බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටෙන් සැඟවී රටේ දරුවන්ට මග පෙන්වූ මනුෂ්‍යත්වයේ  ‘පියවර’…

by editor
පෙබරවාරි 7, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

නම කියූ සැනින් රටම හඳුනන දැවැන්ත දේශීය ආයතනයක් වන හේමාස් සමූහ ව්‍යාපාරය විසින් දශක දෙකකට පෙර ඇරඹි සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන “පියවර”ට පසුගිය අඟහරුවාදා (31දා) විසිවයස් සම්පූර්ණ විය.

දැයට රහසේ දැයේ මල් පුබුදවමින් ගලා ගිය පියවර ව්‍යාපෘතියටම පසුව ඈඳනු ලැබූ ‘අයති’ සහ ‘එකසේ සලකමු’ ව්‍යාපෘති දෙක මගින් සත්කාර ලබන වපසරිය පුළුල් කරන ලදී. සම්මාන පිට සම්මානනයට පත් මේ නිහඬ එහෙත් දෑහිතකාමී සමාජ සත්කාරය විසිවයස් සම්පූර්ණ වෙද්දී දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. සතුටු සිතින් ආපසු හැරී බලන්නට හැකි ව්‍යාපෘතියක හිමිකරුවෝ පසුගිය ජනවාරි 31 දා ඉතා චාම් ගාම්භීර උත්සවකදී අතීත ගමන්මග ඉතාම නිහතමානීව ජනමාධ්‍යට නිරාවරණය කරන ලදී. 

හේමාස් සමූහ ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමී මාසකෝරාල

පියවර ව්‍යාපෘතිය, පියවර සමූහයක එකමුතුවකින් සුසැදි දැවැන්ත කර්තව්‍යයකි. එහි සමාරම්භක සංකල්පයන් පිළිබඳ සාකච්ඡාව 2002 වසරේදි සිදුවිය. එයටත් පෙර හේමාස් ආයතනයේ ඉතාම සාර්ථක නිෂ්පාදනයක් වන “බේබි ෂෙරමි “, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සාර්ථකව සිදුවීමට මව්පියන්ගේ කාර්යභාරය කෙසේ විය යුතුද? යන්න දැනුවත් කිරීමේ ව්‍යාපෘතියකට යුනිසෙෆ් ආයතනය සමග හවුල්වී සිටියේය.

මුල්ළමාවිය යනු පුද්ගල ජීවිතයේ ඉතාම වැදගත් තීරණාත්මක කාලපරිච්ඡේදයකි. උපතේ සිට වයස අවුරුදු අට දක්වා කාලය මුල්ළමාවිය ලෙසින් සලකනු ලබයි. දරුවකුගේ මොළයේ 80% ක් පමණ වර්ධනය සිදුවන්නේ මේ කාලය තුළදීය. උපදින විට හිස් සුදු කඩදාසියක් මෙන් වන ළදරු මනස, දරුවා ලබන අත්දැකීම් මත විවිධ වර්ණයන්ගෙන් හැඩවෙයි. අනාගතයේදී ජීවිතය ජයගැනීම උදෙසා අවශ්‍ය වන ජීවන කුසලතා, මෘදු කුසලතා වලට පදනම වැටෙනුයේ මේ කාලයේදී ඔහු ලබන අත්දැකීම්, ආදර්ශ සහ පුහුණූ මගිනි. 

එමනිසා මුල්ළමාවියේදී දරුවා සතුටින් වැඩෙන, අභියෝගයන්ට මුහුණ දෙන කුසලතා පිරි දරුවෙක් ලෙස වැඩෙන්න‌ට අවශ්‍ය පරිසරය සහ කායික මානසික පෝෂණය වැඩිහිටියන් සකසා දිය යුතුය. මෙම සංවර්ධනය ඌනතා සහිතව සිදුවීම අනාගතයේදී දරුවාට ගැටළු ඇති කරවිය හැකිය. දරුවාගේ කායික, මානසික, ප්‍රජානන සහ සාමාජීය සංවර්ධනය යහපත් ආකාරයෙන් සිදුවීම දරුවාට පමණක් නොව සමාජයටත් රටටත් එකසේ බලපෑම් ඇති කරයි.  එය එසේ නොවූ විට ඇතිවන අහිතකර තත්ත්වයන්ද ඉහත කී සියලු සංදර්භයන්ට බලපෑම් ඇති කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

