ලලිත් චාමින්ද –
දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයක් වෙන උණවටුන වෙරළ තිරය මේ වනවිට මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින බැව් උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියෝ පවසති.
දකුණු වෙරළ තිරයේ ඇති සුන්දරතම වෙරළ තිරයක් වන උණවටුන වෙරළ තිරය මුහුදු ඛාදනයට ලක්විම නිසා උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරත වුවන්ද ගැටලු රැසකට ලක්ව සිටිති.
පසුගියදා ඇතිවු උදම් රළ හා තද කුණාටු හේතුවෙන් වෙරළ තිරය ඛාදනයට ලක්වෙමින් පවතින බවද හෝටල් හිමියෝ පෙන්වාදෙති.
මේ පිළිබද අදහස් දක්වමින් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති සමිර සේනක ද සිල්වා මෙසේ කිවේය.

“උණවටුණ වෙරළ තිරය සමුද් රඛාදනයට ලක්වෙමින් තියෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව මේ සඳහා තිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. දැනට හෝටල් හිමියන් වැලිකොට්ට ගහලා තාවකාලික පිළියම් යොදලා තියෙනවා. මුහුදට ගලා බසින ඇළ මාර්ග වැලිපිරිලා අවහිර වෙලා තියෙනවා. අවහිර කරලා තියෙනවා. මේ නිසා අවට ගම්මානවලට ජලගැලිම් තත්වයක් නිර්මාණ වෙලා තියෙනවා. “
“වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධි බලපත්‍ර දිලා තියෙන නිසා ඇතමුන් මුහුදට නෙරායන විදියට බැමි දමලා. මේ බැමි දැමුවිට සෘජුවම වෙරළ ඛාදනය වෙනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව මේ සදහා මිට වඩා මැදිහත්විය යුතුයි. මේ පිළිබද අධ්‍යයනයක් කළ යුතුයි” සේනක ද සිල්වා කීවේය.

උණවටුන සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුවේ සභාපති නිතිඥ රුපසේන කොස්වත්ත කීවේ මෙවැනි කථාවකි.
තද කුණාටුව හේතුවෙන් උදම් රළ නැගිම සිදුවුනා. එහි බලපෙෑම උණවටුණ සංචාරක කලාපයටත් ඇතිවෙමින් පවතිනවා. උණවටුණ වෙරළ තීරය ඛාදනය වෙමින් තියෙනවා. මෙය උණවටුණ සංචාරක කර්මාන්තයට දැඩිලෙස බලපානවා..
2013 වර්ෂයේ දි උණවටුනවැල්ල දේවාලය අසල කෘතිම දියකඩනයක් ඉදිකිරිම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි වෙරළ ඛාදනය විම පටන්ගත්තේ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වැලි දමලා ප්‍රතිපෝෂණය කරලා කෘතිම ලෙස වෙරළක් නිර්මානය කළා. වෙරළ ඛාදනයට විසදුමක් ලෙස වැලි ප්‍රතිපෝෂණය කරලා කෘතිම වෙරළක් නිර්මානය කිරිම සියයට සියයක විසඳුමක් නෙවෙයි. මේ වනවිට වැලි පෝෂණය මගින් කෘතිමව සකස් කළ වෙරළ තිරයේ ඇති වැලි වලින් සියයට 60ක් ඛාදනය වෙලා ඉවරයි.
දියකඩනයෙන් සියයට පහක් විතර තමයි ඉවත් කළේ. තවමත් දියකඩනය තියෙනවා. මේක තමයි වෙරළ තිරයට දමන වැලි ඛාදනය විමට ප්‍රධාන හේතුව. මේ නිසා උදම් රළ දියවැල් උණවටුන මුහුදු තිරය තුළ වැඩිවෙලා තියෙනවා. අනවසර ඉදිකිරිම් මේ සඳහා හේතුවෙලා තියෙනවා.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දේපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රා දේශිය ඉංජිනේරු ශිරාණි මහආරචචි ගෙන් මේ පිළිබදව අප කළ විමසුමකදි ඇය මෙසේ කිවාය.

“ගැඹුරු මුහුදේ ඇතිවුණු කුණාටු තත්වයක් නිසා අහම්බෙන් ඇති වු වෙරළ ඛාදන තත්වයක් තමයි උණවටුන වෙරළ තිරය තුළ ඇතිවෙලා තියෙන්නේ. මේ සඳහා වෙරළ ඛාදනය වි ඇති ස්ථානවලට වැලිකොට්ට දැමිමට අවශ්‍ය බෑග් ලබා දුන්නා. අපේ අධික්ෂණය යටතේ ඒ කටයුතු සිදුකිරිමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ සදහා ස්ථිර පිළියමක් යෙදිමට දැන්ම කල් වැඩියි. “
“හදිසියේ ගැඹුරු මුහුදේ උණුසුම් කුණාටුවක් හෝ පීඩන අවපාතයක් නිසා මුහුද රළ ඉහළ යාමේ වගේ සිද්ධියක් දවසකට හරි දෙකකට වගේ තමයි සිමා වන්නේ. ඒ නිසා නැවත වෙරළ තිරය යථා තත්වයට පත්වෙනවා. මේ වගේ වෙලාවට මේ පිළිබඳ කෙටි කාලයක් අධික්ෂණය කරලා හදිසි වෙරළ සංරක්ෂණ කටයුතු තමයි සිදුකරන්නේ. “
“උණවටුන වෙරළ තීරය නිලධජ වෙරළ තිරයක් විදියට සංවර්ධනය කරමින් යනවා. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව වෙරළ ඛාදනය විම පිළිබද නිරන්තර විමසිල්ලෙන් ඉන්නවා.”

“වෙරළ තිරයක් කෘතිමව වැලි පෝෂණය කිරිමේ දි කොහොමත් යම් කිසි වැලි ප්‍රමාණයක් ගැඹුරු මුහුදට යනවා. නැතහොත් මුහුදු රළ ඔස්සේ ගොස් වෙරළ තිරයේ වෙනත් ස්ථානවල තැන්පත් වෙන්න පුළුවන්. කෘතිමව වැලිපෝෂණය කිරිමේ දි වෙරළ තිරයේ ස්වාභාවික පිහිටිම අනුව වැලි වලින් සියයට 20ක් නැතිනම් සියයට 40ක් විතර හෝ ගැඹුරු මුහුදට නැතිනම් වෙරළ තිරයේ වෙනත් ස්ථානයක තැන්පත් වෙන්න පුළුවන්. මේ සදහා අවස්ථාව තියලා වැඩිපුර වැලි පෝෂණය කරණවා. “
“උණවටුන වෙරළ තිරයේ 2014 විතර තමයි වැලි ප්‍රතිපෝෂණය කළේ. මිටර් 30 සිට මිටර් 50ක වෙරළ තිරයක් ආරම්භක අවස්ථාවේ තිබුනා. දැන් එම වෙරළ තිරයේ ඇතැම් ස්ථානවල වෙරළ ඛාදනය විම නිසා පළල අඩුවෙලා තියෙනවා. වැල්ලදේවාලය පැත්තේ වෙරළ පළලින් වැඩිවෙලා තියෙනවා.”
“මැතකාලිනව වෙරළ තිරය ස්ථායි තත්වයකට පත්වෙලා තිබුනා. මෙම වෙරළ ඛාදනය විම දිගින් දිගටම පවතිවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුව විදියට මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා”. ප්‍රාදේශිය ඉංජිනේරු ශිරාණි මහආරච්චි සඳහන් කළාය.







