බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තැතිගැන්ම නිසාම දේශපාලන ප්‍රතිවාදියා මරා දැමූ පසු ඔහුගේ මිනියටත් බය වුන පූටින්… පූටින්ව භීතියට පත් කළ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ගේ කතාව….

by editor
පෙබරවාරි 25, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය සතියේ බන්ධනාගාරයේදී හදිසියේ සහ අනපේක්ෂිත ලෙස මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මවට භාර දී ඇති බව ඔහුගේ ප්‍රකාශිකා කිරා යර්මිෂ් ඊයේ  X සමාජ මාධ්‍ය වේදිකාවේ ලියා  තහවුරු කළාය.

“පවුලට අවශ්‍ය ආකාරයට සහ ඇලෙක්සිට ලැබිය යුතු ආකාරයට” අවමංගල්‍යයක් පැවැත්වීමට බලධාරීන් ඉඩ දෙයිදැයි තමන් නොදන්නා බව යර්මිෂ් පැවසීය.

Alexey's body was handed over to his mother. Many thanks to all those who demanded this with us.

Lyudmila Ivanovna is still in Salekhard. The funeral is still pending. We do not know if the authorities will interfere to carry it out as the family wants and as Alexey deserves. We…

— Кира Ярмыш (@Kira_Yarmysh) February 24, 2024

අභාවප්‍රාප්ත ඇලෙක්සි නවාල්නිගේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සිකුරාදා (23) වාර්තා කළේ  පැය තුනක කාලයක් ඇතුළත  මහජන අවමංගල්‍යයකින් තොරව ඇලෙක්සිගේ  දේහය භූමදාන කිරිමට එකඟ නොවන්නේ නම් දේහය මවට භාර දීමට රුසියානු ලබධාරින් සූදානම් නැති බවය. එම කොන්දේසියට යටත් නොවන්නේ නම් ඇලෙකිසි  සිරදඬුවම් ලබමින් සිටි කඳවුරු භූමිය තුළම  දේහය වළ දමන බව ද   රුසියානු බලධාරින් ඔහුගේ මවට දන්වා ඇතැයි එම ප්‍රකාශිකාව වැඩිදුරත් කීවාය.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හොඳම දේශපාලන විරුද්ධවාදියා වූ ඇලෙක්සි නවාල්නි, වසර 09කට වැඩි කාලයකට යටත් වූ  සිර දඬුවම් විඳිමින්  ආක්ටික් සිරකඳවුරු භූමියේ සිටිය දී  සතියකට පෙර හදිසියේ මිය ගියේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඇලෙක්ස්ගේ මව

කවුද මේ ඇලෙක්සි නවාල්නි

අප එළියෙන් දකින වීරයින් ගේ ඇතුලේ ඉන්නේ උසස් මිනිසුන් නොව බලලෝභී අමානුෂික තිරිසනුන් බව  ලෝක වීරයෙක් යැයි සම්භාවිත පුද්ගලයෙක් ලෝකයට කීවේය. ඔහු වැල්දිමීර් පූටින්ය.

72 වැල්දිමීර් පූටින්ගේ ප්‍රධානම දේශපාලන ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි අබිරහස් ලෙන විෂ ශරීරගත වී මිය යන්නේ  පසුගිය සතියේ සිකුරාදා (16)ය. ඒ ඈත සයිබිරීයාවේ කුප්‍රකට යමාලෝ සිර ගෙදර තුළය.  ඇලෙක්සි 48 වියේ පසුවන තරුණ ජවසම්පන්න දේශපාලන නායකයෙක් වූයේය.  72 හැවිරිදි පූටින් තමන්ට වඩා   දශක දෙකකටත් වඩා වයසින් බාල සිය ප්‍රතිවාදී දේශපාලකයා මරා දමා ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ. මින් පෙර අවස්ථාවක දී ඔහුට විෂ ශරීරගත කර ඝාතනය කිරීමට පුටින්ගේ ආණ්ඩුව සිදුකළ සැලසුම ව්‍යවර්ථ වූ ආකාරය හෙළි වූයේය.

කෙසේ වෙතත් සිර මැදිරියක් තුළ  අබිරහස් ලෙස මිය යන පූටින්ගේ විපක්ෂ නායකයාගේ   මිනියටත් පූටින්ගේ තහංචි වැටී ඇත.  ඔහු දැන්   ලෝකය ඉදිරියේ ඉන්නේ වීරකයෙක් ලෙස නොවේ.  ඉන්නේ නිරුවත් නිවටයෙක් ලෙසය. .