හේමාස් ආයතනයට නිරෝගී මුල්ළමාවිය සංවර්ධනයක් සහිත දරුවකු දැයට දායාද කරන්නට ඉතාම සැලසුම් සහිත දැවැන්ත ව්‍යාපෘතියක අවශ්‍යතාව අවබෝධ වෙමින් පැවතුනි. එහෙත් එය තමන්ට තනිව කළ හැකි කටයුත්තක් නොව කිසියම් ප්‍රමාණයකින් රාජ්‍ය මැදිහත්වීමක් මත රජය සමග එක්ව යායුතු ගමනක් බවද ඔවුහු තේරුම් ගනිමින් සිටියහ. එසේම තම දායකත්වය සැපයිය හැකි වන්නේ කුමන පරාසයන් තුළද යන්නත් ඔවුහු විමසා බලමින් සිටියහ. 

සියලු සාකච්ඡා සම්මුතීන් අවසානයේ ඔවුහු තම ව්‍යාපෘතිය පැතිරවිය හැකි සීමාව ලෙස, පෙර පාසල් වියේ දරුවන් ඉලක්ක කළහ. එහිදී හුදකලා ලෙස දරුවන් තෝරා නොගෙන මුල්ළමාවියේ  දරුවන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානය වූ පෙර පාසල තෝරාගන්නා ලදී. එම පෙර පාසල්, ළමා සංවර්ධන මනෝ විද්‍යාවේ න්‍යාය සහ ක්‍රම ශිල්පයන්ට ගැලපෙන පරිදි  මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන ව්‍යාපෘතියක් ලෙසින් සිය සමාජ සත්කාරය ලෙස අරඹන ලදී. 

මුල් ” පියවර “

2003 ජනවාරි මාසයේදී එකඟතා ඇතිකර ගනිමින් හේමාස් ආයතනය රජය සමග ගිවිසුම් ගතවිය. රජය වෙනුවෙන් සමාජ සේවා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ හේමාස් සමූහ අයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක හුසේන් යූසුෆලී යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

පියවර පෙර පාසලක්…

රජයේ මූලික ඉල්ලීම වූයේ දිස්ත්‍රික් දහයක් ආවරණය වන පරිදි පෙරපාසල් දහයක් ප්‍රමිතියෙන් උසස් පාසල් බවට පත්කර එම පාසල් ආදර්ශ පෙරපාසල් බවට පත්කර දෙන ලෙසයි. හේමාස් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේ වගකීම හේමාස් සමාජ සත්කාර භාරයට පැවරිණි. ආවරණය කළ යුතු දිස්ත්‍රික් ලෙස අනුරාධපුර, බදුල්ල, ගම්පහ, යාපනය, මඩකලපුව, පොළොන්නරුව, කුරුණෑගල, මාතලේ, මාතර සහ රත්නපුරය තෝරා ගන්නා ලදී.

පියවර ව්‍යාපෘතියේ මංගල කාර්යභාරය අරඹන ලද්දේ දිස්ත්‍රික් දහය ආවරණය වන පරිදි තෝරාගත් ගුරුවරු 20කට දින එකොළහක නේවාසික පුහුණුවක් ලබාදීමෙනි. ඉන්පසු මෙම කාර්යය අඛණ්ඩව වාර්ෂිකව ක්‍රියාත්මක වුනි.

එකඟතාව අනුව රජය විසින් පුර්ව ළමාවිය සංවර්ධන ආදර්ශ පෙරපාසල් ඉදිකිරීමට අවශ්‍ය භූමි භාග සහ අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණය කළ යුතු පෙරපාසල් පියවර ව්‍යාපෘතියට බාර දෙන ලදී.  ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ අවසන් වූ පෙරපාසල් නැවත පියවර විසින් රජයට ලබාදෙන ලදී. මේ කටයුතු අධීක්ෂණය රජය සහ හේමාස් ආතනයේ නිලධාරීන් විසින් සිදුකරන ලදී. 

