බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දශක ගණනක් තිස්සේ දුප්පත්කම නඩත්තු කර පවත්වාගත් දේශපාලන කාලකණ්ණිකමේ කතාව පර්යේෂණ දත්ත මත හෙළි වූ හැටි!

by editor
අප්‍රේල් 15, 2025
in සමාජ
Poverty
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

රට නිල වශයෙන් බංකොලොත් භාවයෙන් මිදි ඇති බවට රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත්තේය. උද්ධමනය ද අඩු වි තිබේ. එහෙත් මහපොළොවේ තත්ත්වය ඒ තරම් පහසු නැත. කොවිඩි වසංගතයත් සමග මෙරට ඇති වු දැඩි ආර්ථික අර්බුදය තවමත් පහව ගිය ඇති බවක් නොපෙනේ. භාණ්ඩ හා සේවා වල මිල ගණන්වල අඩුවීමක් ද දක්නට නැත.එහෙත් භාණ්ඩ හා සේවාවල මිල වැඩිවිමේ වේගය ඉකුත් වසරවලට සාපේක්ෂව අඩුවි තිබේ. අපේ රට බංකොලොත් භාවයෙන් මිදි ඇතත් රටේ දරිද්‍රතාවය වැඩි වී ඇති අයුරු දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) පවසයි. එම ආයතනනය විසින් කරණු ලැබු සමික්ෂණයකින් කියන්නේ 2024 වර්ෂය අවසන් වනවිට මෙරට දරිද්‍රතාවය සියයට 48ක පවතින අයුරුය.

දුප්පත්කම ඉහළට

එම සමික්ෂණයට අනුව 2024 වර්ෂයේ පෙබරවාරි වල සිට ජුනි දක්වා කාලය තුළ මෙරට ජනගහණයෙන් සියයට 60ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. එහෙත් මෙම වර්ෂය අවසන්වනවිට මෙරට දරිද්‍රතාවය සියයට 48 දක්වා අඩු වි තිබේ.
2023 වර්ෂයේ මෙරට ජනගහණයෙන් සියයට 31ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. ඒ අනුව 2024 වර්ෂයේ දි මෙරට දරිද්‍රතාවය සියයට 48 දක්වා වැඩි වී තිබේ. මෙම සමික්ෂණයට අනුව ඇතැම් රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, දුප්පතුන්ගේ ගොඩට වැටී ඇත. දුප්පත්කම වැඩිවීම රටේ ආර්ථිකයට ද විශාල බරකි.

මෙරට දරිද්‍රතාවය 2016 වර්ෂයේ දි සියයට 04 දක්වා අඩුවි තිබුණි. එම කාලයේ දි දුප්පත්කම අඩුවිම විශාල සංවර්ධන ජයග්‍රහණයක් ලෙස සැලකු අතර විදේශිය රටවලින් පවා මෙරටට පැසසුම් හිමි විය. කොවිඩ් වසංගතය මෙන්ම රට තුළ පැවති වංචාව, දුෂණය, සහ නාස්තිය හේතුවෙන් රට බංකොලොත් භාවයට ඇද වැටි තිබුණි.

රටතුල සිදුවු ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන්වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඇතුළු පිරිසක් වගකිවයුතු බවට ශ්‍රේෂඨාධිකරණය විසින් ද තීන්දු කළේය. මහාභාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරුන් වන ආචාර්ය පි.බි ජයසුන්දර, එස් ආර් ආටිගල මහබැංකුවේ හිටපු අධිපතිවරුන්වන ඩබ්ලිව් ඩි ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, සේවක ආර්ථසාධක අරමුදලේ නියෝජිතයකු වන සමන් කුමාර, ශ්‍රි ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය ආර්ථික පරිහානියට වගකිවයුතු සෙසු පුද්ගලයින් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ විය.

