බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඔහුට 100යි… ඇයට 96යි… ජූනි මාසේ විවාහය තීන්දුයි… ආදරයට වයස ඉලක්කමක් විතරයි…

by lankasara-editor
මාර්තු 16, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මෙම වසරේ ජුනි මාසයේදී  ඇමරිකානු දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ 100 හැවිරිදි  ප්‍රවීණයෙකු තම 96 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වීමට නියමිතය.

එම 100 හැවිරිදි හිටපු හමදා සෙබලා නමින් හැරල්ඩ් ටෙරන්ස් ය. ඔහුගේ පෙම්වතිය ජේන් ස්වර්ලින් 96 හැවිරිදිය. ඔවුන් පවසන ආකාරයට 2021 වසරේ සිට ඔවුන් පෙම්වතුන් වන අතර ඩී-ඩේ හි 80 වැනි සංවත්සරයේදී ඔවුන් විවාහ වීමට සැලසුම් කර ඇත. ඩී-ඩේ (D-Day) යනු 1944 ජූනි 06 වනදා දෙවන ලෝක යුධ සමයේදී එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල හමුදා විසින් උතුරු ප්‍රංශයේ නෝමන්ඩි වෙරළ තීරය ආක්‍රමණය කිරීම සඳහා ලබා දුන් නමයි.

දෙවන ලෝක යුධ සමයේ 1944 ජූනි 06 වන දා හමුදා විසින් නෝමන්ඩි වෙරළ තීරය ආක්‍රමණය කිරීම

හැරල්ඩ් ටෙරන්ස් ඇමරිකානු හමුදාවට බැඳී ඇත්තේ වයස අවුරුදු 19 දී ය. එහිදී ඔහු ගුවන්විදුලි අලුත්වැඩියාව සම්බන්ධ කාර්මික ශිල්පියෙකු ලෙස සුදුකම් ලැබීය. ඔහු කැපී පෙනුනේ විනාඩියකට වචන විසි පහක් ලෙස මෝස් සන්නිවේදනයේ වේගවත්ම අයෙකු ලෙස ය. ඩී ඩේ දින එනම් 1944 වසරේ ජූුනි 06 දින ටෙරන්ස් ප්‍රංශයේ සිට ආපසු එන ගුවන් යානා අලුත්වැඩියා කිරීමට උදව් කර ඇති අතර එමඟින් ඔවුන් නැවත සටනට සම්බන්ධ වී ඇත.

ඔහුගේ කණ්ඩායමේ නියමුවන් අඩක් පමණම එදින මිය ගිය බව ඔහු පවසා ඇත. ඉන් දින 12 කට පසුව ඔහු ප්‍රංශයට ගියේ, අලුතින් අල්ලා ගත් ජර්මානුවන් සහ නිදහස් කර ගත් ඇමරිකානු යුද සිරකරුවන් නැවත එංගලන්තයට ප්‍රවාහනය කිරීමට උදව් කිරීමට ය. වසර ගණනාවක් ම්ලේච්ඡත්වයට මුහුණ දී සිටි එම සිරකරුවන් පිළිබඳව අදහස් දක්වමින් ටෙරන්ස්, “ඔවුන් සිටියේ සිහිමුර්ජාවෙන්” යැයි පැවසීය.

ඉන්පසුව ඔහු රහසිගත මෙහෙයුමකට පිටත් කර ඇති අතර ඔහු පවා ඔහුගේ ගමනාන්තය දැන සිට නැත. ඔහුගේ ගුවන් යානා උතුරු අප්‍රිකාව දෙසට ගමන් කර තිබූ අතර එහිදී ඔහු මංකොල්ලකෑමකට ලක්ව දිවි ගලවා ගෙන තිබේ. දිවි ගලවාගත්තද ඇමරිකානු හමුදාව සොයා ගන්නා තෙක්  කාන්තාරයේ නිරුවත්ව සිටීමට ඔහුට සිදු ව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හැරල්ඩ් ටෙරන්ස් 1948 වසරේ දී ඔහුගේ බිරිඳ තෙල්මා සමඟ විවාහ වූයේය.  ඔවුන්ට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු විය. ඒ වන විට ඔහු බ්‍රිතාන්‍ය සමූහ ව්‍යාපාරයක එක්සත් ජනපදයේ අධ්‍යක්ෂක වරයෙකි. තෙල්මා ප්‍රංශ ගුරුවරියක් ලෙස විශ්‍රාම ගිය පසු 2006 දී ඔවුන් නිව් යෝර්ක් සිට ෆ්ලොරිඩා වෙත ගොස් තිබේ.

විවාහයෙන් වසර 70 කට පසු 2018 දී තෙල්මා මිය ගියාය. ටෙරන්ස්ට මුනුබුරු මිනිබිරියන් අට දෙනෙක් සහ මී මුණුබුරන් 10 දෙනෙක් සිටියි.

ඔහුගේ පෙම්වතිය ජේන් ස්වර්ලින් වයස අවුරුදු 21 දී විවාහ වී ඇත.   වයස අවුරුදු 40 දී වැන්දඹුවක් වීමට පෙර ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකුගේ මවක් විය.  ඇයගේ දෙවන සැමියා ද විවාහ වී වසර 18කට පසු මිය ගියේය. පසුව ඇය සොල් කැට්ස් නම් පුද්ගලයා සමඟ ජීවත් ව ඇති අතර 2019 දී ඔහුගේ මරණය සිදුව ඇත. ඇයට මුණුබුරන් හත් දෙනෙක් සහ මී මුණුබුරන් හත් දෙනෙක් සිටියි. 2021වසරේ දී ඇයට ටෙරන්ස්ව හඳුන්වා දුන්නේ කැට්ස් ගේ දියණියක වන ජොආන් ෂෝෂයිම් ය.

