බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ටොන් එකක චොක්ලට් අනුරුවක් හැදෙන ස්විස්ටර්ලන්තයේ සුපර් ස්ටාර් වසු පැටියා – මුනි “සීබු”

by editor
ජූනි 6, 2025 - Updated on ජූනි 7, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර ස්විස්ටර්ලන්තයේ ග්ලාරූස් සිට –

(ඡායාරූප esaf නිල වෙබ් අඩවිය සහ ශෂී සුබ්‍රමනියම් ගේ ඡායාරූප එකතුවෙනි.)

ස්විස් මල්ලව පොර හා ඇල්පයින් උත්සවය (ESAF) ලබන අගෝස්තු මාසයේ 29 වැනි දා සිට(31) වෙනිදා දක්වා ග්ලාරූස් පළාතේ මෝලිස් ගුවන් තොටුපොළේදී පැවැත්වේ.

මල්ලව පොර හෙවත් (ෂ්වින්ගන්) යනු ස්ව්ට්සර්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩවකි. එය සංස්කෘතිය හා බද්ධ වූ සංස්කෘතිකාංගයක් ලෙස ස්විස් ජනතාවගේ හදවත් තුළ රේඛනය වී ඇත. ඔවුන් එය හඳුන්වන්නේ ලෝකයේ අව්‍යාජ ක්‍රීඩාව ලෙසය.

ඇල්පයින් උත්සවය පවත්වන ග්ලාරූස් පළාත

ග්ලාරූස් පළාත

ග්ලාරුස් පළාත ස්විට්සර්ලන්තයේ සුවිශේෂී පළාතකි. ඊට හේතුව වන්නේ ග්ලාරුස් ලන්ස්ගෙමයින්ඩයයි. ලන්ස්ගෙමයින්ඩය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම අව්‍යාජ ආකාරය නියෝජනය කරන මැතිවරණ ක්‍රමයකි.

ස්විට්සර්ලන්තයේ අපෙන්සෙල් පළාතේ හා ග්ලාරුස් පළාතේ ක්‍රියාත්මක වන්නේ මෙම මැතිවරණ ක්‍රමයයි. ග්ලාරුස් පළාත ගැන කතා කරන විට මෙම මැතිවරණ ක්‍රමය ගැන කතා නොකර සිටිය නොහැකි තරම්ය . ග්ලාරුස් නගර මධ්‍යයේ ඇති භුමියක සෑම වසරකම මැයි මාසයේ පළමු ඉරිදා දිනයේ දී මෙම මැතිවරණය පැවැත්වේ. විශාල ගෝලාකාර හැඩයෙන් සාදන ලද මණ්ඩපයකට රැස්වන ග්ලාරූස් ජන්ද අයිතිය ඇති ඡන්දදායකයින් අත ඔසවා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම මෙහි ඇති විශේෂත්වයකි. සූපිරි ප්‍රජාතන්ත්‍රවාද ලෙස හදුන්වන මෙය ජනමත විචාරණය හා පාර්ලිමේන්තු ජන්ද ක්‍රමයේ මිශ්‍රණයක් ලෙස සැලකේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ග්ලාරුස් ලන්ස්ගෙමයින්ඩ

ප්‍රජාතන්ත්‍රවාදයේ අව්‍යාජත්වය නියෝජනය කරන ග්ලාරුස් පළාතට දැන් එළැඹී ඇත්තේ වසන්ත කාලයයි. ඒ ලෝකයේ අව්‍යාජම ක්‍රීඩාව ලෙස ඔවුන් විශ්වාස කරන ෂ්වින්ගන් මල්ලව පොර තරගාවලිය සහිත ඇල්පයින් උත්සවය පැවැත්වීමට ග්ලාරූස් තොරාගැනීමත් සමගය.

ග්ලාරූස් වැසියෝ දැන් ස්විට්සර්ලන්තයෙ විශාලතම මල්ලව පොර තරඟයට ලහි ලහියේ සූදානම් වෙති. ග්ලාරුස් පලාතේ මෝලිස් ගම්මානයේ කුඩා ගුවන් තොටුපලක් වේ. එම ගුවන් තොටුපොලේ දී පැවැත්වෙන මෙම මල්ලව පොර තරගය හා ඇල්පන් උත්සවය මෙහි ජීවත්වෙන වෙන තුන්දාස් පන්සීයක් පමණ ජනතාවට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර ඇත. දැන් ඒ ගමේ වැසියන්වන අප මේ මොහොත විඳින්නේ සංස්කෘතික විචිත්‍රත්වයේ ඇති ගැඹුරු සංවේදනයන් ද ස්ඵර්ශ කරමිනි.

