තවත් සඟවාගෙන සිටිය යුත්තේ කුමක් දැයි අපට වැටහෙන්නේ නැත. මේ රටේ මෙන්ම ලෝක සම්භාවිත විශේෂඥ වෘත්තිකයන් දින ගණන් ගැන කීවේ මේ මරණයේ ව්‍යසනයය. කළුබෝවිල රෝහල තුළත් කොවිඩ් අපායක් නිර්මාණය වී තිබේ. මිනිස්සු අගුපිල්වල කොවිඩ් ආසාදිතව මිය යමින් සිටිති. ඇඟේ හයියෙන් වසංගතයක් සමග ගනුදෙනු කිරිම තෝරාගෙන විශේෂඥ උපදෙස් නොතකා කළ උද්දච්ච හැසිරීම මරණයෙන් කෙළවර වෙමින් ඇති අයුරු දකිමු. අප ලියා තබන්නේ මේ ආරම්භය පමණක් බවය.
මේ කොවිඩ් මරණය දකිමින් සංවේදී සටහන තබන්නී තක්ෂිලා මධුවන්තිය. ඇය සිරස මාධ්‍ය ජාලයේ නිවස් ෆස්ට් හි සහෝදර මාධ්‍යවේදිනියකි. නිවේදිකාවකි. සියත එෆ්එම් හිටපු ප්‍රවෘත්ති කර්තෘවරිය ඇයය.
මේ ඇය තැබූ සටහනය.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා……..
දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.
ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.
පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….
~ තිලක්ෂණී මධුවන්ති ~