සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රී ලංකා-එක්සත් ජනපද තීරුබදු ගිවිසුමත් රහසිගතව… මිනිස්සු පොල් කුඩු ද?

by editor
ජූලි 18, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා අපනයන සඳහා පනවන ලද දැඩි තීරුබදු පැනවීමෙන් පසුව ශ්‍රී ලංකා බලධාරීන් වසා දැමූ දොරවල් පිටුපස සාකච්ඡාවකය. මේ වනවිට ඔවුහු ඇති කරගත් කිසිදු ගිවිසුමක පෙළ නිකුත් කිරීමෙන් වැළකී සිටිති.

2025 අප්‍රේල් මාසයේදී, ට්‍රම්ප් පරිපාලනය ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කළේය. එය මුලින් 44%,ක් වූයේය. පසුව තීරු බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කරනු ලැබුවේය. ඇමරිකානු වෙළෙඳපල වාර්ෂිකව ඩොලර් බිලියන 3 කට ආසන්න වටිනාකමක් ඇති ඇඟලුම් සහ රබර් අපනයන ක්ෂේත්‍රයක් ආවරණය කළ ලංකාවේ විදේශ විනිමය උපයන වෙළෙඳපලෙන් තීරණාත්මක ප්‍රමාණයක් ආවරණය කළ වාණිජ භූමියකි.

ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රතිශතයේ කැපී පෙනෙන අගයක් අඩු කරගැනීමට පදනම වැටෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් අප්‍රේල් 22 වන දින වොෂින්ටනයේ එක්සත් ජනපදයට ඉහළ මට්ටමේ දූත පිරිසක් පිටත් කර යැවීමෙනි, තානාපති ජේමිසන් ග්‍රියර්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද වෙළඳ නිලධාරීන්ට මුල් ලිඛිත යෝජනා ඉදිරිපත් කළේ එම නියෝජිත කණ්ඩායමය.

තීරුබදු බාධක අඩු කිරීමට සහ වෙළඳ අසමතුලිතතා සම කිරීමට අදහස් කරන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූයේය. නමුත් එම ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමේ කෙටුම්පත හෝ අවසන් ගිවිසුම පිළිබඳ ප්‍රසිද්ධ හෙළිදරව් කිරීමක් රජය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

රජයේ ප්‍රකාශකයින් අවධාරණය කරන්නේ සාකච්ඡා සිදුවෙමින් පවතින බැවින් අන්තර්ගතය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවත් එකඟතාවයකට පැමිණි පසු “ඒකාබද්ධ ප්‍රකාශයක්” නිකුත් කරන බවත්ය. අගෝස්තු 01 වැනිදාට පෙර මෙම ද්වී පාර්ශවික ගිවිසුම ක්‍රියාත්මක විය යුතුව තිබේ. නමුත් විධිමත් අවසන් ගිවිසුමක් අද දක්වා නොපෙනී පවතී. දැන් ඒ සම්බන්ධව සමාජ කථිකාවක් නිර්මාණය වෙමින් තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සංවේදීතාව පිළිබඳ කාරණා මතුකරමින් ශ්‍රී ලංකා බලධාරීන් පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය ප්‍රකාශයට පත් කිරීමට පෙර කෙටුම්පත් ගිවිසුම ඒකපාර්ශ්විකව ලෝකයට අනාවරණය කිරීම කළ නොහැකි බවය. ඕනෑම ඒකාබද්ධ ප්‍රකාශයක් හෝ විධිමත් ප්‍රකාශනයක් නිකුත් කරනු ලබන්නේ දෙපාර්ශවයම කොන්දේසි පිළිබඳ අවසන් තීරණයකට පැමිණි පසු පමණක් බව ශ්‍රී ලංකා රජය නැවත නැවතත් අවධාරණය කර ඇත.
කැබිනට් මධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියන්නේ සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වන බැවින් හෙළිදරව් කිරීම සඳහා කිසිදු අවසන් විධිමත් ලේඛනයක් නොමැති බවය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

හෙළි නොකළ මෙම ගනුදෙනුව තීරුබදු සහ තීරුබදු නොවන බාධක අඩු කිරීම සඳහා අදියර වශයෙන් තීරුබදු කප්පාදු කිරීම් හෝ නිදහස් කිරීම් ඇතුළුත් මාර්ග සිතියමක් විය හැකි බව ප්‍රමාණිකයන්ගේ අදහසය. ආයතනික ප්‍රතිසංස්කරණ, වැඩි විනිවිදභාවය සහ එක්සත් ජනපද අපේක්ෂාවන් සමඟ ශ්‍රී ලංකා වෙළඳ ප්‍රතිපත්තිය පෙළගස්වන දූෂණ විරෝධී පියවර සඳහා කැපවීම් වෙළෙඳ කොන්දේසි තුළ අන්තර්ගත විය හැකි බවද ඔවුහු පවසති.

