බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

 හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

by editor
නොවැම්බර් 30, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය දිනවල  රටේ පැවති තත්ත්ව මත යුධ හමුදා සෙබළුන්ට ලබා දෙන ආහාර වේල්වලට නිර්දේශිත ආහාර නොපැවැති අවස්ථාවල ඊට අදාළ ආදේශක ලබා දීමට කටයුතු කර ඇති බවත් කිසිදු ආකාරයකින් ආහාර වේලෙහි ගුණාත්මක බව අඩු කිරීමට කටයුතු නොකළ බවත්  ඒ ඒ ප්‍රදේශවල අණ දෙන නිලධාරීන්  තමන් වෙත දැන්වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ලංකාසරට පැවසීය.

ඔහු ගේ මේ ප්‍රකාශයට පසුබිම්  වූයේ ඊයේ ලංකාසර වෙබ් අඩවිය විසින් පළ කරන ලද යුද හමුදා සෙබළුන්ගේ ආහාර වේලෙහි ගුණාත්මක බව බිඳ වැටීම පිළිබඳව වාර්තාවකි.

අපට වාර්තා වුණු සෙබලුන්ගේ ආහාර වේලේ ස්වරූපය…

මෙම වාර්තාව පළ වීමෙන් පසු ලංකාසර වෙත තවදුරටත් එවැනි තොරතුරු  ලැබෙන පසුබිමක් තුළ අප මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කර සිටියේ යුධ හමුදාවේ ආහාර ලබා දෙන පිළිවෙතක් පවතින අතර එම පිළිවෙත අනුව සෑම ආහාර වේලක්ම ලබා දීමේදී   ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතියක් ද ලබා ගත යුතු බවය.

එසේම එම ආහාර වේල  පිසීමෙන් පසුව  අදාළ කඳවුරු භාර නිලධාරියා විසින් රස ද පරීක්ෂා  කර බලා එහි වට්ටෝරුව වාර්තාවලට ද එක් කරන බවය.   එවනි පසුබිමක් තුළ යුද හමුදා කඳවුරු ආහාර වේල් නිසි ප්‍රමිතියකින් සපයන බවත් යම් හෙයකින් මේ දිනවල පවතින ආහාර සම්බන්ධ ගැටලු හේතුවෙන් එක් ආහාර ද්‍රව්‍යයක් ප්‍රමාණවත් ලෙස සැපයීමට අපහසු අවස්ථාවලදී ඊට ආදේශක නියමිත පරිදි එක් කර ඇති බව සඳහන් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වුවද අපට ලැබුණු වාර්තාවලට අනුව ඇතැම් කඳවුරුවල නියමිත පරිදි ආහාර සලාකය ලබා දීමට කටයුතු යෙදුණද  බොහෝ කඳවුරුවල නියමිත ආදේශකවත් නොලැබී ඇති බවත් වාර්තා විය. මේ පිළිබඳව කළ විමසීමට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“ මේ ගැන තවදුරටත් ඔබට වාර්තා එනවා නම් මම ත් තවදුරටත් ඔවුන් සම්බන්ධ කරගෙන සොයා බලන්නම්“

සෙබළුන් බොහොමයක්  ඔවුන්ට මාස ගණනකින් කිරි තේ නොලැබෙන බවට කරන චෝදනාව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“අපි දන්නවා පසුගිය දවස්වල විශාල සෙබළුන් පිරිසක් සිටින හමුදා කඳවුරකට නෙවෙයි, අපේ ගෙවල්වලට ප්‍රමාණවත් විදිහටවත් කිරි පිටි සොයා ගන්න බැරිවුණා.  එවැනි පසුබිමක් තුළ පවා දිනකට එක වේලක්වත් කිරි තේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. එසේ නැතිනම් කිරි පිටි වෙනුවට දියර කිරි ලබා දිමට කටයුතු  කර තිබෙනවා.“ යයි සඳහන් කළේය.

කෙසේ වුවද අපගේ වාර්තාව පිළිබඳව කලබලය පත් වූ රාජ්‍ය අනුග්‍රහමය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාක්ෂික කරුණු නිරවද්‍යතා  පරීක්ෂා කිරීමේ  (Fact checking ) ආයතනයක්  යුධ හමුදා ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය පමණක් පදනම් කරගෙන අප විසින් පළ කළ වාර්තාව අසත්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙන ගොස් තිබේ.  අප විසින් පෙන්වා දී ඇති කරනු සාවද්‍ය බවට එයින් එහා කිසිදු සාක්ෂියක් සාධකයක් පෙන්වීමට අපොහොසත්ව තිබු ආකාරයක් පෙනිණි.

මේ කාරණාව අප මතු කරනු ලැබුවේ වගකීම් සහිත කරුණු මත පදනම් වෙමිනි. ව්‍යාජ ඡායාරූප සහිතව වීඩියෝ එඩිට් කර මේ රටේ ගෞරවණීය යුද හමුදාවට ගැසිය යුතු ගේමක් හෝ න්‍යාය පත්‍රයක් අප සතුව නැත.  මේ රටට සෑම තලයකම සිට ගහන ගේම් දැන් හොඳටෝම ප්‍රමාණවත්ය. තේරුම් ගත යුත්තේ මෙයයි.

නියමිත අහාර සලාකය නිකුත් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වගකීම් සහිතව ප්‍රකාශ කරයි. පළාත් භාර අණ දෙන නිලධාරීන් ප්‍රකාශ කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. එහෙත්  හමුදා සෙබලු  සිය ආහාර වේලේ දුගී ස්වරූපය ගැන කොඳුරමින් සිටිති.

එසේ නම් මේ හෙළිවන්නේ යම්කිසි    දූෂිත නිලධාරීන් පිරිසක් රටත් හමුදාවත්  විනාශ කරමින් ඇති ස්වරූපය ය.  සොයා ගත යුත්තේ ඒ ගනුදෙනුවල අග මුලය.

අපි ඇඟිල්ල දිගු කර ඒ අවපැහැ ගැනුණු ඇත්ත පෙන්වූයෙමු.      එහෙත් ආණ්ඩුවේ Fact checking අපේ ඇඟිලිවලට ගල් ගසමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔමික්‍රෝන් හමුවේ එන්නත්වල ඵලදායී බව පහළ බවට මොඩර්නා සමාගම පවසයි

Next Post

මන්ත්‍රි ඩයනා ගමගේට නව තනතුරක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.