බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ්-19 සාර්ථක එන්නත්කරණයක් සදහා

by Lanka Sara Editor
ජූනි 1, 2021
in සෞඛ්‍යය
covid vaccine
Share on FacebookShare on Twitter

මෑත කාලීනව ලෝකවාසී ජනතාව භයානක වසංගත තුනකට මුහුණ දී තිබේ. ඒවානම් කොළරාව, ස්පාඤ උණ හා කොවිඩ් ‍ය. 2019 දෙසැම්බර් මස වුහාන් වලින් පළමු කොවිඩ් රෝගියා වාර්තා විය අද වන විට ලෝකයේ සියලුම රටවල් මුහුන පා තිබෙන ප්‍රමුඛතම අභියෝගය වන්නේ කොවිඩ් වසංගතයට පිළියම් සෙවීමය. සාමාන්‍යයෙන් යුද වදින්නට අවියක් අවැසියැයි කීවද කොවිඩ් 19 වැනි පියවි ඇසට නොපෙනෙන ජීවියෙක් හා සටන් වැද ජය ගැනීමට ඇති එකම අවිය නම් “නිවරැදි සෞඛ්‍ය වත් පිළිවෙත් අනුගමනය කිරීම” හා “එන්නත්කරණයයි”. “අපි එන්නත පිළිබදව ගැන කතාකරමු” මැයෙන් ලංකාවේ කොවිඩ් එන්නත්කරණය කොතරම් දුරට සාර්ථකදැයි යන්න පිළිබදව සාකච්ඡාවක් නීතිය හා සමාජ භාරය මගින් දකුණු ආසියානු සහයෝගිතා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පසුගියදා පවත්වන ලදී.
සරලවම කිවහොත් එන්නත් යනු රෝගය සදහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීම පිණිස සකසන ලද්දකි. එඩ්වඩ් ජෙනර් මහතා විසින් ගව වසූරිය සදහා නිපදවූ එන්නත ලොව පළමු එන්නත යැයි හැදින්වූවාට වරදක් නැත.
එන්නත් (vaccine) යන වදන බිදී ආවේ ගවයන් හදුන්වන “vacca” නම් වදනෙනි. එන්නත් ලබාදීම හා ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදය “එන්නත්කරණය” ලෙස හදුන්වනු ලබයි. ප්‍රධාන වශයෙන් එන්නත් නිපදවන ක්‍රම සතරකි. මරණයට පත් කරන ලද අදාල රෝගකාරක ක්ෂුද්‍ර ජීවියාව ශරීරගත කිරීම (මහාමාරිය, හෙපටයිටිස්), අඩපණ කරන ලද රෝගකාරක ක්ෂුද්‍රජීවියා අඩංගු එන්නත් (කහ උණ, සරම්ප, රුබෙල්ලා), රෝග කාරක ජීවියා නිපදවන ධූලක අඩංගු එන්නත් (පිටගැස්ම, ගලපටල) හා අදාල රෝගකාරක ක්ෂුද්‍ර ජීවියාගේ කොටස් අඩංගු කර තැනූ එන්නත් (හෙපටයිටිස් බී) ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ. එන්නත ශරීරගත කළ විට ආක්‍රමණිකයකු ශරීරයට ඇතුළු වූවා යැයි වරදවා වටහාගන්නා සිරුර ඊට එරහිව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවන අතර පසුව සැබෑවටම අදාල ක්ෂුද්‍ර ජීවියා ආසාදනය වුවහොත් කලින් නිපදවා ඇති ප්‍රතිදේහ නිසා රෝගයට එරහිව සටන් කිරීම පහසු වේ.
එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග ප්‍රශ්න කීපයක් පැනනැගුණි. මෙවැනි එන්නතක් අවශ්‍යද?, එන්නත් කොපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලැබේවිද?, ඒවා අතුරු ආබාධ සහිතද?, එම එන්නත් ලබා දෙන්නේ කුමන වයස්කාණ්ඩ වලටද?, එන්නත්කරණයේදී ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ කාටද, ඒ කුමන නිර්ණායක මතද යන ගැටලු මෙහිදී මතු වේ.
කොවිඩ් සදහා මෙරටදී භාවිතාකරන එන්නත් ලංකාවට පෞද්ගලික ආයතන වලට ගෙන්වීමට නොහැකිය. අපට එන්නත් ලැබෙන්නේ විදේශ පරිත්‍යාග හා රජය මැදිහත්වී කරන එන්නත් මිළදීගැනීම් මගි්නි. Covax, covidshield, චීන සිනෆෝර්ම් එන්නත් ලංකාවට ලැබුණු එන්නත් අතර වේ. කෙසේ වෙතත් පරිත්‍යාග ලෙස ලැබුණු හා මිලදීගත් එන්නත් ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 22ක් වූ සෑම ශ්‍රී ලාංකිකයකුටම නොලැබෙන අතර උපරිම වශයෙන් මිලියන 2ක් පමණ වූ පිරිසකට ලබා දීමට හැකි වනු ඇත. එබැවින් ලැබුණු සීමිත එන්නත් ප්‍රමාණය නහස්තිවීම වලක්වා ගැනීමට හා අත්තනෝමතික එන්නත්කරණ වැඩසටහන් වලින් ජනතාව අයුක්තියට පත් නොවීමට විශේෂ_යින්ගේ හා වෘත්තීයවේදීන්ගේ සහය ඇතුව මනාවට සැලසුම් කරන ලද ප්‍රතිපප්තියක් සැකසීමට කටයුතු කළ යුතුය.