ස්විස් යුවතියන් උත්සවයට සූදානම් වෙමින්…
  • ස්විස් ඉතිහාසය යළි මැවෙන ක්‍රීඩා උළෙල

මෙම මල්ලව පොර උත්සවය සංවිධානය කරන්නේ මල්ලව පොර ඉතිහාසයට අනුරූපවය. එහි අලංකාරය ප්‍රකාශ වන්නේ ඒ ගැඹුරත් සමගිනි. ස්විස් මල්ලව පොර තරඟයකදී ජයග්‍රාහකයන්ට හිමිවන තෑගි දක්වාම මේ අනන්‍ය සංස්කෘතික ස්වරූපය කියැවෙන්නේය.

1926 දී, ස්විස් මල්ලවපොර ශූරතාවලියේ ජයග්‍රාහකයාට තෑගි ලෙස ලැබී ඇත්තේ බැටළුවෙකි. , 1961 දී, ජයග්‍රහණය කළ ජයග්‍රහයකයාට හිමිව ඇත්තේ එළදෙනකි. ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළම මල්ලවපොර ක්‍රීඩකයින් තිදෙනා ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව මේ සජීවී ත්‍යාග ලබා ගනී. ඒ අනුව මෙම ත්‍යාග තුනට ආර්ථික වටිනාකම ඉක්මවා ගිය මහා විසාල වටිනාකමක් ලැබේ.

මල්ලවපොර තරගයට පුහුණුවීම්
  • ජයග්‍රාහකයාට ගවයෙක්…

අප දන්නා අපේ සංස්කෘතිය තුළ ගවයා යනු අති විශේෂ සත්ත්වයෙකි. අතීතයේ ඔවුන් ගව දරුවන්ය. පවුලේම සාමාජිකයන්ය. ගෙරි මස් කෑම මනුෂ්‍යයෙක් මරා මස් කෑම තරමටම අපුලක් ඇතිකරන අපරාධයක් වු සංස්කෘතික ඉතිහාසයක් අප සතුව ඇත. ඉන්දියාවේ ගවයා දේවත්වයෙන් සලකන සත්ත්වයෙකි. බෞද්ධ සාහිත්‍ය තුළ ගවයා යනු නායකත්වය ලබා දීම පිළිබඳවූ සංකේතයකි. බුදුන් වහන්සේ ද ගවයෙකුට සම කිරීමට අතීත සාහිත්‍යකරුවෝ උත්සුක වූහ.

ස්විස් සංස්කෘතිය තුළ ගවයා පිරිමි ශක්තිය මෙන්ම කරුණාවේ සංකේතය ලෙස ද සැලකෙන්නේය. එය සංස්කෘතික විශ්වීය ලක්ෂණයක් තරම් ගැඹුරින් ප්‍රකාශවන කාරණාවක් වන්නේ බොහෝ අසියානු සංස්කෘතීන්වලට මේ සංකල්පය සම වීම නිසා බව විශ්වාස කරමි.

සිවිස් මල්ලවපොර තරගවල බොහෝ විට ජයග්‍රහාකයා පිදුම් ලබන්නේ ජව සම්පන්න ගවයෙකුගෙනි. මොනතරම් ආර්ථික වර්ධනයන් අත්පත් කරගත්තද ස්විස් ආර්ථික පදනම දැමුණු මූලිකාංගය ලෙස සැලකෙන්නේ කිරි ගව පාලනය ය. එය හරියටම අපේ කෘෂිකාර්මික ආර්ථික සම්ප්‍රදාය සේ ස්විස් ජනතාවගේ සංස්කෘතිය හා බද්ධ වුන ආර්ථිකය ය. එබැවින් තවමත් ස්විස් වැසියන් ඔවුන්ගේ ආර්ථිකයේ හදවත ලෙස සලකන්නේ කිරි ගොවීන්ය. පසුගිය වසරක ස්විස්ටලන්තයේ පැවති මල්ලවපොර තරගයේ ජයග්‍රාහකයාට හිමි වුයේ ජව සම්පන්න ගවයෙකි. ඒ ගවයාගේ නම “බුල් කොලින්”ය . උගේ බර ටොන්12ක් විය.

