බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නඩුව දිනූ ශම්මි රටට කියා දුන් පාඩම … කාට බැන්නත් සාගලට බනින්න එපා…

by editor
දෙසැම්බර් 15, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශම්මි දිනුම්ය.  ඔහු ඒ ජයග්‍රහණය ලබා ගන්නේ තමන්ට අභියෝග කළ කැබිනට් අමාත්‍ය ධූරයක් සහිතව සිටි ක්‍රීඩා ඇමතිවරයා පන්නා දමමිනි. තමන් විසින් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරගනිමිනි.  වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගුලිකර සාක්කුවේ දමා ගනිමිනි.    තවදුරටත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තරුන්ගේ ක්‍රීඩාවක් දැයි සිතන්නට ඉඩ සලස්වන අතර කාට ගැහුවත් සාගලට නොගැසිය යුතු බවට වූ පණිවිඩය රටේ ඉහළ දේශපාලන සමාජයට ලබා දෙමිනි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇතුළේ අල්ලනවා නම් ඇල්ලිය යුත්තේ සාගල බව රටට කියා දෙමිනි.

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ   විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා  ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ගනු ලබන්නේ  වත්මන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් අතුරු කමිටුව පත් කිරීමේ  ගැසට් පත්‍රය අවලංගු කීරීමෙන් අනතුරුව ඊයේ අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු පාලක කමිටුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා නොකරන බව දැන්වීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ අයි.සී.සී,ය විසින් පනවා ඇති තහනම ඉවත්කිරිමේ අභිලාෂය සහිතව තමන් මෙම අතුරුකමිටුව පත් කිරීමේ ගැසට් පත්‍රය අවලංගු කළ බවය. එමෙන්ම  අයි.සී.සී.ය මෙම මුදල්වල භාරකරු බැවින් විගණන වාර්තාව සහිතව අයි.සි.සී.ය වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බවත්,  ක්‍රීඩා නීතිය යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා නීතිපතිවරයා වෙත මෙම වාර්තාව යැවූ බවත්ය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවට කීවේ තමන් සතු බලතල ප්‍රකාරව මෙම අතුරු පාලක කමිටුව පත් කිරීමට පෙර  මේ සම්බන්දව ලිඛිතව අයි.සී.සී.ය දැනුම්වත් කළා පමණක් නොව පසුගිය අගෝස්තුවේ නීතිපති වරයා දැනුම්වත් කළත් සිදුවූ දෙයක් නොවූ බැවින් මෙම පියවර ගත් බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඇමතිවරයා විසින් අතුරු කමිටුව පත් කිරිමත් සමග අධිකරණයට ගිය ෂම්මි සිල්වා අතුරුකමිටුව අත් හිටුවමින් වාරණ නියෝගයක් ගත් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස අයි.සී.සී.ය වෙතින් ලිඛිතව දෙවරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව  අයි.සී.සී.ය මෙම සීමිත ක්‍රිකට් තහනම සිදුකළේය.

මේ අනුව   ෂම්මි සිල්වා විසින් අයි.සි.සී.යෙන් ඉල්ලාගත් ක්‍රිකට්  තහනම  ඉතවත් කිරීමට බව පවමසමින් ෂම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම ක්‍රියාත්මක කිරීමට ඉඩ සලස්වා හරීන් ප්‍රනාන්දු  අතුරු පාලක මණ්ඩලය පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රය අවලංගු කර තමන් අතුරු පාලක මණ්ඩලය ක්‍රියාත්මක  කිරීම ඉවත් කර ගන්නා බව අධිකරණයට දැන්වූයේය.

ඊට පෙර සිදුවූ සිද්ධි සමුදාය රටට මතකය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධව ලබැඳයාවේ ගැටුම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී කතා කළේය. අධිකරණ ඇමතිවරයා කීවේත් මේ කාලයක් තිස්සේ ක්ෂ්‍රෙත්‍රයේ අලු යට ගිනි පුපුරු සේ පැවති ප්‍රශ්නයක් මතු වූ බවය.  ක්‍රීඩා ඇමතිවරයා විසින් තම අතුරු කමිටුවට එරෙහි වාරණය වලක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සූදානම් නොවීම හේතුවෙන් විනිසුරු මණ්ඩලය තුනක් පත් කරන්නට සිදුවිය.

