සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඩඩ්ලි – ලංකේශ්වර සිටුවර ප්‍රදර්ශනය හෙවත් පොළොන්නරුවේ  “රයිස් රෝයිස්”  නාඩගම !  

by editor
පෙබරවාරි 16, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකාවේ උතුරු මැද තැන්නේ රන්වන් කරලින් බර වූ කුඹුරු යාය උඩින් රටේ සිටින දැවැන්තම සහල් මොල් කරුවන් දෙදෙනා  තම  ජීවිතවල ශේෂ වී  ඇති   ඇරියස්  කවර් කරගැනීම වෙනුවෙන් අරඹා ඇති සංකේතාත්මක සටනක  ශබ්ද නන්වන ප්‍රශස්ති ඇසෙමින් තිබේ. මෙම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන් විසින්ම ඔවුන්ගේ මාධ්‍ය අංශ කළමනාකරණය අයුරු පෙනේ.

ඩඩ්ලි සිරිසේන සහ මිත්‍රපාල ලංකේශ්වර අතර මේ දිනවල දිග හැරෙමින් පවතින “ප්‍රදර්ශනකාමී සිටුවර  ගැටුම” හුදෙක් ව්‍යාපාරික එදිරිවාදිකමකින් ඔබ්බට ගිය සමාජ අත්පත් කරගැනීම්වල  සීමා පුළුල් කරගැනීමේ  මෙහෙයුම් දක්වා වැඩි වී තිබේ.  මේ ව්‍යාපාරිකයින් දෙදෙනාම ව්‍යාපාර ශූරත්වය හේතුවෙන් ධන කුවේරයින් වුව ද ඔවුන් සාමාන්‍ය පීඩිත පන්තිය නියෝජනය කළ මිනිස්සුන්ය.  ඔවුන්ගේ අක් මුල් රැඳුන  සමාජ තත්ත්වය,  අධ්‍යාපන තත්ත්වයන් මෙන්ම ප්‍රභූ කුලයන්හි දී සිදුවන නොසලකා හැරීම් පිළිබඳ ඔවුන්ගේ ජීවිත කතාවලින්ම  හෙළි දරවු වී ඇත.

ඒ ආන්තික පීඩාවන් නිසා වේදනාවට පත් ස්වකීය  අධ්‍යාත්මික පෞරුෂයේ   අඳෝනාව  රෝල්ස් රෙයිස්  වාහන වලින් මෙන්ම ගුවන් යානාවලින් ප්‍රකාශ වෙමින් තිබෙන්නේ දැයි  හිතෙන තරමට  මේ ප්‍රකෝටි ගණනක ධන වියදම අතාර්කිකය. නොගැලපෙන සුළුය.  ස්වයං වින්දනයක් මිස ජාතික ආර්ථිකයට ව්‍යාපාරිකයන් වශයෙන් අත් කර දිය හැකි ප්‍රතිලාභ නොපෙනෙන්නේය. සරළම  උදාහරණය නම්    මේ මාර්ග පද්ධතිය තුළ රොල්ස්  රොයිස් වාහනයකින් ගමන් කිරීමේ ආතල් එක ගැන සිතීමය. එය වෙනම උත්ප්‍රාසයක් උපදවන කතාවකි.   මේ රොල්ස් රොයිස් රථ කෝටි 250ක් වැය කර අත්පත් කරගන්නා ප්‍රභූත්වයේ සංකේතයක් මිස පොළොන්නරුවේ ඩඩ්ලිගේ හෝ මිත්‍රපාලගේ    ප්‍රායෝගික ජීවිත අවශ්‍යතාවල  පූරණයක් නොවන බව විශ්වාසය.

ප්‍රකෝටිපතියන්ගේ ‘රයිස් රේස්’ (Rice Race)

