බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

එක්ව යන්නට බැරි ප්‍රේම සම්බන්ධය ආදරෙයන් යුතුව නිමා කරන්න…

ඕනෑකමක් ඇති අයිතියක් ඇති තැනක පමණක් නොව ඕනෑකමක් නැති, අයිතියක් නැති තැනකද ප්‍රේමයක් පැවතිය හැකිය.  

by editor
දෙසැම්බර් 30, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

 උපදේශන අත්දැකීම් අළලා සකස්වන විශේෂ ලිපි මාලාව 01

ආදරය ලෝකයේ පවතින වඩාත්ම සුන්දර හැඟීමයි

ආදරවන්තයකු ආදරවන්තියක් වීම ජීවිතයේ ලබන ලොකුම සතුටයි.

එහෙත් ආදරය පළා ගියදා?. ආදරය කිසිදා පළායන්නේ නැත. එහෙත් ආදරවන්තයෝ ආදරවන්තියෝ විවිධ හේතු මත ආදරය හැරදා යති. එක්ව කතාබහ කරගෙන ඇරඹූ ආදරය අතහැර නොකියාම නික්ම යති. එවන් ආදර සියක් නොව දහස් ගණනක් දැක ඇත්තෙමි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ මා ඔබට කියන ආදර කතාව උපදේශනයේදී හිත සසල කළ එකකි. අනුමානයෙන් සිතූ අවසානය යථාර්ථ වූවකි. මා ඔබට කියන්නේ ආදරය එක්වරකින්ම ඇතිවී පැවතී විනාස වන යමක් නොවේය යන්නයි.

ඒ කතාව මේ ගැනය

උපදේශනය සඳහා පැමිණියේ කදිම පෙනුමින් යුතු ‍යුවළකි. භද්‍ර යෞවනයේ ආකර්ශනය ඔවුන් කෙරෙන් වෑහෙමින් තිබුණි. කඩවසම් තරුණයාත් අතිශය සුරූපී තරුණියත් මා විස්මයට පත් කළෝය. මගේ ඇරයුමෙන් අසුන්ගත් ඔවුන්ගේ කතාව සැකෙවින් මෙසේය.

විශ්වවිද්‍යාලයේදී හඳුනාගෙන ආදරය ඇරඹී වසර පහකි. විශ්ව විද්‍යාල ජීවිතය අවසන්වී ඇත. පංති  සමාර්‍ථ සහිතව උසස් වෘත්තියකට දෙදෙනාම සුදුසුකම් ලබා සිටිති. වැඩිදුර අධ්‍යාපනය සඳහා තරුණයා විදෙස්ගතවීමට අදහස් කර සිටි බැවින් පෙම්වති පමණක් රැකියාවක නිරතව සිටී. ගැටලුව මතුව ඇත්තේ විවාහයට දින නියම කර ගැනීමට පොරොන්දම් බලද්දීය.  දෙදෙනාගේ පොරොන්දම් නොගැලපෙන බව හා පිරිමියාට අපල බව පවසා ජෝතිශ්‍යවේදියා පවසද්දීය.

තරුණ යුවළට මෙය ප්‍රශ්නයක් නොවුනද වැඩිහිටියෝ තැතිගති. එහෙත්  බුද්ධිමත් මව්පියෝ යුවළට තීරණය ගැනීමේ නිදහස දුන්හ. නමුත් තරුණිය ක්‍රමයෙන් වෙනස් වෙමින් සිටියාය. මේ වෙනසේ උග්‍ර අවස්ථාවක ඔවුන් මා හමුවට ආහ.

තනිතනිව දෙදෙනා හා කතා කිරීමේදී ඔවුන් තම අදහස් නොසඟවා කතා කළහ. තරුණිය පැවසුවේ සම්බන්ධය ඉදිරියට ගෙන යෑමේ අදහසක් තමාට නැති බවය.

ඇය මෙසේද කීවාය.

” මැඩම් එයා ගොඩාක් හොඳයි. ඇත්තටම හොඳ වැඩියි. ඒත් මට එයාගෙ ආදරේ දැනෙන්නෙ නෑ. එයා මට කිසි දේකට බලකරන්නෙ නෑ. මාව වෙනස් කරන්නෙ නෑ. මං අහන කිසි දේකට එපා කියන්නෙ නෑ. සැක කරන්නෙ නෑ . නිදහස සීමා කරන්නෙ නෑ. ඒත් මට ඕන මං ගැන හැම වෙලේම හොයන, මට හරිම සමීප, ආදරෙන් කතාකරන කෙනෙක්, ”