ඇමරිකානු වෙළෙඳපල පවත්වා ගත යුත්තේ ඇයි

ආර්ථික අවදානමෙන් මිදීමට ඇඟලුම් සහ රබර් අත්‍යවශ්‍ය අපනයන වේ. අනෝන්‍ය තීරුබදු ගැලපීමේ නියමය ඔස්සේ එක්සත් ජනපද ප්‍රවේශයේ අවිනිශ්චිතතාවය ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයින් සේවයේ යොදවන කර්මාන්තශාලාවල ඇණවුම් අවලංගු වීමේ ඉඩකඩ වැඩිය. අවසාන ප්‍රතිඵල අති විශාල ශ්‍රමිකයින් පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමය.

රජය පිළිබඳ ජනතාව ගොඩනගා ගත් විශ්වසනීයත්වය පිළබඳ මහජන සම්මුතියේ අන්තරය පුලුල් වෙමින් ඇත. එය සිවිල් සමාජයේ තියුණු විවේචනයට ලක් වෙමින් ඇත. ඔවුන් තර්ක කරන්නේ මහජනතාවට වෙළඳ කැපවීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවය.

මේ ගිවිසුම්වල දේශපාලන ප්‍රතිවිපාක ද තියුණුය. අවසන් ගිවිසුම පාර්ලිමේන්තුව තුළ සභාගත කළ විට පාලක සන්ධානය දැඩි පාර්ලිමේන්තු පරීක්ෂාවකට ලක් විය හැකිය. එය අභ්‍යන්තරිකව ගැටුමක් පවා ඇති කිරීමේ ඉඩහසර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයන් ඉදිරියට දමා එකඟ වූ ගිවිසුම නිකුත් කිරීම පාලනය කිරීම අනෙක් අතට ජාත්‍යන්තර හවුල්කරුවන් අතර අවිශ්වාසයට ද හේතු විය හැක.

ඊළඟට කුමක්ද?

කොන්දේසි සමථයකට පත් වූ පසු කොළඹ සහ වොෂින්ටනය අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවමත් දිනයක් තහවුරු කර නොමැත. එකඟ වූ වෙළඳ ගිවිසුම ගැන නැවත සාකච්ඡා කළ අවසන් දිනය 2025 අගෝස්තු 1 දා ය. මේ අතර, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය කිරීම සඳහා රජය ආසියා-පැසිෆික් සහ මැදපෙරදිග පුරා විකල්ප වෙළඳපල සහ වෙළඳ හවුල්කාරිත්වයන් ගවේෂණය කරමින් සිටී.

අවසානයේ පෙනී යන්නේ අනාවරණය නොකළ ගිවිසුම එක්සත් ජනපද තීරුබදු අඩු කිරීම සහ ද්විපාර්ශ්වික වාණිජ සබඳතා සමතුලිත කිරීම තේමා කරගත් සාකච්ඡාවලින් උපන් ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් බවය. ආණ්ඩු දෙකම අත්සන් කරන තුරු, ශ්‍රී ලංකාව තොරතුරු සඟවා ඇත. එය අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලෙස රජපය ප්‍රකාශ කරයි. එහෙත්, පාරාන්ධතාවය මහජන විශ්වාසය, ආර්ථික අවදානම සහ දේශපාලන වගවීම පිළිබඳ වලංගු ගැටළු ප්‍රමාණයක් මේ ප්‍රවේශය තුළින් මතු වී තිබේ.

මේ රජයේ කැපී පෙනන ස්වරූපයක් වී ඇත්තේ රටක් ලෙස තමුන් අත්සන් කරන ගිවිසුම් ජනගත නොකිරීමට වගබලා ගැනීමය. ජනාධිපතිවරයා මෑත කාලීන රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී ඇති කරගත් ගිවිසුම් කිහිපයක සම්පූර්ණ පාඨය තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

2025 අප්‍රේල් මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුමක් (MoU), ඉන්දියාවේ අනුමැතියකින් තොරව එය සම්පූර්ණයෙන් හෙළි කළ නොහැකි බව රජය පවසයි. ඔවුන් පවසන්නේ ඉන්දියාවේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට ඒකපාර්ශ්විකව සංවේදී වගන්ති හෙළි කළ නොහැකි බවය. කෙසේ වෙතත් මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංවාදයක් ඇති කරන බව ප්‍රකාශ කරන රජය ඒ සඳහා නිශ්චිත කාල වකවානුවක් ප්‍රකාශ නොකරයි.

අවසාන වශයෙන් මේ තත්ත්වයන් බලපානු ඇත්තේ රජයේ අනාගත පැවැත්මටය. විශේෂයෙන් විරුද්ධ දේශපාලනයට අවස්ථා සකස් කර දෙමින් මහජන විශ්වාසය ඛාදනය කරගැනීමේ මාර්ගයකට ආණ්ඩුව අවතීර්ණ වී ඇත. එවැනි අගතියකට මහජන ප්‍රාර්ථනා පත් කිරීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අවස්ථාවක් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉටි රූප අස්සේ සඟවා කරලියට ගෙනත් ඇති ජනපතිත් දන්න අපත් දන්න දළදා ඡන්දය…

Next Post

මඩකලපුව දුම්රියේ ගැටුන වන අලියා අසීරුවෙන් ඇවිදගෙන පැමිණ මහ පාර අද්දර මැරී වැටෙන හැටි වීඩියෝවක! ( වීඩියෝ සහිතයි)

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.