශ්‍රී ලංකාව ගැනත් එහි සඳහන් වනවා.

මෙම මාධ්‍ය සාකච්ජාව සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයසේකර මහතාද සහභාගී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකානු කාන්තාරයෙන් හමුවූ අබිරහස් ලෝහ කණුව පිටසක්වල එකක්ද?

Next Post

ජල ගැලුම් නිම්නය වනසන්න කියන රාජ්‍ය ඇමතිට වනජීවී නිලධාරීන්ගේ විරෝධය…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.