සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

 දේශපාලකයින්ගේ පසුබිම් සැරසිල්ලක් වී කුල්ල කුජීත වෙන්නට පෙර කියවන්න… පොලිස්පති තුමාට පුරවැසියෙකුගෙන් ලියුමක්!

by editor
ඔක්තෝබර් 13, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

පොලිස්පති තුමනි!

විවෘතව ඔබතුමාට මේ ලිපිය ලියන්නට හේතුවක් තියෙන්නේය. මොකද කියනවා නම් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පති තනතුරට පැමිණි ඉතිහාසගත ගමනක් ඇති ලංකා පොලිසියේ පළවෙනියා වූ තමුන්නැහේ අපේ එකෙක් වගේ හැඟීමක් අපට තියෙන නිසාය.

අපේ එකෙක් කියන එකෙන්ම අනෙක් පැත්තෙන් කියැවෙන කතාවක් ද තිබේ.   ඒ ගමේ ගොඩේ උන්ගේ තියන හොඳ වගේම පට්ට පදුරු ජන්මීය කුජීතකම් හැම එකක්ම ද “අපේ උන්ට”  යහමින් ඇති බවය. දේශපාලනයේ සිට නිලධාරි යාන්ත්‍රණයේ ඉහළම තැන් දක්වා කතාව එසේය.  ඒ කනවැදන්දුම් පදුරු ගති අපට නොතිබුණා  නම් අප දැන් ජාතියක් ලෙස ඉන්නේ බොහොම වෙනස් තැනකය.

ඒ ඇත්ත තමුන්නැහේට වලංගු වන්නේ කෙසේ දැයි කියා තැබීම අප වැනි පුරවැසියන්ගේ යුතුකමක් බව සිතෙන්නේය. මක් නිසාද යත් මේ ඇත්ත කීවා කියා අපට කෙළවෙන්නේ නැති නිසාය. අප යනු හොඳටම කෙළ වී තවත් කෙළවෙන්නට තැනක් නැති පැදුරෙනුත් පහළ ජීවත් වෙන මේ රටේ පොදු පුවැසියන්ය.  ඒ නිසා රජවරුන්ගේත් උන්ගේ මැති ඇමති නිලධාරීන්ගෙත් හෙළුව පේන විට ඒ හෙළුව පේන බව කියන්නට හොඳම සුදුස්සන් අපය.

ඒ නිසා මේ කතාව අසා සිටින ලෙස මුලින්ම තමුන්නැහේගෙන් ඉල්ලා සිටිමි.

පොලිස්පති තුමනි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මේ වනවිට ඔබ තුමා රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය විනාස කරන්නට බර අඩි තබමින් යන බව ආණ්ඩුව අපට කියන්නේය. එය ඇත්තක් ලෙස රටට හිතෙන්න නම්  පළමුවෙන්ම පොලිස්පතිවරයා ලෙස තමුන්නැහේ,  තමුන්නැහේට අනන්‍ය පෞරුෂයකින් ගොඩ නැගිය යුතුය. ඒ දැක්මෙන් පොලිසිය ආණ්ඩුවේ ඉලක්ක සාධනීය අරමුණු බවට පත් කිරීමට පොලිසිය මෙහෙයවිය යුතුය. පොලිස්පතිවරයෙකුගෙන් ආණ්ඩුවක් බලාපොරොත්තු වන්නේ එයය.

එසේ  නොකර  කුමණ දේශපාලන පක්ෂයක හෝ බැලයෙක් වී අවසානයේ  පිංගුත්තරයන් වු  පොලිස්පතිලා ගේ ඉරණම තමුන්නැහේට අත්විය යුතු නැති බව අපගේ හැඟීමය. ඒ තමුන්නැහේ අපේ එකෙක් කියා අපට හිතෙන නිසාය.

මේ ආණ්ඩුව ජනතාව පත් කර එව්වේ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙනි. ආණ්ඩුවේ දේශපාලකයින් එම පරිවර්තනය කරගත්තාට අවුලක් නැත. ඒත් පොලිස්පතිවරයා ඒ පරිවර්තනයට හවුල් විය යුත්තේ    පොලිස්පතිවරයා ලෙසය.  තමන්ගේ රාජකාරියේ දී පවා ඔහු සිටිය යුත්තේ දේශපාලකයන්ගේ පරිවාරක රූකඩයක් ලෙස කැමරා ඉදිරියේ කුජීත වෙමින් නොව, නීතිය හා සාමය පිලිබඳව රටට වග කියන ආයතනයේ ප්‍රධානියා ලෙස ස්වාධීන පුද්ගල චරිතයක් ලෙසය.

