අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සංචාරකයන්ගේ සිහින පාරාදීසය.. උණවටුන දියවෙයි ද?

by editor
මැයි 12, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දෙස් විදෙස් සංචාරකයින්ගේ  පාරාදිසයක් වෙන උණවටුන වෙරළ තිරය  මේ වනවිට  මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින බැව්   උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියෝ පවසති. 

දකුණු වෙරළ තිරයේ ඇති  සුන්දරතම වෙරළ තිරයක් වන උණවටුන වෙරළ තිරය  මුහුදු ඛාදනයට ලක්විම නිසා  උණවටුන  සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරත වුවන්ද ගැටලු රැසකට ලක්ව සිටිති. 

පසුගියදා ඇතිවු උදම් රළ හා  තද කුණාටු හේතුවෙන්  වෙරළ තිරය  ඛාදනයට ලක්වෙමින් පවතින බවද හෝටල් හිමියෝ  පෙන්වාදෙති.

මේ පිළිබද අදහස් දක්වමින් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාන   සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති සමිර සේනක ද සිල්වා    මෙසේ කිවේය.‍

සමීර ( වමේ සහ) රූපසේන ( දකුණේ)

“උණවටුණ වෙරළ තිරය සමුද්‍ රඛාදනයට ලක්වෙමින් තියෙනවා. වෙරළ සංරක්ෂණ  දේපාර්තමේන්තුව  මේ සඳහා තිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. දැනට හෝටල් හිමියන් වැලිකොට්ට ගහලා තාවකාලික පිළියම්  යොදලා තියෙනවා. මුහුදට ගලා බසින ඇළ මාර්ග වැලිපිරිලා අවහිර වෙලා තියෙනවා. අවහිර කරලා තියෙනවා. මේ නිසා අවට ගම්මානවලට ජලගැලිම් තත්වයක් නිර්මාණ වෙලා තියෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධි  බලපත්‍ර දිලා තියෙන  නිසා ඇතමුන් මුහුදට නෙරායන විදියට බැමි දමලා. මේ බැමි දැමුවිට සෘජුවම වෙරළ ඛාදනය වෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව  මේ සදහා මිට වඩා මැදිහත්විය යුතුයි. මේ පිළිබද අධ්‍යයනයක් කළ යුතුයි”   සේනක ද සිල්වා   කීවේය.

වෙරළ ඛාදනය වි ඇති අයුරු…

උණවටුන සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති නිතිඥ රුපසේන කොස්වත්ත කීවේ මෙවැනි කථාවකි.

තද කුණාටුව හේතුවෙන් උදම් රළ නැගිම සිදුවුනා. එහි බලපෙෑම උණවටුණ සංචාරක කලාපයටත් ඇතිවෙමින් පවතිනවා. උණවටුණ වෙරළ තීරය ඛාදනය වෙමින් තියෙනවා. මෙය උණවටුණ සංචාරක කර්මාන්තයට දැඩිලෙස  බලපානවා..

2013 වර්ෂයේ දි උණවටුනවැල්ල දේවාලය අසල කෘතිම දියකඩනයක් ඉදිකිරිම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි වෙරළ ඛාදනය විම පටන්ගත්තේ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වැලි දමලා  ප්‍රතිපෝෂණය කරලා කෘතිම ලෙස වෙරළක් නිර්මානය කළා. වෙරළ ඛාදනයට විසදුමක් ලෙස වැලි ප්‍රතිපෝෂණය කරලා කෘතිම වෙරළක් නිර්මානය කිරිම සියයට සියයක විසඳුමක්  නෙවෙයි. මේ වනවිට  වැලි පෝෂණය මගින් කෘතිමව සකස් කළ වෙරළ තිරයේ  ඇති වැලි වලින් සියයට 60ක්  ඛාදනය වෙලා  ඉවරයි.

දියකඩනයෙන් සියයට පහක් විතර තමයි ඉවත් කළේ. තවමත් දියකඩනය තියෙනවා. මේක තමයි වෙරළ තිරයට දමන වැලි ඛාදනය විමට ප්‍රධාන හේතුව. මේ නිසා උදම් රළ දියවැල්  උණවටුන මුහුදු තිරය තුළ වැඩිවෙලා තියෙනවා. අනවසර ඉදිකිරිම් මේ සඳහා  හේතුවෙලා තියෙනවා. 

