බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වැක්සීන් ගැහුවොත් අවුරුදු දෙකකින් මැරෙයි ද?.

එන්නත මගහැර මරණයට නොවැටෙන්න....

by editor
මැයි 29, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය චන්දිම ජයසිංහ

“එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත” කියන මාතෘකාවත් එක්ක පහුගිය දවස් වල වේගයෙන් පැතිරුනු පණිවිඩය ඔබටත් සමහර විට ලැබෙන්න ඇති.

ලංකාව වේගයෙන් එන්නත්කරණය කරගෙන යන මේ වගේ දවස් වල ඉහත කිව්ව පණිවිඩය වගේ එකකින් කරන්නේ සුලු පටු හානියක් නෙවෙයි. හෙට එන්නත ගන්න තියෙන කෙනෙකුට ඔහොම එකක් අද දැන ගන්න ලැබුනොත් කවුද එන්නත ගන්නේ? අපි හැම දෙයක්ම කරන්නේ අපේ පැවැත්ම (survival) තහවුරු කරගන්නයි.

Luc Montagnier කියන්නේ කවුද?

Luc Montagnier

ඔහු ප්‍රංශයේ වෛරස් විද්යාඥයක්. HIV වෛරසය හඳුනාගැනීම වෙනුවෙන් ඔහුට 2008දී නොබෙල් ත්‍යාග්‍ය ලැබෙනවා.

එයා මොනවද Covid-19 ගැන කිව්වේ?

එයා කියන විදියට කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ එකක්. එය HIV වෛරසය ආශ්රිතව නිපදවූ බවක් ඔහු කියනවා. නමුත් වර්තමානයේදී මේ මතය බැහැර කල එකක්.
තව ගෝලීය වසංගත අවස්ථාවකදී වැක්සීන් දීම භයානක වෙන්ට පුලුවන් කියලත් ඔහු කියනවා. ඒ antibody dependent enhancement නිසා සෑදෙන ප්‍රතිදේහ මඟින් වෛරසය දේහය තුළ ගුණනය වීමෙන් කියලයි ඔහු කියන්නේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

antibody dependent enhancement කියන්නේ මොකද්ද?

ප්‍රතිදේහ තමයි අපේ ප්රතිශක්තිකරණ පද්ධතියට වෛරසය කවුද කියලා හඳුන්වලා දෙන්නේ. අපි එන්නත ගත්තම එන්නතේ වර්ගය කුමක් උනත් අන්තිමට වෙන්නේ කොවිඩ් වෛරසය හඳුනාගැනීමට උදව් වෙන ප්‍රතිදේහ සෑදීම. නමුත් මේ සෑම ප්‍රතිදේහයක්ම එහෙම වෛරසය හඳුනා ගන්න උදව් වන්නේ නෑ. සමහර ප්‍රතිදේහ වෛරසයට සෛල වලට ඇතුල් වන්න උදව් වෙනවා.

antibody dependent enhancement තත්ව‍ය Covid-19 වෛරසය ආශ්රිතව සිදු වෙනවාද?

දැනට ඇති කිසිම එන්නතකින් ඉහත කියපු දේ වෙනවා කියලා හොයාගෙන නෑ. මේ පිළිබඳ විද්‍යාඥයින් දිගටම ඇහැ ගහගෙනයි ඉන්නේ.

එතකොට Luc Montagnier මෙහෙම කිව්වේ ඇයි?

Luc Montagnier කාලයක පටන් වැක්සීන් විරුද්ධවාදීයෙක් (Anti-Vaxxer) සහ විද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි නැති පදනම් විරහිත මත පලකරනවා. ඔහු මේ සියල්ලට ඔහුගේ නොබෙල් ත්‍යාගයත් ගාව ගන්න නිසා ඒ ගැන විරුද්ධත්වය පළ කරලා විද්යාඥයින් පිරිසක් 2017දී විවෘත ලිපියකුත් ලිව්වා.