වසර කීපයකට පෙර ඇගේ දරුවන් සහ ඔහුගේ මුණුබුරන් එක් කඳවුරකදී මුණගැසී මිතුරන් වූ අවස්ථාවක ඇයට ටෙරන්ස් හමුවිය. ඉන්පසු ටෙරන්ස් සහ ස්වර්ලින් ට මුණ ගැසීමේ අවස්ථාවක් සලසා දෙමින් ෂෝෂයිම් ඔවුන්ට දිවා ආහාරයකට ආරාධනා කර ඇත.

“ඇය නිසා මගේ පියා ප්‍රීතියෙන් සිටියා, ඇය තනි වෙනවාට මම අකමැතියි” ෂෝෂයිම් පවසා තිබුනේ එවැන්නකි. නමුත් තෙල්මාගේ මරණයෙන් පසු ටෙරන්ස් වෙනත් කාන්තාවන් කෙරෙහි උනන්දුවක් නොදැක්වූ අතර ප්‍රථමයෙන් ස්වලින් පිළිබඳව ද එතරම් උනන්දුවක් දක්වා නැත.

“මම ඇය දෙස බැලුවේවත් නෑ.කතා කළේවත් නැහැ” ඔහු එම සිදුවීම සිහිපත් කරන්නේ එලෙසිනි. එසේ වුවද ටෙරන්ස්ගේ මිතුරෙකු වූ ස්ටැන්ලි අයිසන්බර්ග් ඔවුන්ව පසුදා රාත්‍රී ආහාරය සඳහා ද රැගෙන ගොස් තිබේ . අයිසන්බර්ග්ට අවශ්‍ය වූයේ තම මිතුරාගේ නොසන්සුන් බවට හේතුව කවුදැයි බැලීමට ය. එම දෙවන හමුවීම ආදරයේ හමුවීම විය.

“ඔහු කිසි දිනෙක එසේ සිටිනු මා දැක නැහැ. ටෙරන්ස්ට කතා කිරීමට,කෑමට නොහැකි වූ අතරම ඒ සාමාන්‍ය ඔහු නොවේ. එම නිසා මම කිව්වා, ඔබ ආදරයෙන් බැඳිලා” අයිසන්බර්ග් එලෙස පවසා තිබේ. එම දිනයෙන් පසුව ස්වර්ලින් පැවසුවේ, ටෙරන්ස් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ඇයට අවස්ථාවක් ලබා නොදුන් බවයි.  94 වන වියේ පසු වූ ඇය ද ඒ අවස්ථාවේ ආදරයෙන් බැඳී සිටියාය.

“ඔහු මාව මුළු ලෝකයටම හඳුන්වා දුන්නා  මම ඔහුගේ පෙම්වතිය විදිහට. නමුත් මම ඔහුව දින දෙකකට වඩා දැන සිටියේ නෑ” යැයි ඇය සිනාසෙමින් පැවසුවාය. “ආදරය කිරීම යෞවනයන්ට පමණක් නොවේ. අනිත් අය වගේම අපිටත් ආදරයේ හැඟීම දැනෙනවා” යි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ටෙරන්ස් මාස කිහිපයකට පෙර විවාහ යෝජනාව කළේ ස්වර්ලින්ට මුද්දක් ලබා දීමට දණින් වැටී ය.

“ඇය පුදුමයට පත් වුනා” ඔහු සතුටින් කීවේය. මේ දෙදෙනාම නර්තනයට දක්වන්නේ මහත් කැමැත්තකි.

ටෙරන්ස් සහ ස්වර්ලින් දෙදෙනා නර්තනයේ යෙදෙමින් විනෝද වන අයුරු

මෙම යුවළ සහ ඔවුන්ගේ පවුල් මැයි මස අගදී පැරීසියට යන අතර එහිදී ටෙරන්ස් සහ දෙවන ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් ප්‍රවීණයන් කිහිප දෙනෙකු ගෞරවයට පාත්‍ර වනු ඇත. මිලියන 16 ක් වූ ඇමරිකානු දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයන්ගෙන් ඉතිරිව සිටින්නේ 120,000 ක් පමණක් බව එරට රජය පවසයි. මේ වසරේ ඩී-ඩේ ටෙරන්ස් ගේ සිව්වන සැමරුම ය. ඔහු මීට වසර පහකට පෙර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතින් පදක්කමක් ද ලබා ගෙන ඇත.

පසුව පවුල  Carentan-les-Marais නගරයට ගමන් කරනු ඇති අතර, එහිදී මනාල යුවළ වසර 1600 දී පමණ ඉදිකරන ලද දේවස්ථානයක දී විවාහ වනු ඇති. නගරයේ නගරාධිපති Jean-Pierre Lhonneur විසින් ජුනි 8 වන දින ඔවුන්ගේ  විවාහය සිදු කිරීමට නියමිතය.

Lhonneur පවසන්නේ නීත්‍යානුකූලව ඔහුට විවාහය සිදු කළ හැක්කේ  නගරයේ පදිංචිකරුවන් වෙනුවෙන් පමණක් නමුත් මෙය සිදු කළ හැකි බවත්  එය මහත් සතුටක් වනු ඇති බවත් ය. මෙය ආදරයට වයස යනු ඉලක්කමක් පමණක් ම බව සනාථ කරන්නක් නොවේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

උගුරේ පිළිකාව එක් රුධිර පරීක්ෂණයකින් සොයාගෙන වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට පෙරළියක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් තුන් දෙනෙක්…

Next Post

අපේ රැකියා අවදානමේ…. අලි වැට රකින ආදිවාසී තරුණයෙකුගෙන් පැමිණිල්ලක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.