බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විද්‍යාත්මක සාක්ෂි කුමන්ත්‍රණයක් කර සී.අයි.ඩී. කැඳවන මහින්දානන්ද ගේ පොහොර මරාලය…

by editor
සැප්තැම්බර් 18, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය අගොස්තු 31 ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99000කට අදාලව ජාතික නිරෝධායන මධ්‍යස්ථානය වෙත සහ ජාතික ප්‍රමිති ආයතනය වෙත පරීක්ෂණ කටයුතු සඳහා සාම්පල දෙකක් නිකුත් කළේය.  ඉන් ජාතික නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිකුත් කළ අංක 388 ලෙස නම් කරන සාම්පලයේ  ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවින් ඇති බවත් ජීවානුහරණය කර නොමැති බවත් දක්වා පැලෑටි නිරෝධායන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය 08 වැනිදා වාර්තාවක් නිකුත් කර තිබිණි. එම වාර්තාව මාධ්‍යයට නිරාවරණය වූයේය.

ප්‍රමිති ආයතනය වෙත යොමුකළ සාම්පලය ද ප්‍රතික්ෂේප වී ඇතැයි මේ වනවිට වාර්තා වේ.

විද්‍යාත්මක දත්ත මත පදනම්ව රජයේ වෘත්තිකයන් විසින්  වාර්තාවක් නිකුත් කර මෙම පොහොර තොගය අවදානම් සහිත බව දන්වා  තිබෙද්දී ඊයේ (17) මාධ්‍ය හමුවක්  කැඳවූ මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා චීන පොහොර තොගයේ කිසිම අහිතකර ව්‍යාධි ජනකයක් නැති බවට සහතිකවන බව කීවේය.

එමෙන්ම මේ සිද්ධිය රසායනික පොහොර මාෆියාවේ කුමන්ත්‍රණයක් බව කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාර්තාව වෙනස් වීම පිළිබඳ සැකයක් ඇතිනම් තවත් සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීම විද්‍යාත්මක ක්‍රමයයි. අද උදේ වනතුරුත් ඒ සාම්පලය රටට ලැබී නැත. එහෙත් කෘෂිකර්ම ඇමතිවරයා රජයේ වෘත්තිකයන් දෙපළක් රජයේ පරීක්ෂණාගාරයක  මෙම විදේශ පොහොර සාම්පලයේ තත්ව වාර්තා  සැපයූ ආකාරය සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම වෙනුවට සී.අයි.ඩී. පරීක්ෂණයක් ඉල්ලයි.

අපට මහා විනාශයක පෙර ලකුණු පෙනේ. මුන් මේ පොහොර තොගය මේ රටට ගෙන්වීමට සියලු දේ කරනු ඇත.   ඉන් අනතුරුව මේ භූමිය පත්වන අවදානම කුමක් විය හැකි ද?. ඒ සම්බන්ධව සවිඤ්ඤාණික විය යුත්තේ මහා උතුම් අභිමතාර්ථ සහිත සංකල්පවලට මුවා වී නින්දිත පාදඩකම් කිරීමේ ඉතිහාසයක් අප සතුව ඇති බැවිනි.

කාබනික පොහොර ගෙන්වීමේ නෛතික තත්වය

ඝන කාබනික පොහොර මෙරටට ගෙන්විමේදි  ජීවානුහරණය කරන ලද කාබනික පොහොර ගෙන්වීම සඳහා පමණක් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රමිතිය සකසා තිබේ. එම ප්‍රමිතිය 2021 , 1704 යන ලකුණින් නම් කොට තිබේ.   එහි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ලංකාවේ භාවිතය සඳහා වූ පොහොර ඉහත නෛතික පදනම යටතේ  පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමත වන පරිදි විය යුතුය යන්නය.

ඊට අනුගතව පොහොර ලේකම් කාර්යාලය දක්වා සිටින්නේ ආනයනික කාබනික පොහොර ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූල විය යුතු බවය. ඒ අනුව එහි සඳහන් වී ඇත්තේ  ජීවානුහරණය කරන ලද කාබනික පොහොර ගෙන්විය යුතු බව සහ ශාක ආරක්ෂණ පනතට යටත් විය යුතු බවය.

1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනතේ සඳහන් විධිවිධානයන්ට අනුව  සිදුකෙරෙන ක‍්‍රියාවළිය ශාක නිරෝධායනය යනුවෙන් හඳුන්වනු ලබයි. මීට අදාළව කටයුතු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ජාතික ශාක නිරෝධායන සේවාව නමින් ආයතනයක් පිහිටුවා ඇත

එම පනතේ විධිවිධානයන්ට අනුව අවසර  දී ඇති ශාක වර්ග හෝ ශාක ද්‍රව්‍යවලට පමණක් ආනයන බලපත‍්‍ර නිකුත්කරනු ලැබේ.  ජාතික ශාක නිරෝධායන සේවය මගින් නිකුත් කරනු ලබන ආනයන බලපත‍්‍රයක් නොමැතිව කිසිදු ශාකයක් හෝ ශාක ද්‍රව්‍යයක් ආනයනය කිරීම සපුරා තහනම් වේ. ශාක ආරක්ෂණ පනත ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතේ ඇති ජාතික  නිරෝධායන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක යටතේය.

