බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

පෙනහළු ඉතිරිකර හදවත මරණ ඩෙල්ටා මාරකය ගැන විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ කියන කතාව

by editor
අගෝස්තු 30, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
  • කිසිම රෝග ඉතිහාසයක් නැති නීරෝගී මිනිස්සුන්ට එකපාර හෘදයබාධ හැදෙනවා… එහෙම එන අයට කොවිඩ් පොසිටිව්…

  • පෙනහළු වලට කිසිම ප්‍රශ්නයක් නෑ… හානිවෙලා තිබෙන්නෙ හදවතට…

  • අචාර්ය චන්දිම ජීවන්දර එක්ක එකතුවෙලා මේ සම්බන්ධ පුලුල් පරීක්ෂණයකට සූදානම්… ඉදිරියේ දී  බොහෝ දේ හෙළි වේවි..

කොවිඩ් කියන්නේ ලෝකයට පැමිණි අලුත් රෝගයක්. මේ රෝගය සම්බන්ධයෙන් හඳුනාගන්නා තොරතුරු දිනෙන් දින අලුත් ඒවා. කොවිඩ් වයිරස පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගය හරහා පෙනළු වෙත ගමන් කර පෙනහල්ල  ආසාදනය කරන තත්ත්වයක් පිලිබඳව අප මුල සිටම අසා තිබුණද දැන් දැන් ඒ තොරතුරු අලුත් වෙමින් පවතිනවා. 

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ   සදහන් කරන්නේ  මේ වන විට ලංකාව පුරා පැතිර යන කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයාගේ පෙනහලු ආසාදනය නොකර හෘදය ආසාදනය කිරීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවකි. මේ නවතම නිරාවරණය පිලිබඳව  ලංකාසර විශේෂඥ වෛද්‍යවරයා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය –  කොවිඩ් වයිරසය ආසාදනය කරන්නේ පෙනහලු කියලයි අපි මෙතෙක් කාලයක් අහලා තිබුණේ. නමුත් පසුගිය දිනවලදී ඔබ සඳහනක් කර තිබුණා කොවිඩ් වයිරසය හෘදයත් ආක්‍රමණය කරන බව.  මේ අනාවරණය මොකක්ද?

පිළිතුර –  අපේ රට තුළ ඇල්ෆා, බීටා වැනි කොවිඩ් වයිරස පැතිර යන කාලේදී අපි දැක්කේ එම වයිරසයන් නිරන්තරයෙන්ම පුද්ගලයින්ගේ පෙනහලු ආක්‍රමණය කරනවා. නමුත් මේ තුන්වන රැල්ලේදී පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයින්ගේ පෙනහලුවලට මෙන්ම හෘදයටත් සෘජු බලපෑමක් එල්ල කරනවා මම දැක්කා. ඇතැම් පුද්ගලයින්ගේ පෙනහලුවලට කිසිම හානියක් නොකර හෘදයට පමණක් හානි පමුණුවන අවස්ථාවන්ද තිබුණා,

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ප්‍රශ්නය – ඔබ මේ පිලිබඳව මෙවැනි අනාවරණයක්  කරන්නේ කොහොමද?

පිළිතුර – තරුණ වයසේ පසුවන 20කු පමණ පසුගිය දිනවල හෘදයාබාධ හැදිලා රෝහල් ගත කළා. මේ අය කොවිඩ් පොසිටිව්. හැබැයි මේ අයට දියවැඩියාව අධිරුධිරපීඩනය රුධිරයේ කොලෙස්ට්‍රෝල් අධිමාත්‍රාවෙන් තැන්පත් වීම වැනි නිදන්ගත රෝග කිසිවක් නැහැ. කොටින්ම කියනවා නම් මේ අය නිරෝගි පුද්ගලයින්.  මේ අයගේ ජීවිතය බේරාගැනීම සඳාහා ස්ටෙන්ත් ප්‍රතිකාර කළ යුතුව තිබුණා. මම මේ රෝගීන්ට ස්ටෙන්ට් ප්‍රතිකාර කරද්දි මම දැකපු දෙයක් තමයි  හෘදය ඇතුලේ තියනවා  ඝනකම සෛල ස්ථයෙක්. මෙම ස්ථරය  හරහා තමයි රුධිරය හෘදයට ගමන් කරන්නේ. මේ ස්ථරය පළුදු වුණොත්  අක්‍රිය වුණොත්  රුධිරය හෘදයට ගමන් කිරීම මුළුමනින්ම අවහිර වෙනවා. මෙසේ රුධිරය අවහිර වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කොලෙස්ට්‍රෝල් තැන්පත්වීම මගින් මේ ස්ථරය අවහිර වීම.  අනෙක් ක්‍රමය තමයි රුධිර සෛල සහ පට්ටිකා එකතුවෙලා ලේ කැටි හැදිලා මේ ස්ථරය පළුදු කිරීම.

මෙම රෝගීන් කලින් ඉතාමත් නිරෝගි අයයි. ඒ අයගේ කොලෙස්ට්‍රෝල් තැන්පත් වීමක් සිදුවෙලා නැහැ. ඒත්   ස්ථරය පළුදුවීමක් වෙලා තිබුණා. ඒත් එක්කම රුධිර කැටි හිරවීමක් වෙලා තිබුණා.

ප්‍රශ්නය-  හෘදයේ ස්ථරය පළුදුවීමක් වෙලා රුධිරකැටි හිරවීමක් වීමට කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් එල්ලවෙලා තියෙනවාද?

