බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“වෙන ලෙඩ නිසා බෙහෙත් ගන්න බැරුව කුවේට්වල අපේ අය මැරෙනවා..”

by Lanka Sara Editor
මැයි 31, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ජයලාල් බමුණුආරච්චි –

“මම දුකෙන් ඉන්නේ. ඒ මම ගැන නෙමෙයි මගේ යාළුවෙක් ගැනයි දුකෙන් ඉන්නනේ. මගෙ යාළුවාට පිළිකා රෝගයෙන් පෙළුණ කෙනෙක්. එයා රෝගය තියාගෙනත් මෙහෙ වැඩ කළා. ලංකාවෙන් තමයි බෙහෙත් ගත්තේ. විටින් විට ලංකාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. කොරෝනා වයිරසය පැතිරීමත් සමඟ ලංකාවට යන්න බැරි වුණා. දැන් එයාට බෙහෙත් නහැ. එයා මේ දවස්වල අමාරු තත්වයෙන් පසු වෙන්නේ. දුක් වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න අපිට ඉතිරි වෙලා නැහැ. තවම නම් අපි හොදින් ඉන්නවා. ඒත් මෙහෙ ඉන්න ලංකාවේ ගොඩක් දෙනා හරියට දුක් විදිනවා. රස්සාව නැති නිසා පඩි නැහැ. සල්ලි නැති නිසා කන්න නැහැ..අපි කාටද අපේ දුක කියන්නේ“ ශ්‍යාමලි තම යෙහෙළිය ගැන පවසන්නේ හඩමිනි.

මැදපෙරදිග රස්සාවට යන කාන්තාවන් ගැන රටේ ඇතැමෙක් තුළ ඇත්තේ අඩු සැලකිල්ලකි. නමුත් තම දරුපවුල ජීවත් කරවන්නට කිසිදු මඟක් නැති තැන මැදපෙරදිග රස්සාවකට යන්නේ දහසක් බලාපොරොත්තු තබාගෙනය. වසර දෙකතුන එක දිගට මැදපෙරදිග ධනවතුන්ගේ නිවෙස් වල සේවය කළ ඔවුන් තම පවුල ගොඩදාගත්තේ ඒ ලැබෙන මුදලිනි. ඇතැමි විට එසේ දුක් මහනස්සියෙන් ලංකාවට එවන ලද මුදලින් ද ඉතිරි කල දෙයක් නැති වී යන්නේ එක්කෝ බීමත් සැමියා ඒවා නැති නාස්ති කිරීම නිසාය. නැතිනම් දරුවන්ගේ අකීකරුකම් නිසාය. කොහොම වුණත් දහසකුත් දුක් පීඩාවන් මැද්දේ මැදපෙරදිග ජීළුිත ගත කරන කාන්තාවන් පමණක් නොව පිරිමින්ද අද වන විට කබලෙන් ලිපට වැටී ඇත.

“ පහුගිය දවස් වල මෙහෙ මරණ හතරක් වුණා . ලංකාවේ අයගේ. ඒ හතර දෙනාගෙන්ම තුන් දෙනෙක් මිය ගියේ වෙන වෙන ලෙඩ නිසා. කොරෝනා නිසා මිය ගියේ එක් අයෙක් පමණයි. හුඟක් අය දැන් අසරණ වෙලා තියෙන්නේ ලෙඩට බෙහෙත් ගන්න බැරිකම නිසා. අදත් අටේ ඇඳිරි නීතිය. මිනිස්සු තැන් තැන් වල හිරවෙලා. පාස්පෝට් තියෙන මෙරට අයිඩෙන්ටිය නැති අය කොටසක් ලංකාවට ආවා. තාවකාලික පාස්පෝට් තියෙන අය ඇවිත් බාර වුණත් ඔවුන්ව එව්වේ නැහැ. මේ අය රස්සාවල් වලින් අයින්වෙලා, තමන් ඉන්න තැන්වලින් අයින්වෙලා තමයි තානාපති කාර්යාලයට ඇවිත් භාර වී තිබුණේ. දැන් මේ අය එක ගොඩේ කාමරවල ඉන්නේ. එක කාමරේ හතර පස්දෙනා ඉන්නවා. ඇත්තම කිව්වොත් තනාපති කාර් යාලයෙන් පැහැදිලි වැඩ පිළිවෙලක් නැති නිසයි අපේ අය අද මෙහෙම අසරණ වෙලා ඉන්නනේ.

පහුගිය චන්දේ වෙලාවේ ගොඩක් අය කුවෙට් ඉදලා ලංකාවට ආවා චන්දය දාන්න. එත් දැන් මේ මිනිස්සු අසරණ වුණ වෙලාවේ කවුරුවත් කරන්න. ලංකාවේ ජීවත් වෙන්න අමාරු නිසා රස්සාවල් හොයාගෙන කුවෙට් ආවට කුවෙට්වලදි මේ හැමෝම බොහෝම හොඳට ජීවත් වුණා. මෙහෙදි කවුරුවත් හිඟා කන තත්තවට පත් වුණේ නැහැ. ඒත් අද වෙනකොට මෙහෙ ශත පනහට දෙන රොටි පහ ගෙනිහිල්ලා වාෂ්පයෙන් තම්බලා නිකම් කන්නේ. එක කන්න දෙයක් ගන්නවත් සමහරුන්ට සල්ලි නැහැ. සමහරු පරිප්පු තම්බලා ඒකට ලුණු දාලා සුප් එක වගේ බොනවා. මේ මිනිස්සුන්ගේ අසරණකම ගැන බලන්න කෙනෙක් අද නැහැ ” කුවෙට් හි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව නියුතු වන අජිත් පවසන්නේ කණගාටුවෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදටත් වඩා කවෙට් හී වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ හෙට දවස තවත් කණගාටුදායක වනු ඇත. ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් පමණක් නොව වෙනත් රැකියාවල යෙදෙන අයද අද බෙහෙවින් අසරණය. ඒ අනුන්ගේ රටකදි විදේශිකයන්ට නොව ස්වදේශිකයන්ට පළමුතැන හිමිවන බැවිනි. නමුත් දැන් කණගාටුව නම් තම උපන්බිමට එන්නවත් මේ අසරණ මිනිසුන්ට ඉඩක් , හවුහරණක් නොතිබීමය. හදවත් ඇත්තවුන්ට, රට කරවන ඇත්තන්ට මේ අසරණයින්ගේ දුක දැනෙන්නේ කවදාද?

Tags: නවතම
Share115Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ වෙනම ඒකකයක් හෙට සිට…

Next Post

තොණ්ඩමන් ගේ අවසන් ගමන

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.