” ඒත් එහෙම ඒවා එයාගේ නෑ. මගෙ ඔෆිස් එකේ කෙනෙක් මගෙන් අහනවා සම්බන්ධයක් ගොඩනගා. එයා මට කියන දේවල්,  මං ගැන හොයා බල හැටි, කතා කරන වචන මට හරිම සතුටක් ගේනව. මං එයාට කැමතිවෙයිද දන්නෙ නෑ. ඒත් මට මේක දැන් ඇති වගේ. තව ඉස්සරහට යන්න මට බෑ. “

“ ඒත් මට පව් කියලා හිතෙනව එයා ගැන. අනික කේන්දරෙන් එයාට අපලයි කිව්වට පස්සෙ මට බෑ එයාට හානියක් වෙන තීරණයක් ගන්න.  මට හිතෙනව මං අයින්වෙන එක තමා හරි කියලා”

” සම්බන්ධයක් එක්කෙනෙකුට පවත්වගෙන යන්න බෑනෙ.  ඔයා බෑ කියනව නම් ඒක නවතිනවනෙ. ඒත් එයා ගොඩක් හොඳ නම් එයා මේ දුක විඳින එකට ඔයා කැමතිද?. එයත් එක්ක කතාබහ කරලා තියන අඩුපාඩු හදාගෙන මේ සම්බන්ධය ඉස්සරහට ගෙනියන්න බැරිකමක් තියනවද?”.

” මට හිතෙනව මං බලාපොරොත්තු වෙන කෙනා එයා නෙවෙයි කියලා . අපි දෙන්නම පස්සෙ දුක්වෙනවට වඩා දැන් මෙහෙම වෙන එක හොඳයි කියලා”

” හොඳයි එයාට හිත හදාගන්න අවස්ථාවක්, යම් කාලයක් ඕනනෙ.  මං  උත්සහ කරන්නම් එයාට උදව් කරන්න. ඔයාට වෙනව මට උදව් කරන්න. ඔයා ඈත්වෙන්න හදන්නෙ ලොකු කාලයක් ඔයා එක්ක ආදරෙන් හිටි කෙනෙක්ගෙන්. ඒ වගේම හොඳ කෙනෙක්ගෙන්. ”

” මට තේරෙනවා. එයා දුක්වෙයි. මට එයාව ඒකෙන් මුදවගන්න ඕන. ඒකයි මං ආවෙත් එයාව අඬගහගෙන. හරි මැඩම් මං මැඩම්ට උදව් කරන්නම් ”

තරුණයා සමග තනිව කතා කරද්දී සම්බන්ධයෙන් මදක් හෝ ඉවත්වීමට කැමති නැති බව පෙනුණි. කෙසේ හෝ ඇය රඳවා ගැනීමට ඔහුට ඕනෑ විය.

දෙදෙනා එක්ව එකට කතා කරන විට තරුණයා ඇගේ කිසිම වරදක් නොකියා සිටිය මුත් තරුණිය ” මට මෙයාගෙ ආදරේ ඇත්තටම දැනෙන්නෙ නෑ” කියා පැවසුවාය. තරුණිය විසින් පැවසූ දේ කිසිසේත් තරුණයා බලාපොරොත්තු වූවක් නොවීය. ඒ මොහොතේ ඔහු කෙරෙන් දිස්වූයේ අතිශය දුක්මුසු අසරණ පෙනුමකි.

” මැඩම් මට කල් දෙන්න කියන්න. මං එයා කියන ඕනම විදියකට වෙනස් වෙන්නම්. බබා මාව විශ්වාස කරන්න මං වෙනස් වෙන්නම්”  යනුවෙන් බැගෑපත් වන තරුණයා  අතිශයින්ම කම්පාවට පත්ව ඇති බව පෙනුණි.

කිසිදු වරදක් නොකළ, ඉතාම ධාර්මික , අතිදක්ෂ, වැදගත් තරුණයෙකු මා ඉදිරිපිට පෙම්වතියගෙන් ආදරය අයදිමින් සිටී. ඒ සඳහා ඕනෑම ආකාරයකට වෙනස්වීමටද ඔහු සූදානම් බව පවසයි.

තරුණිය පැවසූ ලෙසම ඔහු ඉතා යහපත් තරුණයෙකි. එහෙත් තරුණිය වෙනස් වන්නට අකමැති බව කියා සිටියාය. මේ ගැටළුව ඔවුන්ම විසඳාගැනීම කළයුතු බැවින් තරුණ යුවළට ක්‍රියාකාරකමක් දුනිමි.

ඔව් එකක්… එකම එකක්… එනම් දෙදෙනා මාස දෙකක් යනතෙක් කිසිම ආකාරයකින් මුණගැසීම, කතා බහ කිරීම, ඔවුනොවුන් පිළිබඳ කිසිම අයුරකින් සොයාබැලීම, නොකර ඉන් වළකින ලෙසයි. දෙදෙනා අතර සියලු සන්නිවේදයන් නවතා දමන ලෙසයි.

