බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අපේ රටේ මිනිස්සු!

by editor
ජූලි 23, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ශාන්ත ජයරත්න –
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු) – ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)

  1. කුමක්ද ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය කියන්නේ ?

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නේ එක්තරා ආකාරයක මානසික ප්‍රතික්‍රියාවක් (Emotional Response ).

  1. මෙය සිදුවන්නේ කෙසේද ?

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇති වන්නේ යම් බලය ඇති පුද්ගලයකු (Abuser) විසින් කිසියම් තැනැත්තෙක් හෝ පිරිසක් නිරන්තර හිරිහැරයට පත්කලත්, හිරිහැරයට භාජනය වන්නන් එසේ හිරිහැර කරන්නා (Abuser ) කෙරෙහි කිසිදු වෛරයක් හෝ කේන්තියක් ඇති කර නොගැනීමයි (Have a postive feeling towards the abuser ). උදාහරණයක් හැටියට , රටක පාලකයන් රටේ ජනයා කොපමණ වද වේදනාවට පත් කළත්, රටේ සම්පත් කොල්ල කෑවත්, අනේ ඉතින් අපේ නායකයෝ නිසා නේ අපිට ජීවත් වෙන්න හරි රටක් තියෙන්නේ කියා හිත හදාගෙන ඉන්නවා වගේ කියලා හිතුවොත් නිවැරැදියි.

  1. මෙය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන්නේ ඇයි ?

බැංකුව තුළ ප්‍රාණ ඇපයට පත් සේවකයින්…Jan-Erik Olsson ගේ ඡයා රූපයක්…

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෝකයට මුලින්ම ඉදිරිපත් කරන්නේ  වර්ෂ 1973 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ජීවත් වූ අපරාධ විද්‍යාව පිළිබඳ විශේඥයෙක් වු නිල්ස් බෙජරොට් (Nils Bejerot ) විසින්. 1973 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර බැංකුවකට කඩා වැදුණු මංකොල්ල කරුවන් කණ්ඩායමක් විසින් එහි සේවකයින් පිරිසක්  ප්‍රාණ ඇපයට ගන්නවා. ඉතා කෲර ලෙස බැංකු සේවකයින් හිරකගෙන හිටියත් යම් කාලයක් ගතවීමේදි බැංකු සේවකයින් සහ මංකොල්ල කරුවන් අතර මිත්‍රත්වයක් ඇතිවෙනවා. යම් අවස්ථාවක ඔවුන් මුදවා ගැනීමට පොලීසිය මැදිහත් වීමට උස්සාහ කලත් ප්‍රාණ ඇපකරුවන් එය ප්‍රතිකේෂ්ප කරනවා. කාලය ගතවීමත් සමග බැංකු සේවකයින් සහ මංකොල්ල කරුවන් අතර දැඩි ලබැඳියාවක් ඇති වී තිබෙනවා. පසුකාලීනව මංකොල්ල කරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කරනවා .  අනතුරුව මංකොල්ල කරුවන් පොලිස් අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන්ගේ නීතීඥ ගාස්තු පවා ගෙවීමට ඉදිරිපත් වන්නේ බැංකු සේවකයින් බව කිව්වොත් ඔබ පුදුම වනු ඇති . මෙයින් පෙනී යන්නේ, ඔබ යම් දිගු කාලයක් කිසියම් බලය ඇති පුද්ගලයකු යටතේ හිරිහැරයට ලක්වුවත්, කාලයාගේ ඇවෑමෙන් ඔබ එම තත්ත්වයට හුරු වනවා. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නේ එයයි.

  1. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට ලංකාවේ ජනයා ගොදුරු වී ඇද්ද?

ලංකාවේ පාලකයන් රට බංකොලොත් කොට අද වන විට රටේ ජනයා විශාල පීඩනයකට පත්කොට තිබෙනවා. ජනයා දින ගණන් තෙල් ගෑස් පෝලිම් වල ගත කිරීම තුළ  එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්වී තිබෙනවා. පැමිණි දුක් පැණි රසයි කියන්නාසේ සියල්ල විඳ දරාගෙන සිටීමට ඔවුන් පුරුදු වී සිටිනවා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

විශේෂයෙන්ම පසුගිය අවුරුදු 30 ක කාලය තුළ රට පාලනය කල පාලකයන් සහ ඔවුන්ගේ හිතෛෂීන් රටේ ජාතික ධනය ඩොලර් බිලියන ගණනක් හොරකම් කළ  බව ප්‍රසිද්ධ රහසක්. එහෙත් රටේ බහුතර ජනයා ඒවා සම්බන්ධව වගේ වගක් නැතිව සිටීම තුළ  පෙනී යන්නේ ජනයා ඒවාට හුරු වී සිටින බවක්.

ලංකාවේ ඉහළ යන උද්ධමනය තුළ භාණ්ඩ හා සේවා මිල අහස උසට නැග තිබෙනවා. එහෙත් ජනයා ඊට දක්වන ප්‍රතිවිරෝධය එතරම් ප්‍රදර්ශනය නොවීමට හේතුව ඔවුන් එයට හුරු වීම විය හැකියි. එය විඳ දරාගෙන තම පණ ගැට ගසා ගැනීමට උස්සාහ කරනවා .

එසේනම් , ඔබට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය වැළඳී තිබෙනවා ද ? ඔබ ඔබෙන්ම අසා බලන්න. තවදුරටත් අප මේ ආකාරයට හිරිහැරයට පත්වෙමින් සියළු දුක් කම් කටොළු විඳ දරාගෙන සිටිනවාද එසේ නැතහොත් ඉන් මිදීම සඳහා අපව හිරිහැරයට පත්කරන්නන්ට විරුද්ධව නැගී සිටිනවාද?.

ඔබ එසේ කල් ගත කරමින් ඔබව පීඩාවට පත්කරන්නා සමග කාලයක් ජීවත් වීම තුළ  අනිවාර්යයෙන්ම ඔබට ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය වැළඳෙනු ඇති බව අවධාරණය කල යුතුය.   ඉන් මිදීමට කළ හැක්කේ අප පීඩාවට පත්වන බව වටහාගෙන අප පීඩාවට පත්වූ පුද්ගලයින්ට ප්‍රතිවිරෝධය දක්වා අපට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රෙඩිඩ් කාර්ඩ් වාර්ෂික පොලිය සියයට 36ට   නගී….

Next Post

පාකිස්ථානය පෙර වැරදි අනාගතයට හරස්වෙන ලකුණු

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.