බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සයින්දුමරුදු  සහරාන්ගේ නිවසේ දී මැරුණා කී  සාරා රහසේ පිටමං කරලා…

රටට වංගු ගැසා සාරා පැන්නූ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුට

by editor
ජූලි 13, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ අප්‍රියෙල් 21 වැනිදා එල්ල කළ  පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව එලඹුණු අප්‍රියෙල් 26 වැනිදා  අම්පාර සයින්දමරුදු පුදේශයේදී පොලිසිය සහ ආරක්ෂක හමුදාව වටළන අවස්ථාවේදී  සහරාන්ගේ සහෝදරයින් ඇතුළු පිරිසක් රැදී සිටි අම්පාර සයින්දුමරුදුහි පිහිටි ආරක්ෂක නිවසක සිට වෙඩි හුවමාරුවක් සිදුවූ අවස්ථාවේ අත්අඩංගුවට ගත්  එම අන්තවාදී කණ්ඩායමේ  කාන්තාවක් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටමං  කිරීමක් සම්බන්ධයෙන්  සැකපිට අම්පාරේ පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගත්තේය. 

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයාවන  එම නිලධාරියා අක්කරෙයිපත්තුවේ පදිංචිකරුවෙකි. ඔහු විසින් රහසේ පිටමං කළ බව කියවෙන්නේ කටුවපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කළ අච්චු මොහොමදු හස්තූන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් සාරා නැමැත්තියයි.

පසුගිය විමර්ශන පිළිබඳව මාධ්‍ය අනාවරණයන්හිදී  උපතින් දෙමළ ජාතික කාන්තාවක් වූ ඇය පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් මුස්ලිම් ජාතියකුට විවාහ කර දුන් බවට මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලද තැනැත්තිය වන්නේ ද ඇයයි. එහිදී ඇය ඇයව පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් මුස්ලිම් තරුණයෙකුට විවහාකර දී ඇයව මුස්ලිම් කාන්තාවක් බවට පත්කළ බව ඇගේ දෙමාපියන් පාස්කු ප්‍රහාරයෙන් පසුව සදහන් කරන්නට විය. 

කෙසේ වුවද සයින්දු මරුදු නිවසේ සිදුවූ වෙඩි හුවමාරුව අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරියාගේ මැදිහත් වීමෙන් මෙම කාන්තාව එම නිවසින් රහසේ පිටමං කොට ඇති බව  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට තොරතුරක් ලැබී ඇති අතර  ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග  අනාවරණය කරයි

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශකයන් සදහන් කරනු ලැබුවේ ඇය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි තැනැත්තියක් බවය. ගිරිඋල්ලේ පිහිටි රෙදිපිළි සාප්පුවකින් පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර රුපියල් 29000 ක සුදු ඇදුම් මිලදී ගැනීමට මුල්වී ඇත්තේද ඇය බව විමර්ශන වලින් එකල අනාවරණය විය.

දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි කණ්ඩායම ගැන රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු හෙළිකර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග හමුදා භට කණ්ඩායම් ඒ අය කොටු කර ගැනීමට සයින්දුමරුදු නිවස වෙත යන්නේ 2019 අප්‍රේල් 26 වෙනිදාය.  එදින එම නිවසට ඇතුළුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ හමුදා සාමාජිකයින්ට ඉඩක් නොලැබිණි. නිවස දෙසින් හමුදා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයන් එල්ල විය. දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවීම් පැය ගණනක් පුරාවට පැවැති අතර අවසානයේදී නිවස තුළ පිපිරීම් කිහිපයක් සිදුවිය. ඊට පසුදින හමුදා භට කණ්ඩායම් නිවස සෝදිසි කිරීමේදී මළ සිරුරු 14 ක් හමුවී තිබුණි. සහරාන්ගේ බිරිද සහ දියණිය එම පිපුරුමෙන් දිවි ගලවාගත් අය අතර සිටියහ. මිය ගිය 14 දෙනා අතර කුඩා දරුවන්ද සිටි අතර සිරුරු බොහොමයක්ම හදුනා ගැනීමට නොහැකි වන අයුරින් විනාශ වී තිබුණි. සහරාන්ගේ සහෝදරයින් වන රිල්වාන් සහ සෙයිනිද සහරාන්ගේ නැගණියද , ඇගේ සැමියාද, සහරාන්ගේ පියාද මියගිය අය අතර සිටි බව කියැවිණි. ඊට අමතරව මියගිය අයගේ නම් ලැයිස්තුවේ සාරාගේ නමද විය. එහෙත් එම ස්ථානයෙන් හමුවූ මළ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කළද සාරාගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ. රටාවට සමාන ඩී.එන්.ඒ. රටාවක් ඇති මළසිරුරක් එහි තිබී හමුවී නැත. ඒ අනුව අවසාන මොහොතේත් සයින්දු මරුදු නිවසේ සිටි සාරාට සිදුවූයේ කුමක්දැයි විමර්ශකයන්ට මහත් අභිරහසක් බවට පත්ව තිබුණි. 

එම අභිරහස විසඳමින් සාරාට සිදුවූයේ කුමක්දැයි බුද්ධි අංශ හෙළිකර ගන්නේ පාස්කු ප්‍රහාරයෙන්  වසරකට පසුවය. බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට ඇය සිටින්නේ ඉන්දියාවේය. එදා හමුදාව සයින්දු මරුදු නිවස වටකර දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව සිදුවන අතර තුර යතුරු පැදියක් එම නිවස ආසන්නයෙන් ගමන් කර ඇති බවත් සාරා පළායන්නට ඇත්තේ එම යතුරු පැදියේ නැගී වන්නට ඇති බවත් බුද්ධි අංශ සැක මතු කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  කල්තියා ලද විදෙස් බුද්ධි තොරතුර හා සාරා අතර යම් සම්බන්ධයක් ඇති බවත් සරා එම විදෙස් බුද්ධි අංශයේ ඔත්තුකාරියක් බවටත් මේ වන විට දැඩි සැකයක් මතුව තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ඇය එම කල්ලියේ සිටින්නට ඇත්තේ දෙවැනි ප්‍රහාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට විය හැකි බවට සැකයක්ද මතුවී තිබේ.

සාරා සම්බන්ධයෙන් බුද්ධි අංශ මෙවන් සැක මතුකරන අතර තුර හමුදාව සයින්දු මරුදු නිවස වටලන විට ඇය එම නිවසින් ආරක්ෂිතව රැගෙන ගිය බව කියන පොලිස් නිලධාරියා ගැන තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශයට අනාවරණය වී ඇත්තේ සයින්දු මරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සාක්ෂි විමර්ශනයකදීය. කොමිසමේ විමර්ශන අංශයට වැටලීම්කර පුද්ගල අත්අඩංගුවට ගැනීමකට බලයක් නොමැති බැවින් විමර්ශණවලින් හෙළිවූ මෙම සුවිශේෂී කරුණ ගැන වැඩ බලන පොලිස්පති සී.ඩී, වික්‍රමරත්න මහතාව ලිඛිතව දැනුවත්කර ඇති බවත් ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙසින් අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අම්පාරට ගොස් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් ඒ සම්බන්ධයෙන් අද (13) මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළ අතර එහි සදහන්ව ඇත්තේ සයින්දුමරුදු සිදුවූ බෝම්බ පිපුරුමට අදාල සාක්ෂි සැගවීම පිළිබදව සැකපිට  ප්‍රශ්න කිරීමට ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සැකකරුව රදවාගෙන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර විමර්ශන පවත්වන බවය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

“අවදානම් සියලු ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න”

Next Post

රුපියල් පහළොස් දාහක අල්ලසක් ගනිද්දී යක්කල අයි.පී අල්ලයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.