උපදේශනයේදී මෙවන් කෘතීම වෙන්කිරීම් ගැටලු විසඳීමේ ක්‍රමශිල්පයක් ලෙස භාවිතා කරයි. තරුණයා විස්මයට පත්විය. කාලය කෙටි කරන ලෙස ඉල්ලුවේය. තරුණිය නිහඬවම සිටියාය. ඇය තීරණයකට පැමිණ අවසන් බව තහවුරු වෙයි.

“අනේ මැඩම් එච්චර කල් එපා මාසයක් කරන්න. අපි ඊට කලින් කතා කරාවි” තරුණයා බැගෑපත් වෙයි.

” නෑ මේ කාලසීමාව අවශ්‍යයි. ඔබ දෙදෙනා මේ කාලසීමාවෙදි තේරුම් ගනීවි, හිතා බලාවි අනෙකා තමන්ගෙ ජීවිතේට කොතරම් වැදගත්ද? ජීවිතෙන් කොටසක්ද කියන එක. එහෙම තේරෙනකොට තමන්ට මතක්වෙයි දෙන්නා අතර තිබුණු නොගැලපීම් , හිතරිදීම්. මේවා වෙනස් කරගන්න ඔබට ලැබෙන කාලසීමාවක් කියා හිතන්න.”

අවසානයේ දෙදෙනා එකඟතාව පළ කළෝය.

දෙදෙනා පිටව ගියහ. එහෙත් තරුණයාට අත්වන වේදනාවට මුහුණ දීමට ඔහු සූදානම් කිරීම සඳහා දෙදෙනාටම නැවත මා මුණගැසීමට උපදෙස් දුනිමි. එහෙත් තරුණිය පැමිණියේ නැත. එය මම දැන සිටිමි.

මම ඔහු සමග ආදරය, සතුට, ජීවන සහකරු, අනාගත වෘත්තිය, වැඩිදුර අධ්‍යාපනය ආදිය පිළිබඳ කතා කළෙමි. ඒ සෑම කාරණයක් තුළම වෙන්වීමක් සිදුවුවහොත් තමන් ශක්තිමත්ව එයට මුහුණ දෙන්නේ කෙසේදැයි වටහාගත හැකි අයුරින් නිදසුන්, ආදර්ශපාඨ එහිදී උපයෝගී කරගතිමි.

සති දෙකක් යනවිට ඇය දකින්නට ඇති බලවත් උවමනාව ඔහුට මතුවිය.  ඉවසා සිටින්නට බලා සිටින්නට අප පුරුදු වියයුතු බව ඔහුට කියාදුනිමි. ඇය කතා නොකර සිටිද්දී ඔබ කලබල වුවහොත් පූර්ණ ප්‍රතිඵල නොලැබෙන බව පෙන්වා දුනිමි.

මාසයකට පසු තරුණිය තරුණයාට කතාකොට තමා නැවත පැමිණීමට සූදානම් නැති බව දන්වා සිටියාය. ඒ වනවිට ඇයගේ වෙනස්වීම ඔහු යම් දුරකට අවබෝධ කරගෙන සිටි අතර වෙන්වීම බාරගැනීමට හැකි මට්ටමකට ඔහු පැමිණ සිටියේය.

ඔහු මා හමුවී මෙපුවත පවසන අවස්ථාවේ මම ඔහු දෙස බලා සිටියෙමි. සිහින් කඳුළු පටළයක් ඔහුගේ දෙනෙතේ දීප්තිය වැඩිකර තිබුණි. ඒ දෙනෙත් තුළ වෛරයක්  නොවීය. පසුතැවීමක්ද නොවීය. එහෙත් නොහඬා සිටිමින් කඳුළු දෙනෙත් තුළම ගිලෙන්නට හැර මා හා සිනාසෙන්නට උත්සහ කරන පැහැදිලි මුහුණක් මදෙස බලාගත්වනම සිටිනු මට දැකගත හැකිවිය.