පූටින්ව හෙල්ලූ මේ තරුණ දේශපාලකයා කවුද?. මේ පෙළ ගැසෙන්නේ පූටින්ගේ ප්‍රබලම දේශපාලන අභියෝගය වූ  ඇලෙක්සි නවාල්නිගේ කතාවය.

  • මුල් කාලය

ඇලෙක්සි නවාල්නි උපදින්නෙ වර්ෂ 1976 ජූනි 04 වැනිදා ය.  අවුරුදු 48 සම්පූර්ණ වීමට පෙර මෙම තරුණ දේශපාලන නායකයා නෙනෙට්ස් කලාපයේ පිහිටි වයඹ සයිබීරියාවේ යමාලො සිර ගෙදර දී පසුගිය සතියේ සිකුරාදා (16) හිටිවනම මිය යන්නේය.

ඇලෙක්සි නීතිඥයෙකි. දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකි. ජාත්‍යාන්තර පිළිගැනීමක් සහිත දේශපාලකයෙකි. දේශීය පුවත්පත්වල වැල්ඩිමීර් පූටින්ගේ තියුණුම විවේචකයා වූයේ ඇලෙක්සිය.  ඇලෙක්සි අවස්ථා කීපයක දී සිරගත වූයේය. වර්ෂ 2020 දී මාර්නිතික විෂ

නවාල්නිගේ පියා සෝවියට් හමුදා නිලධාරියෙකි.  ඔහුගේ මව ආර්ථික විශේෂඥවරියකි. නවාල්නි හැදී වැඩුණේ මොස්කව් ප්‍රදේශයේ විවිධ ආරක්ෂක නගරවලය.  නමුත් ඔහු ගිම්හාන කාලය ගත කළේ යුක්රේනයේ චර්නොබිල් අසල ගම්බද ප්‍රදේශවල ඔහුගේ පියාගේ මව සමඟ ය.

1986 අප්‍රේල් මාසයේදී චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් පසුව, නවාල්නිගේ පියාගේ ඥාතීන් එම ප්‍රදේශයෙන් ඉවත් කරන ලදි.  නමුත්  සෝවියට් රජය විසින් ව්‍යසනය වසන් කිරීමේ උත්සාහය ඔවුන්ට නිරීක්ෂණය වී තිබිණි. විකිරණ නිරාවරණයෙන් පෙනෙන අන්තරාය අවම කිරීම සඳහා සෝවියට් බලධාරීන්ගේ උත්සාහයේ කොටසක් ලෙස ප්‍රදේශවාසීන්ට විකිරණ පසෙහි අර්තාපල් සිටුවීමට බල කෙරුනි.

මෙම අත්දැකීම් සහිතව වැඩෙන නවාල්නි මොස්කව්හි රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේය.    1998 දී නීති උපාධියක් ලබා ගත්තේය. ඔහු නීතිය ප්‍රගුණ කිරීමට සහ ඔහුගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට මොස්කව්හි රැඳී සිටි අතර 2001 දී ඔහු රජය යටතේ ඇති මූල්‍ය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධියක් ද ලැබුවේය.

2000 දී,  ශිෂ්‍යයෙකුව සිටින වකවානුව තුළම නවාල්නි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළඳපල ආර්ථිකය ප්‍රවර්ධනය කරන දේශපාලන පක්ෂයක් වන යබ්ලොකො (Yabloko) හා සම්බන්ධ විය. පුටින්ගේ පාලන සමයේ මුල් දිනවල, විරුද්ධ කණ්ඩායම්වලට රුසියාවේ  State Duma තුළ යම් බලයක් අල්ලා ගත හැකි බව පෙනෙන්ට තිබිණි. State Duma යනු රුසියානු පාර්ලිමේන්තුවේ එක් කොටසක්වන ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රණ සභාවය. රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ සභාව ලෙස ෆෙඩරල් කවුන්සිලය පවතී.  State Duma හි 450ක් වූ සාමාජිකයෝ වෙති. ඔවුන් පස් අවුරුදු කාලයක් සඳහා තේරී පත් වෙති.