දුප්පතුන් වෙනුවෙන් දියත් කළ වැඩ සටහන් අසාර්ථක විම

නිදහසින් පසු මෙරට බලයට පත්වු රජය විසින් රටේ දුප්පතුන් ඉන් මුදවා ගැනිම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරණු ලැබිය. දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සඳහා ආහාර මුද්දර සලාකයක් ලබාදිමට කටයුතු කරණු ලැබිය. එකල මෙය හැදින්වුයේ හාල්පොත යන නමිනි. ඉන්පසුව ජනසවිය, සමෘද්ධිය හා අස්වැසුම යන වැඩසටහන් දුප්පත් ජනතාව ඉලක්ක කරගෙන එවකට බලයේ සිටි රජයන් විසින් ක්‍රියාත්මක කරණු ලැබිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනිම සඳහා කුමන වැඩසටහන් ක්‍රියාත්මක කළද රටේ දුප්පත්කම අඩු වී නොතිබිණි. දරිද්‍රතාවය වැඩිවී තිබිණි. සොච්චම් මුදලක් හෝ ද්‍රව්‍යමය ආධාර ස්වල්පයක් ලබා දෙනු විනා ඔවුන් ආර්ථික වශයෙන් සවිමත් කිරීමට අවශ්‍ය සාධනීය ප්‍රායෝගික වැඩපිළවෙළක් නොවුනි.

එමෙන්ම දුප්පතුන් ඉලක්ක කරගත් අඩුපාඩු සහිත වැඩසටහන් ද ඉලක්ක ප්‍රජාව සපුරා ආවරණය කළේ නැත. සමෘද්ධි ව්‍යාපාරය තුල මෙරට දිළිදු ජනතාවගෙන් සියයට 48කට පමණ සමෘද්ධි ප්‍රතිලාභ හිමිවි තිබුණි. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව සමෘද්ධි ප්‍රතිලාභ දිගින් දිගටම ලැබි ඇති ප්‍රජාවගෙන් 12%ක් ධනවත් පුද්ගලයින් බව තහවුරු වී ඇත.

1994 වසරේ සිට සමෘද්ධිය අස්වැසුම ලෙස නාමකරණය වී අද දක්වා පැවැති වසර 31ක කාලය තුළ එය පවත්වාගෙන ආවේ දැනුවත් අඩුපාඩු සහිතවය . සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනිමේ ක්‍රියාවලිය දේශපාලනකරණය වූ ආකාරය හෙළි විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැඩසටහන වෙත ප්‍රතිලාභින් ඇතුළත් කිරිමේ දි සහ ඉන් ඉවත් කිරිමේ ක්‍රියාවලිය ප්‍රමාණාත්මක දෝෂ වලින් සමන්විත වී ඇති බව ද ලෝක බැංකුව පෙන්වාදි තිබුණි. එකළ සමෘද්ධි වැඩසටහන තුළද සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු අයගෙන් සියයට 48කට සමෘද්ධි සහනාධාර ලැබි නොතිබුණි. එනම් රට දේශපාලන ලබැඳියාවන් මත දුප්පත්කම නඩත්තු කර පවත්වාගෙන පැමිණ තිබිණි.

එමෙන්ම මෙරට සාර්ව ආර්ථිකය කඩා වැටිම සඳහා බලපාන එක් ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත්තේ දුර්වල මුදල් ප්‍රදානයන් සහිත සමාජ ආරක්ෂණ වැඩසටහන් බව මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සදහන්ව ඇත.

මෙම දුර්වලතාවයන් හේතුවෙන් පසුකාලිනව රජය විසින් සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ වැඩ සටහන් වලදී විකල්ප ක්‍රමවේද භාවිතා කරණු ලැබිය. එහෙත් එම ක්‍රියාමාර්ග වලින්ද ඉලක්කගත අරමුණු ඉටුනොවු අතර දිගින් දිගට ධනවත් පුද්ගලයින් වෙත විශාල වශයෙන් ප්‍රතිලාභ ගලයාම සිදුවිය. රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීම සදහා වසරකට රුපියල් බිලියන 90ක වියදමක් දරා තිබුණි..

