අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

සමාගමේ ගනුදෙනු ගැන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මැති සබේ  කතා කරති

by editor
ජනවාරි 20, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ඩී.එස් ගුණසේකර බස් අද ලංකාවම දන්නා නමකි. මුලින්ම අනුරාධපුරය, කැකිරාව  වව්නියාව, කහටගස්දිගිලිය, මැදවච්චිය වැනි උතුරුමැද නගරවල සිට කොළඹට ධාවනය කළ මේ බස් රථ සෙසු බස් රථ පරයා ගමන් කරන අධිවේගී සේවාවක් බැවින් කොළඹ එන මිනිස්සු තෝරා තෝරා ඩී.එස් ගුණසේකර බස්වල ගොඩවුහ. මෙම බස් රථ ව්‍යාපාරයේ මුල අනුරාධපුරයයි. මෙම සමාගමේ නිල වෙබ් අඩවියේද ඔවුන්ගේ මූලික ලක්ෂණයක් ලෙස සඳහන් කර ඇත්තේ මඟීන්ගේ කාලය ඉතිරි කිරීම සඳහා වේගවත් ධාවනයක් සහිත සේවාවක් ලෙසය. ඩී.එස් ගුණසේකරලා දශක ගණනක සිට ව්‍යාපාර කරන පරම්පරාවක් වන අතර ඔවුන් ඉන්ධන පිරවුම්හල් සහ දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක්ද පවත්වාගෙන යයි.

මේ වනවිට ඩී.එස් ගුණසේකර බස් රථ ලංකාවේ සෑම කොණකම දැකිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වූ වූදා සිට මහරගම සහ ගාල්ල සහ මාතර අතර මෙන්ම විවිධ අතුරු මාර්ගවලද ඔවුන්ගේ බස් සේවාව ව්‍යාප්ත විය. මේ අනුව අද ලංගම ඩිපෝ දෙක තුනකටවත් නැති ප්‍රමාණයේ බස් රථ සිය ගණනක් සහිත සාර්ථක බස් ප්‍රවාහන සමාගමක් ඔවුන්ට ගොඩ නගා ගැනීමට හැකිව ඇත.

ගමේ රටේ සාමාන්‍ය ජනතාව කතා  කරන බස් හිමි මේ සමාගම පිළිබඳව ඊයේ (19) ත් අදත් (20) පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක්වීම විශේෂ කරුණක් විය. මේ තත්ත්වයට හේතුව වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිස්නායක  ඊයේ (19) මෙන්ම අද ද පාර්ලිමේන්තුවේදී මෙම සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද ලබා දුන්  පිළිතුරය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනුර කුමාර දිසානායක   ඊයේ ( 19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ කරුණ මීට පෙරද ව්‍යාපාර සහ බැංකු ක්ෂේත්‍රය අතර දැඩි කතාබහක පැවති කරුණක් විය. ඒ බස් දුවමින් දුම්වැටි සහ ඉන්ධන පිරවුහම්හල් පවත්වාගෙන යමින් තම ව්‍යාපාරය කරගෙන  ගිය ඩී.එස් ගුණසේකර සමාගම විසින් ගන්නා ලද දේශපාලන සහය මත රැඳුණු ව්‍යාපාර ක්‍රමෝපායක් හදිසියේ ඇණ හිටීමය.

මෙම සමාගම වර්තමාන රජයේ  ප්‍රබල පුද්ගලයන්ටද දේශපාලනික වශයෙන් උදව් උපකාර කොට ඇති බව වාර්තා වේ. ඒ පසුපස සමාගම මෙරට ප්‍රබල දේශපාලකයකුගෙන් එක්තරා ප්‍රතිලාභයක් බලාපොරොත්තුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසන කරුණකි.  ඒ එකවර කෝටි ගණනක් උපයා ගැනීමේ උපක්‍රමයකි. මෙහිදී අදාළ ප්‍රබලයාගෙන් සමාගමේ හිමිකරුවන් ඉල්ලා ඇත්තේ  පසුගිය අය වැයේ දී දුම්වැටිවල මිල ඉහළ දමන ලෙසය. මේ ඉල්ලීම ඉටුවනු ඇතැයි නිගමනය කළ සමාගම ඔවුන්ගේ ගිණුම් පවත්වාගෙන යන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ශාඛාවෙන් විශාල මුදලක් ණයට ගන්නේ ප්ලෙජ් ලොන් එකක් ලෙසය.

