කාන්තා විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති පළමු අවසන් පූර්ව තරගය අවසානය.
බංගලාදේශය පරදවා කඩුළු 10ක පහසු මෙන්ම අති විශාල ජයග්‍රහණයක් ඉන්දියාව ලබාගෙනය. පන්දු ඕවර 20 තුළදී බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකිවූයේ කඩුළු 08ක් දැවී ලකුණු 80ක් පමණි. එකම කඩුල්ලක්වත් නොදැවී පන්දු 54ක් ඉතිරිව තිබිය දී ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළේය.
මේ ඉන්දියානු කණ්ඩායම සෑම අතින්ම ඉදිරියෙන් සිටින ආකාරය අද තරගයේදීත් පෙන්වා දී ඇත.
අද රාත්‍රියේ දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රි ලංකා පකිස්ථාන කාන්තා කණඩායම් අතර වූ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අතිශය ජවසම්පන්න සහ තියුණු එකක් වනු ඇති බවට මේ කණ්ඩාම් දෙකේ ක්‍රීඩා විලාශයන් ඔස්සේ ප්‍රකාශ වෙමින් තිබේ.
නිමා වී ඇති ඉන්දියා බංගලාදේශ පළමු අවසන් පූර්ව තරගයේ දි කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුහු පිතිකරණය තේරූහ. එහෙත් ඉන්දිය පන්දු වයන්නියන්ගේ තියුණු ආක්‍රමණය ඉදිරියේ අප දුටුවේ බංගලාදේශ මුල් පෙළ එකා පිට එකා බිඳ වැටෙන අයුරුය. ඕවර 4.5ක් තුළදී මුල් පෙළ කඩුළු 3ම ලකුණු 21කට දැවී ගොස්ය.
මෙවරත් බංගලාදේශය වෙනුවෙන් හුදකලා සටනක නිරත වන්නේ කණ්ඩායමේ නායිකා මෙන්ම කඩුළු රකින ක්‍රීඩිකා නිගාර් සුල්තානා ජෝති ය. තරගාවලිය පුරාම ඇය නොදැවී විශිෂ්ට ක්‍රීඩාවක් කළාය. මේ තරගයේ දීත් ඇය පන්දු 51ක් තුළ ලකුණු 32ක් ලබා ගත්තාය. තරගාවලියේ මුල්ම වරට අද ඇය දැවී ගියාය. ඒ ලකුනු වේගය නැන්වීම සඳහා එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස හතරේ සීමාව අසල දී රැක ගැනීමෙනි.
ෂොර්නා අක්ටාර් ලකුණු 19ක් පන්දු 18ක් තුළ නොදැවී ලබා ගත්තාය.

පන්දු යැවීමේ දි විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රේනුකා සිං පන්දු ඕවර 4ක් යවා එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 10කට කඩුළු 3ක් බිඳ හෙළුවාය. තරගයේ හොඳම ක්‍රීඩිකාව වූයේ රේනුකා ය.
රේනුකාට නොදෙවෙනි පන්දු යැවීමක් රාධා යාදේව් විසින් යවනු ලැබුවාය. පන්දු ඕවර 4ක් යවා ලකුණු 14කට ඇය කඩුළු 3ක් බිඳ හෙළුවේ එක් නිලකුණු පන්දු ඕවරයක් ද යවමිනි. පූජා වස්ට්‍රකාර්, සහ දීප්ති ෂර්මා එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු ආරම්භක පිතිකාරිනියන් වන ෂෆාලි වර්මා පන්දු 28ක දී හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 26ක්, ස්ම්‍රිටි මන්ධානා පන්දු 39ක දී හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමග ප්‍රදර්ශනාත්මක ලකුණු 55ක් නොදැවී ලබා ගෙන ජයග්‍රහණයේ ඉලක්කය පසු කළහ.
අන්තර්ජාතික විස්සයි විස්ස තරගවලදී ලකුණු 3433ක් රැස් කළ ස්ම්‍රිටි මන්ධානා ඉන්දියාව වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික විස්සයි 20 ලකුනු රැස් කළ ක්‍රීඩිකාව වූවාය.
ශ්‍රි ලංකා ක්‍රිඩා ලෝලින්ගේ මහත් අවධානයට ලක් වී ඇති ශ්‍රී ලංකා පකිස්ථානය තරග වදින ශ්‍රී ලංකා පකිස්ථාන දෙවැනි අවසන් පූර්ව තරගය අද රාත්‍රී 7ට දඹුල්ල අන්ත්ර් ජාතික ක්‍රීඩාංගයේ දි ආරම්භ වන්නේය.







