බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

by editor
පෙබරවාරි 18, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක වසර 33ක සිය නාවික හමුදා සේවා දිවිය නිමා කළේය. ඒ සේවා දිගුවක් නොදී අවුරුදු 55 පිරෙන දිනයේ දීම විශ්‍රාම ගැන්වීමෙනි.

රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 16 දා ය.   ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක වෙත මුලින්ම උපන් දින සුභපැතුම් පිළිගන්වා අවසානයේ විශේෂ සම්මාන මුරයක් පවත්වා සමුදී නාවික හමුදා මූලස්ථානයෙන් පිටත් කර යැව්වේය.

රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක 1987 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්වූයේය. වර්ෂ   2006 ජනවාරි මස සිට 2009 අගෝස්තු මස දක්වා වසර 04කට ආසන්න කාලයක් නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කළේය. සිය සේවා කාලය තුල නාවික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, සයිබර් ආරක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂක, අධ්‍යක්‍ෂ නාවික ආහාර හා නිළ ඇඳුම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ නිලධාරී, අධ්‍යක්‍ෂ සැපයුම් කළමනාකරණ පද්ධතිය සහ වයඹ නාවික විධානයේ ආඥාපති  ලෙස විශිෂ්ට සේවයක් කළේය.

නිශ්චිත සේවාකාලය සම්පූර්ණ කළ පසු රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑම හෝ විශ්‍රාම ගැන්වීම අරුමයක් නොවේ. එහෙත් රියර් අද්මිරාල් දසනායකගේ විශ්‍රාම ගැන්වීමේ කතාව ඊට වෙනස්ය. සේවා දිගුවක් ඉල්ලා සිටියදී ඔහුට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගන්වන්නේ මානව හිමිකම් පිළිබඳ ජිනීවා සමුළුවේ දී  ප්‍රශ්නගත තත්වයක් ඇති වෙතැයි යන උපකල්පනය මතය.  දැන් ප්‍රශ්නගත වන්නේ ඒ උපකල්පනය ය. මේ සිදුවීම් පෙළ සබුද්ධිකව විමසා බැලිය යුතු වන්නේ එබැවිනි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

දේශපාන අවභාවිතය

ඩී.කේ.පී දසනායක මේ රටේ ආණ්ඩු පිහිටවීමට ජනමතය හැසිරවීම සඳහා දේශපාලනිකව අවභාවිත කළ යුද නිධාරියෙකි. ඔහුට එරෙහිව බිහිසුණු චෝදනාවක් ගොනු විය. ඒ කප්පම් පිනිස පිරිසක් පැහැරගෙන ගොස් රඳවා තබා ඝාතනය කිරීමය.

යහපාලන ආණ්ඩුව ඩී.කේ.පී ට එරෙහිව එල්ල කළ    චෝදනාව මත ඔහුව අත්අඩංගුවට  ගෙන   සිරගත කළේය. ඔහු මේ අපරාධය කළ බවට සාක්ෂි නිර්මාණය කිරීමට උත්සාහ කළේය. අපරාධය කළ බවට ප්‍රධානම චෝදනාව ලද අපරාධකරු රජයේ සාක්ෂිකාරයෙක් කරගෙන නඩු මෙහෙයවමින් එවකට විශ්‍රාමික නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සඳහා කොටු කරගැනීම සඳහා බලහත්කාර කටඋත්තර ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඒ මුළු උත්සාහයම නීතිය ඉදිරියේම නිරුවත් වෙමින් තිබිණි.

සිවිල් සමාජයේ සිදුවූ අපරාධ මාර්කට් කරමිනේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ කනවැන්දුම් හැසිරීම් සමග කුජීත වුනේය.   සිවිල් සාමජය හමුවේ මුදාහල  අපරාධ  තොරොම්බල්කරණයේ අවසන් ඉලක්කය දේශපාලනිකව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා ඉලක්ක වීමත්, අපරාධ සෙවීම පසෙක ලා යුද හමුදා බුද්ධි අංශයත්, යුද හමුදා හා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දෙමළ ඩයස්පෝරාවේ අභිමතය පරිදි අතාර්කිකව හෙළිදරව් කිරීමත්, එම හමුදා නිලධාරීන්    අත්තනෝමතික  දණ්ඩනයට ලක් කිරීමත් නිසා නැගුණු ජනමතය යහපාලන ආණ්ඩුව කුඩු පට්ටම් කළේය.

මේ ආණ්ඩුව බලයට ආවේ යහ පාලනයේ  මේ අවකල් හැසිරී “රණවිරු දඩයම“ ලෙස නම් කර පේව්මන්ට් එකේ දමා සිල්ලරට විකුණමිනි. ඒ සිල්ලර වෙළෙඳාමේ ප්‍රධානම වෙළෙඳ වටිනාකමක් සහිත චරිතයක් වූයේ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකය. මිනිස්සු නැවතත් “රණ විරුවන්“ රැක ගන්නට චන්දය දුන්හ.