මෙම සංවර්ධනය කළ පෙරපාසල්හි ගුරුදෙගුරු සංගමයක් පිහිටුවීමට හේමාස් ආයතනය අදහස් කරන ලදී. එසේ පිහිට වූ එම ගුරුදෙගුරු සංගම්වලට අරමුදලක් පිහිටුවීම සදහා මූලික ධනයක් ලෙස රුපියල් 50000.00 ක මුදල හේමාස් ආයතනය විසින් පරිත්‍යාග කරන ලදී. මෙම මුදලට මව්පියන් ලැබදෙන ආධාර මුදල්ද එකතුවෙන් අවශ්‍ය සුළු සුළු අළුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු කරගැනීමට උපදෙස් දෙන ලදී. 

මෙහිදී පියවර කණ්ඩායම අත්දුටු ශෝචනීය තත්වයන් ගැනද කිව යුතුය. පුද්ගල ජීවිතයේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් වන මුල්ළමාවිය ගතකරන දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් පෙර පාසල්, එම හිමිකරුවන් විසින් පවත්වාගෙන ගිය ආකාරයයි. එම පෙරපාසල් එම කාර්යය සඳහා කිසිසේත්ම යෝග්‍ය ප්‍රමිතියකින් යුතු නොවීය. දරුවකුට කිසිම ආකාරයකින් උචිත නොවූ පිළිවෙලක් නැති ටකරන් මඩු පෙරපාසල් ලෙසින් හැඳින්විනි. සමහර පෙර පාසල් රාත්‍රි කාලයේ හරකුන්  ලගින ස්ථාන විය. නිවෙස්වල මුළුතැන්ගෙයට අළලා සකස් කර තිබූ ටකරන් සෙවිළි කළ මඩු පෙරපාසල් විය. සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිළි පහසුකම් නොවීය. එය නුදුරේ වූ ලඳු කැලෑවක සිදුවිය. එසේම බිත්තිවල මජං පිරි අපිරිසුදු ගරාජයක ළමුන් 90ක් අධ්‍යාපනය ලැබූ පෙරපාසලක් විය. අවමංගල්‍යයක් පවත්වන දිනක  දරුවන්ට නිවාඩු ලබා දුන්, සුසානභූමියක වූ ශාලාවක පවත්වාගෙන ගිය පෙර පාසලක් ද විය.. තෝරාගත් දිස්ත්‍රික් දහයේ බොහෝ පෙරපාසැල්වල තත්ත්වය අඩුවැඩි වෙමින් මෙයට බොහෝ සමාන විය. 