කෙසේ වෙතත්  වර්ෂ 2001 දී   පුටින් හිතවාදී පක්ෂ ඒකාබද්ධ එක්සත් රුසියානු පක්ෂය ගොඩනැගීමත් සමග    බොහෝ විසම්මුතිය යටපත් විය. නවාල්නි Yabloko පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයේ තනතුරක් දක්වා ඉහළ ගිය නමුත් 2007 දී ඔහු පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවේය. නවාල්නි අන්ත දක්ෂිණාංශික පාගමනකට පැමිණීම ඇතුළු “ජාතිකවාදී ක්‍රියාකාරකම්” මගින් පක්ෂයට හානි කර ඇති බව Yabloko පක්ෂයේ නියෝජිතයන් ප්‍රකාශ කළේය. නමුත් නවාල්නි ප්‍රකාශ කළේ එය පක්ෂ නායක ග්‍රිගරි යව්ලින්ස්කි සමඟ ඇති වූ ගැටුමක් මත තමන් පක්ෂයෙන් නෙරපා දැමූ බවය.

 

  • පුටින්ට එරෙහි විරෝධය

වර්ෂ 2008 දී නවාල්නි ප්‍රසිද්ධ වෙළඳාම් කරන  රාජ්‍ය ආයතන ඉලක්ක කරගෙන  පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී ව්‍යාපාරයක්  (Stakeholder Activism Campaign) ආරම්භ කළේය. සෑම සමාගමකම කුඩා කොටස් ප්‍රමාණයක්  මිලදී ගැනීමෙන්, නවාල්නි කොටස් හිමියන්ගේ රැස්වීම්වලට ඇතුල් විය. එහි ගිය පසු, ඔහු මූල්‍ය වාර්තාකරණයේ නොගැලපීම් සහ කළමනාකරණයේ සහ පොත් තැබීමේ විනිවිද භාවයක් නොමැතිකම පිළිබඳව ආයතනික නිලධාරීන්ට චෝදනා කළේය.

චෝදනාවට ලක් වූ මේ  බොහෝ විධායකයින් පුටින්ගේ සමීප දේශපාලන සගයන් විය.  දේශපාලන සංවාදය වඩ වඩාත් සීමා වෙමින් පවතින සමාජයක මෙම හමුවීම් අතර  විසම්මුතිය ප්‍රකාශ කිරීමට ඵලදායී මාධ්‍යයක් නිර්මාණය විනි. නවාල්නි ඔහුගේ උත්සාහය බ්ලොග් එකක ලේඛනගත කළ අතර එය රුසියානු පිළිගත් මාධ්‍යයයන්ට වඩා ජනප්‍රිය විය.

වර්ෂ 2008 -12  පුටින් සමඟ සීමිත බලය බෙදා ගැනීමේ ගිවිසුමක කොටසක් ලෙස      දිමිත්‍රි මෙද්වදෙව් (2008-12) පත් වුනේය. ඔහුට පැවති  දූෂණයේ පරිමාණය පිළිගැනීමට බල කෙරුනි. මෙඩ්විඩෙව්ට අනුව, රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතියෙන් වාර්ෂිකව රුබල් ට්‍රිලියනයක් (ඩොලර් බිලියන 31ක් පමණ) ගසා කෑමට ලක් විය.

2010 දෙසැම්බරයේදී ඇලෙක්සි නවාල්නි RosPil (“රුසියානු කියත”   සඳහා රුසියානු කෙටි යෙදුමක් ) නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. වෙබ් අඩවිය රාජ්‍ය කොන්ත්‍රාත්තු දූෂිත ලෙස ප්‍රදානය කර ඇති බව පෙනෙන අවස්ථා ප්‍රසිද්ධියට පත් කළේය.     සැක සහිත රජයේ ගනුදෙනු පිළිබඳ විස්තර නිර්නාමිකව පළ කිරීමට සහ එම චෝදනා පිළිබඳව අන්තර්ජාලය හරහා  සාකච්ඡා කිරීමට ආගන්තුකයින්ට ආරාධනා කළේය.

මාස හයක් ඇතුළත වෙබ් අඩවියට මසකට මිලියනයක් පැමිණෙන බව වාර්තා විය. ඇලෙක්සි නවාල්නි විසින් පුටින්ගේ එක්සත් රුසියා පක්ෂය විස්තර කිරීම සඳහා වංචනිකයන්ගේ සහ සොරුන්ගේ පක්ෂය යන යෙදුම ආරම්භ කළ විට, එය ඉක්මනින් රුසියානු විරෝධතාවල ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය බවට පත්විය.

