බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

බියපත් මිනිස්සු

by editor
මැයි 14, 2020
in විනිවිද, සමාජ
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන

තරුණයා එකවරම පොළව මත ඇද වැටුණේය.

කිසීවෙක් ඔහුට ලං නොවීය. කිසිවෙක් ඔහු දෙස නොබැලූහ. ඔහු වැටී ගත්වනම පොළව මත වැතිරී උන්නේය. මිනිස්සු එතැනින් එහා මෙහා ගියහ. පැය භාගයක් යනතුරු එතැනින් අහක බලං ගියේ අසංවේදී මිනිස්සුම පමණක් නොවේ. සංවේදී මිනිස්සුද එතැනින් අහක බලං පියමං කළහ.

අවසානයේ පැය භාගයකට පසු විපතකදී තමා අමතක කොට අන්‍යයන්වෙත දිවයන සංවේදී තරුණ මිනිසුන් සමූහයක් තවමත් පොළවේ වැතිර සිටින තරුණයා වෙත දිව ආහ. ඔහු ඔසවන්නට සිහි ගන්වන්නට බැරි තැන, තවත් සංවේදී මිනිසකුට අයත් ත්‍රීවිලයකට නංවාගෙන රෝහලට රැගෙන ගියහ. ඒ යනවිටත් තරුණයාගේ මෙළොවට ඇති නෑදෑකම අවසන්ව තිබිණි. ක්ෂණිකව රෝහල කරා ගෙනගියේ නම් ඒ නෑදෑකම නොබිඳී රැකගන්නට තිබිණි යැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇතැයි වාර්තා විය..

මියගොස් සිටියේ සාමාන්‍ය තරුණයකු නොවේ. ඔහු සොල්දාදුවෙකි. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අනුව රණවිරුවෙකි. දෙවියන් හා සමාන වූවෙකි. එය අසත්‍යක් නොවේ. එසේ මියගියේ සෑම ආපදාවකදීම රටේ මිනිස්සු සහ රට වෙනුවෙන් දිව එන පළමු මිනිස් කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ඉතාම සක්‍රීය දායකත්වය දුන් කොටසෙන් කෙනෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

යුද්ධයක්, සතුරු ප්‍රහාරයක්, කුණුකන්දක් ඇදවැටීම්ක්, නායයෑමක්, ගංවතුරක් ආදී කුමන ආකාරයේ දරුණු විපතකදී වුව ද සිවිල් ජනතාවගේ ආරක්ෂාව සැලසීමට තම ආරක්ෂාව අමතක කරන්නට රාජකාරියෙන්ම බැඳී සිටි මිනිසෙකි. මේ මොහොතේ ඔහු මුළු රටක් දරුණු වසංගතයකින් මුදවා ගැනීමේ කාර්‍යයේදී තම නොමසුරු දායකත්වය සෞඛ්‍ය අංශයට සහ රජයට ලබා දෙමින් සිටියෙකි. ඒ මිනිස්සු අතින් පසුගිය දශකයට ආසන්න කාලයක් මේ සමාජයට සිදුවූ සේවය සිහිපත් කළ හැකිනම්, එසේ සිහිකළ හැකි පුද්ගලයා තමාගෙන් පැවැතෙන්නට නියමිත ඉදිරි පරම්පරා දහයකට ඒ අත්දැකීම් ලැබෙන අයුරින් මේ සේවය අගයනු ඇත.

එහෙත් එය එසේ සිදුවූයේ නැත. නාවික හමුදාවේ සෙබළු තමා උපන් ගමේදී එකට හැදුණු වැඩුණු මිනිසුන්ගෙන් පහර කෑහ. සෙබළුන්ගේ නිවාස ඉදිරියෙන් මල්වඩම් තැන්පත් කරනු ලැබූහ. මේ සොල්දාදුවා මහමග ඇදවැටී පිළිසරණක් නැතුවම මිය ගියේය.

මෙසේ වූයේ ඇයි? මිනිසුන් අකෘතඥ වූ බැවින්ද? අසංවේදී ආත්මාර්ථකාමී වූ බැවින්ද? වෙනත් හේතුවක්ද?

මෙයට ප්‍රධාන හේතුව මේ මොහොතේ මිනිසුන් තුළ කොවිඩ් 19  සම්බන්ධයෙන් ඇතිකර තිබෙන අසාමාන්‍ය බියයි. අසාමාන්‍ය අහේතුක බිය නිසා ඇතිකරන මානසික ව්‍යාකූලත්වයේ ප්‍රමාණයයි.