පසුව සමෘද්ධිය වෙනුවට දුප්පත් ජනතාව සදහා අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. සේපා ආයතනය විසින් කරනු ලැබු සමික්ෂණයට අනුව අස්වැසුම ලැබිය යුතු දුප්පත් අයගෙන් සියයට 58කට අස්වැසුම ලැබි නොතිබුණි. දුප්පතුන් නොවන සියයට 26කට අස්වැසුම ලැබි තිබුණි. සමෘද්ධි ව්‍යාපාරය තුළ සමෘද්ධිය ලැබිය යුතු සියයට 48කට සමෘද්ධි සහනාධාරය ලැබි නොතිබුන අතර අස්වැසුම වැඩසටහන තුළ එම සංඛ්‍යාව 58 දක්වා වැඩිවි තිබුණි.

අස්වැසුම ලැබිය යුතු දුප්පත් අයගෙන් සියයට 58කට අස්වැසුම ලැබි නැහැ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවට අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දෙවන වටයේ දී පුද්ගලයින් ලක්ෂ අටක් පමණ ඉල්ලුම්කොට තිබේ. අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දෙවන වටයේ දි ඉල්ලුම්කොට ඇති පිරිසෙන් සියයට පනහක් එනම් ලක්ෂ හතරක පමණ පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇති බැව් කාරක සභාවේ අදහස වී ඇත.

ඉකුත් වර්ෂයේ (2024) දෙසැම්බර් මස 31 දින වනවිට පුද්ගලයින් දාහත්ලක්ෂ, විසිදහසක් පමණ අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබති. මින් සංක්‍රාන්ති කණ්ඩායමේ පසුවන ලක්ෂ තුනක පමණ පිරිසක් අස්වැසුම යෝජනා ක්‍රමයෙන් ඉවත් ඉවත්වීමි නියමිත අතර ඒ අනුව දාහතර ලක්ෂ විසිදහසක පමණ පිරිසකට අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ හිමිවනු ඇත.

මෙම යෝජනා ක්‍රමය සදහා ප්‍රතිලාභීන් තෝරා ගැනිමේ දී ඒ සඳහා සුදුසුම පුද්ගලයින් තෝරාගැනිමට කටයුතු කරණ ලෙස මුදල් කාරක සභාව විසින් දැඩිලෙස අවධාරණය කොට ඇත. ප්‍රතිලාභින් තෝරා ගැනිමේ දි ඇතිවන ගැටලු විසඳිම සඳහා නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරණ ලෙස කාරක සභාව විසින් යෝජනාකොට ඇත. මේ වනවිට මෙම සමික්ෂණයේ සියයට 75ක් පමණ සමීක්ෂණ කටයුතු අවසන් වි ඇතිබැව් සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරන්නේය.

රටේ ද්‍රරිද්‍රතාවය පිළිබඳ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (සේපා) විසින් සිදුකළ සමික්ෂණ වාර්තාව පසුගියදා මුදල් කාරකසභාව වෙත ඉදිරිපත් කරණු ලැබිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සේපා ආයතනයේ විධායක නිලධාරි සිරිමල් අබේරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සේපා ආයතනයේ උපදේශක මහාචාර්ය එච්.එම් ගුණතිලක විසින් මෙම වාර්තාව මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරණු ලැබිය. රටේ දරිද්‍රතාවය පිළිබද මුදල් කාරක සභාවේ දි ඇතිවුයේ මෙවන් සංවාධාත්මක තත්ත්වයකි.

සමාජ ආරක්ෂණය තාවකාලික පැලැස්තරයක් පමණයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සේපා ආයතනයේ විධායක නිලධාරි සිරිමල් අබේරත්න මුදල් කාරක සභාව හමුවේ මෙසේ පැවසුවේය.

