බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

 තව දින 04කින් ගොවියො කවුද කියලා බලාගන්න! – වලව ගොවීන්ගෙන් ආණ්ඩුවට පණිවිඩයක්…

by editor
දෙසැම්බර් 30, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

  

සූරියවැව නුවන් ජයසේකර –

  • ඉල්ලන්නෙ ගැසට් කරපු නීතිය ක්‍රියාත්මක කරන්න කියලා… අලින්ගෙ කැලේ වනසන දේශපාලකයින්ගෙ බැලයන් ඒ කැලෙන් පන්නන්න කියලා… උන් ඒක කරන්නෙ නෑ…
  • උද්ඝෝෂණයට දවස් 11යි… තවම කිසිම නිලධාරියෙක් විමසීමක් කරන්නවත් ආවෙ නෑ… ඉදිරියේ දී අපි අපේ විරෝධතා ව්‍යාපාරය වෙනස් කරනවා…
අජිත් මුල්ලවිතාරණගේ, එම්.ජී.තිළකරත්න එස්.කේ.මහින්ද සමරවික්‍රම

හම්බන්තොට වන අලි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ හම්බන්තොට කටුවැව හන්දියේදි ආරම්භ කෙරුණු සත්‍යග්‍රහය සදහා අදට (31) දින 11ක් ගතවී ඇතත් මෙතෙක් රජය පාර්ශවයෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත ගොවි නියෝජිතයෝ පවසති.

අලි පන්නලා දෙන්න විපක්ෂ නායකවරයා බලය ඉල්ලනවා…. අජිත් මුල්ලවිතාරණගේ – යූ.ඩී.78 ගොවි සංවිධානයේ සභාපති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

දැන් අපි දින 11ක් තිස්සේ මේ අඛණ්ඩ සත්‍යග්‍රහය පවත්වාගෙන යනවා.නමුත් මේ වෙනකම් කිසිදු රජයේ නිළධාරියෙක් මේ සදහා විසඳුමක් දෙන්න පියවර ගත්තේ නෑ.හැමදාමත් ගොවියා අසරණයි.ගොවියා වෙනුවෙන් මේ රටේ පාලකයෝ කිසිවෙකුත් පෙනී සිටින්නේ නෑ කියලා අද ඔප්පු වෙලා තියෙනවා. පසුගිය දවසේ විපක්ෂ නායකවරයාත් මේ සත්‍යග්‍රහය තියෙන තැනට ඇවිත් කිව්වා අපිට බලය දෙන්න අපි මේ ගැටලුව විසදන්නම් කියලා. විපක්ෂ නායක තුමාටත් අමතක වෙලා තියෙනවා එතුමලා බලයේ හිටපු කාලෙත් මේ ගොවියෝ වෙනුවෙන් කරපු දෙයක් නෑ කියලා. ඒ නිසා අපි මේ සත්‍යග්‍රහය කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් නෙමේ. ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හා අලියට හිමි නිජබිම අලියට දෙන්න කියල ඉල්ලන්නයි.

දේශපාලකයො රකින්නෙ කැලෑ පාලුවො මිසක් ගොවියො නොවෙයි… එම්.ජී.තිළකරත්න  – කටුවැව ප්‍රාර්ථනා ගොවි සංවිධානය.

දේශපාලඥයෝ හැමදාම කලේ ගොවි ජනතාව මෝඩයාට අන්දපු එක් විතරයි. අලි කළමණාකරන ගැසට්ටුව මුද්‍රණය වෙනකොට අපි හරි සතුටු වුණා. අපි හිතුවා අපිට දැන් නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක අපිට හීනයක් විතරක් වුණා. අදටත් වන අලින්ට ඉන්න තියෙන කැලේ ඇතුලේ ඉන්නනේ අනවසර වගාකාරයෝ. ඒ අයට දේශපාලන රැකවල් තියෙන්වා. ගමේ ඉන්න අසරණ ගොවියට කිසිවෙකුගේත් පිහිටක් නෑ. ඒ නිසා මෙවර අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේ කා එක්කවත් සාකච්ජා පවත්වලා නැගිටලා යන්න නෙමේ. විසදුමක් එනකම් අපි මෙතනින් යන්නෙත් නෑ. අපිට මේ සදහා විසඳුමක් දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ නැතිනම් මේ ගොවි සංවිධාන 84ම නියෝජිතයින් එක්ක එකතුවෙලා දැවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා යැයි පැවසිය.

අපි අරගල කරන්නෙ ආණ්ඩු පෙරළන්න නෙමෙයි… වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම  

වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මේ වසර මුලදී අපි සූරියවැව වල්සපුගලදී උපවාස හා මාරාන්තික උපවාසයක් සිදුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල 09 වන දින වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ලෙස හෙක්ටයාර 23746ක භූමියක් ගැසට් කල බවට ගැසට් පත්‍රයක් පවා මුද්‍රණය කලා. 

අපි හිතුවා ගැසට් එකින් පස්සේ අලි කළමණාකරණ රක්ෂිතය ක්‍රියාත්මක වේවි කියලා.නමුත් ඒක වුනේ නෑ. පාලකයෝ අපිව රවට්ටන්න විතරයි කටයුතු කලේ. ඒ නිසා තමයි යළි අපි අඛණ්ඩ අපවාසයක් ආරම්භ කරන්න තීරණය කලේ. මේ අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 11ක් ගතවෙලත් තවමත් කිසිදු විසදුමක් දෙන පාටක් අපිට පේන්න  නෑ. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළදි අපි විශේෂ තින්දු තීරණ කිපයක් ගන්නවා. අන්න එතකොට පාලකයන්ට තේරෙවි ගොවි ජනතාව කියන්නේ කවුද කියලා. අපි මේ අරගලය කරන්නේ ආණ්ඩු පෙරළන්න නෙමේ.අපිට ආණ්ඩු එක්ක ප්‍රශ්නයක් නැ.අපි මේ අරගලය කරන්නේ අපේ ගොව් පවුල් ගොවිබිම් රැක ගන්නයි.

Share69Tweet43
Previous Post

වලපනේ ගුරුවැටුප් හොරා වරද පිළිගෙන හොරකම්කළ ලක්ෂ 89ක් ගෙවන්නට එකඟ වෙයි!

Next Post

ඉදිරියේ දී පුද්ගලික බස් රථවලට කොන්දොස්තර කෙනෙක් අනිවාර්ය නෑ… රාජ්‍ය ඇමති!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.