බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

අපේ පාර්ලිමේනතුවෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් ඉන්න මහාචාර්ය තිස්ස විතාරණ කොවිඩ් ගැන කතා කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 16, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

• පොකුරු නෙවෙයි දැන් මෙය සමාජ ගත වෙලා
• දැන් හැම පුද්ගලයකුම තමන් ආරක්ෂා වෙන්න ඕන කියන එක හිතට ගන්න එක හොඳයි
• මම වෛරසවේදියෙක් වුණාට මේ එක කමිටුවකටවත් මට කතා කළේ නෑ
• එන්නත ගැන දැන්ම බලාපොරොත්තු තියා ගන්න බෑ
• ගෙවල්වල සිදුවන කොවිඩ් මරණ ගැන වෙනම පර්යේෂණ කළ යුතුයි

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අප සිටිනුයේ තීරණාත්මක තැනක බවත් මේ වනවිට එය සමාජය තුළ කෙමෙන් පැතිර යන තත්ත්වයක් පවතින බවත් පොදුජන පෙරමුණු ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෛරසවේදය පිළිබඳව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම එම වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරසවේද අංශයේ පළමු ශ්‍රි ලාංකික ප්‍රධානියාද වන මහාචාර්ය තිස්ස විතාරණයන් මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ‘ටෘත් විත් චමුදිත’ යු ටියුබ් චැනලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහිදී චමුදිත සමරවික්‍රම විමසා සිටියේ කොවිඩ් වසංගතය සමඟ අප රට සිටින්නේ කුමන තැනක ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් ජේෂ්ඨ මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවසීය.

“අපි සිටින්නේ තීරණාත්මක තැනක කියලා මට කියන්න පුළුවන්. අපේ මුල් අවධියේ මේ රෝගය පාලනය කරලා පොකුරු හරහා ව්‍යාප්ත වීම සීමා වෙලා තිබුණ නිසා අවශ්‍ය වැඩපිළිවෙළ හරියට කරලා හොදට පාලනය වෙලා තිබුණා. නමුත් මෑත දී හොඳටම පැහැදිලි වෙනවා සමාජය තුළ මේක පැතිර යන්න පටන් අරගෙන තිබෙනවා කියලා. යම් යම් සීමිත පොකුරු හැටියට නෙමේ විහිදිලා ගමන් කරන්න පටන් අරන් තිබෙනවා.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ඒ කියන්නේ කොච්චර නෑ කිව්වත් සමාජ ව්‍යාප්තියක් තිබෙනවා කියන එකද?

ඔව් විවිධ තැන්වලින් මතුවෙනව. පමණක් නෙවෙයි දැන් කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීතුමා කරපු පරීක්ෂණයකින්, ඒක කොළඹ කොටසක සාමාන්‍ය ජනතාව අතර කරපු PCR පරීක්ෂණයක්. ඒකෙදි සීයට තිහක්ම ආසාදිත වෙලා තිබුණා. ඒක ලොකු අවදානමක්.

අපි ඕනවට වඩා බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි දැන් මේ වෙනසක් ඇතිවෙලා තියෙනවා කියලා තේරුම් අරගෙන, කෙටියෙන් කිව්වොත් කලින් අර පොකුරුවල පිරිස එක්ක සම්බන්ධ වෙච්ච අයට විතරක් ඒක සීමා වෙලා තිබුණා. දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා ව්‍යාප්ත වීගෙන යනවා.

මගේ මතය තමයි අපි දැන් ඉඳලම සමාජයට සම්බන්ධ කරගෙන මේ ඇතිවෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නොත්, කෙටියෙන් කිව්වොතින් අපි ආශ්‍රය කරන ඕනෑම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන් කියලා හිතාගෙන කටයුතු කරන්න ඕනෑ. එතකොට තමන්ගේ ආරක්ෂාවට සෞඛ්‍ය පුරුදු තුනක් තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.
එකක් මීටර් දෙකකට වඩාවත් දුරස්ථභාවයක් තියෙන්න ඕන. ඒ ගමන් මුව ආවරණය පැළඳගෙන ඉන්න. අපි කොහෙවත් ගිහිල්ලා මොන දෙයක් ඇල්ලුවත් පුරුද්දක් විදිහට හොඳට සබන් දා අත් හෝදන්න ඕනෑ.

ඔබ ගැන යමක් සඳහන් කළොත් ?

මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් රෝග පිළිබද විශේෂඥ කමිටුවේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. මම වෘත්තීයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක්. මට ඕන වුණේ සර්වාංග විශේෂඥයෙක් වෙන්න. නමුත් මම දැක්කා රටේ පර්යේෂණ පැත්ත ටිකක් දුර්වලයි කියලා. ඒක නිසා මම වෛද්‍ය පර්යේෂණ ආයතනයට සම්බන්ධ වෙලා එහි වෛරස විශේෂඥයෙක් හැටියට තමයි කටයුතු කළේ ක්ෂුද්‍රජීවී අංශයේ. ඉන්පසුව මම ලන්ඩන් නුවරට ගිහිල්ලා එහේ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා එක සහ වෛරස වේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබුවා.
මම ලන්ඩන්වලින් ආවට පස්සෙ වසරක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥයෙක්, උපදේශකයෙක් හැටියටත් යන්න වුණා. ජිනීවා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ කමිටුවක් එහි සාමාජිකයෙක් හැටියට වසර 25ක් විතර කටයුතු කළා.

