අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සර්.. එන්න… ඇවිත් බලන්න…

by editor
අගෝස්තු 4, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි  –

තවත්   වෙන්නට දෙයක් ඉතිරි වී නැත.

මහත්වරුණි. රෝහල් කොරිඩෝ වල  මිනිස්සු පැදුරු කඩමාළු මත මිය යමින් සිටිති.

මීට දෙමසකට පෙර ඉන්දියාවේ මිනිස්සු මේ ආකාරයෙන් පේව්මන්ට්වල වැටී මිය ගියහ.   කොවිඩ් 19 වැළැක්වීම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එදා මෙසේ  කීවේය.

“ මගෙ රටේ මිනිස්සුන්ට කවදාවත් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ.  ඕන තරම් සංචාරක හෝටල් තියනවා. නිකේතන තියනවා. ඒ හැම එකක්ම මේ මිනිස්සු වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එතකොට අපි “රෙක්ස්පෙක්ට් සර්“ කියා කීවෙමු.

ඉතින් ශවේන්ද්‍ර… ඇවිත් බලලා යන්න. ඔබේ රටේ මිනිස්සු සුඛිතව සිටිති.

මරණ හංගමින්, කොවිඩ් සුනාමිය දෙපරංශය අස්සේ තද කරගෙන හංගන්නට හැදූ වෑයම නිරුවත් වී තිබේ. දැන් මේ වංගුව ගසා වැඩක් නැති බව   ආණ්ඩුවේ මහත්වරුන්ට කිව යුතුව ඇත. මේ වීඩියෝව බලන්න. මේ රාගම රෝහලේ කොව්ඩ් ඇතුළත් කරගැනීමේ වාට්ටුවය.  මේ ගැන කතා කරන්නට රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා දුරකථනයට එන්නේත් නැත. සියලුම ප්‍රධාන රෝහල්වල තත්වය මෙයය.

කොවිඩ් රෝගීන් ඇතුළත් කරගන්නා වාට්ටුව 

මේ තරම් ගර්හිත තත්වයක් තුළ රෝහල්හි නිසි කළමණාකරණයකින් යුතුව රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට සියලුම සැලසුම් සකස් කර ඇති බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියන්නේය. ඔහු රෝගීන් සහිත ඇඳන් ගණන කියන්නේය. හිස් වී ඇති ඇඳන් ගණන වාර්තා කරන්නේය. ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල කළමනාකරණය කරගන්නා ආකාරය ගැන යන්නේය.  මේ වයසක මනුස්සයා ගැන අනුකම්පා කරනවාට වඩා වැඩි දෙයක් මේ අවස්ථාවේදී කළ යුතු නැත්තේ ඔහු මේ කරන්නේ තමන්ගේම හෘද සාක්ෂියට එරෙහි වෘත්තීය නොවන කොන්ත්‍රාත්තුවක් බැවිනි.

රොගී ධාරිතාව වැඩි වීම මෙන්ම  වේගයෙන් ආසාදනය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සත්කාර සේවාවන්ගෙන් ඉවත් වීම නිසා ඇති වී තිබෙන තත්වය ඉහත වීඩියෝවෙන් කියවා ගන්නා ලෙස හේමන්ත හේරත් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතුව ඇත.

ළමා රෝහල කොවිඩ් ළදරුවන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය  සඳහන් කරන්නේ රෝහලට දරා ගැනීමට බැරි  කොවිඩ් රෝගී දරුවන් පිරිසක් දිනපතා  රෝහලට ඇතුළත් වන බවය. දැන් ඔහු රාජගිරය ප්‍රදේශයේ වෙනත් ගොඩනැගිල්ලක් තුළ රෝගී සත්කාරයන් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත. වැල්ලම්පිටියෙන් ද ස්ථානයක් හොයමින් සිටින බව ඔහු පවසයි.

ජාතික රෝහලේ සියලුම කොවිඩ් වාට්ටු පිරී ගොස්ය. සාමාන්‍ය වෛද්‍ය  වාට්ටු තුළ කොවිඩ් ආසාදිත රෝගීන් පැදුරු මත දමා කොවිඩ් වාට්ටුවලට ඇතුළත් කිරීමට ගත් තීරණය නැවතුනේ එසේ කළහොත් තමන් සේවාවන්වලින් ඉවත් වන බවට රෝහල් කාර්ය මණ්ඩල වෛද්‍ය පරිපාලනයට දැන්වීමෙනි.

රට විවෘත කර ගැබිණියන් පවා සේවයට කැඳවීමට චක්‍රලේඛ ගසන්නේ රට වසංගතයේ අතිශය සංකීර්ණ අදියර තුළ සිටිය දී ය. නිසි ප්‍රවාහන සේවාවක්වත් කළමනාකරණය නොකර මිනිස්සු බල්ලන් බළලුන් සේ පටවාගෙන කොළඹ ගෙනැවිත් මේ හදන්නේ ආර්ථිකය දියුණු කරන්නට නම්  ඒ කුණුහරපයට පිළිතුරු තව සති දෙකකින් ලැබෙනු ඇත.  එන්නත් මාත්‍රා දෙක දී සියල්ල හරි යැයි කල්පනා කිරීමේ ගොංකමේ තරම තේරෙන්නට දෙසතියක් ප්‍රමාණවත්ය.

අපට කියන්නට ඇත්තේ සියලුම සෞඛ්‍ය අංශ බලධාරීන්, ජාත්‍යාන්තර තලය හොබවන විද්වත් වෘත්තිකයින්ගේ නිර්දේශ නොසලකා බලහත්කාරයෙන් සේවයට කැඳවීමේ දේශපාලන කුපාඩිකම තුළ ඇති වෛරී ස්වරූපය ඕනෑම එකෙකුට   කියවා ගත හැකි බවය. ගුරුවරුන් සේවයට කැඳවා තිබේ. දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ජාතික ගුරු අධ්‍යාපන පීඨවල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලත් එම කොවිඩ් මධ්‍යස්ථාන භූමියට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේ.

මෙවැනි වසංගත අවස්ථාවක එන්නත් මාත්‍රා දෙකට වඩා වැදගත් වන්නේ මිනිස්සුන්ට අවශ්‍ය ගෞරවය සහිතව ජීවිත්වීමේ අවකාශ ලබා දීමය.   සෞඛ්‍යය පිලිවෙත් ආරක්ෂා කිරීමට අවස්ථාව සැලසෙන්නේ ඒ පරිසරය තුළය.

එහෙත්  සෞඛ්‍ය පිළිවෙත් සහිතව ජීවත් වෙන්න යැයි තවත් කිසිවෙකුට අවවාද කරන්නට ඉඩක් මුන් විසින් තබා නැත.

වාසනාවක් තිබුනොත් නොමැරි ඉඳීවි. නොමැරී හිටියොත් යළිත් මෙවැනි දේශපාලන ගොංකම් නොකිරීමට වග  බලා ගනිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දානන්ද නිසා චමුදිත සමරවික්‍රම සහ නාමල් කරුණාරත්නත් නිරෝධායනයට…

Next Post

රත්නපුර රෝහලේ හදිසි ආපදා තත්ත්වයක්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.