“අපට, අපගේ සම වයසේ මිතුරෙකු ඔහුගේ දැනුම් ක්ෂේත්‍රයෙන් පිටත භයානක සෞඛ්‍ය පණිවිඩ පතුරුවා හැරීම සඳහා ඔහුගේ නොබෙල් තත්වය භාවිතා කරන ආකාරය අනුමත කළ නොහැකිය.”

Anti-Vaxxer කෙනෙක් කියන්නේ කවුද?

එන්නත් භාවිතයට එරෙහි අය පොදුවේ ඉහත නමෙන් හැඳින්වෙනවා. එන්නත් ලෝකයේ හොයා ගත්තේ කවද්ද, එදා සිටම මේ වගේ අදහස් දරන අය ලෝකයේ කණ්ඩායමක් ලෙස ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට පවා එන්නත් ලබා නොදී තමයි ඇති දැඩි කරන්නේ. වර්තමානයේ භයානක රෝග බහුතරයක් ලෝකයෙන් තුරන් වෙලා තිබෙන නිසා එන්නත් නොදී හිටියා කියලා වැඩි හානියක් වෙන එකක් නෑ කියල හිතුනත්, කලාතුරකින් මේ ලෙඩ මතු වෙන්න පුලුවන්. ඒ වෙලාවකදී එන්නතකින් වලක්වා ගත හැකිව තිබිය හැකි ලෙඩක් හැදිලා ‍මැරෙන්න වෙනවා කියන්නේ හරිම අවාසනාවන්ත සිදුවීමක්.

ලංකාවේ පුළුල් කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme of Immunization) ගැන ඔබ දන්නවාද?

ඔබට ඒකාලේ තිබුන බර පොත/injection පොත/CHDR (Child Health Development Record) කියන පොත මතකද? නැතිනම් ඔයාගේ බබාගේ, නැතිනම් අක්කගේ අයියගේ බබාට එකක් දීලා ඇති. ඒකේ තියෙනවා එන්නත්කරණයට වෙන්වුන පිටුවක්. තියෙනවා නම් පොඩ්ඩක් හරවලා බලන්න.

ර‍‍ජයේ සෞඛ්‍ය පද්ධතිය හරහා මේ එන්නත්කරණ වැඩසටහන අතිසාර්ථකව දැනට වසර 30කට අධික කාලයක් තිස්සේ ලංකාවේ ක්රියාත්මක වන්නේ වැඩිම සාර්ථකත්වයකින්. එන්නත් මඟින් වලක්වා ගත හැකි භයානක රෝග රාශියක්ම දැනට අපි තුරන් කරලා ඉවරයි. මේ පොතේ සියල්ල සටහන් වෙන නිසා වැඩත් පිළිවෙළයි. ඉතින් ලංකාව දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍යය සේවයට උරුමකම් කියන්නත් මේක ලොකු හේතුවක්. මේ සියල්ල ඔබේ දරුවාට ලැබෙන්නේ නොමිලයේ. හැකිනම් පුද්ගලික අංශයේ ‍ඔය කියන vaccine වල ගණන් හිලව් හොයලා බලන්න.

කෙටියෙන් කියන්න තියෙන්නේ ‍සමාජ මාධ්‍ය හරහා මේ දවස් වල පැතිරෙන සමහර පණිවිඩ පතුරුවා හරින්න කලින් දෙවරක් හිතා බලන්න. ඔබ අද වැරදි පණිවිඩයක් යවන එකෙන් හෙට තවත් අයෙක් එන්නත්කරණය මඟහැරීම නිසා ඉදිරි දවසක අවාසනාවන්ත මරණයකට පවා ‍ගොදුරු විය හැකියි.

වගකීමෙන් යුතු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සන්නිවේදනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයට කැපවුනු ර‍ජයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (Health Promotion Bureau) Facebook පිටුව follow කරන්න.

 ( වෛද්‍ය චන්දිම ජයසිංහගේ ෆේස් බුක් පිටුවෙන් කතුවරයාගේ අවසරය පරිදි උපුටා ගැනුණි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය පාදෙණියට එරෙහිව ජයරුවන් බණ්ඩාර තරඟයට!

Next Post

බද්දේගම සමිත හිමියෝ කොවිඩ් ආසාදිතව අපවත්වෙති…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.