මෙම ආන්දෝලනාත්මක නාටකය වඩාත් උත්සන්න වූයේ 2026 වසරේ මුල් භාගයේදීය. ඒ, මෙම ප්‍රකෝටිපතියන් දෙපළම සිතාගත නොහැකි ධනයක් වියදම් කරමින්  මෝටර් රථ මිලදී ගෙන  කාගේත් අවධානය තමන් වෙත නතු කර ගැනීමත් සමඟය. ඩඩ්ලි සිරිසේන  ‘රොල්ස් රොයිස් ෆැන්ටම් සීරීස් 8’ (Rolls-Royce Phantom Series 8) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කළ අතර, එය ලොව පුරා නිෂ්පාදනය කර ඇති 25කින් එකක් බව කියැවිනි.  එහි වටිනාකම  ඇමරිකානු ඩොලර් මිලියන 3කි. දල වශයෙන් කෝටි 250කට ආසන්නය.  මෙම වාහනය අතිශය දුර්ලභ ‘ශත සංවත්සර සංස්කරණයක්’ (Centenary Edition) බවට මුලින් වාර්තා විය. කෙසේ වෙතත්, මෙම ආනයනය මතභේදයකට තුඩු දුන් අතර, වාහනයේ වටිනාකම අවම කර වාර්තා කිරීම හේතුවෙන් රේගුව විසින් අතරමැදි ආයතනයට රුපියල් මිලියන 70ක දඩයක් නියම කරන ලදී. පසුව එම වාහනය අතිශය දුර්ලභ මාදිලිය නොවන බව පවසමින් ඩඩ්ලි සිරිසේන   එම මතභේදයෙන් ඉවත් වීමට උත්සාහ කළේය.

මිත්‍රපාල ලංකේශ්වර   ද මෙහිදී පසුපසට නොගිය අතර, ඔහු 2026 පෙබරවාරි මාසයේදී 2025 ‘රොල්ස් රොයිස් කූලිනන් සීරීස් II’ (Rolls-Royce Cullinan Series II) වර්ගයේ SUV රථයක් රේගුවෙන් නිදහස් කර ගත්තේය. ඔහු එය හැඳින්වූයේ තමා “බොහෝ කලක සිට දැරූ පුද්ගලික අභිලාෂයක්” ලෙසිනි. ඩඩ්ලිගේ ෆැන්ටම් රථයට වඩා වැඩි මිලක් සහිත මෙම කූලිනන් රථය, සමාජ මාධ්‍ය ජාලාවල “රොල්ස් රොයිස් රේසිං” (Rice Race in a Rolls-Royce) ලෙස හැඳින්වූ මෙම තරඟයේ ලංකේශ්වර  ඉදිරියෙන් සිටින බව සංකේතවත් කළේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මෙම එදිරිවාදිකම මෝටර් රථවලට පමණක් සීමා නොවීය. 2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී දෙදෙනාම ගුවන් සේවා ක්ෂේත්‍රය කෙරෙහි සිය උනන්දුව පළ කළහ. ඩඩ්ලි සිරිසේන   නවීන හෙලිකොප්ටරයක් ලබා ගැනීමට ඉඟි කළ අතර, ලංකේශ්වර   තවත් පියවරක් ඉදිරියට තබමින් ආසන 6ක් හෝ 7ක් සහිත ජෙට් යානයක් සිය ‘රත්න ගුවන් සේවා’ (Rathna Aviation) අංශයට එක් කරන බව ප්‍රකාශ කළේය. මේ වන විටත් ලංකේශ්වර  සතුව ‘රොබින්සන් R66’ හෙලිකොප්ටරයක් පවතී. පසුව ඩඩ්ලි සිරිසේන   ද ඇමරිකානු ඩොලර් මිලියන 20-22ක් වටිනා ‘සෙස්නා සිටේෂන් ලැටිටියුඩ්’ (Cessna Citation Latitude) යානයක් පිළිබඳව විමසා බැලීය.

මිත්‍රපාල ලංකේශ්වර දැනටමත් ගුවන් සමාගමක් ලියාපදිංචි කර ඇත.  ඒ රත්න ඒවියේෂන් ය.  ඩඩ්ලිගේ අදහසත්  මේ ගුවන් යානය  සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමය. දැනටමත් ඔහු මේ රටේ සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පංගුකරුවෙකි. ඩඩ්ලි ගුවන් සමාගමක් බිහි කරන බව පැවසුවේය. දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට තබන ඉදිරි පියවරක් ලෙස එය හැඳින්වූයේය.   බොහෝ දෙනා මේ ආයෝජනය දෙස නම්  ධනාත්මක ප්‍රවේශයකින් බලනු පෙනුනි.

මතවාදී ගැටුම සහ දේශපාලන හෙවනැලි

මෙම දෙපළගේ එදිරිවාදිකම සහල්වලට පමණක් සීමා වූවක් නොවේ. ඩඩ්ලි සිරිසේන  හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ගෙතුණු ‘සාම්ප්‍රදායික’ බලයක් නියෝජනය කරයි. අනෙක් පසින් මිත්‍රපාල ලංකේශ්වර  සමගි ජන බලවේගය  සමග  විපක්ෂ දේශපාලනය හා  සම්බන්ධ වී සිටී.