මිනිස්සු ලෝකයේ පළමුව සහ වඩාත්ම ආදරය කරන්නේ තමන්ටය. ඉන්පසු පවුලටය. තමනුත් පවුලත් ආරක්ෂා සහිත බව තමන්ට තහවුරු නොවන තාක් මිනිසුන් අනුන්ට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. කොරෝනා රෝගය සම්බන්ධයෙන් දැනුමට වඩා සෞඛ්‍යය බලධාරීන් සහ රජය සමාජයට බෙදුවේ බියය. මේ බිය විසින් මිනිසා වෙළාගනු ලැබීය.

මේ ඇතිකළ බිය පරදවන්නට දුන් දැනුම ප්‍රමාණවත් නැත. සාමාන්‍ය පරිදි ජන ජීවිතය යතාවත් කර පවත්වාගෙන යෑමට මිනිසා විසින් පිළිපැදිය යුතු අත්‍යාවශ්‍ය සෞඛ්‍යය පිළිවෙත් සහ සමාජ ආරක්ෂණ උපක්‍රම තවමත් ගම්දනව්වල සිටින මිනිස්සුන්ට නිසිපරිදි සම්ප්‍රේෂණය වී නැත. බොහෝ දෙනා සිතා සිටින්නේ කොරෝනාවලින් තමන් ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍යය බලධාරීන්ට සහ රජයට බවය. තමා ඒ සඳහා කළයුතු දේ ගැන වගකීමක් හෝ වගවීමක් මිනිස්සු බහුතරයකට නැත. නිසි දැනුම සම්ප්‍රේෂණය නොවීම නිසා මරණ බය, මළගමක් නැතිවීමේ බය, හුදකලාව අසරණව මියයන්නට සිදුවන බය, ප්‍රතික්ෂේප වීමේ බය විසින් මිනිස්සු වෙළාගෙන අසරණ කර ඇත.

තරුණ සොල්දාදුවා පිළිසරණක් නැතුව මහමග වැටී මියගියේ මිනිස්සු තුළ ඇතිකළ මේ බය හේතුවෙනි. මාධ්‍යය, බලධාරීන් මිනිස්සුන්ට කොරෝනා සමග ජීවත්වීමේ සහ කොරෝනා සමග ජීවිතය ගොඩනගා ගැනීමේ ක්‍රමවේද දැන්වත් පුළුල් කතිකාවකට ගෙන ආ යුතුය. මන්ද හෙට අනිද්දා වනවිට අපේ දරුවන් පාසල් යා යුතුය. උසස් අධ්‍යාපන ආයතනවලට යා යුතුය. ඔවුන් එහිදී අනුගමනය කළ යුතු දේ ඒ ඒ වයසට ගැලපෙන අයුරින් සන්නිවේදනය කළ යුතුය. මේ අවස්ථාවේ අන්‍යයන්ට පිහිටවිය හැකි තම සීමා සහ තම ආරක්ෂාව සලසා ගනිමින් එසේ කරන ආකාරය සන්නිවේදනය කළ යුතුය. සමාජය තුළ ජීවත්වන සියල්ලන්ම මේ මොහොත ගත කළ යුතු වන්නේ තම පුද්ගල වගකීම  පිළිබඳ පූර්ණ අවබෝධයෙනි.

මිනිසත් බව හිතේ වගා කරගන්නට බැරිවූ මිනිස්සු ළඟ කරුණා දයා අස්වැන්න නැත. මිනිසත් බව යනු මෛත්‍රීයයි. මෛත්‍රීය නැති තැන කිසිදු පුරුෂාර්ථයක් නොවැඩේ. අප මේ දකින්නේ එබඳු පුරුෂාර්ථ වියැකෙමින් යන අනෝමිය සමයකි.

අවසාන වශයෙන් කිවයුතු යමක් ඇත. ඔබේ මවට පියාට , බිරිඳට, සැමියාට ඔබ කෙතරම් වටීද? අර මියගිය සොල්දාදුවාටත් එවන් නෑයන් සිටින්නට ඇත. ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් ඔබ මදක් සංවේදීව ඉක්මන් වූවා නම් වෙන කිසිවෙකු නැතත් එක් මවක් අද අස්වැසිල්ලකින් යුතුව ඔබටත් ඔබේ පවුලටත් පින්දෙමින් සැනසෙනු ඇත.

ඔබට මගහැරී ඇත්තේ ඒ මහඟු සමාජ යුතුකමය.

 

Share69Tweet43
Previous Post

මහ මැතිවරණය ජූලියට තල්ලු වෙයි 

Next Post

ගමක් එක්වි දරුවෙක් හැදුව සමාජයක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.