අවශ්‍ය වෙලාවට මිනිසුන් අපරාධකරුවන් ලෙස වෙස් ගන්වන,  අපරාධකරුවන් ලෙස  හැඳින්වූ එම පුද්ගලයන්ම  වීරයින් කරන,  අවසානයේ තමන් නිර්මාණය කළ වීරයන් පාවිච්චි කළ කොණ්ඩම් ගානට දමා කුණු බක්කියට විසිකරන මජර දේශපාලනය කොයි රටටත් වඩා අපේ රටේ ප්‍රකටය.  මේ ඒ සඳහා උදාහරණය.

කොමිෂන් නිර්දේශ

රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් කළේය. වසර ගණනක් එම පැමිණිල්ල විභාග වුනේය. එහි නිර්දේශ පසුගිය දෙසැම්බර් 10 වැනිදා ජනාධිපතිවරයා අතට පත්විනි. ඔහුගේ  මානව හිමිකම් උල්ලංඝනය වූ බව මානව හිමිකම් කොමිසම තීන්දු කර තිබිණි. එහි නිර්දේශ කර තිබුණේ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකගේ පසුගිය වසර පහ තුළ නැති වූ සියලු වරප්‍රසාද, ජ්‍යෙෂ්ඨත්වය, සේවය, උසස්වීම්, හිඟ වැටුප් අතුළු සියලු දේ යළි ලබා දෙන්නටය.

දේශපාලන පලිගැනීම් සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව දෙසැම්බර් 09 ජනාධිපතිවරයා අතට පත් වුණේය.   රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක දේශපාලනිකව පලිගැනීමට ලක්ව ඇති බව එම කොමිසම නිර්දේශ කළේය. හානි පූර්ණ කිරීමට , වසර පහ තුළ නැති කළ සියලු වරප්‍රසාද ලබා දෙන්නට එහි නිර්දේශ වී තිබිණි. ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. ඊට කැබිනට් අනුමැතිය ලැබිණි.

ඒ මත පදනම්ව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සේවා දිගුවක් ඉල්ලුවේය. එහෙත් සේවා දිගුව නොදී ඔහුව විශ්‍රාම යැව්වේය. ඔහුව විශ්‍රාම යවන්නේ ඔහුට සේවා දිගුවක් ලැබුණහොත් ජිනීවා මානව හිමිකම් සැසියට අහිතකර බලපෑමක් ඇතිවන බව පූර්ව නිගමනයටක පැමිණෙමිනි. දැන් මේ විහිලුව ප්‍රශ්න කළ යුතු වන්නේ කෙසේ දැයි වටහාගත නොහැකිය. එක්කෝ ඩී.කේ.පී යුද අපරාධකරුවෙකි. එසේ නම් මානව හිමිකම් කොමිසම, ජනාධිපති කොමිසම, කැබිනට් මණ්ඩල නිර්දේශ පට්ට බොරුවකි. ඩීල් එකකි. කොටින්ම අමුතු කුණුහරපයකි. එසේ නැතිනම් මේ ආණ්ඩුව ජාත්‍යාන්තර හමුවේ තමන්ගේ මතය වෙනුවෙන් සාධනීයව පෙනී සිටිය නොහැකි කොන්දක්  රහිත  හිඟන්නෙකි.

අනෙක් කාරණාව වන්නේ ඩී.කේ.පී දසනායකට එරෙහි එල්ල වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවේ මුලින්ම ඉන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහු දැන් මේ රටේ ජනාධිපතිය. අනතුරුව ප්‍රධානම චූදිතයා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩය. ඔහු දැන් අද්මිරාල් ඔෆ් ෆ්ලීට්ය. යුද අපරාධ කළ බවට චෝදනා ලබමින් ජාත්‍යාන්තරය ඉදිරියේ ගර්හාවට ලක් වූ, රටින් පිටට පය තැබිය නොහැකි ශවේන්ද්‍ර සිල්වා ජනරාල් වරයෙක් සේ රටේ හමුදාපති ධුරයත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයත් දරන්නේය. එවැනිම චෝදනා එල්ල වූ  කමල් ගුණරත්න ජෙනරාල් ධූරයට උසස්වී විශ්‍රාම ගොස් රටේ ආරක්ෂක ලේකම් ධුරය දරන්නේය.

එහෙව් රටේ ජාත්‍යාන්තරයේ දී මානව හිමිකම් ආරක්ෂා කරගන්නට රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවන්නේය. ඒ සංවිධානයක් ලෙස නාවික හමුදාවේ අති මහත් බහුතරය ඉච්ඡා භංගත්වයට පත් කරවමිනි. දැන් රටේ මානව හිමිකම් සුරක්ෂිත නම් ඩී.කේ.පී පමණක් නොව,    මුළු ත්‍රිවිධ හමුදාවම විශ්‍රාම ගැන්වුවත් කමක් නැත. දුක මේ මොන්ටිසෝරි විහිළු දකින විට ලෝකය අපට දෙකොනින් හිනා වීමය.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල් සජිත් රහස් සාකච්ඡාවක් තියලා – සාකච්ඡා රහස් රනිල් එලියට දීලා

Next Post

ට්‍රම්ප් ප්ලාසා පුපුරුවා සමතලා කරයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.