එහෙත් ඔබතුමා   අප්පිරියා හිතෙන තරමට දැන් දේශපාලකයින් පසුබිමේ සිටිනු පෙනෙන්නේය. ඇමති ආනන්ද විජේපාල තමන්ගේ දේශපාලන කතා පවත්වන විට විලි ලජ්ජා නැතිව හිස වනමින්  කැමරාවට මුහුණ දී ඔහු පිටුපසින් සිටිනු දකින විට, ඇත්තමයි පොලිස්පති තුමනි… ඇති වන්නේ අපුලකි.

අද අපට ඔබව පෙනෙන තැන මෙතෙක් සිටියේ  ඕනෑම දේශපාලකයෙක් වටේ ඉන්නා කැපී පෙනෙන්නට දඟලන නොම්බර එකේ ගොබ්බයන්ය. ඒ මිනිස්සු ගැන සමාජයේ පමණක් නොව දේශපාලන ව්‍යාපාර තුළ ද  ඇත්තේ උපහාසාත්මක විවේචනයකි. රටේ පොලිස්පතිවරයා ඒ තැනට වැටී ඉන්නා හැටි   දකිනකොට අපට ලජ්ජා හිතෙන්නේ ඒ නිසාය.

ඇමතියාට ඇමතියාගේ දේශපාලන කතා නිදහසේ  කියන්නට ඉඩ දී තමන් පොලිස්පති ධූරයේ ගෞරවය රැකගෙන කැමරාවෙන්  ඉවත්ව  වනන තරමක්  ඔලුව වන වනා හිටියාට අපට අවුලක් නැත.  එහෙත් තමුන්නැහේ මේ කරන්නේ සිල්ලර වැරැද්දක් නොවන බවට  සිතිවිල්ලක් හෝ තමුන්නැහේට  පහළ නොවීම අපට හිතෙන්නේ රටේ ඛේදවාචකයක් කියාය.  දේශපාලකයින් සමග දකින දකින තැන පෙනී සිටිමින් ඔවුන්ගේ පසුබිම් සරසන ගොක්කොල ලෙස  ස්වේච්ඡාවෙන් රූපාන්තරණය වූ  පොලිස්පතිවරයෙක් පොලිසිය දේශපාලනීකරණය වී නැති බව ඔළුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නැත.  අපට එය පිළිගන්නට සාධාරණ හේතුවක් නැත. අප මෙසේ කියන්නේ මෑත කාලීන පොලිස්පතිවරුන් ගැන අපේ අත්දැකීම මතය.

මෑත කාලය සිහි කරන විට දේශපාලකයින්ගේ පසුබිම් සැරසිල්ලක් වූ පොලිස්පතිවරයා චන්ද්‍රා ප්‍රනාන්දුය.  අපට හිතෙන විදිහට විලිලජ්ජාවේ සීමාව තමන් විසින්ම බිඳ ගෙන පොලිස්පති නිල ඇඳුම දේශපාලකයින් ජංගි වනන රෙදි වැටේ එල්ලුවේ චන්ද්‍රා ප්‍රනාන්දුය.  තමන්ගේ පිංගුත්තරකම පොලිස් කොමිසමේ සභාපති වු පසුත් නවත්වාගන්නට බැරි වූ චන්ද්‍රා ප්‍රනාන්දු යනු පොලිස්පති ඉතිහාසයේ සිටි හොඳම අන්දරේ බව අපට කියන්නේ පොලිසියේම ලොක්කන්ය.

ඔහුට පසුව සිටි වික්ටර් පෙරේරා මෙන්ම ජයන්ත වික්‍රමරත්න ද දේශපාලනය කළත් ඒ කළේ පොලිස්පති ධූරයේ සීමා මායිම් හඳුනාගෙනය. අත්‍යාවශ්‍ය අවස්ථාවක මිස ඔවුන් දේශපාලකයින් සමග කැමරා ඉදිරියේ මුහු වූයේ නැත. අනතුරුව පොලිස්පති වූ මහින්ද බාලසූරිය යනු පොලිසියම ගොමස්කඩයක් කළ යාචකයෙකි. ඔහු හැකි සියලුම අවස්ථාවල   දේශපාලකයින්ගේ ගොංපස් අල්ලන බැලයෙක් ලෙස පෙනී සිටියේ පොලිස්පති ධූරය අමතක කරමිනි. ඔහුට අත් වූ ඉරණම බොහෝ දෙනා දනී. ඒ නිසාම ඒ ගැන වැඩිපුර කිව යුතු නැත.