” එක්ව දුර ගමනක් යන්න හිතං අපි ළං කරගන්න අය නෙවෙයි සමහරවිට ගමන අවසන් කරනකොට ඉන්නෙ. මෙයා තමයි මං එක්ක මගේ ජීවන ගමන  යන්න ඉතාම හොඳ කෙනා කියලා හිතන් ගමන පටන් ගත්තත් කාලෙකදි අපිට දැනෙනව මෙයා නෙවෙයි මං හිතන කෙනා කියලා. ඒක එයාට හිතෙන්නත් පුළුවන්, නැත්තම් ඔයාට හිතෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවෙදි මතුවෙලා තියන ගැටලු කතා කරලා විසඳගෙන ඉදිරියට  යන්න පුළුවන්ද කියලා බලන්න ඕන. බැරිම නම් සුහදව ආදරෙන් වෙන්වෙන්න හිත හදාගන්න ඕන. ආදර සම්බන්ධතා කැඩෙන්නෙ ආදරේ නැතිවෙනවට වඩා ඕනෑකම, අයිතිය වගේ දේවල් නැතිවීමෙන්. ඔයා දැන් ඉන්නෙ ඒ වගේ අවස්ථාවක. ඔයාගෙ ගමන් සගයා වෙන්න අකමැති කෙනෙක් හිරකරන් බලෙන් ඒ්  ගමන එක්කගෙන යන්න ගියොත් එයාට වඩා දුක් විඳින්නෙ ඔයා. මොකද ඔයා හැමවෙලේම ඉන්නෙ බයෙන් එයා අහිමිවෙයි කියලා.  ඒ නිසා හොඳින් හිතලා තීරණය කරන්න. එක ආදරයකින් ජීවිතයෙ ආදරය කියන පරිච්චේදයක් අවසන් වෙන්නෙ නෑ. ඒ වගේම එයා මේක අවසන් කළා කියන්නෙ එයා ඔයාට ආදරය නෑ, එයා නරකයි කියන අදහසක් ඇතිකර ගැනීමත් නිෂ්ඵලයි ”

” මැඩම්, මට එයා නැති උන එක බාර අරන් දුක අඩුවෙන්න දෙයක් කියන්න පුළුවන්ද හැමදාම මතක හිටින්න ”

” එයාට නැති උනේ එයාට ලැබෙන්න හිටි හොඳම කෙනා, කියල හිතන්න. එයා සමග ගත කළ කාලය අතීතයේ ලස්සන පින්තූරයක් මිස තවදුරටත් පණ තියන දෙයක් නොවෙයි. එයා ඔයාට ධෛර්යය දුන්න උදව් දුන්න ආදරය දුන්නු ලස්සන අවස්ථා ඒ පින්තූරෙ තියනව. එයා එක්ක හිටි අවුරුදු පහක ආයුෂ කාලයක් දැන් අතීතයක් විතරයි. ඒක අතීතයේ තියලා එයාට සුබපතලා සමුදීලා ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු පටන් ගන්න”

තරුණයා ඉන් මසකට පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත විය.

තරුණියට ඇගේ සේවායතනයේ පුද්ගලයකු සමග ඇතිකරගත් සම්බන්ධය නිසා මානසික පීඩා ඇතිවිය. දැඩි නීතිරීති, දබර මැද ඇයට ඇගේ පළමු පෙම්වතා ලබාදුන් නිදහස, ගෞරවය පිළිබඳ අගය වැටහිණි. ඇය පළමු පෙම්වතා ඇමතුවාය.

එහෙත්  නැවත ඇය සමග එක්වීමට ඔහුගේ අදහසක් නැතිබව,  බොහෝම සන්සුන් ලෙස තරුණියට  පැවසිය හැකි තරමට ඔහු පරිණත වී සිටියේය.

ඇය සිදුවූ වරදට ප්‍රථම වරට ඔහුගෙන් සමාව ඉල්ලුවාය. ඇයගේ නව ආදරය සතුටක් ගෙනාවේ නැති බැවින් ඇය ආදරයෙන්ද රැකියාවෙන්ද ඉවත්වූවාය.

පශ්චාත් උපාධිය අවසන් කළ තරුණයා මෙරට පැමිණ උසස්  රැකියාවක නිරතව සිටී. ඔවුන් දෙදෙනා තවමත් හොඳ මිතුරන්ය. කතාබස් කරයි. එකිනෙකාට අවශ්‍ය විටෙක උපකාර කරයි. සතුටින්ද සිටී.

හැම ආදරයම විවාහය දක්වා නොයයි. එහෙත් ප්‍රේමය කිසිදා පළා යන්නේ නැත. ඕනෑකමක් ඇති අයිතියක් ඇති තැනක පමණක් නොව ඕනෑකමක් නැති, අයිතියක් නැති තැනකද ප්‍රේමයක් පැවතිය හැකිය. ප්‍රේමය එතරම් සුන්දරය.

එතරම් රමණීයය.අප එයට ගරුකළ යුතු බව කියා දිය යුතු වෙමු

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

12 හැවිරිදි දරුවෙකුට ඇසිඩ් ගැසූ සැකකරු වසර 2කට පසු අත්අඩංගුවට

Next Post

නියමු ව්‍යාපෘතිය යටතේ ආ යුක්‍රේන සංචාරකයන් 3කට කොරෝනා

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

Comments 1

  1. Wajira says:
    වසර 5ක් ago

    Good one

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.