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දේපාර්තමේන්තුවේ  ගාල්ල  ප්‍රා දේශිය ඉංජිනේරු ශිරාණි මහආරචචි  ගෙන් මේ පිළිබදව අප කළ විමසුමකදි ඇය මෙසේ කිවාය.

ප්‍රාදේශීය ඉංජිනේරු ශිරාණි මහආරචචි.

“ගැඹුරු මුහුදේ ඇතිවුණු කුණාටු තත්වයක් නිසා අහම්බෙන් ඇති වු වෙරළ ඛාදන තත්වයක් තමයි  උණවටුන වෙරළ තිරය තුළ ඇතිවෙලා තියෙන්නේ. මේ සඳහා වෙරළ ඛාදනය වි ඇති ස්ථානවලට වැලිකොට්ට දැමිමට අවශ්‍ය බෑග් ලබා දුන්නා. අපේ අධික්ෂණය යටතේ  ඒ කටයුතු සිදුකිරිමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ සදහා ස්ථිර පිළියමක් යෙදිමට දැන්ම කල් වැඩියි. “

“හදිසියේ ගැඹුරු මුහුදේ උණුසුම් කුණාටුවක් හෝ පීඩන අවපාතයක් නිසා මුහුද රළ ඉහළ යාමේ වගේ සිද්ධියක් දවසකට හරි දෙකකට වගේ තමයි සිමා වන්නේ. ඒ නිසා නැවත වෙරළ තිරය යථා තත්වයට පත්වෙනවා. මේ වගේ වෙලාවට  මේ පිළිබඳ කෙටි කාලයක් අධික්ෂණය කරලා  හදිසි වෙරළ සංරක්ෂණ කටයුතු තමයි සිදුකරන්නේ. “

“උණවටුන වෙරළ තීරය නිලධජ වෙරළ තිරයක් විදියට සංවර්ධනය කරමින් යනවා.  වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව  වෙරළ ඛාදනය විම  පිළිබද  නිරන්තර  විමසිල්ලෙන් ඉන්නවා.”

ඛාදනය වූ වෙරළ

“වෙරළ තිරයක් කෘතිමව වැලි පෝෂණය කිරිමේ දි කොහොමත් යම් කිසි වැලි ප්‍රමාණයක්  ගැඹුරු මුහුදට යනවා. නැතහොත් මුහුදු රළ ඔස්සේ ගොස් වෙරළ තිරයේ වෙනත් ස්ථානවල තැන්පත් වෙන්න පුළුවන්. කෘතිමව වැලිපෝෂණය කිරිමේ දි වෙරළ තිරයේ ස්වාභාවික  පිහිටිම අනුව වැලි වලින් සියයට 20ක් නැතිනම් සියයට 40ක් විතර හෝ ගැඹුරු මුහුදට නැතිනම්  වෙරළ තිරයේ වෙනත් ස්ථානයක තැන්පත් වෙන්න පුළුවන්. මේ සදහා අවස්ථාව තියලා වැඩිපුර වැලි පෝෂණය කරණවා. “

“උණවටුන වෙරළ තිරයේ 2014 විතර තමයි වැලි ප්‍රතිපෝෂණය කළේ. මිටර් 30 සිට මිටර් 50ක වෙරළ තිරයක් ආරම්භක අවස්ථාවේ තිබුනා. දැන් එම වෙරළ තිරයේ ඇතැම් ස්ථානවල වෙරළ ඛාදනය විම නිසා  පළල අඩුවෙලා තියෙනවා.  වැල්ලදේවාලය පැත්තේ  වෙරළ පළලින් වැඩිවෙලා තියෙනවා.” 

“මැතකාලිනව වෙරළ තිරය ස්ථායි තත්වයකට පත්වෙලා තිබුනා. මෙම වෙරළ ඛාදනය විම දිගින් දිගටම පවතිවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විදියට මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා”. ප්‍රාදේශිය ඉංජිනේරු ශිරාණි මහආරච්චි සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණුසුම දරාගන්න බැරිව යාපනයේ තවත් පුද්ගලයෙක් මිය යයි… දැන් මරණ 07 යි…

Next Post

දරුවෙක් ප්‍රසූත කළ 15 හැවිරිදි දැරිය දරුවා රෝහලේ දමා රෝහලෙන් පලා ගිහින්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.