බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තාත්තාගේ කොසු මිටි පාර කා මිය ගිය ගිම්හාන් පුතා රටේ අම්මලා තාත්තලාට උගන්වා ගිය පාඩම..

සෑම දරුවෙක්ම ජාතියට අවශ්‍යම දක්ෂ දරුවෙකි.. විභාගයක් යනු සියල්ලම නොවේ...

by editor
ඔක්තෝබර් 2, 2021 - Updated on ඔක්තෝබර් 3, 2021
in සමාජ
gimhan-vimukthi-removebg-preview

ගිම්හාන් විමුක්ති

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ගිම්හාන් විමුක්ති පුතාට අවුරුදු 16කි. ඒ පුතා දැන් ජීවතුන් අතර නැත. ඊයේ (01) ගිම්හාන් පුතාගේ අවසන් කටයුතු සිදු කළේය.

පුතා මලේ අකාලේය.  පුතාගේ තාත්තා පුතා පාඩම් නොකරන බව කියා කොසු මිටකින් පහර දී තිබුණේය. ඒ පහරින්  පසු පුතා මිය ගියේය.

ගිම්හාන් විමුක්ති පුතා මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදානමින් සිටියේය. මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් ගිම්හාන් පුතාගේ තාත්තා  පුතාට බැන වැදී කොසු මිටකින් ගැසුවේය. පුතා ඒ පහරින් බේරෙන්න හැදන විට කොසු මිටි පහර වැදුනේ හිසටය.

තාත්තගේ කෝපයේ තරම පෙනුනේය. ගිම්හාන් පුතා රෝහල් ගත කළේ බරපතල තුවාල පිටය. රෝහලේ දී පුතා මිය ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධිය සම්බන්ධයෙන්  49 හැවිරිදි  තාත්තා දැන් ඉන්නේ අත්අඩංගුවේය.  ඔහු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දැන් තාත්තා ජීවත්වනු ඇත්තේ කෙසේ දැයි අප දන්නේ නැත. මේ සිද්ධිය කොවිඩ් ව්‍යසනය මවු පිය දූ දරු අපේක්ෂා බිඳ දමන ආකාරයේ වියරු ප්‍රකාශනයක් සේ සමාජ ගත වී ඇත.

මේ සිදුවීම සමාජ ප්‍රකාශනයක් සේ සලකා යම් සංවාදයක් ඇති කරගැනීමට අපි උත්සාහ කළෙමු. මුලින්ම අප සමග කථිකාවට එක් වන්නේ  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර ය.

Ayomi Erugalbandara
ආචාර්ය අයෝමි ඉරුගල් බණ්ඩාර

” ළමයාගේ උපරිම යහපත පිළිබඳ මූලධර්මවල තියෙනවා හොඳම දේ දරුවන්ට කියලා.  එයින් කියන්නේ මොන ආකාරයකින් ගත්තත් ළමයාට යහපතක් විය යුතු බවයි. “

“ඒක ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ තුන් වෙනි වගන්තිය යි. දැන් වෙලා තියෙන්නේ ළමයා ළමයෙක් කොට නොසැලකීම යි. දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා දෙමව්පියන්ට ඕන විදිහට ළමයා හැසිරෙන්න ඕන කියලා. “

“දරුවෙකුගේ බුද්ධිය හා පෞර්ෂය  මනිනකොට  ආරය සහ පරිසරය බලපානවා. කිසිම අධ්‍යාපනයක් නොලබා තමන්ගේ අරමුණු ඉෂ්ට  කර ගැනීමට නොහැකි වුණු දෙමවුපියෝ අවාසනාවකට දරුවන් හරහා තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න බලාපොරොත්තු වෙනවා. “

“ජානමය සාධකත්, පරිසරයත් දරුවාගේ අධ්‍යාපනයට උපකාරී වෙනවා. ගසක් පැළවෙන්න හොඳ සාරවත් පසක් තියෙන්න ඕනෙ. ගස සරු නොවී සරු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ.“

සෑම දරුවෙක්ම විභාගය සමත් විය යුතු නෑ…

“අනිත් එක තමයි මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තොත් හැම ළමයා ම හැමදේට ම දක්ෂ නැහැ. හැම ළමයා ම විභාග සමත් වෙනවා කියන්න බැහැ.“

“විභාගයක් කියන්නේ ළමයාගේ ජීවිතය නෙවෙයි. ලංකාවේ අපි හිතන් ඉන්නේ විභාගය සමත් වීම තමයි ළමයගෙ උපරිම හැකියාව කියලා. ඒක එහෙම නෙවෙයි. ඒ දරුවා වෙනත් දේකට සමත් වෙන්න පුළුවන්. බුද්ධි වර්ග අටක් තියෙනවා. ඒ බුද්ධි වර්ග අටෙන් දරුවාට හිමි කුමන හෝ බුද්ධියක් තියෙනවා. ඒක ගණිතමය බුද්ධිය වෙන්න ඕනේ නැහැ. ඒක සංගීතමය බුද්ධිය වෙන්න පුළුවන්, පරිසර බුද්ධි වෙන්න පුළුවන්, නර්තන හැකියාව විය හැකියි.“

“පළමුවෙන් ම දෙමව්පියන් කරන්න ඕනේ මේ දරුවා දක්ෂ වෙන්නෙ මොන පාර්ශවයටද කියන එක හඳුනා ගැනීම යි.  ගුරුවරයා කළ යුත්තේ මේ දරුව මොන මොන අංශයෙන් ද ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන එක හඳුනා ගෙන ඒ අනුව දරුවාට ඉදිරියට යෑමට අත දීමයි.“

