බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොලිසියේ කොවිඩ් නිරෝධායන නිරුවත හෙළි වෙයි…

.

by editor
නොවැම්බර් 10, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • සියලුම නිලයන් එකට දාලා… හතලිහකට වැසිකිලි 4යි…
  • මූලික සෞඛ්‍ය පහසුකම් තියා කන්න බොනන්වත් නෑ දෙයක් සලස්වලා නෑ… සමහර කඳවුරු දූවිලි ගොඩවල්
  • ශාලාවල එක දිගට දාලා… ඇඳන් අතර මීටරයක පරතරයක් නෑ…
  • උසස් නිලධාරීන්ගේ උද්දච්ච තීන්දු නිසා වෙච්ච වැඩක්… අපි වන්දි ගෙවන්න ඕන මෙහෙම ද… කොවිඩ් ආසාදිතව කඳවුරු ගතවී සිටින පොලිස් නිලධාරීහු අසති…
නිරෝධායනයට ලක් වන පොලිස් නිලධාරීන්ට තම නිවෙස්වල හෝ පොලිස් ස්ථාන නිල නිවාස තුළ නිරෝධායනය කරනු වෙනුවට විශේෂිත නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවුව ද මෙම නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර සඳහා වූ කිසිම මූලික පහසුකම් නොමැතිවීමෙ  හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව එම පොලිස් නිලධාරීහු පවසති.
පොලිස් කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ…
ලංකාසර වෙත ඇමතූ මෙම පොලිස් නිලධාරීන් ගණනාවක්ම පැවසුවේ ඔවුන්ට මූලික පහසුකම් වත් මෙම නිරෝධායන මධ්‍යස්ථානවල නොලැබෙන බවය. මෙම අවම පහසුකම් සමඟ දින 14ක් ගත කිරීම කොවිඩ් අවදානම මැද ඉහළ නිලධාරීන්ගේ නියෝගය මත රාජකාරී කිරීමට ලබා දුන් දඬුවමක් තත්ත්වයට පත්ව ඇති බවය. මේ පිළිබඳව පොලිස්පතිතුමා මෙන්ම කොවිඩ් මර්දනය භාර ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස මෙම නිලධාරීහු අප වෙත කරුණු හෙලි කරමින් ඉල්ලා සිටියහ.
මේ වනවිට පිහිටුවා ඇති පොලිස් නිරෝධායන  මධ්‍යස්ථානවල තත්ත්වය පිළිබඳව ලංකාසර වෙත කරුණු හෙළි කළ නිලධාරියකු පවසන්නේ මෙම නිරෝධායන කඳවුරු    කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු විධිමත් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් කිසිවක් කිසි වටෙකත්  අනුගමනය නොකෙරන බවය.
එවැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට තරම් ඇතැම් මධ්‍යස්ථානවල පහසුකම් නැති බවය.  විශේෂයෙන් සනීපාරක්ෂක පහසුකම් බොහෝ ඒවායේ සීමා වී තිබේ. කුණ්ඩසාලේ පවතින එක් නිරෝධායන මධ්‍යස්ථානයක 40 දෙනකු රඳවා සිටියද ඔවුන් වෙනුවෙන් ඇත්තේ වැසිකිලි හතරක් බව ඔවුහු පවසති. එසේම අතැම් නිරෝධායන මධ්‍යස්ථානවල  එකම ශාලාවක රඳවා තබා ඇති අතර අඩුම ගණනේ ඇඳන් අතරවත් මීටරයක පරතරයක් නොපවතී. ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන්, උප පොලිස් පරීක්ෂකවරුන් ගේ සිට සියලුම නිලධාරීන් එකම මට්ටමකටම රඳවා ඇති අතර ජල පහසුකම් පවා නිසි ලෙස සැලසීමට හැකිව නැත.
කුණ්ඩසාලේ පිඑහිටි එක් පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයක මෑත ඉදිකළ ගොඩනැගිල්ලක් බැවින් එහි විදුලි පංකා දැමූ විට දුහුවිලි ඇවිස්සෙන අතර එම දුහුවිලි සහිත වාතය ආශ්වාස කිරීමෙන් නිකරුණේ ශ්වසන ආබාධ නිර්මාණය වන අවදානමක් පවතින බව එක් නිලධාරියෙක් අපට පැවසීය. එමෙන්ම ආහාර පාන ලබා දීමේදීද ඒ පිළිබඳව අවධානයක් දක්වා නොමැති බවත් එම ආහාර පානවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව ගැටලුවක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
මෙහිදී දී අප වෙත අදහස් පළ කළ එක් නිලධාරියකු පෙන්වා දෙන්නේ  අවශ්‍යනම්   නිරෝධායනය වන පොලිස් නිලධාරීන් පහසුකම් සහිතව රඳවා තැබීමේ ස්ථාන ගණනාවක්  පොලිසිය සතුව තිබියදී මෙවැනි ත්ත්තවයක් නිර්මාණය කර ඇති බවය.
“ පොලිස් අභ්‍යාස විද්‍යාලවල හොඳ කාමර පහසුකම් තිබෙනවා. අඩුම ගානේ දවසකට රුපියල් 1000ක් විතර අපෙන් අරන් හරි අපට ඒ වගේ තැනකත් ලබා දෙන්න කියල ඉල්ලන්නේ. මොකද මේ වගේ නැත්වල හිටියම අපි එක අතකින් ශාරීරිකවත් මානසිකවත් වැටෙනවා. හරියට අපි මේ රාජකාරී කළාට දෙන දඬුවමක් වගේ?“ යයි මෙහිදී අප වෙත අදහස් දැක්වූ එක් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ වනවිට නිරෝධායනයට ලක් වන නිලධාරීන් ප්‍රමාණය වැඩි වන පසුබිමක් තුළ පොලිසියට මෙවැනි අවම පහසුකම්වත් ලබා දෙන්නට නොහැකි නම් අඩුම තරමින් තමන් සේවය කරන පොලිස් ස්ථානවලම පවතින නේවාසිකාගාර මෙවැනි නිරෝධායන මධ්‍යස්ථාන ලෙස වෙන් කොට භාවිත කිරීමට සැලැස්විය හැකි බවත් නිවසේ සිට නිරොධායනයට ලක් වීමේ හැකියාව ඇති නිලධාරීන් එසේ නිවසේ සිට නිරෝධායනට ලක් කිරීම මෙම සංකීර්ණ තත්ත්වය සරල නිරීමට හැකියාවක් ලැබෙන බව ද මෙහිදී එක් නිලධාරියෙක් පෙන්වා  දුන්නේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සැමියාගේ ජීවිත තර්ජන ගැන ශානි අබේසේකරගේ බිරිඳගෙන් ලිපියක්

Next Post

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.