2011 දෙසැම්බරයේ රුසියානු පාර්ලිමේන්තු මැතිවරනයේ පුලුල්ව පැතිරුනු අක්‍රමිකතා සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු විශාලතම මහජන පෙළපාළි අවිලවීය.    එක්සත් රුසියානු පක්ෂ්‍ය හැර වෙනත් ඕනෑම පක්ෂයකට සහාය දෙන ලෙස ඇලෙක්සි නවල්නි සිය අනුගාමිකයන්ට උපදෙස් දෙන්නේ මේ පසසුබිමේය.  ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි තිබියදීත්, පුටින්ගේ පක්ෂය ලබා ගත්තේ ඡන්ද අඩකටත් වඩා අඩුවෙනි. ඇලෙක්සි නවාල්නි දින 15ක් සිරගත කරනු ලැබුවේ අවසරයකින් තොරව විරෝධතාවයකට සහභාගී වීම නිසා .

එය රුසියානු බන්ධනාගාර පද්ධතිය සමඟ ඔහුගේ අවසන් හමුවීම නොවීය.  වර්ෂ 2012 දී පුටින් නැවත ජනාධිපති ධුරයට පත් වූ විට, ඔහු වහාම විසම්මුතිය මැඩපැවැත්වීමට පියවර ගත්තේය.   ජූනි මාසයේදී  නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් විපක්ෂයේ  දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ  නිවාස වටක කළේය. එදා අත් අඩංගුවට ගත් ඒ  විපක්ෂ නායකයින් කිහිප දෙනෙකුගෙන් ඇලෙක්සි නවාල්නි කෙනෙකි. දූෂණ විරෝධී රැල්ලක් නිර්මාණය කළ ඇලෙක්සි  නවාල්නි දූෂණය පිළිබඳ සැකය මත අපරාධ විමර්ශනයකට ලක් වූයේය. මේ අතර පුටින් අනවසර රැලිවලට සහභාගී වූ පුද්ගලයන් සඳහා දැඩි නව දඬුවම් පැනවීය.

  • දෙවන සිරගත වීම

2013 ජූලි 17 වන දින නවාල්නි මොස්කව් නගරාධිපති තරඟයට අපේක්ෂකත්වය ප්‍රකාශ කළේය. පසුදා පැවැත්වූ නඩු විභාගයකදී ඔහු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඔහුට වසර පහක සිර දඬුවමක් නියම විය. දේශපාලනික අභිප්‍රේරණයක් ලෙස සහතික වුන මෙම නඩු විභාගයට එරෙහිව විරෝධතාකරුවෝ දහස් ගණනක් මොස්කව් වීදිවල පිරුණහ. එහෙත් පසුදින ඔහුගේ අභියාචනය විභාග කිරීමට නියමිතව තිබියදී ඔහු අනපේක්ෂිත ලෙස නිදහස් කරනු ලැබුවේය.

ඔහුගේ නිදහස් කිරීම ඔහුගේ නගරාධිපති අපේක්ෂක ධූරය ලුහු බැඳ යෑමට  ලුහුබැඳීමට ඔහුට හැකි විය. නවාල්නි ප්‍රබල බටහිර පන්නයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය, වීදිවල ඡන්දදායකයින් සමඟ අවිධිමත් රැස්වීම් පවත්වමින්, අන්තර්ජාලයේ තමාව ප්‍රවර්ධනය කළේය.     ප්‍රධාන රූපවාහිනී නාලිකාවලට ප්‍රවේශ වීම නවාල්නි ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහුට මේ ආකාරයෙන් ඡන්ද ව්‍යාපාරය ගෙඩානැගීමේ  ප්‍රතිඵළයක් ලෙස  ප්‍රබල බිම් මට්ටමේ ව්‍යාපාරයක් ගොඩනැගුනේය.   එහෙත් සිදුවූයේ අනපේක්ෂිත සිද්ධියකි.    2013 සැප්තැම්බර් 8 වන දින, ව , පුටින්ගේ සගයා වූ සර්ජි සොබියානින් සියයට 51.3කට වඩා මඳක් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් නැවත මොස්කව් නගරාධිපති ධූරයට තේරී පත් විය. නවාල්නි ලබාගත්තේ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 27.2කි.