පෙරපාසල් පැවති ආකාරය – කදිරගාමර්පුර

එල්ටීටීඊ තර්ජන

පෙර කී සියලු දිස්ත්‍රික්වල පෙරපාසල් වල තත්වය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවේ ගිය පියවර ව්‍යාපෘතියට දැවැන්තම ශක්තියක් වූ හේමාස් සමූහ ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමී මාසකෝරාල සහ නාළිකා ජයසුරිය බලවත් අපහසුතාවට ලක්වූයේ යාපනය දිස්ත්‍රික්කයේ පෙරපාසල් පිහිටුවීමට නිරීක්ෂණ චාරිකාවේ යන අවස්ථාවේදීය. ඔ්මන්තයේ රජයේ පාලනයේ ඇති අවසන් හමුදා මුරපොළින් පසු කොටි සංවිධානයේ පාලන පුදේශයට ඇතුළුවීමට එක් අයෙකුට රුපියල් දෙකක ගාස්තුවක් අයකිරීමට මුරපොළෙහි සිටි කොටි සාමාජිකයන් කටයුතු කළහ. එහෙත් තමන් යාපනය බලා යනුයේ යාපනයේ දරුවන්ගේ අභිවෘද්ධිය පිණිස වූ කර්තව්‍යයකට බැවින් ශිරෝමී සහ නාළිකා මෙම ගාස්තුව ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසා පැය හයක් ඔවුන් මුරපොළෙහි රඳවා ගැනීමට කොටි සාමාජිකයෝ කටයුතු කළහ. එහෙත් කාන්තාවෝ දෙදෙන ගාස්තු ගෙවීමට එකඟ නොවූහ. යාපනේදී ද ඔවුන් බලවත් දුෂ්කරතා වලට මුහුණදිනි. ආහාර ඇණවුමේදී පවා සාමාන්‍ය මිළ මෙන් තුන්ගුණයක් පමණ ඔවුන්ගෙන් අය කරන ලදී. තෝරාගත් පාසල් සංවර්ධනය කිරීමේ කටයුත්තට කොටි සාමාජිකයන් එකඟ නොවීය. හේමාස් සමූහ ව්‍යාපාරය සාක්‍ෂි සහිතව තමන් කුමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේදැයි කොටි නියෝජිතයන්ට ඡායාරූප සහ සිංහල ඉංග්‍රීසී පරිවර්තන සහිතව ලිපි මගින් වෙබ් අඩවියේ පැහැදිලි කිරීමෙන් පසුවද මෙය සිදු විය.

දිගින් දිගටම කොටි සංවිධානය විසින් එල්ල කළ බාධක හමුවේ නොබියව නොසැලී එයට මුහුණ දුන් පියවර කණ්ඩායම අවසානයේ දරුවන් 75 ඇතුළත් කරගනිමින් මුල්ම ආදර්ශ පෙර පාසල යාපනයේ ස්ථාපිත කරමින් සිය ජයග්‍රාහී ගමන්මග ආරම්භ කරන ලදී.  

ගුරුවරු පුහුණු කිරීම

එසේම තවත් තියුණූ අභියෝගයක් වූයේ ගුරුවරුන් පුහුණූ කිරීමයි. ගුරුවරුන් විසි දෙනෙකුගෙන් ඇරඹුනු නේවාසික පුහුණූ පාඨමාලාව ප්‍රසාරණය කිරීමට සිදුවිය. සහභාගි වන ගුරුවරු සංඛ්‍යාව වැඩිවීමත්, ඔවුන් ලබාගත යුතු දැනුම සහ පුහුණුව පුළුල් කිරීමත් අත්‍යාවශ්‍ය කටයුත්තක් විය. දරුවන් හැසිරවීම සහ කුසලතා වලින් සන්නද්ධ කිරීම සඳහාත් දැනුම පුහුණුව දිය යුතුව තිබිණි. පුහුණුව සඳහා පැමිණි ගුරුවරුන් සමහරෙකු, ජීවිතයේ ප්‍රථම වතාවට කොළඹ නගරය සහ කොළඹ ජනතාව දැකගනිමින් සිටියහ. ඔවුන් තුළ ඇතිවූ ආගන්තුක හැඟීම් පිළිබඳ මනා අවබෝධයක් හේමාස් නිලධාරීන් සතුවූ බැවින් උතුරු දකුණ මිත්‍රත්ව පාළමක් ඇරඹීමට අඩිතාලමක් ලෙස එම ගුරුවරු කොළඹ නගරය පුරා සංචාරයක ගෙනගොස් විනෝදාත්මක වැඩසටහන් මාලාවකටද සහභාගි කරවා තරු පහේ හෝටලයක මහා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණී ඔවුනොවුන් කොළඹ ජනතාව සමග ඇතිකරගත් සහෘද බැදීම් පුහුණුවෙන් ඔබ්බට ගිය නැවුම් අත්දැකීමක් මෙන්ම මෙම දැවැන්ත සමාජ සත්කාරය අති සාර්ථක කරගැනීමට පහසුවක්ද ඇති කළ තත්ත්වයක් විය. එය එම තීරණාත්මක භේද බින්නවීම් පැවති යුධ අවධියේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව  ඉස්මතුකර දැක්වීමක් බඳු විය.