කටුවන මහජන බැංකු ශාඛාව

මෙම මුදල සුළු මුදලක් නොවේ. රුපියල්කෝටි 315කි. ඔවුන් මේ ණය මුදල ලබා  ගන්නේ දුම්වැටි මිල දී ගන්නටය.   මිලදී ගන්නා දුම්වැටි තොගය සහිත ගබඩාවම ඒ සඳහා ඔවුහු  ඇපයට තැබූහ. මේ දුම්වැටි තොගය ඔවුන් ගන්නේ අයවැය ඉදිරිපත් කිරීමට පෙරය. ඒ අයවැයෙන් වැඩිවන්නේ යයි ඔවුන් අපේක්ෂා කළ දුම්වැටියක මිල සමග මෙම පැරණි මිලට ගත් මෙම තොගයෙන් විශාල ලාබයක්  ට ලැබීමටය. ඔවුන් කළේ රජයේ බදු ලෙස වැඩිවන මුදල වැඩි වන්නට කලින් ආණ්ඩුවේම බැංකුවකින් ණයක් ගෙන දුම්වැටි මිලදී ගැනීමය.

දුම්වැටි ඉහළ යන බවට නිශ්චිත තොරතුරක් පවතින්නේ නම් ලාබ උපයන සමාගමක් ලෙස මෙම තීරණය හොඳ ව්‍යාපාර තීරණයකි. බැංකුවද අවදානම කළමනාකරණය කරගෙන මෙම ණය මුදල ප්ලෙජ් ලෝන් එකක් ලෙස ලබා දී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වුවද සමාගමට ප්‍රශ්නයක් වූයේ දුම්වැටි මිල වැඩි නොවීමය. මේ තත්ත්වය මත ඔවුන් ලබා ගත් සුවිසල් ණය මුදලේ ප්‍රතිලාභය හිමි කර ගන්නට ඔවුන් අපොහොසත් වී ඇත.

මේ පිළිබඳව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේත් අදත් විවේචනය කළේය. ඒ ඩී.එස් ගුණසේකර සමාගම කටුවන ශාඛාවෙන් මෙවැනි විශාල ණය මුදලක් ලබා දීම පිළිබඳවය.  රජයේ ප්‍රතිපත්තිය දුම්වැටි ප්‍රවර්ධනය අඩපණ කිරීම නම් එලෙස රාජ්‍ය බැංකුවක් දුම්වැටි තොගයක් ඇපයට තබාගෙන ණය ලබා දීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.

ඔහු කළ තවත් අනාවරණයක් වන්නේ මෙම ගුණසේකර සමාගමේ එක් පුත්‍රයකු වන මුදිත ගුණසේකර පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ වර්තමාන සභාපවතිවරයා බවය. එයින් මෙම ව්‍යාපාර පවුල සහ රජය අතර යම් සබඳතාවක් පවතින බව පැහැදිළිය. කෙසේ වුවද බැංකුව මේ ණය මුදල ලබා දී ඇත්තේ හුදෙක් ව්‍යාපාරික තීරණයක් මත බව ද පෙනී යයි.

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ  අද ( 20) සවස ආරම්භ වූ පාර්ලිමේන්තු සැසියේදී මෙයට පිළිතුරක් ලබා දුන්නේය. ඔහු පැවසූයේ ඩී.එස් ගුණසේකර සමාගම මේ රටේ ව්‍යාපාර සිදු කරන ආයතනයක් ලෙස එම ණය මුදල ලබා ගෙන ඇති බවයි. ඔවුන් කලක සිට මෙරට විශාල ප්‍රදේශයක් ආවරණයවන පරිදි දුම්වැටි අලෙවි නියෝජිතයා ලෙසින් කටයුතු කරන අතර මෙම ගනුදෙනුව සහ රජය අතර සබඳතාවක් නොමැති අතර එය තනිකරම ලංකා බැංකුව විසින් සිදු කරන ලද ව්‍යාපාරික ගනුදෙනුවක් බවය.

එය සියලු කොන්දේසි සහිතව ලබා දුන් එකක් බව අවධාරණය කළ ෂෙහාන් සේමසිංහ  මෙරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ආයෝජකයන් අධෛර්යවත් කිරීමට අනුර කුමාර දිසානායක  වැන්නවුන් කටයුතු කරන බවය.

අනුර කුමාර දිසානායක  පවසන පරිදි ඩී.එස් ගුණසේකර සමාගම කටුවන ශාඛාවෙන්   රුපියල් බිලියන 3.15ක ණයක් එනම් රුපියල් කෝටි 315ක් ලබා ගෙන තිබේ.  අමාත්‍ය සේමසිංහ කියන්නේ මේ වනවිට ඔවුන් එම ණය මුදල සාර්ථකව ගෙවමින් සිටින බවය. ඔවුන්ට මෙම බැංකු ණය මුදලින් ගෙවීමට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 317ක් පමණක් බවය.

එසේම ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඩී.එස් ගුණසේකර සමාගම මෙම කටුවන බැංකු ශාඛාවේ ගිණුම ආරම්භ කර ඇත්තේ 2015 වසරේ වන අතර ඒ යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිවුරන ජෝ බිඩෙන්ගෙන් ඇමෙරිකාවට “යූ ටර්න් “ එකක්

Next Post

පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.