සමාන එකම දේ විභාග ප්‍රශ්න පත්‍රය විතරයි…

“අධ්‍යාපන පද්ධතියේ විශාල ගැටලුවක් තියෙනවා. හැම දෙයක් ම අසමාන ව ලැබෙද්දි අපේ රටේ දරුවන්ට සමාන ව ලැබෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රය විතරයි.  සමාන ප්‍රශ්න පත්තරයක් දීලා, සමාන නිර්නායක ඔස්සේ ඒ පිළිතුර ඇගයීමකට ලක් කරන එක කොච්චර සාධාරණද.  කොළඹ උපරිම පහසුකම් සහිත පාසලක ළමයෙකුයි, ඈත දුෂ්කර පළාතක පාසලක දරුවෙකුයි මුහුණ දෙන්නේ එක ම සමාන ප්‍රශ්න පත්‍රයකට යි.“

කොළඹ ළමයාගේ පාසල් අධ්‍යාපනය  නැවතිලා තිබුණාට ටියුෂන් පන්ති නැවතිලා නැහැ. ඔන්ලයින් හරහා මේ ළමයි කොළඹ ළමයාට දැනුම ලැබෙනවා. ගුරුවරුන්ගේ සටන නිසා  දුෂ්කර පළාත්වල දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි වෙලා තියෙනවා. එවැනි ළමයින්ට සහෝදර සහෝදරියන් බලාගෙන, ප්‍රශ්න ගොඩක් කරපින්නගෙන, නැතිකමින් පෙළෙමින්, වල් අලින්ගෙන් පීඩා විඳිමින් ජීවත්වෙන්න වෙලා තියෙනවා.   මේ දරුවාගේ අධ්‍යාපනයට අපි ඉඩක් දෙන්න ඕනෙ නැද්ද.“

Rural-Sri- Lanka

ජපන් ඇගයීම

“ජපානයේ එක්තරා මහාචාර්යවරයෙක් කියනවා එයා උපරිම ලකුණු පහක් දෙන ප්‍රශ්න පත්‍රයකට එක ළමයෙක් කිසිම පිළිතුරක් නොලියා තිබුණත් ඒ ළමයාට ලකුණු පහෙන් ලකුණු දෙකක් දෙනවා. ඒ ඇයි කියලා ප්‍රශ්න කළා ම මහාචාර්යවරයා පවසා තිබුණේ, මේ ළමයා පාසලට ඇවිත් ඉගෙනුමට සම්බන්ධ වීම, මේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න සූදානම් වීම, පිළිතුරු ලියන්න පැමිණීම අගය කොට සැලකීම නිසා ඒ ලකුණු දෙක ලබා දුන් බව පවසා තිබුණා.“

“මේකයි වෙන්න ඕනේ. ලකුණු බිංදුවක් දීලා දරුවාගේ මනස වනසාදැමීම නොවෙයි. බොරුවට ප්‍රතිපත්ති ප්‍රකාශ තිබුණට වැඩක් නෑ ළමයගේ උපරිම යහපත සැලසෙන්නේ නැත්නම්.“

“අපේ රටේ ළමයින්ට සහභාගිත්වයේ අයිතියක් තියෙනවා ද.., ළමයාට පුළුවන් ද ළමයා වෙනුවෙන් තීරණයක් ගන්න.  දැන් මේ ළමයාට වුණේ මොකක් ද?. මේ ළමයාට ජීවත්වීමට තිබූ මූලික ම  අයිතිවාසිකමත් අහිමි වුනා.     ළමයගෙ  ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන නිසා තමයි ළමයා ලැබෙන්න මාස නමයක ඉඳලා අම්මාව බලා ගන්න මාතෘ සායන තියලා, බර බලලා, විටමින් දීලා, දරු උපතේදී මව හා දරුවාව රජය රකින්නෙ. ඒක රජයක වගකීමක්. එහෙම රාජ්‍ය වගකීමක් සහිත ව බිහි වන දරුවාගේ  අයිතිය කිසිදු තේරුමක් නැති විභාග ලකුණක් මත නැති කරනවා නම් ඒක ජාතික අපරාධයක්.“

“දෙමව්පියන් වෙනස් වෙන්න ඕනේ. ගුරුවරු වෙනස්  වෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ මොකක්දැයි කියලා නැවත හිතන්න කාලය ඇවිත් තියෙනවා.  ඕනෑ ම දරුවෙක් සමාජයට ඉතා වටිනා ඉතා දක්ෂ දරුවෙක් බව වැඩිහිටි සියලු දෙනා දැනගත යුතුයි.  හැම දරුවෙක් ම  උපදින්නේ යම් කුසලතාවක් සහිතව යි. ඒ කිසිවක් වනසා දැමීමට කිසිවෙකුටත්, කිසිදු අයිතියක් නැහැ.”

 

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුලු පක්ෂ විරෝධය වැඩක් නෑ… එල්.එන්.ජී ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුයි – සාගර කාරියවසම්

Next Post

විස්සයි 20 ලෝක කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරග 04ක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

Comments 1

  1. Ruwani Fernando says:
    වසර 5ක් ago

    සමාජගත කලයුතු ඉතාම වැදගත් මාතෘකාවක්..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.