කුරුණෑගල, පොළොන්නරුව සහ අනෙකුත් ප්‍රදේශවල පෙර පාසල් ප්‍රතිසංස්කරණය කරමින් 2003 සහ 2004 වර්ෂවල ආදර්ශ පෙර පාසල් රාශියක් විවෘත කිරීමට පියවර ව්‍යාපෘතිය කටයුතු කළේය.

පෙර පාසල් ගුරුවරු පුහුණුවක්…

2004 දෙසැම්බර් වල ඇතිවූ සුනාමි ව්‍යසනයේදී පියවර සහ හේමාස් සමූහ ව්‍යාපාරය විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා විශාල ලෙස මැදිහත් විය. එම බිහිසුණූ මතකය සුනාමියට ගොදුරු වූ දරුවන්ගේ සිත්වලින් අකා මකා දමන්නට ක්‍රියාත්මක කළ මනෝ සත්කාර ඉතාම ප්‍රශංසනීය විය. හේමාස් සමාගමේ විදේශීය හවුල්කරුවන් වෙතින් අරමුදල් ගලා ඒම නිසා සුනාමි ව්‍යාසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගොඩ නැගූ ‘හේමාස් සුනාමි පදනම’ ‘හේමාස් අවුට්රීච් පදනම’ ලෙසට පරිවර්තනය කරන ලදී. විනාශ වූ වෙරළ තීරයේ වූ පෙරපාසල් නැවත ගොඩනගමින් සහ නාගරික ප්‍රදේශවල මෙන්ම නගරයන්හිද  ආදර්ශ පෙර පාසල් පිහිටුවමින් ‘පියවර’ මුල්ළමාවියේ දරුවන්ගේ කායික මානසික ප්‍රජානන සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක යෙදුනු දැවැන්තයා බවට පත්විය.

එසේම යුධ සමයේ උතුරු නැගෙනහිර සරණාගත කඳවුරුවල විශේෂයෙන් මැණික් ෆාම් හි දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ ව්‍යසන අත්දැකීම් වල අහිතකර චිත්තවේග දියකර හැරීම සඳහා විසල් වෑයමක් ගන්නා ලදී. 

මුල්ළමාවිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනයේදී හේමාස් ආයතනයේ ශිරෝමී මාසකෝරාළගේ සහය අමාත්‍යංශය විසින් ලබාගැනීමද සුවිශේෂී තත්වයක් විය. එසේම ඇය ජාතික ළමාරක්ෂක අධිකාරියේ වසර තුනක් අධ්‍යක්ෂ ධූරයේද කටයුතු කරමින්  කොන් වූ ප්‍රතික්ෂේප වූ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන්ද  තම සේවය ලබා දුන්නාය.

අයති බිහිවීම

කායික ආබාධ සහිත ළමුන් සඳහා, මෙරට කීර්තිමත් ඇඟළුම් නිෂ්පාදන ආයතනයක් වූ  මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ රෙෂාන් විජේරාම සමග අතවැල් බැඳ ගනිමින්  ‘AYATI’ නමින් ජාතික මධ්‍යස්ථානය රාගම පිහිටුවීය. මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම ශ්‍රී ලංකා යුධ හමුදාගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය. 

අයති

සෙමෙන් ඉගෙන ගන්නා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ‘එකසේ සලකමු’ ව්‍යාපාරය 2021 මාර්තු මාසයේදී පිහිටුවීම මගින් ‘පියවර’ කාර්යභාරය තවත් පුළුල් කර එහි පූර්ණ ප්‍රතිලාභ දැයේ දරුවන් සඳහා කැපකරන ලදී.

