මනම්පිටිය නිමල් ජයරත්න –
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසට බලකරමින් මනම්පිටිය වැලි සමාගමට අයත්, වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයන් පිරිසක් අද (13) දහවල් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා ලෙස සේවය කරන ලෙස සේවය කරන ටෙක්ශාන් ජයසිංහ මහතා දේශපාලන පළිගලිගැනීම් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කර ඒ වෙනුවට එහි සේවයේ නියුතු ඉංජිනේරුවරයා පොලොන්නරුවට යොමුකර ඇති බවත්, පොලොන්නරුව පැනීම් ඉංජිනේරුවරයා විනිවිදව සේවය කර ඇති බව ද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.
එවැනි අවස්ථාවක වත්මන් පරිසරය අමාත්‍යවරයාලෙස මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන නසීර් අහමඩ් මහතාට හිතවත් ඉංජිනේරුවරයෙකු පොලොන්නරුව කාර්යාලයට යොමුකර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් කටයුතු සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.
වත්මන් පරිසරයට අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් තම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී මඩකලපුව කැණීම් ඉංජිනේරුවරයා පොලොන්නරුවට අනුයුක්ත කළහොත් තමන් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු වලින් ඉවත් වන බවද ටිපර් රථ රියැදුරන් මෙහිදී සදහන් කළහ.
මෙම අවස්ථාවට ටිපර් රථ රියැදුරන්, වැලි ගොඩදමන්නන්, සහ සේවකයින් තුන්සියකට ආසන්න පිරිසක් එක්ව පැයක පමණ
කාලයක් විරෝධතාවයේ නිරත වූහ,