මෑත කාලයේ   පොලිස්පති ධූරයට ආදර්ශයක් වූ නායකත්ව චරිත ද වේ. එහි ප්‍රමුඛයා හිටපු පොලිස්පති   එන්.කේ.ඉලංගකෝන්ය. ඔහු මෑත ඉතිහාසයේ බිහි වූ සැබෑම නායකත්ව පෞරුෂය බව අදත්  පොලිසිය පිළි ගන්නේය. හෙතෙම රාජකාරිය ඒ බරෙන්ම කළේය. ජනාධිපතිවරයා රටින් බැහැර වනවිට පොලිස්පතිවරයා ජනාධිපතිවරයා සමග ගුවන්තොටුපලට පැමිණිය යුතු බව සැබෑය. ඒ සෑම අවස්ථාවකම රාජකාරිය භාර බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරිය වෙනුවෙන් ජනාධිපතිවරයා අසලට යවා ඇස් මානයෙන් රැඳී සිටිමින් රාජකාරි නිරීක්ෂණය කිරීමේ පෞරුෂය ඔහුට තිබිණි. ඔහු කිසිම අවස්ථාවක දේශපාලකයෙකුගේ පසුබිම සරන මල්පෝච්චියක් වූයේ නැත. එමෙන්ම කිසිම දේශපාලන බලපෑමක් නොතකා රාජකාරිය ඒ බරින් සිදුකළ ගෞරවනීය රාජකාරි ඉතිහාසයක් සම්බන්ධව ඔහු අදත් පොලිසියේ  ගෞරවයට පාත්‍ර වන්නේය.

වත්මන් පොලිස්පති තුමාත් ඔහුගේ නායකත්වය යටතේ පොලිසියේ රාජකාරි කළ තැනැත්තෙකි. එබැවින් ඒ ආදර්ශය සම්බන්ධ හොඳම ඇත්දැකිම ඇත්තේ පොලිස්පති තුමනි… ඔබතුමා ලඟය.  එමෙන්ම  ඉන් අනතුරුව දේශපාලකයින්ගේ ගොං පස් අල්ලන්නට ගොස් පට්ට පදුරු කුජීත වුන පොලිස්පතිලා ගැන අත්දැකීමත් ඔබට ඇත්තේය. අපට පෙනුන විදිහට නම් පොලිස්පති නිල ඇඳුම ඇඳගත්   දේශපාලන අම්බරුවන්  අතර සිටි මෑත කාලීන  කැපී පෙනෙන විෂමාදර්ශය පූජිත් ජයසුන්දරය.  ඔහු දේශපාලකයින්ගේ වේදිකාවල වන්නම් නැටුවේය. සිංදු කිව්වේය. දේශපාලකයා පසුපසින් හිඳිමින් දේශපාලකයාටත් වඩා දේශපාලන චූන් දුන්නේය. අන්තිමට කෙළවා ගත්තේ දේශාපලනය සහ රාජකාරිය අතර බර තමන්ටම අමතක වීමෙන් පසුය. අද පොලිසියේ එකෙක්වත් ඔහු දිහා ඇහැක් ඇර බලන්නේ නැත.

අවසානම කාලකණ්ණි මතකය දේශබන්දු තෙන්නකෝන්ය. මේ පිරිහී ගිය අන්ත දූෂිතයා පොලිස්පති වීමෙන්  පොලිස් ඉතිහාසයේ නින්දාසහගතම කළු සලකුණ සටහන්  වූ බව අපට සිතුනේය. කුමක් හෝ හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ඔහුව පොලිස්පතිකමට යෝජනා කළේය. එහෙත්   රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ඔහුව පැත්ත පලාතේ ගෙන්වා ගැනීම වැළැක්වූ  බව අප දන්නේය. ඒ වෙනුවට ඔහු පොලිස් ඇමතිගේ බැලයා වුනේය. මිනිස්සු කීවේ ඇමතිට නිදහසේ වැසිකිළියටවත් යන්නට දේශබන්දු ඉඩ දෙනවාදැයි සැක බවය. දේශපාලන හයිය අරන් කළ අවජාතක බලුකම් හේ නිසා  අද මේ ගෝතයාට සිදු වී ඇත්තේ  කූංඤ්ඤය ගැලවූ රිලවාට වෙච්චි වැඩේය.