සේපා ආයතනය රටේ ද්‍රරිද්‍රතාවය හා සංවර්ධනය ආශ්‍රිත පර්යේෂණ සිදුකරණ ආයතනයක්. රට තුළ ඇතිවු ආර්ථික අර්බුදයට කලින් දරිද්‍රතාවය වේගයෙන් පහළ වැටෙමින් තිබුනා. ආර්ථික අර්බුදයෙන් පසු රටේ විශාල ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිලා ඉන්නවා. ඉහළ සිටි අය දරිද්‍රතා රේඛාවට ආසන්න වෙමින් ඉන්නවා. මධ්‍යම පංතියේ රැකියාවන් කරණ අය තම තමන්ගේ ජිවන මට්ටමට අනුව ණය අරගෙන වාහන මිලදිගෙන නිවාස ඉදිකරගෙන තියෙනවා. ආර්ථික අර්බුදයෙන් පසු ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිලා ඉන්නවා. දරිද්‍රතාවය රජයකට සමාජ ආරක්ෂණයෙන් පමණක් විසඳන්න බැහැ. විශාල පිරිසක් රැකබලා ගැනීමට සිදුවීම නිසා රජය විශාල ගැටලුවකට ලක්වෙලා ඉන්නවා. දිගුකාලින ආර්ථික වර්ධනයත් එක්ක රැකියා බිහිකිරිම ආදායම් වැඩි කිරිම සමග තමයි දරිද්‍රතාවය අඩුවෙන්නේ. සමාජ ආරක්ෂණය තාවකාලික පැලැස්තරයක් පමණයි.

සේපා ආයතනයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය එච්.එම් ගුණතිලකට අනුව 2016 වසරේ සියයට 04කට අඩු වී තිබූ රටේ දරිද්‍රතාවය සිදුවූ මේ කඩාවැටීම බරපතල තත්ත්වයකි.

“රටේ දියුණුවට දත්ත ඉතා අවශ්‍යයි. දත්ත පදනම්කරගෙන ප්‍රතිපත්ති සකස්කරගැනීමට අවශ්‍ය වෙනවා. මෙරට දරිද්‍රතාවය 2016 වර්ෂයේ දි සියයට 04ට පමණ අඩුවෙලා තිබුණා. එය විශාල සංවර්ධන ජයග්‍රහණයක් විදියට තමයි සැලකුවේ. විදේශිය රටවලින් පවා ලංකාව විශේෂ පැසසුමට ලක්වුනා. ආර්ථිකයේ තිබු දිගු කාලීන අසමතුලිතතාවයන් වර්ධනය වීම තුළ ආර්ථිකය කඩා වැටීමට ලක්වීමෙන් දරිද්‍රතාවය විශාල වශයෙන් ඉහළ ගියා. ලෝක බැංකුවේ දත්තවලට අනුව 2022 වර්ෂයේ දි දරිද්‍රතා මට්ටම සියයට 26 දක්වා ඉහළගොස් තිබුණා. 2023 මැද භාගය වනවිට ලර්න් ඒසියා ආයතනය මගින් කරණු ලැබු සමික්ෂණයෙන් අනාවරණය වුනා ලංකාවේ ජනගහණයෙන් සියයට 31ක් දරිද්‍රතා රේඛාවෙන් යට ඉන්නේ කියාලා. එම වර්ෂයේ UNDP ආයතනය විසින් කරණු ලැබු සමික්ෂණයේ දි මෙරට ජනගහනයෙන් සියයට 55 .6 වගේ සංඛ්‍යාවක් බහුමාන අවදානම් දර්ශකයට යටත්වෙලා ඉන්නවා කියා අනාවරණය කොට තිබුනා

ආර්ථික අර්බුදය වගේ අවස්ථාවල දරිද්‍රතාවය වැඩිවෙලා පසුව සිදුවන ආර්ථික වර්ධනයත් සමග එය අඩුවෙලා යනවා. 2024 වර්ෂයේ මැතිවරණ වර්ෂයක් නිසා දරිද්‍රතාවය පිළිබද සමික්ෂණයක් කළේ නැහැ

අපේ ආයතනය විසින් විදුලි බිල වැඩිවීම නිසා මහජනතාවට ඇතිවු බලපැම පිළිබද පළමු අදියරේ දි සමික්ෂණයක් කළා දිස්ත්‍රික්ක 12ක. මෙම වර්ෂයේ අගභාගයේ දි සමික්ෂණයක් කළා පවුල් 2600ක් සම්බන්ධ කරගෙන.

සමික්ෂණ දෙකේම ප්‍රථිපල එකතුකරලා සංඛ්‍යාන විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකළා. ආකාර දෙකකට දරිද්‍රතාවය මැන්නා. ගෘහ ඒකකයක වියදම් විස්තර සහතව එකතු කළා. ඒක පුද්ගල වියදම් සෙවුවා. අපට පෙනුන දේ තමයි සියයට 52ක් දක්වා මෙරට දරිද්‍රතාවය ඉහළගොස් තියෙනවා 2024 වර්ෂයේ අවසානභාගය වනවිට.