ඇතැම් මාධ්‍ය හා පුද්ගලයන් එන්නත්කරණය කෙරහි අනියත බියක් ඇති කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි. එන්නත්කරණයෙන් පසු පුද්ගලයන් තිදෙනෙක් මියගිය බවත් කීප දෙනෙකුට සුළු සුළු ආසාත්මිකතා ඇතිවුනබවත් සෞඛ්‍ය ඇමතිනිය පසුගියදා පාර්කිමේන්තුව හමුවේ කියා සිටියාය. ඇස්ට්‍රොසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ දැනට වාර්ථා වී ඇති වෛරස් ප්‍රභේද වලට එරහිව 90%ක සාර්ථක ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ජාතික පර්‍යේෂණ සභාවේ සභාපති හේමන්ත දොඩම්පහල මහතා දෙසැම්බර් මාසයේදී මාධ්‍ය වෙත පැවසීය.
එන්නත්කරණය පිළිබදව වගකිවයුතු නිලධාරීන්ගේ පරස්පර විරෝධී ප්‍රකාශ, එන්නත් ලබාදෙන ස්ථාන නිවරදිව සන්නිවේදනය කිරීමේ ගැටලුව, කොරෝනා තතු පිළිබදව දැනුවත් කිරීමට පිහිටවූ රාජ්‍ය වෙබ් අඩවියේ ඇති ඇතැම් දුර්වලතා, පළමු එන්නත් මාත්‍රාව ගත් අයට දෙවනි එන්නත් මාත්‍රාව ලබාදෙනවාද, දෙන්නේ නම් ඒ කොපමණ කාලයකින්ද, මේ දින වල එම එන්නත් නිශ්පාදිත රටවල පවතින තත්ත්වය අනුව එන්නත් මිලදීගැනීමට නීතිමය අවකාශ තිබේද යන ගැටලු පැන නැගේ.
මුල් කාලයේදී ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට හා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රමුඛතාවය දුන්නද “ඉදිරිපෙළ” ලෙස හදුන්වද්දී ආවරණය වන්නේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු පිරිස පමණක්ද ගිලන් රථ රියදුරන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයනුත් එම කාණ්ඩයට අයත්ද යන “ඉදිරිපෙළ” සීමාව නිර්ණය කරන ආකාරය පැහැදිලි කර නැත. එන්නත් බෙදාහරිනු ලබන්නේ කෙසේද, පළමුව එන්නත් ලබාදෙන්නේ කාටද, ඔවුන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන ගැටුලු පැනනැගීමත් සමග ලාංකිකයන්‍ට කොවිඩ් එන්නත ලබාගැනීමේදී සමානාත්මතාවය සදහා තමන්ට ඇති අයිතිය උල්ලංඝනයව ඇද්දැයි ප්‍රශ්න මතුවේ.
කොරෝනාවට එරහි සටන ජය ගැනීමට නම් රජය විශ්වාසනීය, ස්ථිර, නිරවද්‍ය හා පැහැදිලි පණිවිඩ ලබාදීය යුතුය. කොරෝනා සාමාන්‍යකරනය වීමත් සමග ජනතාවට අමතක වන මුඛ ආවරණ පැළදීම, දෑත් නිරන්තරයෙන් පිරිසිදු කිරීම හා සමාජ දුරස්ථභාවය වැනි සෞඛ්‍යපුරුදු හුරුකරලීමට කටයුතු කළ යුතුය. දැනට බස්නාහිර පළාත අවට ප්‍රදේශ පමණක් එන්නත්කරණය සිදුකරන බැවින් සෙසු තදාසන්න ප්‍රදේශ ද අල්ලා එන්නත්කරන වැඩසටහන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.
ඉන්දියාව, අප්‍රිකාව, යුරෝපය ඇතුලු බොහෝ ස්ථාන වල නව කොරෝනා ප්‍රබේධ පැතිර ඇති බැවින් සංචාරක කර්මාන්තය කිරීමෙහිදී එම ප්‍රබේධ ලංකාව තුල පැතිරීම වැලැක්වීමට ප්‍රායෝගික ක්‍රියා පිළිවෙලක් අවශ්‍ය ය. අලුත් අවුරුදු සැමරුම් වැනි උත්සව සමයන්වල සංචරණ සීමා නොපැනවූ නිසා කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළයාමට ඇති අවදානම අඩුකරගැනීමට ගන්නා ක්‍රමෝපායන් පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුය. එමෙන්ම එන්නත්කරනය හා සමාන අවදානයක් මාධ්‍ය හා රජයෙන් ඇන්ටිජන් පරීක්ෂණ සදහාද ලබාදීමට කටයුතු කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත වත් පිළිවෙත් පිළිපැදීමට ජනයාව පොළබවන්නට මෙය අවස්ථාවක් කරගනු ඇතැයි අපි සිතන්නෙමු.

ඩබ්.ඒ.ජී.බණ්ඩාරනායක

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

වෛද්‍ය පාදෙනියට එරෙහිව ආ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Next Post

දිවයින පුරා සුරා සැල් සීල් තියයි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.