ශාක ආරක්ෂණ පනතේ පැහැදිලිව දක්වා ඇත්තේ ආනයනයේදි ව්‍යාධිජනකයන් රටට ඇතුළු වීමට ඉඩක් තැබිය නොහැකි බවය.

මෙම කාරණා දෙක ට අදාලව  නිරෝධායන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් සැප්තැම්බර් 08 නිකුත් කල ලියැවිල්ලේ සඳහන් ව ඇත්තේ අදාල ආනයනය සදහා යෝජනා වී ඇති  කාබනික පොහොර සාම්පලවල ව්‍යාධිජනකයින්   ඇති බවය. අදාල ප්‍රමිතියට  යටත්වන සේ ජීවානුහරණය කර නොමැති බවය.

තවත් සාම්පලයක් ගෙන්වීම

මේ අනුව රටේ නීතියට අනුව මෙම සාම්පලයට අදාල පොහොර තොගය ගෙන්වීමට බලපත්‍ර නිකුත්  කිරීමේ කිසිම හැකියාවක් නැත .

නමුත් , මෙම තත්තවය යටතේ තවත් සාම්පලයක් ගෙන්වා නැවත  පරික්ෂණයක් සිදු කිරීමේ අවස්ථාවක්  අදාල විදේශීය  සමාගමට හෝ පොහොර ගෙන්වීමට සැලසුම් කළ දේශීය ආයතනයට හෝ  තිබේ. එම අවස්ථාව   යටතේ කඩිනමින් නැවත සාම්පලයක් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබුණද  අද (18) උදේ වනතුරු එම සාම්පලය ගෙන්වා තිබුණේ නැත.

ඇමතිවරයා පුවත්පත් සාකච්ඡාවක් තබා රටට පොහොරවල ව්‍යාධි ජනක නැති බවට තහවුරු කරන්නේ නිරෝධායන අධ්‍යක්ෂවරයා පොහොරවල ව්‍යාධි ජනක ඇති බවත්, ජීවානුහරණය කර නොමැති බවත් ස්වකීය විද්‍යාත්මක වාර්තාවලින් තහවුරු කර  තිබෙන පසුබිමක  වෙනත් සාම්පලයක්  පරීක්ෂා කර නොමැති අවස්ථාවක දී ය.

චීනයෙන් ගෙන්වන ටොන් අනූ නව දහස

තොගය යනු කිලෝ වලින් මිනිය හැක්කක් නොවේ. චීනයෙන් ගෙන්වීමට නියමිත පොහොර තොගය කොටස් දෙකකින් සමන්විතය. එක් තොගයක් ටොන් අනූ හය දහසකි. අනෙක් තොගය ටොන් තුන්දහසකි.

මේ විද්‍යාත්මක ප්‍රතික්ෂේපවීම් අදාල නැත. මහින්දානන්දගේ කෘෂිකර්ම අමාත්‍යාංශය දැන්  අදාල කාබනික පොහොර තොගය රටට ගෙන්වනු ඇතැයි වාර්තා වේ. මේ වන විටද චීනයෙන් එම තොග නැව්ගත කිරීම සඳහා විධිවිධාන සලසා ඇති බවට තොරතුරු ලැබෙමින් ඇත.

පොහොර ටික ගෙන්නුවොත් 

ලංකාවට ගෙන්වීමට නියමිත   පොහොර තොගය ගෙන්වනු ලැබුවහොත් ශ්‍රි ලංකා වරායේ දි ද නැවත සාම්පල පරික්ෂාවක් සඳහා යොමු කරනු ලබයි.

චීනයෙන් පොහොර නැවුගත කිරීමටත්  පෙර සාම්පල් ප්‍රතික්ෂේප වූ පොහොර තොගය කොළඹට ගෙන්වා කොළඹ වරායේ දී කරන සාම්පල් පරීක්ෂාවක ප්‍රතිඵල කුමක් විය හැකිදැයි මේ රටේ ඕනෑම බූරුවෙක් තේරුම් ගන්නවා ඇත.

නමුත් යම් හෙයකින් එවිටද අදාල සාම්පලය ප්‍රතික්ෂේප වුවහොත් පොහොර තොගය  ගිනි තැබීම හෝ නැවත හරවා යැවිය යුතුය.   ඒ කාරණා දෙක සඳහාම නැවත රජය මහජන මුදල් වැය කළ යුතුය.

අප ඉන්නේ පුදුමාකාර කාලකණ්ණිකමකය.  කිසිවෙකුට ඇහුමක් නොදෙන උද්දච්ඡ මුග්ධ දේශපාලකයන් සමග රටකට යා හැකි දුර කුමක් දැයි මේ තරම් ප්‍රබල ලෙස රූපණය කළ අවස්ථා මෑත ඉතිහාසයේ මතුවුනේම නැත.

මේ මිනිසුන් රටට වගාවට මේ පොළවට කරන්නට නියමිත ව්‍යසනය පිළිබඳව අවබෝධයෙන් ඉන්නා ලෙස පමණක් දැනට මේ රටේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට…

Next Post

බත්තරමුල්ලේ සංජු එවූ කුඩු යාත්‍රාව සමඟ ඉරාන ජාතිකයන් 9ක් අද කොළඹට

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.