බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ? WHO පැහැදිලි කරයි

දෙවන මාත්‍රාව සති 12කට පසු ගැනීමෙන් රෝහල් ගතකිරීම් සියයට 90කින් අඩුවෙලා

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් අතරින් ශ්‍රි ලංකාවේ ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත සහ වෙනත් රටවල ලබා දෙන ෆයිසර් බියොන්ටෙක් එන්නත්වල පළමු මාත්‍රාවෙන්ම එය යුරෝපීය රටවල රෝහල් ගත කිරීම් සියයට 85ත් 94ත් අතර ප්‍රතිශතයකින් අඩුව ඇති බවත් දෙවන එන්නත් මාත්‍රාව සති 12කට පසුව ලබා ගැනීමෙන් මෙම ප්‍රතිශක්තිය තවදුරටත් තහවුරු වන බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.
ස්කොට්ලන්තයේ ජනතාව අතුරින් එන්නත ලබා ගත් මිලියන 1.14ක පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම කරුණු තහවුරු වු බව විද්‍යාඥවරිය සඳහන් කරයි. දැනට සිදුවන එන්නත්කරණය එහි ප්‍රතිඵල පිළිබඳ ව කෙටි පැහැදිළි කිරීමක් කරමින් වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී එය ලබා දිය යුතු කාලය පිළිබඳව ද නව දැනුමක් නිර්මාණය වූ බවය. පර්යේෂකයන් විසින් සිදු කරනු ලැබ ඇති පර්යේෂණවල ප්‍රතිඵල මත ඇය පවසන්නේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන සති හයක කාලයකට පසුව එන දෙවන එන්නත ලබා දීමේදී රෝහල් ගත කිරීමේ ප්‍රතිශතය සියයට 54කින් පමණ අඩු වුවද දෙවන එන්නත් මාත්‍රාව පළමු එන්නත් මාත්‍රාවෙන් සති 12කට පසුව ලබා දීමෙන් සියයට 85ත් 94ත් අතර මට්ටමකින් රෝහල් ගත කිරීම් අඩු වූ බවය.
පර්යේෂකයන් මේ වනවිට මීට අදාළ තොරතුරු බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ පවා ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙම තොරතුරු මත දෙවන මාත්‍රාව රොගීන්ට ලබා දිය යුත්තේ කවර කාල පරතරයකින්ද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මඟ පෙන්වීම් ලබා දෙනු ඇති. කොහොම වුණත් මේ තොරතුරු මත පළමු මාත්‍රාවෙන්ම රෝගීන් තුළ සැලකිය යුතු ප්‍රතිශක්තියක් නිර්මාණය වී ඇති බව පැහැදිළියි. එයින් ශරීරය තුළ කොවිඩ් වෛරසයට එරෙහිව නව ප්‍රතිදේහ ජනක නිර්මාණය වෙනවා. දෙවන මාත්‍රා ලබා දුන් පසුව මෙය තවදුරටත් ශක්තිමත් ප්‍රතිශක්තියක් රෝගයට එරෙහිව ඇතිවෙනවා. ඒ නිසා දෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්“ යයිද ඇය සඳහන් කරන්නීය.
දෙවන මාත්‍රාව ලබා ගැනීමේදී මුලදී ගත් එන්නත් වර්ගනේම ගත යුතුද යන්න පිළිබඳව කෙරෙන විමසීම් සම්බන්ධයෙන්ද පිළිතුරක් දුන් වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසන්නේ දැනට වෙනත් එනනත් වර්ගයක් ලබා දීමෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි නොමැති හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනනේ මුලින් ලබා දුන් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාවද ලබා ගත යුතු බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

Next Post

පෙනහළු බද්ධ වැඩසටහන නවතියි.. පොරොත්තු ලේඛනයේ සියලුම රෝගීන් මිය යයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.