මෙතරම් ප්‍රාමාණික දැනුමක් තිබිය දී ඇයි ඔබ මේ සම්බන්ධව කාටවත් උපදෙස් නොදුන්නේ? ඔබට කතා කරලා ඇහුවෙ නැද්ද නැත්නම් ඔබ කිව්වේ නැද්ද?

නෑ. මාව සාකච්ඡාවලට වත් මොහොකටවත් කැඳවලා තිබුණෙත් නැහැ.

මට ටික දවසකට පෙර අපේ පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වා. එතන මම මේ තත්ත්වය පැහැදිලි කරලා කිව්වා අර පොකුරු හරහා ගෙනියන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නත් ඕනෑ හොඳ වැඩපිළිවෙළක් ඒක ඒක තුළින් හුඟක් දුරට පාලනය කරන්න පුළුවන් නමුත් ඊට අමතරව විහිදිලා යන ගතිය තියෙන නිසා අපි මොකක් දුරට හමුදා පොලිසිය අය සම්බන්ධ වෙලා කරන වැඩේට සීමා නොවී අපි ඉන් එහා ජනතාව මේ දැනුවත් කරලා හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීලා සිසු දරුවන්ට ඒගොල්ලන්ගෙ පාසල වලට මේක ගැන අවබෝධයක් ලබා දීලා ඒ ආකාරයට ගම් මට්ටමට වුණත් පැල්පත් තියන තැන් තැන් වලට වුණත් වුණත් අපේ වැඩ පිලිවෙලක් තියෙන්න ඕන මේ රෝගය ගැන හරියට විස්තරය කියන්න ඕන.

ඔබට කිසිවෙක් කතා කරලා ඔබේ තියන විෂයානුබද්ධ දැනුම, ඔබ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම වෛරසවේදියා විදිහට මේ ගැන කවුරුත් ඔබෙන් ඇහුවේ නැද්ද?

නෑ.

ඔබ කොවිඩ් වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් නෙවෙයි ද?

නෑ.

එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන කාර්ය සාධක කමිටු ඇතුළෙත් ඔබ සාමාජිකයෙක් නෙවෙයිද ?

නෑ.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරිය හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ වසංගත රෝග විද්‍යා කාර්යංශය හෝ කිසිම කෙනෙක් ඔබට කතා කරලා මේ ගැන ඇහුවෙ නැද්ද?

නෑ. මම හිතනවා වඩා හොඳයි මම නොවුණත් අර කොමිටිවල කවුරු හරි වෛරස විශේෂඥයෙක් හිටියනම් හොඳයි කියලා. අනිවාර්යෙන් සිටිය යුතුයි. එතකොට වඩා සමබර විදිහට මේ ප්‍රශ්නය දිහා බලන්න පුළුවන්.

පහුගිය දවස් වල මළ සිරුරු ආදාහනයද භූමිදානය ද කියලා සොයන්න කමිටු පත් කළා. ඒවායේ වෛරසවේදීන් ඉන්නවාද ?
මා දන්නා තරමින් නැහැ.
ඒ කියන්නේ මේ වයිරස වයිරස පිළිබඳ කටයුතු කරන කමිටු කිසිම තැනක වෛරස වේදය පිළිබඳ දන්න කෙනෙක් නැහැ?

මම වැරදි වෙන්න පුළුවන් නමුත් මා දන්නා තරමින් නැහැ.
වෛරසවේදීන් තමයි පරීක්ෂණ පවත්වලා PCR පරීක්ෂණ පවා පවත්වන්න ඕන වෛරස වේදීන් තමයි. වසංගත රෝග විද්‍යාඥයාගේ කටයුතු ඇරඹෙන්නේ ඉන් පසුවයි.

මෑතක දී වාර්තා වූ කොවිඩ් මරණ බොහොමයක් නිදන්ගත රෝග තිබුන අයයි. මොවුන් මිය යන්නේ covid නිසාද නැතිනම් covid නිසා අරන් නිදන්ගත රෝගයේ ස්වභාවය උත්සන්න වෙලා ද මොකක්ද ඇත්ත ආසන්නතම හේතුව?

ඇත්තටම මටත් ඒකට පිළිතුරක් බැරි දෙන්න බැහැ. ලැබිලා තියෙන ආරංචියේ හැටියට JMO විශේෂඥ වෛද්‍යවරයා ම නිවෙස්වලට ගිහිල්ලා සම්පල් ගන්නවා covid -19 තියෙනවද නැද්ද කියල බලන්න. සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකදී ශරීරයේ විවිධ කොටස් අරගෙන බලනවා. එක තුළින් තමා යම් ප්‍රමාණයක් නිවස තුළම මැරුණු අය හොයාගෙන තියෙන්නේ කොවිඩ් තියෙනවා කියලා. නිවසේම මේක සිද්ධ වෙන එක ප්‍රහේලිකාවක්. ඇත්ත වශයෙන් හරහා ඒකත් පර්යේෂණ කරලා බලන්න ඕන.

covid වෛරසය මෙතරම් දරුණු මාරාන්තික වෛරසයක් ද?

