බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ සැලසුම් කුඩු කළ කුඩ්ඩෝ කොවිඩ් පොකුරු හදපු හැටි

මත්කුඩු ජාවාරම්කරුවන් තමන්ගේ කුඩු බල ප්‍රදේශවල මිනිස්සුන්ට  අත්‍යාවශ්‍ය ආහාර මලු වෙනුවෙන්  මිලියන ගණනින් වියදම් කරලා

by editor
මැයි 14, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට වගකිව යුත්තන් අතර ඉහළින්ම සිටින්නේ යැයි පොලිස් නීති දිසාවේ ලොක්කා වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරන්නේ මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය. මේ වන විට මෙරටින් හමුවී ඇති කොවිඩ් 19 වෛරසය අසාධිත වූවන් 650 කට වැඩි පිරිස අතර මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් 14 දෙනෙක් සිටින බව ද අජිත් රෝහණ සදහන් කරයි. බැලූ බැල්මට මේ ගණන සමස්ත රොගීන් හා සැසදීමේදී සුළු සංඛ්‍යාවක් සේ පෙනුනද කොවිඩ් 19 මෙරට රෝගී චක්‍රය මේ තරමට ඉහළ එසවෙන්නේද මේ සුළු පිරිස නිසාය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන ආකාරයට අනුව මෙරට පළමු කොවිඩ් 19  ආසාධිත ශ්‍රී ලාංකිකයා හමුවන්නේ මාර්තු 11 වෙනිදාය. එදා සිට මැයි 01 වෙනිදා දක්වා මෙරටින් හමුවුණු කොවිඩ් 19 රෝගීන් ගණන 6– කි. මේ අතර වැඩි වශයෙන් ඇත්තේ පොකුරු වශයෙන් රෝගීන් හමුවීම්ය. ඒ පොකුරු ගණන 31 කි. යාපනය , පුත්තලම , රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතරින් එම පොකුරු 31 හමුවිය. මේ අතරින් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ පොකුරු රෝගීන් ගණන 100 කට වැඩිය. ඒ සිවිල් ප්‍රදේශයකින් හමුවුණු වැඩිම රෝගීන් ගණනය. මෙරට වැඩිම පොකුරු කොවිඩ් 19 රෝගීන් පිරිසක් හමුවන්නේ වැලිසර නාවික හමුදා කදවුරෙනි. දැනට හමුවී ඇති රෝගීන් ගණන 250 කට වැඩිය. තවදුරටත් වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් හමුවෙමින් ඇත.

‍නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ වැලිසරට මෙන්ම බණ්ඩාරනායක මාවතටද කොවිඩ් 19 ව්‍යාප්ත කළේ මත්ද්‍රව්‍ය භාවිතාවට ඇබ්බැහිවූවන් බවය. ඒ දෙකට පමණක් නොව, ජා-ඇල සුදුවැල්ලේත්, තොටළඟ නාගලගංවීදියේත් කොවිඩ් 19 ව්‍යාප්ත කිරීමේ වගකීම ඇත්තේ මත්කුඩු ලෝලීන්ටය. අපේ රටේ කොවිඩ් 19 ආසාදිතයින් බවට මෙතෙක් හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් සියයට පනහකට පමණ රෝගය වැලඳී ඇත්තේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපයන් නිසාය.

මේ ගැන මුල සිටම පොලීසිය බලධාරීන්ට කොතෙකුත් කරුණු කීවත් ඊට නිසි අවධානය යොමු කරනවා වෙනුවට බන්ධනාගාරගතව සිටි මත්කුඩු වලට ඇබ්බැහි වූවන් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇප දී එළියට ගැනීමට ඒ අය උත්සාහ ගත්තේය. ඒ බන්ධනාගර තදබදයන් අවම කරන්නට යැයි කියාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව පවතින අවස්ථාවේදීත් ඇදිරි නීතිය අස්සේ මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පොලීසිය මෙහෙයුම් දියත් කරන්නේ සමාජයට ඒ අයගෙන් එල්ලවන බලපෑමේ තරම දැන සිටි බැවිනි. අජිත් රෝහණ කියන ආකාරයට අනුව ඇඳිරි නීතිය පැවැති කාලය තුළ පොලීසිය කර ඇති මත්පැන් වැටලීම් ගණන 25000 කට වැඩිය. ඒ හා සමාන පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ වරදටය. එසේම මත්කුඩු වැටලීම්ද 10000 ක පමණ ප්‍රමාණයක්ද මේ කාලය තුළ  කර ඇත්තේ 10000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ද ගනිමිනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් බුද්ධි අංශවලත් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මේ දිනවල මත්කුඩු වෙළඳාම නම් කිසිදු ලෙසකින් අඩුවී ඇති බවක් වාර්තා වන්නේ නැත. මත්කුඩු වෙළඳාමට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම බන්ධනාගාරයෙන් පිටත සිටින මත්කුඩු ජාවාරම්කරුවන් ඔවුන්ගේ බලඅධිකාරිය පිහිටි ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර මළු වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන්නේ එබැවිණි. ඒත් එක්කම ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ටද පොලීසියේ ඇතැම් මහත්වරුන්ටද වියදම් කරන්නේ මිලියන ගණන් වලිනි. ඒ මේ කාලය තුළ ඔවුන්ට ඉහළ ආදායමක් මත්කුඩු ජාවාරමෙන් උපයා ගැනීමට හැකියාව ලැබී ඇති බැවිණි.

 

Share69Tweet43
Previous Post

කොරෝනා මැද්දේ උතුරු මුහුදේ අවකෙළි

Next Post

වට්ටක්කා තම්බාගෙන දෙවේල වළඳා හාමත් නොවී ඉන්නත් දුෂ්කර ක්‍රියා කරන අරන්තලාවේ හිමිවරු

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.