2014 දෙසැම්බර් මාසයේදී නවාල්නිට වංචා චෝදනා මත වසර තුනහමාරක අත්හිටවූ සිරදඬුවමක් ලැබුණි; ඔහුගේ සහෝදරයා වන ඔලෙග් එම වරද සඳහා වසර තුනහමාරක් සිරගත කරන ලදී.

2016 නොවැම්බරයේ පැවති ව්‍යවස්ථාදායක මැතිවරනයේදී, එක්සත් රුසියාව ජයග්‍රහණය ප්‍රකාශ කළ නමුත්, මැතිවරණ නිරීක්ෂකයින් නැවතත් ඡන්ද පත්‍රිකා පිරවීම සහ නැවත ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු බොහෝ අක්‍රමිකතා ලේඛනගත කළේය. නවාල්නිගේ ප්‍රගති පක්ෂයට මැතිවරණයට තරඟ කිරීම තහනම් කරන ලද්දේ රුසියානු අධිකරණ අමාත්‍යාංශය එහි ලියාපදිංචිය අවලංගු කිරීමෙන් පසුවය.

ඔහුගේ දේශීය ජනප්‍රියත්වය උසිගැන්වීමේ ප්‍රයත්නයක් ලෙස, පුටින් 2018 ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කළේ රුසියාව විසින් යුක්‍රේන ස්වයං පාලන ජනරජය වන ක්‍රිමියාව නීති විරෝධී ලෙස ඈඳා ගැනීමේ සිව්වන සංවත්සරයේදීය. නවාල්නිට අත්හිටවූ සිරදඬුවම හේතුවෙන් පුටින්ට ජනාධිපති ධූරයට අභියෝග කළ නොහැකි බව මැතිවරණ නිලධාරීන් තීන්දු කර තිබුණි. නවාල්නි ප්‍රතිචාර දැක්වූයේ මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීමෙනි. ස්වාධීන අධීක්ෂණ ඒජන්සියක් වන ගොලෝස් විසින් අක්‍රමිකතාවලින් පිරී ඇති බවට සංලක්ෂිත වූ මැතිවරණයකදී පුටින් අතිමහත් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් නොවේ.

ඇලෙක්සි නඩු විභාගයක් අතර….
  • විෂ ශරීරගත වී මරණයෙන් යන්තම් බේරීම

2020 දී ඇලෙක්සි නවාල්නි එම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය මැතිවරණයට පෙර සයිබීරියාවේ ප්‍රචාරක කටයුතුවල නිරත විය. මෙම ප්‍රචාරක කටයුතු අතරතුර 2020 අගෝස්තු 20 වන දින ඔහු ටොම්ස්ක් සිට මොස්කව් බලා පියාසර කරමින් සිටියේය. අතරමගදී  ඔහු බරපතල ලෙස රෝගාතුර වූයේය.

පසුව පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඔහු සෝවියට් රුසියාව විසින් වැඩි දියුණු කරන ලද සංකීර්ණ ස්නායු විෂ කාරකයක් වන නොවිචොක් නැමැති විෂට  නිරාවරණය වී ඇති බවය. රුසියානු රෝහලක ඔහුගේ ආරක්ෂාව ගැන බියෙන් නවාල්නිගේ පවුලේ අය ඔහුව ජර්මනියට ගුවනින් රැගෙන ගියේය.   එහිදි  ඔහු සුවය සඳහා වෛද්‍යමය වශයෙන් කෝමා තත්වයේ සිටියේය. සංකීර්ණ ප්‍රතිකාර ක්‍රමයක් තුළ ඔහු යන්තම් ගොඩ ආවේය.

ඊළඟ මාසයේ නවාල්නි ප්‍රචාරක කටයුතු කළ සයිබීරියා ප්‍රදේශයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයින් පුදුම සහගත ලෙස දස්කම් දැක්වූහ. ක්‍රෙම්ලිනයේය මෙම වස සිද්ධිය    ප්‍රතික්ෂේප කර තිබිණි.    නවාල්නිට එරෙහි ප්‍රහාරය පුටින්ගේ විවේචකයන්ට එරෙහි දිගු ඝාතන ප්‍රයත්න මාලාවකින් එකක් පමණක් නියෝජනය වූ බැවින් එම විරෝධයේ බලය වැඩිකල් පැවතුනේ නැත. පුටින්, ඔහුගේ පැත්තෙන්, නවාල්නිගේ නම ප්‍රසිද්ධියේ පැවසීමත්  ප්‍රතික්ෂේප කර තිබිණි.