ඔව්.

මේ ලෝකයේ මෙතෙක් ආ දරුණුතම වෛරසය මේකද?

නෑ නෑ නෑ එහෙම නෑ. මීට වඩා දරුණු වෛරස තිබුණා.

ඇමරිකාවේ Pfizer කියන සමාගමේ තමයි ඉදිරියට ම ඇවිත් තියෙන එන්නත තියෙන්නේ. ඒකෙ තව පර්යේෂණ කරන්න තියෙනවා. ඔවුනුත් කියලා තියෙනවා පර්යේෂණ කරලා ඉන් පසුව තමයි නිෂ්පාදනය කළ යුත්තේ කියලා.
එන්නතක සාර්ථක නම් හරියටම බලන්න ඕන එහි ක්‍රියාකාරි එන්නතක් ද හානි නොවන එන්නතක් ද කියලා. ඒක ඉන්න දීලා යම් කාලයක් බලන්න ඕනා රිසර්ච් කරන්න ඕන. සාමාන්‍යයෙන් ලෝකයේ මින් පෙර එන්නතක් පිටවෙන්න අවුරුදු හතක් වත් යනවා. කෙටි කාලෙකින් මෙවැනි එන්නතත් පිළිබඳ කතා කළත් මම නම් හිතන්නේ තව අවුරුදු දෙක තුනක් වත් යනවා මෙවැනි එන්නතක් පිටකරන්න.

සාමාන්‍ය මිනිස්සු අහනවා ආණ්ඩුවකට එක්තරා අතකින් මේ වගේ දෙයක් තියෙන එක හොඳයි. මොකද පාරවල් හදන්න ඕන නෑ රස්සා ඉල්ලන්නෙ නෑ. ඒක නිසා මේක නිකං තියෙන එක හොඳයි වගේ දෙයක් පෙනෙන්න තියෙනවද කියලා සමහරු අහනවා? ඔබත් මහජන නියෝජිතයෙක් මොකක්ද මේ ගැන අදහස?

මං හිතන්නේ මං කිව්ව විදියට දැන් අපි සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා තියෙනවා දැන් මේක පැහැදිලිව සමාජයේ පැතිර යන ලකුණු පහළ වෙලා තිබෙනවා. අපිට ජනතාව අවදි කරල දැනුවත් කරලා, හැම පුද්ගලයෙක්ම තේරුම් ගන්න වෙනවා තමන් ආරක්ෂාව වෙන්න ඕන කියන එක.
මේ විෂය පිළිබඳ ලංකාවේ මේ වන විට ඉන්න ජ්‍යෙෂ්ඨතම විශේෂඥයා ඔබ. ඒ වගේම ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කෝපා කමිටුවේ සභාපතිවරයා? ඔබට තිබෙන්නේ කලකිරීමක් කේන්තියක් ද මේ දැනුමෙන් වැඩක් ගන්නේ නැති එක ගැන ?

අපි වෛද්‍යවරුන් හැටියට කටයුතු කරන කාලෙත් දේශපාලඥයන් හැටියට කටයුතු කරද්දිත් තේරිලා තියෙනවා සමහර අවස්ථාවල විතරයි අපට අවස්ථාව ලැබෙන්නේ ගිහිල්ලා දැනුම පදනම් කරගෙන උපරිම සේවයක් කරන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයට තේරෙනවනම් තිස්ස විතාරණ ගේ වටිනාකම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයි මේක නොතේරෙන්නේ ? හිතන්නේ මොකක්ද මේකට හේතුව?
මට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ වුනාට මම අඩු ගානේ මාධ්‍ය සාකච්ඡාවක් හරි තියලා තියල මගේ මතය දෙන්න කටයුතු කළා.
එන්නතක් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ එකක් එකේ වියදම අධිකයි අනික පහසුකම් ඇති කරන්න තියෙනවා . එකේ තවම අනතුරු නැහැ කියලා ඔප්පු වෙලත් නැහැ.

මේ වයිරස පාලනයේ ඔබට පෙනෙන අඩුව කුමක්ද?
සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේම වසංගත රෝග අංශයේ වුනත් ඒකෙ තියෙනවා සෞඛ්‍ය අධ්‍යාපන අංශයක්. ඒ අංශය තුළ යම් සාමාන්‍ය දැනුමක් මාධ්‍ය හරහා ජනතාවට ලැබුණට ඒක ඇත්ත වශයෙන්ම කාවද්ද ලා නෑ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

එස්එස්පීගේ දුව පැදවූ සුපිරි ජීප් රිය කොළඹ හතේ කාර් සේල් එකකට කඩා වදී

Next Post

දිනකට පී.සී.ආර්. 180ක් කළ හැකි යන්ත්‍ර දෙකක් පේරාදෙණියෙ සූදානම්… ඒත් ඉල්ලීමක් නෑ…..

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.