බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

by Lanka Sara Editor
මාර්තු 11, 2021
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව ඒ කාලයේ පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් පුද්ගලයන් පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කළ වාර්තාවත් පුද්ගලයන් හාරසිය පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාවත් අතර ලොකු වෙනසක් නැති බවත් ඇති එකම වෙනස හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ත් නීතිය සාමය කටයුතු ඇමති සාගල රත්නායකත් මේ චෝදනාවලින් බේරීම පමණක් බව සමගි ජනබලවේග මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් පමණක් බව මෙයට වඩා වගකිව යුතු ලෙස තමා පාර්ලිමේන්තු කාරක සභාවේ සිටින කාලයේ පිට 65ක වාරතාවක් පෞද්ගලිකව සකස් කළ බවත් පැවසූ ඔහු ඊයේ එම වාර්තාවද සභාගත කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති පාස්කු ඉරිදි එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී තවදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ,
“ මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් කියන ත්‍රස්තවාදියා ලෙස සඳහන් කරල කොලේ වහන්න හදනවා. නමුත් මේකේ මහ මොළකරු සහරාන් නොවන වග දැන් පාර්ලිමේන්තුවේ කවුරුත් මෙන්ම රටේ ජනතාවත් හොඳටම දන්නවා. මම මේ ප්‍රහාරය පිළිබඳව පසුගිය රජය පත් කළ පාර්ලිමේනතු විමර්ෂණ කමිටුවේ හිටියා. ඒ කාලයේ මම පෞද්ගලිකවම මේ වාර්තාව පිළිබඳව පිටු 65ක වාර්තාවක් හැදුවා. අද එය සභාගත කරනවා. මම ඒ වාරතාවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට චෝදනාවක් එල්ල කළේ නෑ. මොකද ආරක්ෂක ලේකම්වරයාට එම තොරතුරු තිබුණත් ක්‍රියාත්මක වෙන්න බලයක් නෑ. සමහරු ඔටුනු දාගෙන හිටියට ආරක්ෂක ලේකම්වරයාට ක්‍රියාත්මක වෙන්න බලතල නෑ. ඔහුට තිබෙන්නේ පරිපාලන බලතල. පාර්ලිමේන්තු කමිටුවේදී අපි සාක්ෂි ගත්තේ 55 දෙනකුගෙන්. නමුත් මේ අවස්ථාවේදී හාරසිය පනස් ගාණකින් සාක්ෂි අරන් කියනවා. අපි දීපු වාර්තාවම තමයි. එකම වෙනස ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන චෝදනා එල්ල කරල තිබුණා. රුවන් විජේවර්ධනලා රාජ්‍ය අරක්ෂක ඇමති රට වටේ හෙලිකොප්ටරේ ගියා ඇරන්න වෙන දෙයක් කළේ නෑ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත්ව නොසිටි බවට කළ ප්‍රකාශ පිළිගන්න බෑ. ඔහු මේ ප්‍රහාරය සිදුවූ පසුවත් ගුවන් යානා දෙකක් මඟ හැර තමයි ශ්‍රි ලංකාවට සිංගප්පූරුවේ සිට පැමිණියේ. අද මේ ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගකිව යුත්තා පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළියක ඉඳගෙන ඉන්නවා. ඔහුගේ බෙල්ලලෙන් අල්ලගන්නේ නැතිව නිකං ගිය අපිට මඩ ගසන්න එපා “යයිද පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ පොල්ගොල් ජලාශය හිස් වේ ….

Next Post

රෑ කෑමට ගෙදරින් ගිය කොහුවල ව්‍යාපාරිකයාගේ සිරුර පිළිස්සුණු  මෝටර් රථයේ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.