අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මරණීය නත්තල!

by editor
දෙසැම්බර් 25, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ලෝකයට සාමයේ පණිවිඩය ගෙනා උත්තතම මනුෂ්‍යයා වසර දෙදහස් විසි තුනකට එපිට දී දුගී ගවලෙනක ගව ඔරුවක ලෝකයේ එළිය දුටුවේ අද වැනි දිනකය. ජේසු බිළිඳානන් සාමයේ පණිවිඩය රැගෙන මෙළොව එළිය දුටු පලස්තීන භූමියේ පිටිහි ශුද්ධවූ බෙත්ලෙහෙම් නගරය මේ වනවිට මරණයේ වේදනාව සලකුණු කරන මරණීය අඳුරෙන් වැසී ගිය භූමියක්ව ඇත.

ලෝකය නත්තල සමරනු ඇත්තේ කෙසේ දැයි නොදනිමු. නත්තල් රාත්‍රියත් ඊශ්‍රයාල යුදෙව්වන් විසින් රුධිරයෙන් නහවා ඇත. නත්තල් රාත්‍රියේ ඊශ්‍රයාලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් නිරායුධ සිවිල් වැසියන් 78 දෙනෙක් මිය ගොස් තිබිණි. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Ashraf Al-Qidra  තහවුරු කරන්නේ මේ ප්‍රහාරයෙන් මිය ගිය අති බහුතරය   කාන්තාවන් සහ ළමුන් බවය.  ශුද්ධ භූමියේ ම්ලේච්ඡ ඛේදවාචකය සම්බන්ධව පාප් වහන්සේත් දැන් බරපතල  කම්පනයකය.

නත්තලට පෙරදා ගාසාව ගිනි ගන්නා අයුරු දකුණු ඊශ්‍රායලයෙන් පෙනෙන හැටි… ( රොයිටර්)

මධ්‍යම රාත්‍රියට පැය කිහිපයකට පෙර ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර සඳුදා නත්තල් දිනය දක්වාම පැවතී තිබිණි.  ප්‍රදේශවාසීන් සහ පලස්තීන මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ අල්-බුරෙයිජ් වෙත දැඩි ගුවන් සහ ගොඩබිම් ෂෙල් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද වෙනම ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් අට දෙනෙකු මිය ගිය බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

පලස්තීන “රෙඩ් ක්‍රෙසන්ට්”  සංවිධානය ව විසින් තුවාලකරුවන් රෝහල් වෙත ප්‍රවාහනය කරන දර්ශන ප්‍රකාශයට පත් කර ඇත. ඔවුන් කියන්නේ  ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මධ්‍යම ගාසා තීරය අතර ප්‍රධාන මාර්ගවලටත්  බෝම්බ හෙලමින් ගිලන්රථ සහ හදිසි වාහන ගමන් කිරීමට ද බාධා කරන බවය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බෙත්ලෙහෙමේ පූජාවන් අවලංගුයි…

කිතුනු සාහිත්‍යයේ එන යේසුස් ක්‍රිස්තුස් ඉපදුණු    ස්ථානයේ සුපුරුදු උත්සව සැමරුම් වෙනුවට ගාසා තීරයේ සාමය සඳහා ඉටිපන්දම් දල්වා ගීතිකා සහ යාච්ඥා කරමින් පලස්තීන කිතුනුවෝ  සෙනසුරාදා බෙත්ලෙහෙමේදී සරල ශෝකජනක නත්තල් සැමරූහ.

ජේසුස් වහන්සේ මෙලොවට පහළ වූ  බෙත්ලෙහෙම යනු  ක්‍රිස්තියානි කථාන්දරයේ ප්‍රධාන ශුද්ධ වූ භූමියකි.   වසර 2,000කට පමණ පසුත්  වන්දනාකරුවෝ නත්තල් සමයේ දී මේ ශුද්ධ භූමිය ස්වකීය ශ්‍රද්ධාවෙන් වර්ණවත් කරති.     බෙත්ලෙහෙම්හි පෞරාණික දේවස්ථාන භූමියේ පිහිටි ජේසු සමිඳුන් උපන් ගව ගාල පිහිටි කීර්තිමත් ස්ථානය අපරිමිත හැඟීමෙන් පරවති.  සෑම  නත්තල් දිනකම  මැන්ගර් චතුරශ්‍රයේ ප්‍රීතිමත් විදුලි පහන් සහ වර්ණනවත් නත්තල් ගස්වලින් සැරසී ඇත.  එහෙත් කිලෝ මීටර 50කට එපිටින් ගාසාහි සිදුවන සමූල ඝාතනය සම්බන්ධව බෙත්ලෙහෙමේ පලස්තීනුවන් දැඩි ශෝකයෙනි.

බෙත්ලෙහෙමේ ඊයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ  නත්තල් උදාවත් සමග ඇරඹෙන උත්සවය පූජකවරුන් විසින් අවලංගු කරන ඇත.

ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් උත්සවය නිමිතිකරගත්  දේව මෙහෙයේ මුලසුන හොබවමින් මෙසේ වදාළහ.

“ අද රාත්‍රියේදී, අපගේ හදවත් බෙත්ලෙහෙමේ ඇත.   යුද්ධයේ නිශ්ඵල තර්කයෙන් සහිත අවි ගැටුමින් අද වැනි දිනයක පවා  සාමයේ කුමාරයාට   ලෝකයේ ඉඩක් සොයා ගැනීමට නොහැකි වී ඇත.”

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2023 දෙසැම්බර් 24 වන දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් මෙහෙයට එක් වෙමින්…

පලස්තීන කිතුනුවන්   බෙත්ලෙහෙම් හි නත්තල්  පැවැත්වූයේ සුපුරුදු සැමරුම් වෙනුවට ගාසා තීරයේ සාමය සඳහා ඉටිපන්දම් දැල්වූ ගීතිකා සහ යාඥාවන් සමඟිනි.

බෙත්ලෙහෙමේ නත්තල් උත්සවයේ සංකේතයක් බඳු  විශාල නත්තල් ග ගසක් තිබුණේ නැත. ගාසා තීරයේ ජනතාවගේ ඛේදවාචාකය සංකේතවත් වන ආකාරයට දේව රූප සහ සුරුවම් විවිධ සුන්බුන් සහ කටු කම්බි අතර වඩා හිඳුවා තිබිණි.

බෙත්ලෙහෙමේ නත්තල් පූජාව….

මාරාන්තික නත්තලක්

දෙසැම්බර මුල සතියේ දී    සතියක් පුරා පැවති සටන් විරාමය  බිඳ වැටිනි.    ගාසා තීරයේ   ජනාකීර්ණ වාසභූමියේ උතුරේ සිට සම්පූර්ණ   ප්‍රදේශය දක්වා පැතිර ගියේය.

ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරිදා සිය කැබිනට් මණ්ඩලයට  පැවසුවේ යුද්ධය රටෙන්  ඉතා අධික පිරිවැයක් අය කරන නමුත්    දිගටම සටන් කිරීමට වෙනත් විකල්පයක් නැති බවය. පසුව වීඩියෝ  පනිවිඩයක් නිකුත් කරමින්   හමාස් ට එරෙහිව “සම්පූර්ණ ජයග්‍රහණය” තෙක් හමුදා ගාසා තීරය තුළ   ගැඹුරින් සටන් කරන බවට ඊශ්‍රයාල අගමැතිවරයා ශපථ කළේය.

යුද්ධයේ ශේෂ පත්‍රය…

මේ වනවිට මේ සති කීපයක සටනින් ගාසාහි අසරණ නිරායුධ පළස්තීන වැසියන් 20, 500කට ආසන්න ප්‍රමාණයක් මරා දමා ඇත. මෙය දළ වශයෙන් ගාසාහි ජනගහණයෙන් දහයෙන් එකකි. මේ මරණ අතර අති මහත් බහුතරය අහිංසක නොදරුවන් සහ කාන්තාවන්ය.

හැට දහසක් ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රහාරවලින් තුවාල ලබා සිටිති. තවත් සිය ගණනක් නටබුන් අතර වැළලී අතුරුදහන්වය. සමස්ථ ගාසා වැසියන්ගෙන් සියයට අනූවකට ආසන්න ප්‍රමාණයක් අවතැන්වය. කන්නට දෙයක් නැත. ප්‍රමාණවත් ජල පහසුකම් නැත. රෝහල්වල ඖෂධ නැත. වසංගත රෝග පැතිරෙමින් තිබේ. මන්දපෝෂණය සහ වසංගතවලින් තවත් දරු පැටවු ප්‍රමාණයක් රෝහල්වල අවසන් හුස්ම හෙළමින් සිටිති. රෝහල් භූමි අවටත් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙමින් තිබේ.  මිනිස්සු ජීවිතය පමණක් පේක්ෂාවෙන් බඩට පාන් කෑල්ලක පමණ දෙයක් නොමැතිව දරු පැටවු කර පින්නාගෙන ආරක්ෂිත ස්ථාන සොයා හිස් ලූලූ අත යමින් සටිති.

ජේසු සමිඳානන් සාමයේ පණිවිඩය අරන් පහළ වූ බෙත්ලෙහෙමට නුදුරින් ලෝකයේ ලොකුම මළගම නිර්මාණය කර ඇත. එය ලෝකයටම ශාපයක් නොවනු ඇතැයි කිව හැක්කේ කාට ද?.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි!

Next Post

ඩෙංගු වැළඳී රෝහල්ගත කළ සරසවි සිසුවිය ඖෂධ අසාත්මිකතාවයකින් මිය ගිහින්! අධිකරණ වෛද්‍යවරයාගෙන් විවෘත තීන්දුවක්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.