බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මරණයේ නගරයේ අඳෝනාව… දින 03ක් පුරා 1300ක් දෙනා වැනසුණු රඟහලේ සුන්බුන් අතර…

by editor
මාර්තු 20, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

මරණයේ නගරයෙන් අඳෝනා ඇසෙමින් ඇත. ආක්‍රමණිකයාත්, ආක්‍රමණිකයාට අභියෝග කළ රටේ නායකයාත්, ඒ නායකයා යුද්ධයකට පොළඹවා සිදුවෙමින් ඇති දේ නරඹමින් සිටින බටහිර අශීලාචාර බලවතුන් රැසත් නිහඬය.

අසරණ මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවති.  බීබීසිය වාර්තා කරන ආකාරයට රුසියානු ආක්‍රමණික හමුදා විසින් වටලනු ලැබූ මරියුපෝල් නගරයේ දැන්   විදුලිය නැත. ජලය නැත. ගෑස් නැත. දුරකථන ජාලය ක්‍රියාත්මක වන්නේ දිනකට පැය කීපයකි.  ඒ පසුබිමේ දී   නගරය සමඟ සන්නිවේදනය දුෂ්කර ය

ආහාර සහ වෛද්‍ය සැපයුම් අවසන් වී තිබේ.  රුසියාව මානුෂීය ආධාර ඇතුළුවීම අවහිර කරය. නොනවතින රුසියානු ප්‍රහාර මධ්‍යයේ, සිවිල් වැසියන් දිනයේ වැඩි කාලයක් නවාගැන් ගෙන සිටිනා බිම් මහල්වලින් පිටතට එන්නේ නැත. එළියට පැමිණියත් ඒ මරණීය අවදානම රැගෙන  කලාතුරකිනි.     නිරයක් වැනි නගරය තුළ කුඩා දරුවන් අතුළු පුද්ගලයන් ලක්ෂ තුනක් පමණ ජීවිත අපේක්ෂාවකින් තොරව  රැඳී සිටිති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මිනිස්සු දින තුනක් රඟහලේ සුන්බුන් අතර

පෙරේදා රාත්‍රියේ බෝම්බ හෙලන ලද රඟහලක බිම් මහලේ තවමත් සිය ගණනක් මිනිස්සු සිරවී මිය යමින් සිටිති.  ඒ  මිනිසුන් බේරා ගැනීමේ උත්සාහයන් ප්‍රදේශයේ දැඩි සටන් හේතුවෙන්  කළ නොහැකි    බව  මරියුපෝල් නගරාධිපති පවසයි.  මේ ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමත් මාරක උත්සාහයක් බව ඔහු පෙන්වා දෙයි.

“එය කිරීමට අවස්ථාවක් නෑ.        සුන්බුන් ඉවත් කර මිනිසුන් පිටතට ගන්න ප්‍රහාරය අවසන් වනතුරු ඉන්න වෙනවා.“

කී දෙනෙක් දැනටමත් මේ සුන් බුන් අතර සිරවී මිය ගොස් ඇතිදැයි දන්නේ නැත.    දිනකට පෙර, රටේ මානව හිමිකම් ඔම්බුඩ්ස්මන් පැවසුවේ පුද්ගලයින් 130 දෙනෙකු බේරාගෙන ඇති බවත්, තවත් පුද්ගලයින් 1,300 ක් ඒ සුන් බුන් අතර සිරවී සිටින බවත්ය.

“ ඇතුලේ ඉන්න වැඩි හරියක් වයසක මිනිස්සු, ගැහැණු සහ ළමයි. විදුලිය නැතිව, ගෑස් නැතිව, ජලය නැතිව ඔවුන්  අඳුරු කාමරවල සහ කොරිඩෝවල ජීවිතයත් මරණයත් අතර සටනක. නගරාධිපති පැහැදිලි කළේය.

ඊයේ  නිකුත් කරන ලද වීඩියෝ දේශනයකදී ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ බේරාගත් සමහර පුද්ගලයින්  බරපතල ලෙස තුවාල ලබා ඇති බවය.  “කී දෙනෙක් මැරිලා ද කියලා කිසිම තොරතුක් නෑ“  ඔහු කීවේය.