අපට දුක හිතෙන්නේ මේ චරිතවලට පසුව දේශපාලකයින් සමග වැඩිපුරම පෙනී ඉන්නා පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය මාධ්‍යවල දැකීමය. මේ තත්ත්වය පොලිසිය අභ්‍යන්තරයට ලබා දෙන ඉඟි අවසානයේ පොලිස්පතිට පමණක් නොව ආණ්ඩුවටත් කෙළවන තරම් බිහිසුණුය. එවැනි ඉඟි පොලිස් මාධ්‍ය කොට්ඨාසය හරහා දැනටමත් සමාජයට ගලාගෙන එන්නට පටන් ගෙන ඇති බව කිව යුතුය.  ඇත්තටම කියනවා නම් ප්‍රියන්ත වීරසූරිය කල්පනා කළ යුත්තේ තමන්ට ලැබෙන්නට අහලකින්වත් නොතිබුණ පොලිස්පතිකම තමන්ට ලැබීමේ ගෞරවය පොලිසිය වෙනුවෙන් ආරක්ෂා කිරීමේ දැවැන්ත  වගකීම   තමන්ට ඇති බවය.

මේ කතාවත් කියා මේ සටහන අවසන් කිරීම හොඳය.  අපත් මේ ආණ්ඩුව පත් කිරීම සඳහා ප්‍රාර්ථනා සහගතව වැඩ කළ කුඩා මිනිස්සුය. අප ඉන්නේ පුද්ගලයින් සම්බන්ධ ත්‍රිල් එකක නොව රට පිළිබඳ වූ යහපත් ප්‍රාර්ථනාවකය.     මොනතරම් යහපත් යැයි අප විශ්වාස කළත් දේශපාලනය යනු දේශපාලනය ය. එය වෙනම සංකීර්ණයකි. පොලිසිය ආණ්ඩුවට ආණ්ඩුකරණයට අවශ්‍ය සහාය ලබා දිය යුත්තේ රජයක වගකීම සහිතවය. ඒ සඳහා පොලිස්පතිවරයා පොලිස්පතිවරයාට අනන්‍ය පෞරුෂයකින් ආණ්ඩුව සහ රජය අතරමැදි පුරුක විය යුතුය. ආණ්ඩුවක් පොලිස්පතිවරයෙකුගෙන් අපේක්ෂා කරන්නේත් එය ය.

ඒ හැරෙන්නට මේ දේශපාලකයින්ගේ පසුගමන් යෑම සහ ඔවුන්ගේ පසුබිම සරසන සැරසිලි වීම පොලිස්පතිවරයෙකුට නොතරම්ය. මක්නිසා ද යත් තමුන්නැහේ කොස්තාපල් වී සිටියේ මීට දශක තුනකට එපිටින් වීම නිසාත් දැන් තමුන්නැහේ ලංකාවේ පොලිසියේ පොලිස්පති වීම නිසාත්ය.

මේ ලියැවිල්ල ලියන්නේ කිසිම අරෝවකින් නොවන බව පොලිස්පතිි තුමා තේරුම් ගන්නවා ඇතැයි විශ්වාසය. අප හිතුවේ ඉලංගකොන් කෙනෙක් ගැනය. ඒත් දැන් ප්‍රියන්ත වීරසූරයගෙන්  පෙනෙන්නේ චන්ද්‍රා ප්‍රනාන්දු, මහින්ද බාලසූරිය, පූජිත් ජයසුන්දර සහ දේශබන්දු තෙන්නකොන්ගේ සංකලනයක් නම් අපට කියන්නට ඇත්තේ   බුදු අම්මෝ පොලිස්පති තුමනි… මාර වැඩේ තමයි වෙන්ඩ යන්නේ කියාය.

මම පුරවැසි
ජානක ලියනආරච්චි –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැස්ස නිසා පාරට වැටුන ගලක වැදුන ත්‍රී රෝද රථයක් ඉදිරියෙන් පැමිණි වාහනයක ගැටී මාරක අනතුරක… රියදුරු එතැනම මිය යයි!

Next Post

ගල්කිස්සේ පොලිස් නිලධාරියාට ඇප…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.