පිළිතුර – මම දකින විදිහට පුද්ගලයෙකුගේ ශරීරයට යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුණොත් ඒ ආගන්තුක ද්‍රව්‍ය විනාශ කරන්න අ‌පේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විවිධ රසායනිග ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරනවා. මෙය ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියක්. මෙහිදී විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මේ රසායනික ද්‍රව්‍ය හෘදයේ ස්ථරය පළුදු කිරීමටත් හේතුවක් වෙනවා විය හැකියි. ඒ වගේම ඩෙල්ටා වයිරසයත් මේ ස්ථරයට හානි පමුණුවන බවට සැක කරන්න පුලුවන්. මේ ස්ථරය පළුදු කිරීමේ ප්‍රතිපලයක් ලෙස තමයි ශරීරයේ රුධිර කැටි නිපදවෙන්නේ. මේ රුධිර කැටි තමයි හෘදය ස්ථරයේ තැන්පත් වීමක් සිදුවන්නේ.

ප්‍රශ්නය – ඔබ මේ  ක්‍රියාවලිය පිලිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන්න සුදානමින් සිටිනවාද?

පිළිතුර – දැනටමත් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්ද මහතා සමග සාකච්ඡා කරලා තියෙනවා මෙම පර්යේෂණය කිරිම සඳහා. මේ සඳහා අවශ්‍ය දත්ත වාර්තාවන් මම සකස් කරමින් පවතිනවා. තව නොබෝ දිනකින් මෙය ආරම්භ කළ හැකියි. එවිට මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි කරුණු අනාවරණය කර ගැනිමට හැකි වේවි.

ප්‍රශ්නය –   මේ සම්බන්ධයෙන් අපිට කොවිඩ් රෝගීන් සදහා  දිය හැකි පණිවිඩය කුමක්ද?

පිළිතුර –  කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ට යම් හේතුවෙකින් වෙනදාට නොඑන පපුවේ තදබල වේදනාවක් ආවොත්  පපුවේ වේදනාව සමග දහඩිය දැමීමක්, වමනයක්, අතදිගේ පපුවට පැමිණෙන වේදනාවක් , බෙල්ලේ හටගන්නා වේදනාවක් සමග පපුවේ ඇතිවන වේදනාවක් ආවොත් වහාම රෝහල් ගතවෙන්න. 

ප්‍රශ්නය – කොවිඩ් පොසිටිව් රෝගියෙකුට ස්ටෙන්ට් එකක් දැම්මාට පසුව කොපමණ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර කළ යුතුද, 

පිළිතුර – කොවිඩ් සෑදී හෘදයාබාධයක් ඇති වෙලා ස්ටෙන්ත් දාන රෝගීන් දින 10ක්  හෝ ඊට වැඩි  කාලයක්  රෝහලේ සිටීමට සිදුවෙනවා. කොවිඩ් පොසිටිව් වන  හෘද රෝගීයෙකුට නම්  ස්ටෙන්ට් එක දාලා එක දිනක් පමණක් රෝහලේ තබාගෙන නිවසට යාමට අවසර දෙනවා.  ඔවුන් සති දෙකක් විතර විවේකීව ඉඳලා නිවසේ වැඩ  කටයුතු කර ගන්න කියනවා,‍

නමුත් කොවිඩ් පොසිටිව් රෝගියෙකු ට හෘදයාබාධයක් හැදුනාම එහෙම කියන්න බැහැ. ඒ අය කොවිඩ් සුව වෙනකල් රෝහලේ  ඉන්න වෙනවා. පසුව සති 4ක්  6ක් ඇඳ විවේකය අවශ්‍ය වෙනවා. සමබල  ආහාර නින්ද හා වැඩි වශයෙන් දියර ගන්න ඔනේ.  ජෛව රසායනික ක්‍රියාවන් හේතුවෙන් කොවිඩ් රෝගීන්ගේ රුධිරය කැටිකැසිම ඉතාමත් වැඩියි. ඒ නිසා හොඳින් වතුර බොන්න අවශ්‍යයයි . දියර වර්ග බොන්න අවශ්‍ය වෙනවා. කොවිඩ් වයිරසය හේතුවෙන්  හෘදයේ ඇති වූ  පලුදුවීම සුව කර ගන්න බෙහෙත් දෙනවා. 

තමුන්ගේ දින චර්යාවන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ.  ඖෂධ නියමිත කාලයේදී ලබාගන්න අවශ්‍ය වෙනවා. කොවිඩ් එන්නත  ලබාගන්න ඕනේ කොවිඩ් එන්නත ලබා නොගෙන යලිත් මේ පුද්ගලයාට කොවිඩ් පොසිටිව් වුණොත් ස්ටෙන්ට්  එක බ්ලොක් වුණොත් සියයට 50ක් අවස්ථවෙක් තියෙනවා මරණය ගෙන දීමට.  

ප්‍රශ්නය –  හෘදයාබාධයන් සෑදී ඔබ වෙත පැමිණි පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් අයද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම මේ කිසිවෙක් කොවිඩ් එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ නොකළ අය. සමහර අය අරගෙන තියෙන්නේ එක් මාත්‍රාවක් විතරයි. ඒ නිසා මම අවධාරණයෙන්ම කියන්නෙ  එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න කියලා.

මෙතැනදී විශේෂයෙන්ම මා වෙත යොමු වුණ කොවිඩ් පොසිටිව් රෝගීන් අවුරුදු 20 – 50 අතර වයස්කාණ්ඩයේ පසු වූවන්. ඒ වගේම පිරිමි අය වැඩියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රි ලාංකිකයන් ගැන අලුත්ම තොරතුරු කියයි

Next Post

ජනතාවට එන්නත් දීම ඔබේ වැඩක් නොවේ!… රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යුද හමුදාපති හෙළා දකී!…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.