සිවිල් වැසියන්ගේ නවාතැනක් ලෙස පැහැදිලිව සටහන් කර තිබූ මෙම ස්ථානයට රුසියානුවන්  පහර දුන් බවය යුක්රේන බලධාරීහු කීහ. ඔවුන් පෙන්වා දුන්නේ මේ අපරාධය කළ ගුවන් නියමුවා මිනිසෙකු විය නොහැකි බවය.  සී.එන්.එන් ලෝක සේවය  සිය චන්ද්‍රිකා ඡායාරූප සහිතව පෙන්වා දුන්නේ මේ රඟහල දෙපස ගුවනට පෙනෙන සේ කුඩා දරුවන් වෙසෙන බව සටහන් කර තිබූ ආකාරයයි. එහෙත් මේ චෝදනාව මොස්කව් ප්‍රතික්ෂේප කර තිබිණි.

රඟහල දෙපස දරුවන් රැඳී සිටින බවට ගුවනට පෙනෙන සේ ලියා ඇති අයුරු…

සිවිල් ඉලක්ක

රුසියානු ප්‍රහාර රෝහලකට, පල්ලියකට සහ ගණන් කළ නොහැකි මහල් නිවාසවලට පහර දී ඇත. , ප්‍රාදේශීය නිලධාරීන් ඇස්තමේන්තු කර ඇත්තේ නේවාසික ගොඩනැගිලිවලින් 80% ක් පමණ හානි වී හෝ විනාශ වී ඇති බවය.  ඒවායින් තුනෙන් එකක් අලුත්වැඩියා කළ නොහැකි  ලෙස වැනසී ගොස්ය. නගර මධ්‍යයක් ඉතිරිව නැත. “යුද්ධයේ සලකුණු නැති කුඩා බිම් කැබැල්ලක් නගරයේ නැත,” නගරාධිපතිවරයා කීවේ එසේය. රුසියාව අත්පත් කරගන්නේ මේ වනසා දැමූ  සොහොන් බිමක් වැනි නගරයකි.

“නගර මධ්‍යයේ වීදි සටන් ඇවිලිලා… ටැංකි තියෙනවා… කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා,   ප්‍රදේශයෙන් ඇසෙන්නෙ  විවිධ ආයුධවලින් වෙඩි තබන හඬයි…  අපේ හමුදාවන් නගරය තුළ තම බලය සහ ගෞරවය රැක ගැනීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා.. නමුත් අවාසනාවකට මෙන් සතුරාගේ බලය   අපට වඩා විශාලයි.”  මරියුපෝල් නගරාධිපති බීබීසී වෙත පවසා තිබිණි.

යුද්ධය ආරම්භයේ සිට අවම වශයෙන් නගරයේ සිවිල් වැසියන් 2,500 ක් මිය ගොස් ඇත. එහෙත් මරණ ප්‍රමාණය ඊට බොහෝ සේ වැඩි බව පැවසේ. මහ මගදී වෙඩි වැදී මිය යන අයෙකුගේ සිරුර රැගෙන යෑමට නොහැකි තරම් ප්‍රහාර ප්‍රබලය. මළ මිනී මග තැන තැනය.    බොහෝ අය සමූහ මිනීවලවල්වල මිහිදන් වෙමින් සිටිති. හතලිස් දහසක් මේ මරණයේ නගරය හැර ගොස්ය. තවත් විසි දහසක් ඉවත් කිරීමේ සූදානමිනි. රුසියාව සටන් විරාමයක් සදහා එකඟ වී දිගටම ප්‍රහාර එල්ල කරන පසුබිමක සිවිල් වැසියන් පිට කිරීම සඳහා සැකසුණු මානුෂීය කොරිඩෝ නැත.

ඔවුහු මරණය අපේක්ෂාවෙන් හිම මිදෙන සීතලේ කල් මරති. යුද්දය මොකක්දෝ කුණුහරපයකි. තමන් නොදන්නා, තමන්ට නොවැටහෙන නොගැඹුරු දේශපාලනයක මුග්ධ බල ගැටුමකට මේ මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවමින් සිටිති.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඩොලරයේ අගය පහළට යනවා.. අඩුවක් නැතිව අවුරුදු කන්න  පුලුවන්…! – වෙළෙඳ ඇමති…

Next Post

මෝදි ගේ  ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිතයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.