  • විෂ ශරිරගත කළ හැටි හෙළිදරව් වීම

ජර්මානු සායනයකින් සුවය ලබමින් සිටියදී, නවල්නි  තමන්ට එල්ල වූ විෂ  ප්‍රහාරයේ විශේෂතා අනාවරණය කර ගැනීමට Bellingcat ගවේෂණාත්මක පුවත්පත් කණ්ඩායමේ Christo Grozev සමඟ කටයුතු කළේය. Grozev සහ ඔහුගේ කණ්ඩායම විෂ ශරීරගත කිරිමට  සම්බන්ධ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) නියෝජිතයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වය හෙළිදරව් කර ගත්තේය.

මේ අතර නවල්නි කළේ  Grozev හඳුනාගත් එක් ඒජන්තවරයෙක් ඇමතීමය.   රුසියාවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියකුගේ සහායකයකු ලෙස පෙනී සිටිමින් නවාල්නි   ඒජන්තවරයා සමග කථා කළේය.  ඝාතන  තැත පිළිබඳ තොරතුරු පිළිබඳව දීර්ඝ සංවාදයක  නිරතවෙද්දි නියෝජිතයා කිවේ  ඔම්ස්ක් වෙත ගුවන් යානය හදිසි ගොඩබෑම සහ හදිසි වෛද්‍ය නිලධාරීන්ගේ ඉක්මන් මැදිහත්වීම නොවන්නට “ඒ සියල්ල වෙනස් ආකාරයකින් සිදුවනු ඇති” බවය.

ඇලෙක්සි නවල්නි මේ හඬ පටය ප්‍රකාශයට පත් කළේය. පූටින් පත් වූයේ එසේ මෙසේ අපහසුතාවයකට නොවේ.    රුසියානු ෆෙඩරල් ආරක්ෂක  සේවය (FSB) හඬපටය  ව්‍යාජ එකක් බව කියා සිටියේය.

2020 දී සිරගත වූ අවස්ථාව…
  • යළිත් සිරගත වීම

2021 ජනවාරි 17 වන දින නවාල්නි නැවත රුසියාවට ගිය අතර ඔහු වහාම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සති කිහිපයක් ඇතුළත ඔහුට ඈත සිර කඳවුරක වසර තුනහමාරක සිර දඬුවමක් නියම විය. රුසියානු බන්ධනාගාර නිලධාරීන් කියා සිටියේ නවාල්නි ජර්මනියේ රෝහල්ගතව සිටියදී ඔවුන් වෙත වාර්තා කිරීමට අපොහොසත් වූ බවත්, මෙය ඔහුගේ 2014 අත්හිටවූ සිරදඬුවමේ නියමයන් උල්ලංඝනය කිරීමක් බවත්ය.

සිරගතව සිටියදී, 2021 මාර්තු 31 වන දින, නවාල්නි සති තුනක උපවාසයේ ආරම්භ කළේය.    ඔහුගේ අනුගාමිකයෝ  විරෝධතා රැල්ලකින් වීදි බටහ.    සිරමැදිරියේ කූරු අතරට වී  ඔහු තම    ශක්තිමත් සමාජ මාධ්‍ය ව්‍යාපාරය  පවත්වා ගෙන ගියේය.

බිඳවැටීමක් පෙන්වන   ව්‍යවස්ථාදායක මැතිවරණය සමඟ රුසියානු බලධාරීන් නවාල්නිගේ දේශපාලන ප්‍රවේශ සීමා කිරීමට තවත්  අතිරේක පියවර ගත්හ. 2021 ජූනි මාසයේදී මොස්කව් අධිකරණයක් විසින් නවාල්නි සමඟ බැඳී සිටින ඕනෑම කණ්ඩායමක් “අන්තවාදී” සංවිධානයක් ලෙස ලේබල් කරන බවත් එහි සාමාජිකයින්ට නිලතල ලබා ගැනීම තහනම් කරන බවත් තීන්දු කළේය.

සැප්තැම්බර් මැතිවරණයට දින කිහිපයකට පෙර, රුසියානු රජය විසින් Apple සහ Google හට ඔවුන්ගේ අන්තර්ජාල වෙළඳසැල්වලින් නවාල්නිගේ ගේ සහචරයින් විසින් වැඩි දියුණු කරන ලද “Smart voting” යෙදුම ඉවත් කිරීමට බල කරන ලදී. රුසියානු නිලධාරීන් සමාගම් දෙකෙහි නිශ්චිත දේශීය සේවකයින් සිරගත කරන බවට තර්ජනය කර තිබිණි.