2024 පෙබරවාරි වල සිට ජුනි දක්වා කාලය තුළ සියයට 60ක දරිද්‍රතායක් තිබුනා. නමුත් මෙම ආර්ථික වර්ධනයත් සමග දරිද්‍රතාවය සියයට 48 දක්වා අඩුවෙලා තිබුනා. ඒ අනුව දරිද්‍රතාවය යම් මට්ටමකට අඩුවීමේ ප්‍රවනතාවයක්ද මෙම සමික්ෂණය මගින් අනාවරණය වෙලා තියනවා. දරිද්‍රතාවය අඩු කළයුතු ආකාරය පිළිබඳ අධ්‍යයනය කළයුතු වෙනවා.

අස්වැසුම අසාර්ථක ඇයි?

අස්වැසුම ගැන අප වසරක් පමණ අධ්‍යයනය කළා. අස්වැසුම ලාභින් මෙම මුදල් වියදම් කළේ පාරිභෝජනය සඳහා පමණයි. අන්ත දරිද්‍රතාවයට ලක්වෙලා ඉන්න අයට යම්කිසි විසඳුමක් දිමට දුප්පත්කමින් එළියට ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැහැ. සියයට 40ක 50 රටේ දරිද්‍රතාවයට ලක්ව සිටීනම් බංකොලෙත්වෙලා තියෙන ආර්ථිකයට විශාල බරක්. මේ අය දරිද්‍රතාවයෙන් මුදාගැනිම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි.

දුප්පත් නොවන අයගෙන් සියයට 26කට අස්වැසුම ලැබිලා තියෙනවා. දුප්පත් අයගෙන් සියයට 58කට අස්වැසුම ලැබිලා නැහැ. අස්වැසුම ලාභින්ගෙන් සියයට 24ක් කියනවා මේ සඳහා තොරාගනු ලබන ක්‍රමවේදය දියුණු කරන්න ඕන කියලා. අස්වැසුම වැඩසටහන නැවත අලුතින් විමසනවානම් එයට අදාළ කරුණු 21ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

2022 හා 2023 යන වර්ෂවල ඉතා කෙටි කාලයක් තුළ විදුලිබිල වැඩිකළා. මේ නිසා විදුලි ස්තිරික්ක භාවිතා කිරීම සියයට 69කින් අඩුවෙලා තිබුණා. රයිස් කුකර් භාවිතය සියයට 39ක් අඩුවෙලා තිබුනා. මේ නිසා සමාජ සුභසාධනය අඩුවුනා. විදුලිය පිරිවැය අනුව මිල කරන්න ඕන. 2023ට සාපේක්ෂව දරිද්‍රතා අනුපාතය වැඩිවෙලා තියෙනවා සියයට 45 සිට 52 අතර ගණනකින් . විශාල පිරිසක් දරිද්‍රතාවයට ලක්ව සිටීම ආර්ථිකට බරක්. මෙම බර අවම කිරීම සඳහා සමාජ සුභසාධන වැඩසටහන් මගින් දුප්පතුන් දුප්පත් කමින් මුදවා ගත යුතුයි.

විදුලි පාරිභෝජනය දරිද්‍රතාවය මැනිමට නිවරදිව භාවිතා කරන්න පුළුවන්. අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභින් තොරගැනිමේ දී විදුලි පරිභෝජනය මැනීමට කටයුතු කරන ලෙස නිර්දේශ කරනවා. එකවරම විදුලිබිල විශාල වශයෙන් වැඩි කිරීම නිසා සමාජ සුභසාධනය දැඩි ලෙස ඛාදනයක් වෙලා තියෙනවා. දරිද්‍රතාවයෙන් පෙලන අයට විදුලිය ලබාදීම සඳහා වෙන වැඩ සටහනක් සිදු කළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි කෙළි අනතුරුවල වාර්තාගත අඩුවක්…

Next Post

නායකයින් දෙදෙනාගේ තරගය… ඇෆ්ගනුවන් පරදා ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුළු 06ක විශිෂට ජයක්…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.