මෙවර පැවැත්වෙන මල්ලව පොර ශූරතාවය සඳහා සංවිධායකයින් දැනටමත් ජයග්‍රාහකයාට ප්‍රදානය කිරීම සඳහා ගවයකු සූදානම් කර තිබේ. කල් තියා සූදානම් කළ මෙම ගවයා නමින් සීබු (Zibu)ය.

ස්විස්ටර්ලන්තය වසඟ කළ සීබු සිය හිමිකරු සමග

පිරිමි ගවයින් කුඩා කාලයේදී ස්විට්සර්ලන්ත වැසියන් හදුන්වන්නේ” මුනි”යන නමිනි. තරග ජයග්‍රහකයාට පිරිනමන මුනී සීබුය. මුනී සීබු මේ වනවිට මල්ලවපොර තරගයටත් වඩා ස්විස්ටර්ලන්තයේ ජනප්‍රිය ය. දැන් ස්විස් මාධ්‍යයේ “සුපර්ස්ටා” බවට පත්ව ඇත්තේ සීබු ය. පුංචි උන් අතර සීබු හරිම අපූරු සිහින මවන වසුපැටියෙකි. ඌට දැන් වයස අවුරුදු 3යි මාස 07කි. සීබු උපත ලබා ඇත්තේ 2021 වසරේ නොවැම්බර් 06 වැනිදාය.

සීබු “ඕජිනල් බ්‍රවුන් වී” අභිජනනයේ ලස්සන අං ඇති ගවයෙකි. සීබුගේ හිමිකරුවන් ඔහුව පරිස්සම් කරන්නේ මලක් රැකගන්නා ලෙසය. ස්විස් මල්ලව පොර තරගයක ප්‍රධාන ත්‍යාගය ලෙස තෝරාගත් වසුපැටවා යනු එසේ මෙසේ හිමිකමක් නොවේ. හිමිකරුවන්ට අනුව සීබු හොඳටම හීලෑ ය. කුළු ගතියක් ඇත්තේම නැත. සන්සුන්ය. විශ්වාසවන්ත ලෙස බියෙන් තොරව මිනිසුන් අතර හැසිරෙන්නේය. ඒ ගැන හිමිකරුවන්ට ඇත්තේ ඉතාමත් සතුටකි.

  • සීබු ගේ අනුරුව සහිත ටොන් 1ක චොක්ලට් එක

මෙම මල්ලව පොර තරගය නැරඹීම සඳහා ස්විට්සර්ලන්තයෙ නන් දෙසින් ප්‍රේක්ෂකයින් හැට දහසක් පමණ පැමිණෙනු ඇතැයි තරග සංවිධාකයින් පුරොකථනය කර ඇත.

ස්ව්ට්සර්ලන්තයේ විශාලතම ක්‍රීඩා ඉසව්ව සංවිධානය වන මේ මොහොතේ සීබූ නම්න් හැදින්වෙන මෙම ජව සම්පන්න තරැණ ගවයා දැන් රට තුළ වෙළද ප්‍රචාරක සංකේතයක් බවට පත්වී හමාරය. සීබූ ගේ රුව සහිත ඇදූම් පැලදූම්, ජායාරූප සහිත වෙළඳ හාණ්ඩ රැසක් ස්විස් වෙළෙඳපලේ මේ වනවිට දක්නට ලැබේ. ඒ අතර කැපී පෙනෙන අංගය බවට පත්වී ඇත්තේ සීබූ ගේ රැව සහිත චොකලට් එකක් නිර්මාණයය කීරීමයයි.

සීබුගේ අනුරුව සහිත ටොන් 1ක චොක්ලට් එක…

ස්ව්ට්සර්ලන්තයේ ප්‍රධානතම චොකලට් සමාගමක් වන ලෙදරක් සමාගම (Laderach) ජීවමාන ප්‍රමාණයේ චොකලට් ගවයෙක් එළිදැක්වීමට කටයුතු කිරීම මෙහි අපූරුතම අංගයක් වී තිබේ.

ලෙදරක් සමාගම රසවත් හා ආකර්ෂණීය ගවයකු චොකලට් වලින් නිෂ්පාදනය කිරීමට පටන් ගෙන ඇත්තේ එම තරගය ග්ලාරූස්වල අනන්‍යතාවය ලබා දීමටය.