මේ අතර රොෂාන් රණසිංහ අපරිනත ගොබ්බයෙක් සේ හැසිරෙමින් ජනාධිපතිවරයා විවේචනය කළේය. කැබිනට් ඇමතිවරයෙක් මේ ආකාරයෙන් හැසිරී ඔහුගේ අපේක්ෂාවන් තමන්ගේ රජය හරහා ඉටු කරගැනීමේ ක්‍රමය නොවෙන බව වැටහුනේය.   මේ රටේ හොඳම ගොබ්බ ආතල් ගන්නා විපක්ෂ නායකවරයාගේ මග අනුදනිමින් යන වග පැහැදිලිව රටට ප්‍රකට කළ රොෂාන් රණසිංහ  අන්තිමේ දි   කෙළවා ගත්තේ සාගල රත්නායක සම්බන්ධව විවිධ ප්‍රකාශ කිරීමත් සමග  බව පෙනුනි. මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ක්‍රීඩා ඇමතිවරයා විවේචනය කළා පමණක් නොව, ශ්‍රි ලංකා ක්‍රිකට් නීති කටයුතු කරමින් සිටි පුද්ගලයාගේ පියා සමග ඇති සම්බන්ධය ගැන කියමින් ඔහු හොරකම් නොකරනු ඇති බවට සහතියක් දුන්නේය.

අනතුරුව නඩුව වභාගයට ගන්නා විට ක්‍රීඩා ඇමතිවරයා ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එපමණක් නොව අර්ජුණ රණතුංග විසින් ඉන්දියා ක්‍රිකට් සභාපති ෂේ ෂා තරුණයාට සම්බන්ධව චෝදනා කරද්දි කොහේදෝ සිට පැමිණ අපේ රටේ විධායක ජනාධිපතිවරයා ෂේ ෂා ගෙන් සමාව ඉල්ලුවේය. අපව ක්‍රිකට් ලෝකය ඉදිරියේ මුන් පඩංගු කළේ එසේය.

අවසානයේ දී  සිදුවූයේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඉවත් විමත්, ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය බලයට පත් වීමත් , ශම්මි සිල්වා ඉල්ලා ගත් ක්‍රිකට් තහනම යළි ලැබෙන බවට ඇමතිවරයා ප්‍රකාශ කරීමත් ශ්‍රී ලංකාවේ විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විගණනයත් මේ සම්බන්ධව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙක් ප්‍රමුඛ පංච පුද්ගල මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාව බල රහිත ලියවිල්ලක් වීමත් පමණි.

කෙසේ වෙතත් අධිකරණය මෙම පෙත්සම් විභාගය අවසන් කළේ වගකිවයුතු ගෞරවණීය ආකාරයටය.   ඉදිරියේ දී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය අධිකරණය විසින් ලබා දුන්නේය.

මේ තරම් කාලකණ්ණි කාලයක් පිළිබඳව අපට මතකයක් තිබුණේම නැත. මොනවා නැති වුනත් එක් කාරණාවක් හෝ මිනිස්සුන්ට සැනසෙන්නට තිබුණේය. එහෙම තිබුණු ලොකුම කෑල්ල ක්‍රිකට්ය. ඒ කෑල්ලේ දැන් මුන් සූප්පු කරති. තවත් දෙයක් නැත. සියලු දෙනාමටම ගෞරවයෙන් බුදු සරණයි. ඡන්දයක් එනතුරු සුවෙන් ඉන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මු දිවුලපොතානට ඇතුළුවන්නට ගිය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලමට හූ කියා පළවා හරිති….

Next Post

“වැට්” දොස්තරලා “ෆ්ලැට්” කරලා… යන්න හදන 5000ක් වෛද්‍යවරු ඉඳියි කියලා හිතන්න එපා… GMOA ආණ්ඩුවට දැනුම් දෙයි….

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.