සහල් මිල පාලනය, බදු සහ සහනාධාර යන කරුණු මේ වන විටත් දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇත. 2021 පොහොර තහනමින් පසුබෑමට ලක් වූ සහල් කර්මාන්තය තවමත් පවතින්නේ අස්ථාවර මට්ටමකය. මෙවැනි වටපිටාවක, සහල් කර්මාන්තයේ පවතින ‘අතළොස්සකගේ අධිකාරිය’ (Oligopoly) හරහා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා වෙළඳපල හැසිරවීම පිළිබඳව ගොවීන්ගෙන් මෙන්ම පාරිභෝගිකයන්ගෙන් ද එල්ල වන්නේ බරපතල චෝදනාවකි. මේ දෙදෙනාම  හෙළිකොප්ටර කරනම් පෙන්වන්නේ  ඒ අතරය.

සැබෑ පරාජිතයා සාමාන්‍ය ජනතාවද?

ශ්‍රී ලංකාවේ සහල් වටා ගෙතෙන මෙම කතාව ප්‍රකෝටිපතියන් දෙදෙනෙකුගේ තරගයකට  වඩා එහා ගිය, පද්ධතිමය අසාර්ථකත්වයක රෝග ලක්ෂණයකි. අතිරික්ත නිෂ්පාදනයක් පවතින බවට කෙරෙන ප්‍රකාශ මධ්‍යයේ වුවද, පාරිභෝගිකයන්ට සහල් හිඟයකට සහ ඉහළ මිලකට මුහුණ දීමට සිදුව ඇත. ලංකේශ්වර සහ සිරිසේන වැනි මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහිව ‘සහල් මාෆියාවක්’ නිර්මාණය කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. ඔවුන් සුළු ගොවීන් පීඩාවට පත් කරමින් සහ පාරිභෝගික මිල ඉහළ නංවමින් වෙළඳපල පාලනය කරන බවට විවේචන පවතී.

මෙහි ආර්ථික සහ සමාජ බලපෑම අතිශය කම්පනය දනවන සුළුය.  සහල් කිලෝවකට පනවා ඇති රුපියල් 65ක ආනයන බද්ද නිසා විදේශ සහල් සාමාන්‍ය ජනතාවට අහිමි වී ඇත. මොවුන් අපට  රොල්ස් රොයිස් ආතල් දෙන්නේ  දේශීය සහල් මිල තීරණය කිරීමේ බලය ඔවුන් දෙපළ  සතු වීම ජාතික ගැටලුවක් දක්වා ඉහළ ගොස් අති පසුබිමකය. මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ  රොල්ස් රොයිස් රථවල දිලිසෙන වීදුරු තුළින් පෙනෙන ලෝකය සහ පාරිභෝගිකයාගේ බත් පිඟාන අතර  හසට පොළොව තරම් වූ සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අන්තරයක් ඇති බවය.  මේ පීඩනය මැද රටේ මිනිසුන් මේ ධන කුවේරයින්ගෙන් අසන එක් බරපතල ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබේ.    “ඔබේ පුද්ගලික ජෙට් යානාවල ප්‍රමාණය නොව, අපට සහන මිලට දිය හැකි සහල් ප්‍රමාණය කොපමණද?”

මෙම තීරණාත්මක තරඟය හමුවේ සැබෑ පරාජිතයන් වන්නේ ධනය, බලය සහ ප්‍රතිපත්තිමය උගුල්වලට හසු වූ මෙරට ජනතාවය. ඉතිරිව පවතින එකම ප්‍රශ්නය නම්, මෙම ‘සහල් රජුන්’ තම එදිරිවාදිකම මේ ආකාර සංදර්ශන ස්වරූපයෙන් ඉදිරියටත්  සිල්ලරට ප්‍රකාශ කරනු ඇති ද, නැතහොත් ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් ස්වකීය ධනය හෝ ආකල්ප හැඩගස්වා ගනු ඇති ද යන්න පමණය. ඒ පිළිබඳ ගන්නා තීන්දුව ඔවුන්ගේ පැවැත්ම මෙන්ම රටේ පැවැත්ම ද සහතික කරනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිඥ වර්ජනය නිසා නාමල්ගේ ක්‍රිෂ් නඩුව කල් යයි!

Next Post

අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසු සිසුවියන්ට ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.