  • නව චෝදනාවලට යලිත් වැරදිකරුවෙක්

2022 මාර්තු මාසයේදී, රුසියාවේ යුක්රේනය විනාශකාරී ආක්‍රමණයෙන් මාසයකට පසු, නවාල්නි වංචා සහ අධිකරණයට අපහාස කිරීමේ නව චෝදනාවලට වැරදිකරු විය. ඔහුට දැඩි රෙගුලාසි යටතේ  වසර නවයකට සිර දඬුවම් නියම විය.   නවාල්නිට උසාවියේදී කතා කිරීමට අවසර නොලැබුණු නිසා ඔහු ට්විටර් වෙත ගොස් “රුසියාවේ ජනතාව වෙත සත්‍යය ගෙන ඒමේ” තම මෙහෙවර යලි තහවුරු කළේය.

IK-6 උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරය

නවාල්නි මොස්කව් සිට දළ වශයෙන් 150 සැතපුම් (කිලෝමීටර් 240) නැගෙනහිරින් මෙලෙකොවෝ හි කුප්‍රකට IK-6 උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයට යවන ලදී.  එහිදී ඔහු වැඩි කාලයක් හුදකලා සිරකඳවුරේ ගත කළේය. යුක්රේනයේ පුටින්ගේ “විශේෂ මිලිටරි මෙහෙයුමට” එරෙහිව පෙළපාළි යන ලෙස ඔහු සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේය., විරෝධතාවලට අණ්ඩුවේ  ප්‍රතිචාරය යුද බිමක ප්‍රතිචාර තරමටම කුරුරු වූයේය. යුද්ධයේ දි  රුසියාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනය අපරාධයක් ලෙස සලකනු ලැබූවේය.

IK-6 උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරය

මේ අතර කිසිම දැනුම් දීමකින් තොරව  රුසියානු බලධාරීන් නවාල්නි  ආක්ටික් කවයේ දණ්ඩ යටත් විජිතයකට ගෙන ගියේය. එම සිර කඳවුර පිහිටන්නේ   රුසියාවේ වයඹ දිග සයිබීරියාවේ පිහිටි දිස්ත්‍රික්කයක ය.   වර්ග කිලෝමීටර් 769,250 ක් ආවරණය කරන එම දිස්ත්‍රික්ය Yamalo-Nenets Autonomous Okrug (YNAO) ය. දිස්ත්‍රික්කයේ  අඩකට වඩා ආක්ටික් කවයට ඉහළින් පිහිටා ඇත.  මේ වෙනස් කිරීම   දැන ගැනීමට පෙර 2023 දෙසැම්බරයේදී නවාල්නිගේ නීතිඥයින්ට සති තුනකට ආසන්න කාලයක් ඔහු සමඟ සම්බන්ධතා අවහිර කෙරිනි.

We have found Alexey @navalny. He is now in IK-3 in the settlement of Kharp in the Yamal-Nenets Autonomous District. His lawyer visited him today. Alexey is doing well.

— Кира Ярмыш (@Kira_Yarmysh) December 25, 2023

එහෙත් එම කඳවුරට මාරු කර මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු  අත්අඩංගුවේ සිටියදී  සිර ගෙදර තුළ දි  මිය ගියේය.

නවාල්නිගේ මරණයෙන් දින තුනක් නික්මිණි.     රුසියාවේ ෆෙඩරල් සිරගෙදර සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද ඇතුළුව තිදෙනෙක්  පුටින් විසින්   කර්නල් ජෙනරාල් නිලයට උසස් කළේය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නවාල්නිගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධානම නිලධරින් තිදෙනා ලෙස හඳුන්වන්නේ මොවුන් තිදෙනාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවන් මරණ  විෂ සහිත කැස්ස සිරප් සහ පැරසිටමෝල් සිරප් වෙළෙඳපලේ…   ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවත් දැනුම්වත් කරයි!

Next Post

පරිපාලන අර්බුදයක්… පොලිසියක් හොයාගෙන කිලෝමීටර 30ක් යන්න වුන ගැමියන් පිරිසක් උද්ඝෝෂණයක…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.