ලෙදරක් සමාගමේ නිර්මාණ ශිල්පීන්ගේ අතින් නිම වෙන මෙම චොකලට් ගවයා සෑදීම සඳහා හොඳම චොකලට් ටෝන් එකක් ගනු ලබයි.

මෙම චොකලට් ගවයා නිර්මාණය කලා කෘතියක් ලෙස සකසන්නේ වර්ල්ඩ් චොකලට් මාස්ටර් සහ සමාගමේ ප්‍රධාන නිර්මාණ නිලධාරී එලියාස් ලෙඩෙරාච් විසිනි. ඔහුට සංගීතඥ සහ ව්‍යවසායක මාර්ක් ට්‍රෝෆර් විසින් සහාය දක්වයි .

සීබුගේ අනුරුව සහිත චොක්ලට් එක නිශ්පාදකයින් සමග…

මෙම ගවයා චොකලට්වලින් සැකසීම සුළු පුටු කාර්යයක් නොවන බව එම සමාගම පවසයි. ගවයා චොකලට් ස්ථර කිහිපයකින් ඉදිකර ඇති අතර සම්පූර්ණයෙන්ම ආහාරයට ගත හැකි චොකලට් වලින් සෑදීමට නිර්මාණ ශිල්පීන් මහත් කැපවීමකින් කටයුතු කරයි.

ගවයාගේ ස්වරූපය හැඩය සමගම රසය, ගුණය ඇති ආකාරයට සැකසීම ඔවුන්ට ඇති අහියෝගයයි.
චොකලට් ගවයා හඳුන්වා දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ග්ලාරූස් පළාතේ කුලුබඩු සහිත සීනි සහ පොප් කෝන් මිශ්‍රිත චොකලට් පැකට්ටුවක් ද හඳුන්වාදීමට සමාගම කටයුතු කළේය.

මල්ලව පොර තරඟය වටා ඇති විවිධ තේමා සංකේතවත් කරමින් තවත් චොකලට් වර්ග කීපයක්ද වෙළඳපොලට එකතු කිරීමට ලෙදරක් සමාගම පියවර ගෙන තිබේ. 100% ස්විස් නිෂ්පාදන හා කෝකෝවා මෙන්ම ඉහළ ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය යොදා මෙම චොකලට් ගවයා සැකසෙනු ඇත.

ඊට අමතරව නැගෙනහිර ස්විට්සර්ලන්තයේ දැව සැකසුම්කරුවන්ගේ එකමුතුවද ග්ලාරුස් ස්විස් මල්ලවපොර සහ ඇල්පයින් උත්සවය සඳහා යෝධ ගවයෙකු නිර්මාණය කරයි. මෙම ලී ගවයා මීටර් 20 ක් උස සහ මීටර් 30 ක් දිග වනු ඇත.

මහා සැනකෙළියක් සඳහා සූදානම් වෙමින් සිටින මිනිසුන් පිරිසක් ස්වකීය සංස්කෘතික අනන්‍යතාවයෙන් උද්දීපනය වන ආකාරය දකිමි. ඇල්ප්ස් කඳු මුදුන්මත මිදී ගිය හිම සේ ඇතුළාන්තයටම කිඳී ගිය හැඟීම් සහිත මිනිස් කුලයක් මේ තරම් සජීවී වනු දැකීම එක් අතකට මවිත කරවන සුලුය. ඒ උද්දීප්තිය ඉපදී ඇත්තේ ඔවුන් ඉතිහාසය සමග අඛණ්ඩව වෙලාගත් සංස්කෘතියක අභිමානය සමගිනි. ඒ අභිමානය නොකිලිටිය. එහි කොටස් කරුවෙක් වීම සම්බන්ධව සෑම ස්විස් වැසියෙකු තුළම ඇති ගර්වය අත් විඳිමි. මනුෂ්‍ය සමාජයක් ගොඩනැගෙන ඊට අනන්‍ය සැඟවුන අධ්‍යාත්මය මේ උළෙලත් සමග එළි දැක ආකාරය විශාල ජීවිත අත්දැකීමක් බව ලියා තබමි.

දැවයෙන් තැනීමට සැලසුම් කළ දැවැන්ත සීබු අනුරුව
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්ටේනර් 323 ගැන CID පරීක්ෂණයෙන් පස්සේ හරියටම දැනගන්න… ඇමති බිමල් කියයි!

Next Post

මර්වින්ට අධි චෝදනා භාර දෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.