වර්තමානය වන විට ‘පියවර’ යටතේ පෙර පාසල් හැට දෙකක, දිනකට ළමුන් හාරදහසකට අධික පිරිසක් අධ්‍යාපනය ලබති. ලක්ෂයකට අධික දරුවන් පිරිසක් දෙසීයකට අධික පෙරපාසල් පුහුණූ ගුරුවරු සංඛ්‍යාවකින් පෝෂණය වී නික්ම ගොස් ඇත. ‘පියවර’, ගුරු දෙගුරු සහ දරුවන් යන ත්‍රිත්වය මනා ලෙස සුසංයෝග කරමින් ඔවුනොවුන් අතර සබැඳියාවන් ශක්තිමත් කරමින් ඔවුනොවුන්ගේ දුෂ්කරතා, පීඩා එකිනෙකා සමග එකතුව සමනය කරගනිමින් ඉදිරියට යෑමට අවශ්‍ය ජවය සඳහා මූලබීජ රෝපණය කරන ලද්දේය. එහි ප්‍රතිඵල අදට වඩා හෙට භුක්ති විඳිය හැකිය. මේ සඳහා දෙස් විදෙස් වශයෙන් කිසිදු ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව අරමුදල් සැපයූ තවත් සත්පුරුෂයන් රාශියක් අප්‍රසිද්ධියේ වෙසෙති. 

ඔවුන් සැමගේ අපේක්ෂාව නිරෝගී මනසක් නිරෝගී සිරුරක් කුසලතා පරිපූර්ණ දරුවෙක් සමාජයට දායාද කිරීමයි. එම උදාර අරමුණු සාක්ෂාත් කරගැනීමේදී  පියවර පසු කළ ජයග්‍රාහී කඩඉම් රාශියකි. ලැබුණු සම්මාන බොහෝය.  මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා ඊටත් වැඩිය. අවසාන ජයග්‍රහණය හේමාස් සමූහ වයාපාරය හෝ රජය හෝ නොවේ. අවසන් ජයග්‍රාහකයා රටේ දරු පරම්පරාවය. රටේ ඉදිරි අනාගතයය.

හේමාස් ආයතනය එවන් විශිෂ්ට කර්තව්‍යයක නිරතවෙද්දී අප රටේ බොහෝ ආයතන   අරුත්සුන් කටයුතු වෙනුවෙන් අති විශාල මුදල් සම්භාරයක් වැය කරන ආකාරය දකින්නට හැකිය. රටක අනාගතය වෙනුවෙන් කළ හැකි විශිෂ්ටතම ආයෝජනයක් තම ධනය කාලය වැයකරමින් සිදුකරන්නට හේමාස් සමූහ ව්‍යාපාරය දැක්වූ සද්භාවයට රටම කෘතඥ විය යුතුය. 

මෙම සටහන හේමාස් සමූහ ව්‍යාපාරයේ සභාපති හුසේන් යුසුෆලී මහතා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී කුමුදුනී හෙට්ටිආරච්චිගේ “PIYAWARA” කෘතියට ලබා දී තිබූ වදනින් අවසන් කරමි. සමස්ත පියවර ව්‍යාපෘතිය විසිවසරක් අති සාර්ථකව අනාගතයට කැඳවාගෙන ආ සංකල්ප බීජය සාරංශ කොට ඔහු මෙසේ ප්‍රකාශ කරයි.

“වර්ෂ 2002 දී,  අපගේ සත්කාර සම්බන්ධ වූ වෑයම් ගැන විමසා බැලීමේදී, බොහෝ දේ කරමින් සිටින නමුත් සමාජයට සැලකිය යුතු බලපෑමක් අප විසින් නොකරන බව අපට වැටහුණි. අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ වූ සාකච්ඡාවලදී, මුල් ළමාවිය සංවර්ධනය සඳහා අවශ්‍යතා සහ අවකාශ රාශියක් පැහැදිලිව අපි දුටුවෙමු. අපගේ දැක්ම වූයේ රජය සමඟ හවුල්කාරිත්වයෙන් මුල්ළමාවියේ පංති කාමරය සඳහා හොඳම ආකෘතියක් නිර්මාණය කිරීමයි, එවිට අපගේ දරුවන් වැඩී වර්ධනය වන විට වඩාත් දියුණු ලෙස ඔවුන්ගේ මනස හැඩගස්වා ගත හැකිය.”

විශේෂ ස්තූතිය  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී කුමුදුනී හෙට්ටිආරච්චි මහත්මියට.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

23 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

Next Post

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 56කට වෙච්චි දෙයක් නෑ… විගණනය හෙළි කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.